03 September, 2016

චන්දිමාල් මැතිව්ස්‌ වෙනුවට පන්දු යවන්නෙක් ඉල්ලලා – තිළිණ තුෂාර ගැන කතාවක්වත් නෑ

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ තත්ත්වය අයහපත් වීම නිසා වේග පන්දු යවන්නෙකුගේ උත්තේජනයක්‌ බලාපොරොත්තුවෙන් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ මැතිව්ස්‌ කඩුලු 2ක් ලබා ගන්නා ක්‍රීඩකයෙක් බවයි.

'අපිට හොඳ වේග පන්දු යවන්නෙක්‌ සොයා ගන්න වෙනවා.


අපි හැමෝම දන්නවා ඇන්ජලෝ මැතිව්ස්‌ තමයි අපේ ප්‍රධාන තුරුම්පුව. 

එයා ආබාධයකට ලක්‌වුණාම අපි කණ්‌ඩායම වශයෙන් සෑහෙන පසුබෑමකට ලක්‌ වුණා. 

මොකද එයා අපිට කඩුල්ලක්‌ දෙකක්‌ අරන් දෙන පන්දු යවන්නෙක්‌.

අපිට හොඳ වේග පන්දු යවන්නෙක්‌ සොයා ගන්න වෙනවා.'

මේ අතර වමතින් වේග පන්දු යවන තිළිණ තුෂාර මිරැන්ඩෝ පසුගිය සමයේදී අන්තර් සමාජ තරගවලදී දක්ෂතා අතර සිටියද ඔහුට නිසි තැනක් නොලැබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

පන්දුවාර 20 තරගවලදී ඉහළම දක්ෂතා දක්වා ඇති වේග පන්දු යවන්නා වී ඇත්තේද ඔහුයි.

එම දක්ෂතා පහතින් දැක්වෙනවා.






(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චන්දිමාල් මැතිව්ස්‌ වෙනුවට පන්දු යවන්නෙක් ඉල්ලලා – තිළිණ තුෂාර ගැන කතාවක්වත් නෑ"

    Post a Comment