03 September, 2016

ජනප්‍රිය නිළියගේ දික්කසාද වන්දිය සමාජ සුබසාධනයට පිරිනැමේ

ජනප්‍රිය නළු නිළි යුවළක් වන ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ්ගේ විවාහ දිවිය ගතවුණේ අවුල් වියවුල් මැද්දේයි.

පසුගිය දා දෙදෙනාම මේ කටුක යුග දිවියට සමු දුන්නා. ජොනිගෙන් දික්කසාද වූ ඇම්බර්ට වන්දි වශයෙන් ඩොලර් මිලියන 7ක මුදලක් ලැබුණා. ඇය ඒ මුදල තමන් සන්තකයේ තබා ගත්තේ නැහැ.

හිටපු සැමියාගෙන් තමන් ලද ඒ විශාල ධනය ඇය නොමසුරුව පරිත්‍යාග කළේ ක්‍රෑර සැමියන්ගේ පහර කෑම්වලට ලක්වූ බිරින්දෑවරුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන්.

ජොනී සහ ඇම්බර් විවාහ දිවිය නිමාවට පත් කළේ මාස 3ක් තිස්සේ නඩු කියා ගැනීමෙන් පසුවයි. නඩු විභාගය අවසානයේදී තීන්දුව ලැබුණේ පසුගිය සතියේයි.

නඩු තීන්දුවට අනුව 53 වියැති ජොනිට නියම වුණේ සිය බිරියට වන්දි වශයෙන් ඩොලර් මිලියන 7ක් ගෙවන්නටයි. නඩු විභාගයේදී හෙළි වුණේ මාස 15ක් තුළ ගතවූ විවාහ දිවියේදී ජොනි විසින් ඇම්බර්ට ශාරීරික වධ හිංසා පැමිණ වූ බවයි.

“මේ වන්දියෙන් කොටසක් ඇමෙරිකානු සිවිල් නිදහස සඳහා වූ සංගමයට පරිත්‍යාග කරනවා. ඒ, සැමියන්ගේ වධ හිංසාවට ලක්වූ කාන්තාවන් වෙනුවෙන්. අනෙක් කොටස ලොස් ඇන්ජලීස් නුවර ළමා රෝහලකටයි.” ඇම්බර් හර්ඩ් පැවසුවා.





(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනප්‍රිය නිළියගේ දික්කසාද වන්දිය සමාජ සුබසාධනයට පිරිනැමේ"

    Post a Comment