29 January, 2017

මාත් එක්ක ජීවත් වෙන එක ලේසි නෑ ~ මහේන්ද්‍ර – අපරාදේ ඔයාව බැන්දේ ~ තක්ෂිලා

mahendra-perera-article

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ‍්‍රී ලංකා සිනමා කර්මාන්තයේ වගේම ටෙලි නාට්‍ය තුළ සිටින අසහාය නළුවෙක් එහෙම නැතිනම් රංගධරයෙක් කිව්වොත් නිවැරදියි. නිරන්තරයෙන්ම ඔහු ගැන කතා කෙරෙනවා. ඒත් ඔහුගේ පුංචි පවුලේ තොරතුරු කතා කෙරෙනවා අඩුයි. එ් නිසා එ් ගැන මෙවර රිවිසරසියෙන් කතා කරන්න අපි කල්පනා කළා. ඔහු වගේම ඔහුගේ ආදරණීය බිරිඳ තක්ෂිලා පෙරේරා අපිත් එක්ක කතා කළ අයුරුයි මේ.

විවේකයක් නැති තරමට ඔබ නිර්මාණ බොහෝමයකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. රඟපෑමට දෙන මුල්‍යමය වටිනාකම වැඩි නිසාද එ්තරම් නිර්මාණ භාර ගන්නේ?
මම රඟපෑමටයි වටිනාකම දීලා තියෙන්නේ එ් නිසා මට ලැබෙන හොඳම නිර්මාණවලට මම රංගනයෙන් දායක වෙනවා. මෙගා නාට්‍යවලට හැරෙන්න. මෙගා කියන්නේ විනාශකාරි නිර්මාණ මාධ්‍යයක්. මම එක නිර්මාණයක් කරලා අවසන් වුණාට පස්සේ තමයි වෙන නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්නේ. එහෙම නැතිව එකපාරට නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ දවස්වල මම දමිත් ෆොන්සේකාගේ මුල්ම චිත‍්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. එ්වගේම බුඩි කීර්තිසේනගේ ටෙලි නාට්‍යයකටත් දේවින්ද කෝන්ගහගේ ගේ චිත‍්‍රපටයකටත් මම සම්බන්ධ වෙනවා. එ් විතරක් නෙමෙයි නිර්මාණ කිහිපයක් විකාශය වෙන්න නියමිතවත් තියෙනවා.

වසර ගණනාවක සිට එක දිගට රංගනයේ යෙදීම විඩාවක් නෙමෙයිද?
නැහැ. මම රඟපෑම රසවි`දින කෙනෙක්. ඒකෙන් විනෝද වෙන කෙනෙක්. එ් නිසා මට මහන්සිය විඩාව කියන එක රංගනයට ආ කාලේ ඉ`දලා මේ වෙනකල්ම දැනිලා නැහැ.
මම රඟපෑමෙන් තෘප්තියක් ලබනවා. එ් තෘප්තිය තමයි මට ශක්තියක් වෙලා තියෙන්නේ.

ඔබේ රංගන හැකියාවට වැඩිපුරම පේ‍්‍රක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ පුංචි තිරයෙන්ද රිදී තිරයෙන්ද..?
එහෙම විශේෂත්වයක් තවම නම් දැනිලා නැහැ. මගේ රඟපෑමක් ටෙලි නාට්‍යයක දැක්කත් චිත‍්‍රපටයක දැක්කත් එ් ගැන කතා කරන පිරිසක් ඉන්නේ.

ප‍්‍රසන්න ජයකොඩිගේ 28 චිත‍්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. 28 හි ඔබේ රංගනයට වගේම චිත‍්‍රපටය විදේශීය ඇගයීම් කිහිපයකට ලක් වුණා. එ් ගැන කිව්වොත්..?
ඔව් මේ චිත‍්‍රපටයට සම්මාන ලැබුණා වගේම සම්මාන සඳහා නිර්දේශ වුණා. එ් ගැන සතුටු වෙන්න පුළුවන්. නමුත් මෙය තිරගත වෙන්න අවුරුදු හතරක කාලයක් ගියා. මේ චිත‍්‍රපටය පෙබරවාරි මාසේ තිරගත වෙන්න නියමිතයි. මේක අමුතුම ජාතියේ කතාවක්.

ලස්සන කතාවක් කියලා තමයි කියන්න තියෙන්නේ.

කැමරාව ඉදිරියේදි මහේන්ද්‍ර පෙරේරාව වැඩිපුරම දකින්නේ ප‍්‍රහසන නළුවෙක් විදිහටයි. ඔබ රඟපෑ චරිත බොහෝමයක් එකම රාමුවකට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ. මට නම් හිතෙන්නේ එ් හැම චරිතයක්ම හාත්පසින්ම වෙනස් කියලයි. මට නිර්මාණයක චරිතයක් ලැබුණොත් එ් චරිතයේ හැසිරීම, චරිත ලක්ෂණ , අරමුණ මොකක්ද, මානසික මට්ටම කොයිවගේද කියන එක ගැන මුලින්ම හිතලා එ් අනුව මගේ රඟපෑම වෙනස් කරනවා.

මහේන්ද්‍රගේ කාර්යබහුල ජීවිතේ නිසා පවුලේ වගකීම බොහෝ දුරට බිරිඳට පැටවෙනවා. එවැනි වේලාවට ඇගෙන් ඔබට ලැබෙන්නේ කොයි වගේ සහයෝගයක්ද?
මං වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසි නැහැ. පුංචි කාලේ ඉ`දලම මට යාළුවෝ වැඩියි. අදටත් මගේ පවුලේ අය වගේම මට වැඩිපුරම ඉන්නේ යාළුවෝ.

පොඩි හරි විවේකයක් ලැබුණොත් ඉතිං මම ඉන්නේ යාළුවෝ එක්ක තමයි. පවුලේ වගකීම් හරි හැටි ඉටුකරගෙන එ් හැම දේම දරාගෙන මේ තරම් කාලයක් මගේ බිරිඳ මං ළඟින් හිටියා. එ්ක ලොකු කැපකිරීමක්. එ් දේට දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕන.

ඇය එ් සියල්ල දරා ගත් නිසයි අපේ පුංචි පවුල මේ තරම් ලස්සනට තියෙන්නේ. අපි දෙන්නා අතර තිබුණ අවබෝධය අපේ බැඳීම ශක්තිමත් කළා කිව්වොත් මම හරි.

පුතණුවන් තිදෙනෙක්ගේ පියෙක් ඔබ. දරුවෝ තුන් දෙනාව නළුවෝ කරන්න අදහසක් නැද්ද?
මට ආසාවකුත් නැහැ. දරුවන්ට ආසාවකුත් නැහැ. එ් අයගේ ජීවිතේ එ් අයට හොයා ගන්න නිදහස දුන්නා. මම උදව් කළා. එ් අයගේ මාර්ගයේ එ් අය යනවා. මම නළුවෙක් මගේ පුතාලත් මං වගේ රඟපාන්න ඕන කියන මතයේ මම නැහැ. මම කවදාවත් බලකරලත් නැහැ. දරුවෝ මට බලකරලත් නැහැ රඟපාන්න දෙන්න කියලා. මේ වෙනකල් මගේ දරුවෝ තුන් දෙනා මම රඟපාන නිර්මාණවල ෂුටිං බලන්න ගිහිං නැහැ.

එ් අය පුංචි කාලේ මම කියලා තියෙනවා අහවලාගේ හොඳ නිර්මාණයක් ෂුටිං කරනවා කියලා. එ් අය ආ එහෙමද කියලා කියනවා විතරයි. එන්න ඕන එ්වා බලන්නවත් කියලා කියන්නේ නැහැ.

මහේන්ද්‍ර පෙරේරා කියන නළුවාගේ උස වැඩි වුණා නම් මේ රටේ චිත‍්‍රපට කර්මාන්තය තුළ පෙරළියක් කළ නළුවෙක් වෙන බවට බොහෝ අය කියනවා. ටිකක් උස ගියා නම් කියලා ඇත්තටම හිතිලා නැද්ද?
ඔය උස කතාව මට ගොඩාක් අය කියලා තියෙනවා. එ්ත් මම උස වෙලා ලස්සන වෙලා හිටියට වැඩක් නැහැනේ රඟපෑමේ කුසලතාවක් නැතුව. දක්ෂකමක් නැතුව. එ් නිසා මම උස ගැන හිතන්නේ නැහැ. මේ කාලය පුරාවට මට ලැබුණු නිර්මාණ ගැන මම සතුටු වෙනවා.

එ් කියන්නේ රංගන ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්?
ලංකාවේ කලාව ගැන නම් මගේ තෘප්තියක් නැහැ. සැලකිල්ල අඩුයි. පිටරට තියෙන සැලකිල්ල අපිට නැහැ. එ් සැලකිල්ල ලබන්න නම් මේ රටේ දේශපාලනය කරන්න ඕන. කෙහොම වුණත් මම මැරෙනකල් රඟපානවා. මොන දේ ලැබුණත් නැතත් මම සතුටින් ජීවත් වෙනවා. මොකද මම සරල මිනිහෙක් නිසා.

මහේන්ද්‍රගේ කතාබහෙන් පසුව ඔහුගේ බිරිඳ තක්ෂිලාව අපේ කතාබහට එකතු කරගත්තා.

මහේන්ද්‍රට ආදරය කරන්න පටන් ගත්තේ ජනප‍්‍රියත්වයත් එක්කද කියන ප‍්‍රශ්නයට ඇගේ පිළිතුර වුණේ?
මට මහේන්ද්‍රගේ අම්මා නෑකමට නැන්දා කෙනෙක්. අපි හැම සිංහල අවුරුද්දටම එහේ යනවා. එ්ත් කවදාවත්ම මම නම් මහේන්ද්‍රව දැකලා තිබුණේ නැහැ. රඟපානවා කියලත් දන්නවා. නමුත් ජනප‍්‍රිය චරිතයක් නෙමෙයි. දවසක් එයාලගේ ගෙදර ගියා අපේ ගෙදර අය ඩිනර් පාටි එකකට. එදා තමයි මම මහේන්ද්‍රව දැක්කේ. එදා තමයි අපි මුලින්ම කතාබහ කළේ. එ් කතා බහ දුරදිග ගිහිං ආදරේ කරන්න පටන් ගත්තා. කොහොමත් එයා මගේ අයියලාගේ යාළුවෝ. එ්ත් එයාට ස්ථිර රස්සාවක් නැහැ කියලා මගේ ගෙදරින් විරුද්ධ වුණා. එ්ත් අපි දෙන්නා අපේ සම්බන්ධය නතර කළේ නැහැ.

මහේන්ද්‍රත් එක එක රැුකියා කළා. එ්ත් සාර්ථක වුණේ නැහැ. කොහොම හරි අපි මේ සම්බන්ධය නතර කරන්නේ නැති නිසා ගෙදරිනුත් කැමැති වුණා. ඊට පස්සේ විවාහ වුණා.

ඔහුව විවාහ කරගත් පසුව කලාවේ කර්යබහුල චරිතයක් වෙද්දි ඔහු සමග විවාහ වුණේ අපරාදේ කියන සිතුවිල්ල ආවේ නැද්ද?
මුල් කාලේ නම් මට එහෙම හිතුණ වාර අනන්තයි. මම මහේන්ද්‍රට කියලා තියෙනවා අපරාදේ ඔයාව බැන්දේ කියලත්. එයා එ් වෙලාවට හිනා වෙනවා. දැන් නම් මට එ්ක සාමාන්‍ය දෙයක් වෙලා.

පවුලේ වගකීම් මග හරින සැමියෙක්ද ඔහු?
මට එ් විදිහට කවදාවත් හිතිලා නම් නැහැ. මහේන්ද්‍ර කියන්නේ පර්ස් එකක්වත් පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. එයාට ලැබෙන හැම සතේම ගෙනත් දෙන්නේ මට. ගෙදර සියලූදේ බලන්නේ මම. එ්ත් මොන දේ කරන්න ගියත් මම එයාව දැනුවත් කරනවා.

එයාට පුළුවන් හැම වේලාවකම ගෙදර ගැන බලනවා. විශේෂ දෙයකදි අන්තිම තීරණය ගන්න එයාට භාර දෙනවා.

ඔහු අද ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ ජනප‍්‍රියත්වය ගැන බිරිඳ විදිහට ඔබ උදම්අනනවා ඇති?
මම ඔහුගේ බිරිඳ වීම ගැන සතුටු වෙනවා. එ් වගේම පුංචි ආඩම්බරයක් තියෙනවා. එ්ත් කවදාවත් මමවත් දරුවෝවත් ඔහුගේ ජනප‍්‍රියත්වයෙන් බැබළෙන්න යන්නේ නැහැ.

තිරයේ දකින කවටයාව මහේන්ද්‍රගෙන් ගෙදර පරිසරයෙනුත් දකින්න පුළුවන්ද?
එයා කොහොමත් සැහැල්ලූවෙන් විනෝදයෙන් ඉන්න කෙනෙක්. සැර පරුෂ නැහැ. මටත් විහිළු කරන අවස්ථා තියෙනවා.

රංගන ජීවිතේ ගැන ඔහු කතා කරනවාද. . නැත්නම් රංගනය කියන්නේ ගෙදර තහනම් වචනයද?
කලා තොරතුරු ගැන සාමාන්‍ය දේවල් ගැන කතා කරනවා. ලැබෙන චරිත ගැන එහෙම. නමුත් විවේචනය කරන්නේ නැහැ.

මහේන්ද්‍ර පෙරේරා කියන නළුවාට කටකතා හැදුණොත් ඔබ ඔහු ගැන ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලත් කියමු?
ඇත්තටම කිව්වොත් මට නම් එයා ගැන මේ කාලේ පුරාටව කතාවක් හැදිලා තියෙනවා කියලා නම් ඇහිලා නැහැ. අපි අතර තියෙන විශ්වාසය කවදාවත් නැතිවෙන්නෙත් නැහැ. මොනදේ වුණත්. මට එයාව විශ්වාසයි.

ඔහුගේ රඟපෑම් ඔබ නරඹනවාද?
අනිවාර්යයෙන්ම බලනවා. චිත‍්‍රපට බලන්න වුණත් මහේන්ද්‍ර මාවයි දරුවන්වයි එක්කගෙන යනවා. එයා රඟ පෑ බඹරවළල්ල චිත‍්‍රපටයේ එයාගේ චරිතයට මම අදටත් ආදරේ කරනවා.

හර්ෂණී වීරරත්න_රිවිර
ඡුායාරූප – එ්ෂාන් දසනායක

දුර්ලභ ලිංගික ආසාවන්

sex-03

වස්තිකාමුකත්වය - Klismaphilia

ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රියාවලිය මගින් ලිංගිකව තෘප්තියක් ලබාගන්නා මිනිසුන් “වස්ති කාමුකයන්” ලෙස හැඳින්වේ. මෙය ඉතාමත් දුර්ලභ හැසිරීමකි. එහෙත් නිතර නිතර යම් පුද්ගලයෙක් මළබද්ධය යයි කියමින් වස්ති ලබාගැනීම සඳහා ආරෝග්‍ය ශාලාවලට හෝ වෛද්‍ය සායනයකට පැමිණේ නම් ඔහු ඇත්ත වශයෙන්ම මළ බද්ධයෙන් පෙළෙන්නේදැයි පරීක්ෂා කළ යුතුය. ඔහුට මළබද්ධය නොමැති නම් ඔහු පෙළෙන්නේ වස්ති කාමුකත්වයෙන් විය හැකිය.

මෘත දේහ කාමුකත්වය - Necrophilia

මෘත ශරීරාගාරවල කටයුතු කරන සේවකයන් අතර කලාතුරකින් දක්නට ලැබෙන අස්වාභාවික ලිංගික හැසිරීමකි “මෘත දේහ කාමුකත්වය.” මියගිය කාන්තාවන් සමග ලිංගිකව හැසිරීම මෙහිදී සිදුවේ. බොහෝ විට කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට තදබල ආශාවෙන් පෙළෙන එහෙත් ඒ සඳහා පෙළඹීමට තරම් ආත්ම ශක්තියක් නොමැති මිනිසුන් මෙවැනි ක්‍රියාවන් සඳහා පෙළඹෙන බව පෙනේ. මන්ද යත් මළමිනී ලිංගික ක්‍රියාවලිය සඳහා විරුද්ධත්වයක් කිසිම අයුරකින් නොදක්වන බැවිනි. බොහෝ විට මෘත දේහ කාමුකයන් මෘත දේහ සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමට පෙළඹෙන්නේ මත්පැන් ද පානය කිරීමෙන් පසුවය.

අශ්ලීල දුරකතන ඇමතුම් - Dirty Phone Calls

හලෝ ගුඩ් මෝනිං, ගමගේ හොස්පිට්ල්...

ඔයා දැන් මොනවද කරන්නෙ?

ඇයි බෙහෙත් ගන්න නොම්මරයක් ඕනැද?

නොම්මරයක් නෙවෙයි මට ඔයාට...... ඕනෙ.

ටෙලිෆෝන් එක තියන්නෙ නැතිව දැන් මේ ටික අහගන්න...

මෙය අපගේ ආරෝග්‍ය ශාලාවේ පමණක් නොව බොහෝ ආයතනවල පිළිගැනීමේ නිලධාරිනියනට මුහුණදීමට වන තත්ත්වයකි. විද්‍යාව සහ තාක්ෂණය දියුණුවත්ම ඊට අනුරූපව ලිංගික තෘප්තිය ලබාගැනීමේ ක්‍රම ද වෙනස් වෙන බව පෙනේ. අශ්ලීල දුරකතන ඇමතුම් ද එවැනි අස්වාභාවික වූ ලිංගික චර්යාවකි. දුරකතනයෙන් කතා කරන තැනැත්තා ලිංගික තෘප්තිය ලබන්නේ එයට පිළිතුරු දෙන කාන්තාවගේ ප්‍රතිචාරයෙන් ලබාගන්නා ආස්වාදයෙනි. ඒ අවස්ථාවේදී බොහෝ විට ඔහු සිටින්නේ වෙනත් අයට නොපෙනෙන තැනකය. ඔහු දුරකතන පණිවුඩය දෙමින් ස්වීය වින්දනයේ යෙදෙන්නේය. මෙම ගැටලු නිරාකරණය කළ හැකි එක් ක්‍රමයක් නම් විනාඩි කිහිපයක් දුරකතනයට පිළිතුරු නොදී පැත්තකින් තැබීමයි. අනෙක් ක්‍රමය නම් කතා කරන්නාගේ දුරකථන අංකය දැනගෙන එය නැවත ඔහුට ප්‍රකාශ කිරීමය.

ජැක් ගැසීම - Frotteurs

සර්, මම ආවෙ ‍පෞද්ගලිකයි-රහසිගතයි දෙයක් ගැන කතා කරන්න. ඔහු සේවය කරන්නේ හමුදාවේය.

මොකක්ද කාරණාව? මම ඔහුගෙන් විමසුවෙමි.

මම වැඩ කරන්නෙ.... ගම මහරගම. සමහර දවස්වලට මම යන්න සූදානම්වෙලා ඉන්නෙ මහනුවර. ඒත් ගිහින් නතර වෙන්නෙ ගාල්ලෙ ඔහුගේ අපභ්‍රංස කතාව මට තේරුණේ නැත.

මොකක්ද ඒ කතාවෙ තේරුම? මට ටිකක් පැහැදිලි කරලා කියන්න මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

මේකයි සර් වැඩේ. මම ගෙදරින් එන්නෙ කොළඹට ඇවිත් මහනුවරට යන්න. ඒ වුණාට කොළඹ බස් නැවතුම් පොළට ආවම මට හිතෙනවා තනියම යන ගෑනු කෙනෙක් නගින බස් එකකට නගින්න. එහෙමත් නැත්නම් ගෑනු කෙනෙක් වාඩිවෙලා ඉන්න තනි සීට් එකක් තියෙනවා නම් එතනට ගිහිල්ලා වාඩිවෙන්න. ඉතින් මම යන්න ආපු ගමන අමතක වෙනවා. එක දවසක් ගිහිල්ලා වාඩිවෙලා තිබුණෙ මහනුවර බස් එකේ නොවෙයි, ගාල්ල බස් එකේ. අනේ ඉතින් මම අර ගෑනු එක්කෙනාගේ ඇඟේ ගෑවී ගෑවී ගාල්ලටම ගියා. අතරමදී එයා මට ඔරවන්න පටන් ගත්තා. මම දන්නවා ඒක වැරදි වැඩක් කියලා. ඒත් මට එහෙම කරන්න හිතෙනවා. සමහර දවස්වල මම ගෑනුන්ගෙන් බැණුම් අහලත් තියෙනවා. එක දවසක් මම ගුටිත් කෑවා. මේක මට හරි කරදරයක්නෙ සර්. බැරිද මට මේ පුරුද්ද අත ඇරගන්න ප්‍රතිකාරයක් කරන්න...? ඔහුගේ ගැටලුව ඉදිරිපත් කළේ එසේය.

ඔහු පෙළුණේ තම සිරුර කලින් නොදන්නා තැනැත්තියකගේ සිරුරේ ස්පර්ශ කිරීමෙන් ලිංගික උද්දීපනයට පත්වීමේ කාමුකත්වය හෙවත් Frotteurs තත්ත්වයෙනි.

මෙම තත්ත්වය තරුණ පරපුර හඳුන්වන්නේ ජැක් ගැසීම හෙවත් ටච් එක දැමීම යනුවෙනි. බොහෝ විට මෙම තත්ත්වයට කෙනකු පත්වන්නේ සෙනඟ පිරී ගිය බසයක් තුළ හෝ සෙනඟ එක්රැස්වෙන පෙරහැරක් හෝ සංගීත සන්ධ්‍යාවක් වැනි ස්ථානයකදීය.

මෙවන් පුද්ගලයන් නිසා අපහසුතාවට පත්වන කාන්තාවන් එමටය. නිතර බස්වල ගමන් කරන හැම කාන්තාවක්ම වාගේ මෙවැනි අත්දැකීම්වලට මුහුණ පා තිබේ. මහනුවරට යන්නට ගොස් ගාල්ලෙන් නතර වූ තැනැත්තාට දීම සඳහා බෙහෙත් පෙති මා ළඟ නොවීය. කළ හැකිවූයේ මනා උපදේශනය මගින් එහි ඇති අදීනව පහදා දීම පමණි.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ_දේශය

28 January, 2017

දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව 95 වැනි තැනට



දූෂණ සංජානන දර්ශකයේ 2016 වසරේදී ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්වී ඇත. එය ගිය වසරට වඩා ස්ථාන 12කින් ඉදිරියට පැමිණීමක් බව ට්‍රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත් කළ අලුත්ම වාර්තා පෙන්වා දෙයි.

ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පවසනුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දූෂණයට එරෙහිව අලුතින් නීති සම්මත කර ගත්තද එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සහ ඇතැම් රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය බලය ලබාදෙන නීති සම්මත කිරීම හේතුවෙන් සැමදා ශ්‍රී ලංකාව දර්ශකයේ පහළ ස්ථාන හිමිකර ගන්නා බවයි.

දූෂණයට එරෙහිව සම්මත කරන නව නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයකට ළඟාවිය හැකි බවද ඔහු ප්‍රකාශ කරයි. සෑම වසරකම රටවල් 176ක විශේෂඥයන්ගේ තොරතුරු මත රාජ්‍ය අංශයේ සිදුවන දූෂණයන් පිළිබඳව කරන ලද විමර්ශනයන්ගෙන් දූෂණ අඩුවීම සහ වැඩිවීම මත මෙම දර්ශකයේ ස්ථාන සඳහා රාජ්‍යයන් තෝරා ගනු ලබයි.

දූෂණ සංජානන දර්ශකයේ 50 වැනි ස්ථානයට පහළින් සිටින සියලු රාජ්‍යයන්හි රාජ්‍ය දූෂණය ඉතා ඉහළ අගයක් ගන්නා බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නවතම දත්ත පෙන්වා දෙයි.

මෙම වසරේ ශ්‍රී ලංකාව ලකුණු 100න් ලකුණු 36ක් ලබාගෙන ඇති අතර ලකුණු 90ක් ලබා ගනිමින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ. පිළිවෙළින් ලකුණු 89,88 සහ 86ක් ලබා ගනිමින් පින්ලන්තය, ස්වීඩනය සහ ස්විස්ටර්ලන්තය දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානය ලබාගෙන ඇත.

දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ දූෂණ අඩුම රාජ්‍යය ලෙස ලකුණු 40ක් ලබා ගනිමින් ඉන්දියාව දර්ශකයේ 79 වැනි ස්ථානයට පත්ව තිබේ.

ලකුණු 36ක් ලබා මාලදිවයින ශ්‍රී ලංකාව සමඟ සමතැන් ගෙන තිබේ.

-රෝහණ බමුණුඅරච්චි_මව්බිම

ඇමති මණ්ඩල සංශෝධනයක් අත ලඟ - සුසිල් ප්‍රභල වන ලකුණු...!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නුදුරේදීම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල්, වරාය සහ ඉඩම් වැනි ප්‍රභල අමාත්‍යංශ කිහිපයක් වෙනස්වීමට නියමිතව ඇති අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට සහ කබීර් හශීම් අමාත්‍යවරයාට ප්‍රභල අමාත්‍යධූර දෙකක් හිමිවනු ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.

sworn-minister

පිටරට තාලෙට පිටකොටුවෙ කළ ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව (Video/Photos )



පසුගිය කාලයේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කිහිපයක්ම නිර්මාණය කළ ඉරාජ් විසින් සංගීතවත් කළ සහ නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝව ඊයේ (27) එළිදැක්වුණා.

එය ‘ Hate That I Love You ‘ නම් වනවා.

අයේෂ් විජේරත්න විසින් අධ්‍යක්ෂණය කර සංස්කරණ කර ඇති මෙම වීඩියෝව විදෙස් රටක රූගත කර ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි.

එහෙත් මෙහි රූගත කිරීම් සිදුකර ඇත්තේ පිටකොටුව ප්‍රදේශය ආශ්‍රිතවයි.

එම ගීතය සහ රූ ගත කළ අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Produced by – IRAJ
Music – IRAJ

Lyrics – DeAndre Cortez Way AKA Soulja Boy Tell ‘Em | Markia
Vocals – Soulja Boy Tell’Em | Markia

Recorded At – ILL Noize Studios Colombo | 17 Hertz Studio Hollywood California
Recording Engineer – Ervin Ablaev | 17 Hertz Hollywood California
Mixed By – Ranga D | Hit Factory Sri Lanka
Mastered By – Cass | London UK

Video Director – Ayesh
Editor & VFX – Ayesh Wijeratne
DOP – Dammika Rathnayake
Colorist – Ayesh Wijeratne
Project Manager – Shehan Raj | Venus Music Group Los Angeles USA














ලෝකෙටම යකඩ පාඩමක් උගන්නපු නෙළුවේ සියුමැලි කෙල්ලො තුන්දෙනා

ellawa-bridge

නෙළුව අහස කොහොමත් ඉන්නේ හඬන්නටම බලාගෙනය. කලාතුරකින් අතුපතරින් සීරුවට එබෙන හිරු කිරණ නෙළුව ගම්මානවලට එළිය ගෙනෙන අතර සංචාරකයන්ගේ නොමඳ අශ්වාදයට ලක්වූ සිංහරාජය පිහිටා තිබෙන්නේ නෙළුවේ තීරුවකටද අසිරිය ගෙනෙමින්ය.

කොයි කෙසේ වෙතත් මේ ගම්මානවල ජන ජීවිත සොබාදහමේ අරගලයන් මැද ගලා යමින් පවතින ඒවාය. ඇල්ලව ‍දොල ගලාගෙන යන හාත්පිටිය ගමේ ජනයාද ගෙවන්නේ විටෙක සොබාදහමත් සමඟ අරගල කරන තවත් විටෙක සොබාදහම සමඟ පයුරුපාසානම් පවත්වන ජීවිතය.

නිතර හඬන අහසින් ගලන "වැහි කඳුළු" ඇල්ලව දොල උතුරා යන තරම්ය. හරහට බැඳි පුවක් ඒ දණ්ඩෙන් ඉහළට දෙගොඩ තළා යන ජල කඳ එගොඩ මෙගොඩ ගිය මිනිසුන්ගේ ඇස්ද තෙත් කරන්නට සමත්ය. අහස බෙරිහන් දී හඬන හැම විටෙකම හාත්පිටිය ගමේ මිනිසුන්ටද ගෙනාවේ කඳුළුමය.

වසර ගාණක් මුළුල්ලේ විටින් විට අලුත් කරන පුවක් දඬු ඒ දණ්ඩක් මත ජීවිත සටනට එහෙ මෙහේ ගිය ගැමියෝ සුසුම් ලමින් හිටියේ දෙගම් යා කරන පාලමක් කවදාක ඉදිවේදැයි කියාය.

සිංහරාජය තරම් විශාල නැතත් හාත්පිටිය ගමේ මිනිසුන්ටද ඒ මිනිසුන්ගේ තරමට සිහින තිබිණි. සමහරවිට ඒ සිහින උදෑසන විවර වන ජනෙල් පළුවකින් ගෙතුළට එන අරුණාලෝකය තරම් අහිංසක ඒවාය. තේ දලු කඩා ජීවිතයට සොච්චමක් සරි කරන මිනිසුන්ද අකුරු ඇහිඳින්නට "හරි පුදුම ඉස්කෝලෙට" යන නොදරුවන්ද බෙහෙතක් හේතක් ගන්නට පිටමං වන වියපත් ගැමියන්ද කුස තුළ වැඩෙන සිහිනයක් පාට කරන්නට වෙර දරන අම්මාවරුන්ද එගොඩ ගමකට උදේ පාන්දර "කිරි අම්මාවරුන්ගේ දානයකට" යන්නට යන අම්මාවරුන්ටද මෙකී නොකී අහිංසක ජීවන අරගලයන්හි යෙදෙන ගැමියන් එගොඩ මෙගොඩ ගිය ඒදණ්ඩ ඒකය. මැතිවරණ කාලයට නිරන්තර එන යන දේශපාලකයෝ සුන්දර බොරු ආලවට්ටම් දමා හාත්පිටිය ගමේ මිනිසුන්ට "පාලමක" බලාපොරොත්තු දැල්වූහ.

"අපි මේ පාලම හදනවා. ඔබේ ප්‍රශ්න ඒකාන්තවම විසඳනවා. ජීවිත සුඛිත මුදිත කරනවා" ඒ අර මිනිසුන්ට දේශපාලකයෝ දෝතට දුන් සිහිනය.

එහෙත් ඒ සියල්ල "ඇල්ලව ‍දෝරේ" ගලා යන දිය කඳට හසුව සැඟව ගියේය.
එක්තරා අනෝරාවක දා එගොඩ බලා දෙල්ලව දෙසින් ආ විලාපය කියා පෑවේ එගොඩ බලා ගිය ගැමියකුගේ ජීවිත ඉරණම මහා දිය කඳ විසින් විස¼දාලීමේ "කතාව"ය. ඇල්ලව දොල කෙළවර ගිං ගඟ අණ දී තිබුණේ ඒ වියපත් මිනිසාගේ ජීවිතය උදුරාගෙන එන ලෙසය. දෙල්ලව දොල ඒ කාරිය අකුරට ඉටු කළේය.

"අපි දුප්පත් මිනිස්සු. එතකොට මම තුනේ පන්තියේ. මහ වැස්ස වැටෙමින් තිබුණා. ඇල්ලව ‍ෙදාළට වැටුණේ මගේ තාත්තා. එයා එදා හැන්දෑවේ ගියේ ගෙදරට කන්න මුකුත් ගේන්න කඩමණ්ඩියට. එහෙම ගිය තාත්තා ආපහු ආවේ නෑ. එයා ‍දොලේ වැටිලා මැරුණා." එහෙම කීවේ දිල්කි මධුශානී සේනානායකය.

මේ සියලු සංවේදනා කලක් තිස්සේ උසුලාගෙන සිටි අෑ තවත් තරුණියන් දෙදෙනකු කැටුව "ලොකු සිහිනයක්" දුටුවාය.

ඒ "ගමට පාලමක්" තැනීමේ සිහිනයයි.

එගොඩ මෙගොඩ පරතරය අඩි 68කි. එහෙව් පරතරයක් යා කෙරෙන පාලමක් හැදීමට සිතීමත් මොන තරම් අසීරු සිහිනයක්ද? එදිනෙදා කුලියක් මලියක් කොට ජීවිත ගැටගසා ගන්න ගමක දරුවන් එහෙම සිහිනයක් දැකීමම එක් අතකට අරුමයක්ය. එහෙත් "සිහින දකින්නට අයිතියක්" තිබේ. වඩා වටින්නේ ඒ සිහින සැබෑ කර ගැනීමය.

හාත්පිටිය ගමේ යෞවන සමාජයක් තිබේ. එය "රිදී තරු"ය. රිදී තරු යෞවන සමාජයේ දිල්කි දැන් ගමේ යෞවන සමාජයේ සභාපතිනිය ය. සිහිනයක් දැක ඒ ඔස්සේ දිවයන්නේ නම් ඊට ඇවැසි පාර හැදේ යැයි කියමනක් තිබේ.
"තාත්තා නැති වෙච්ච දවසේ මම හිතුවා කවදහරි පාලමක් හදනවාමයි කියලා. මගේ තාත්තා නැති වුණු වේදනාව මම දන්නවා. තවත් දරුවන්ගේ තාත්තලා මේ ‍දොලේ බිලිගන්නවා දකින්නට මට ඕන වුණේ නෑ."
අන්තිමට අෑ ඇතුළු පිරිස ඒ සිහිනය ජය ගත්හ.

"අපි අපේ ගමේ යෞවන සමාජය ජාතික තරුණ සේවා සභාව" යූත් විත් ටැලන්ට්" කියන වැඩසටහන ආරම්භ කළා. ඒක අපේ ගමට ලොකු ශක්තියක් වුණා.

දිල්කි වැඩසටහනේ ඇරඹුම ගැන එහෙම කියන්නීය.

"යූත් විත් ටැලන්ට් යනු ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ නවමු ව්‍යාපෘතියකි. ඒ හරහා අපේක්ෂා කරන්නේ යෞවන සමාජ තරුණ ප්‍රජාව සම්බන්ධ කොටගෙන ව්‍යාපෘති 1500ක් ක්‍රියාවට නැංවීමය. ඒ සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 112ක් වෙන් කොට ඇති අතර එක් යෞවන සමාජයකට රුපියල් 75,000ක මුදලක් ලබා දේ. ඒ මුදල යොදාගෙන තරුණ දායකත්වය ඇතිව වඩා ඵලදායී ව්‍යාපෘතියක් නිම කිරීමට යෞවන සමාජයට උපදෙස් දී තිබේ.

දිල්කිලා භාර ගන්නේ මේ අභියෝගයයි.

"යූත් එකෙන් දෙන 75,000 ගන්න කලින් අපි විධිමත් ව්‍යාපෘති වාර්තාවක් දෙන්න ඕන. ඒ වාර්තාව අධ්‍යයනය කරලා තමයි අපිට ඒ මුදල දෙන්නේ. මේ පාලම නිම කරන්න ලක්ෂ 35ක් යනවා. ලැබෙන්නේ 75,000යි. මේකම අභියෝගයක්. අපේ යෞවන සමාජය හරිම ක්‍රියාකාරීයි. අපේ යෞවන සමාජයේ සාමාජිකයෝ 30යි ඉන්නේ. වැඩි පිරිස ගෑනු ළමයි. හැම කෙනෙක්ම ජීවිතය, දුක, පීඩාව වගේම අභියෝගවලටත් ඔට්ටුයි. සමහරු මේක හීනයක් විතරක් බවත් කීවා. ඒත් අපිට තිබුණා අරමුණක්. කොහොම හරි අපේ ව්‍යාපෘතියට අනුමැතිය ලැබුණා."

මේ යුවතියෝ ගම පුරා ගොස් තම සිහිනය කියන්නට වූහ.

" මේ වගේ වැඩ ආණ්ඩුවකටවත් කරන්න බෑ. කී දෙනෙක් පාලම හදනවා කීවද? මේක අමාරුයි. කරන්න බෑ. කළු ගලේ ඔළුව ගහගන්න එපා. ඔච්චර ලොකු වැඩක් කරන්න පුළුවන්ද. පිස්සුද. තියෙන දෙයක් කාලා ඉන්න. උඹලා කෙල්ලෝ"

එහෙම කීව අය බොහෝමය. ඒ සියල්ල දිල්කිලා තුට්ටුවකට මායිම් කළේ නැත. ඔවුන් දුටුවේ එක සිහිනයකි. ඒ පාලමක සිහිනය පමණි. යෞවන සමාජයේ ලේකම්වරියත් තරුණියකි.

අෑ සඳුනි ලහිරුකාය.

"අනෙක් අභියෝගය තමයි මේ ව්‍යාපෘතිය දින අනූවකින් ඉවර කරන එක. එහෙම නොකළොත් අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා. තරග කරන්න අපිට ඕන වුණේ නෑ. ඒත් අපිට පාලමක් ඕන වුණා. ඒ වෙනුවෙන් වින්ද දුක අප්‍රමාණයි."

යෞවන සමාජයේ වාසනා තෙත බරිත දෙනෙත් ඇතිව කියන්නීය.

සමහරු කීවේ පාලමෙන් එගොඩ වෙනවාට වඩා වැඩ මෙගොඩ තිබෙන බවය. ඇල්ලව දොලේ සීමා දමා තිබෙන්නේ "උඹලාගේ ජීවිත උරුම හාත්පිටිය ගමට" පමණයි කියා සේය. ඇතැම්හු ඒක ඉරහඳ සේ විශ්වාස කළහ.
මේ යුවතියෝ අභියෝග කළේ එකී "හිස් හීන මානයටය."

"අපි රෑ දවල් වෙහෙසුණා. ටිකට් ගහලා වික්කා. ගෙයක් ගාණේ ගියා. තේ ෆැක්ටරි ගාණේ ඇවිද්දා. ලක්ෂ එකහමාරක් එහෙම එකතු කර ගත්තා. තේ දලු නෙළන අම්මෙක්ගේ දවසක ආදායම රුපියල් 500ක් වගේ. එහෙව් අම්මලා පවා අපිට උදවු කළා. සමහරු අමුද්‍රව්‍ය දෙන්න එකඟ වුණා. ඒත් තව ලක්ෂ 33කට වඩා ඕන. රැයක් දවාලක් ගෙවෙනවා අපි දැනගෙන හිටියේ නෑ. වෙහෙස මොනතරම් වුණත් අපි ඒ ගැන හිතුවේ නෑ. අපි විශ්වාස කළේ අපේ ආත්ම විශ්වාසය විතරයි. ටික ටික හැමෝම අපේ පැත්තට හැරෙන්න ගත්තා. අපි නොනවතින බව එයාලා හිතන්න ඇති."

දිල්කි එහෙම කියන්නේ අභිමානයෙන් වගේම හැඟුම්බරවය.

පසුගිය වසරේ අගෝස්තු 13දා ඔවුහු සිහින පාලමේ කටයුතු ආරම්භ කළහ. දවස් ගෙවෙමින් තිබිණි. අප්‍රමාණ අභියෝග එක පිට පැමිණුනි. අනෝරා වැසි වැටිණි. කාසි මිල මුදල් හිඟකම කෙළවරක් නැතුව දැනිණි. කුසගින්න, වෙහෙස, පීඩාව, උපහාස සියල්ල නොඅඩුව ලැබිණි.

"මේ ඇස්වලට කඳුළු එන සිහිනයක්. වෙච්ච වෙහෙස කියන්න වචන හරි දුප්පත්. කැපවීමට කියන්න තියෙන වචන මොනතරම් දුප්පත්ද කියලා හිතෙන්නේ මේ වෙහෙස ඇස්වලින් දැක්ක නම් විතරයි. ලොකුම වෙහෙසක් දැරුවම ඒක කියන්න බෑ. ගොළු වෙනවා. අපිත් එහෙමයි. අපි මේකට නම තිබ්බේ "දහදියේ රියලිටිය" කියලා. මේ ව්‍යාපෘතියේ හැම වැලි කැටයක් ගාණේම තියෙන්නේ කැපවීම සහ දහදිය මහන්සිය"

"කොහොම හරි අපි අපේ ඉලක්කයට එමින් තිබුණා. නොවැම්බර් 12 අපි අඩි 68ක් දිග අඩි 6 1/2ක් පළල පාලම හැදුවා. අපි එක්ක තරුණ සේවා සභාව හයියට හිටියා. තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහතා අපිට ශක්තියක් වුණා. ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මහින්ද මහත්මා, නෙළුව තරුණ සේවා නිලධාරි දීපාල් මහත්මයා, ගමේ ග්‍රාම නිලධාරි ජගත් රංජි මහතා ඇතුළු බොහෝ දෙනෙක් අපිට මඟ පෙන්නුවා."
ඒ දිල්කිගේ හැඟීමය.

රුපියල් 75,000ක ආධාරය මිලියන තුනක් ඉක්මවූ ව්‍යාපෘතියක් බවට නිර්මාණය වී තිබිණි. ඒ දණ්ඩ වෙනුවට අඩි 68ක් දිග පාලම උදාරම් ලීලාවෙන් දෙගම් යා කොට තිබිණි.

ගාල්ල දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ විතාරණ ශාන්ත්‍රිගේ මහින්ද මහතා කියන්නේ මෙවැන්නකි.

"ලංකාවේ යෞවන සමාජ 12600කින් යෞවන සමාජ 1500ක් පමණයි "දහදියේ රියලිටි" අභියෝගය භාර ගත්තේ. ගාල්ලේ විතරක් ව්‍යාපෘති 88ක් ක්‍රියාත්මකයි. ඒ 88න්ම මේ වන කොට පළමු තැන අරන් ඉන්නේ නෙළුව හාත්පිටියේ මේ දරුවෝ කරපු "පාලම" ව්‍යාපෘතියයි."

"මේක විශ්වකර්ම වැඩක්. යෞවන සමාජයේ හැමෝම වගේ තරුණියෝ. මමත් මුලදී හිතුවෙ නෑ මේ දරුවෝ මේක කරයි කියලා. මේක විශ්මයක්."
මහින්ද මහතා විමතියෙන් පවසයි.

"ගමේ මිනිස්සු පාලමක් නැතුව වින්ද දුක පීඩාව අපි දන්නවා. මේ දරුවෝ කළේ එසේ මෙසේ වැඩක් නෙවේ. මේක අසමසම වැඩක්." ග්‍රාම නිලධාරි ජගත් රංගි මහතා පවසයි.

"මේක උපනූපන් ආත්මවලට පින් ගෙනෙන මහා පින්කමක්. අපි මැරෙන්න කලින් මේ ගම හරහා පාලමක් දකින්න වාසනාව ලැබුණා. මේ දරුවෝ සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරන්න ඕන"
එහෙම කියන්නේ හත්පිටිය ගමේ එම්. කේ. ලීලාවතී මාතාවයි.

පාලම නිම කළ මේ දරුවෝ ඉන් නැවතුණේ නෑ. පාලම අසල නාන තොටුපොළක්, විවේකාගාරයක්, පාලමට ප්‍රවේශ මාර්ගයක් යනාදී සියල්ල ඔවුන් නිම කොට තිබේ.

"අපි රටට පෙන්නුවේ එක දෙයයි. ඒ තමා අපිට කරන්න බැරි මොනවද කියන එක"
දිල්කි දිරිමත් සිතින් අන්තිමට එහෙම කීවාය.

මේ දිරිමත් කතාව ස්වදේශ් හින්දි චිත්‍රපටය සිහිපත් කරනසුලුය. උත්තර ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබා ගන්නට වෙහෙසෙන ඉන්ජිනේරුවකුගේ කතාව එහි වෙයි. අනන්ත පීඩාවන්, අපහාස, ගැරහුම් මැද ඔහු ඒ සිහිනය ජය ගනී.

පිළිකා රෝගය හේතුවෙන් හය මසක ජීවිත කාලයක් පමණක් හිමි "වතනබේ" නමැති ලිපිකරුවා මාස හයක් තුළ ළමා උද්‍යානයක් සාදා නිම කරන කතාව ඇත්තේ "කුරසෝවාගේ" "ඉකුරු" චිත්‍රපටයේය.
මේ සියල්ල චිත්‍රපටය.

මේ යුවතියෝ අභියෝග කළේ එකී "හිස් හීන මානයටය."

"අපි රෑ දවල් වෙහෙසුණා. ටිකට් ගහලා වික්කා. ගෙයක් ගාණේ ගියා. තේ ෆැක්ටරි ගාණේ ඇවිද්දා. ලක්ෂ එකහමාරක් එහෙම එකතු කර ගත්තා. තේ දලු නෙළන අම්මෙක්ගේ දවසක ආදායම රුපියල් 500ක් වගේ. එහෙව් අම්මලා පවා අපිට උදවු කළා. සමහරු අමුද්‍රව්‍ය දෙන්න එකඟ වුණා. ඒත් තව ලක්ෂ 33කට වඩා ඕන. රැයක් දවාලක් ගෙවෙනවා අපි දැනගෙන හිටියේ නෑ. වෙහෙස මොනතරම් වුණත් අපි ඒ ගැන හිතුවේ නෑ. අපි විශ්වාස කළේ අපේ ආත්ම විශ්වාසය විතරයි. ටික ටික හැමෝම අපේ පැත්තට හැරෙන්න ගත්තා. අපි නොනවතින බව එයාලා හිතන්න ඇති."

දිල්කි එහෙම කියන්නේ අභිමානයෙන් වගේම හැඟුම්බරවය.

පසුගිය වසරේ අගෝස්තු 13දා ඔවුහු සිහින පාලමේ කටයුතු ආරම්භ කළහ. දවස් ගෙවෙමින් තිබිණි. අප්‍රමාණ අභියෝග එක පිට පැමිණුනි. අනෝරා වැසි වැටිණි. කාසි මිල මුදල් හිඟකම කෙළවරක් නැතුව දැනිණි. කුසගින්න, වෙහෙස, පීඩාව, උපහාස සියල්ල නොඅඩුව ලැබිණි.

"මේ ඇස්වලට කඳුළු එන සිහිනයක්. වෙච්ච වෙහෙස කියන්න වචන හරි දුප්පත්. කැපවීමට කියන්න තියෙන වචන මොනතරම් දුප්පත්ද කියලා හිතෙන්නේ මේ වෙහෙස ඇස්වලින් දැක්ක නම් විතරයි. ලොකුම වෙහෙසක් දැරුවම ඒක කියන්න බෑ. ගොළු වෙනවා. අපිත් එහෙමයි. අපි මේකට නම තිබ්බේ "දහදියේ රියලිටිය" කියලා. මේ ව්‍යාපෘතියේ හැම වැලි කැටයක් ගාණේම තියෙන්නේ කැපවීම සහ දහදිය මහන්සිය"

"කොහොම හරි අපි අපේ ඉලක්කයට එමින් තිබුණා. නොවැම්බර් 12 අපි අඩි 68ක් දිග අඩි 6 1/2ක් පළල පාලම හැදුවා. අපි එක්ක තරුණ සේවා සභාව හයියට හිටියා. තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහතා අපිට ශක්තියක් වුණා. ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මහින්ද මහත්මා, නෙළුව තරුණ සේවා නිලධාරි දීපාල් මහත්මයා, ගමේ ග්‍රාම නිලධාරි ජගත් රංජි මහතා ඇතුළු බොහෝ දෙනෙක් අපිට මඟ පෙන්නුවා."
ඒ දිල්කිගේ හැඟීමය.

රුපියල් 75,000ක ආධාරය මිලියන තුනක් ඉක්මවූ ව්‍යාපෘතියක් බවට නිර්මාණය වී තිබිණි. ඒ දණ්ඩ වෙනුවට අඩි 68ක් දිග පාලම උදාරම් ලීලාවෙන් දෙගම් යා කොට තිබිණි.

ගාල්ල දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ විතාරණ ශාන්ත්‍රිගේ මහින්ද මහතා කියන්නේ මෙවැන්නකි.

"ලංකාවේ යෞවන සමාජ 12600කින් යෞවන සමාජ 1500ක් පමණයි "දහදියේ රියලිටි" අභියෝගය භාර ගත්තේ. ගාල්ලේ විතරක් ව්‍යාපෘති 88ක් ක්‍රියාත්මකයි. ඒ 88න්ම මේ වන කොට පළමු තැන අරන් ඉන්නේ නෙළුව හාත්පිටියේ මේ දරුවෝ කරපු "පාලම" ව්‍යාපෘතියයි."
"මේක විශ්වකර්ම වැඩක්. යෞවන සමාජයේ හැමෝම වගේ තරුණියෝ. මමත් මුලදී හිතුවෙ නෑ මේ දරුවෝ මේක කරයි කියලා. මේක විශ්මයක්."

මහින්ද මහතා විමතියෙන් පවසයි.

"ගමේ මිනිස්සු පාලමක් නැතුව වින්ද දුක පීඩාව අපි දන්නවා. මේ දරුවෝ කළේ එසේ මෙසේ වැඩක් නෙවේ. මේක අසමසම වැඩක්." ග්‍රාම නිලධාරි ජගත් රංගි මහතා පවසයි.

"මේක උපනූපන් ආත්මවලට පින් ගෙනෙන මහා පින්කමක්. අපි මැරෙන්න කලින් මේ ගම හරහා පාලමක් දකින්න වාසනාව ලැබුණා. මේ දරුවෝ සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරන්න ඕන"

එහෙම කියන්නේ හත්පිටිය ගමේ එම්. කේ. ලීලාවතී මාතාවයි.

පාලම නිම කළ මේ දරුවෝ ඉන් නැවතුණේ නෑ. පාලම අසල නාන තොටුපොළක්, විවේකාගාරයක්, පාලමට ප්‍රවේශ මාර්ගයක් යනාදී සියල්ල ඔවුන් නිම කොට තිබේ.

"අපි රටට පෙන්නුවේ එක දෙයයි. ඒ තමා අපිට කරන්න බැරි මොනවද කියන එක"
දිල්කි දිරිමත් සිතින් අන්තිමට එහෙම කීවාය.

මේ දිරිමත් කතාව ස්වදේශ් හින්දි චිත්‍රපටය සිහිපත් කරනසුලුය. උත්තර ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබා ගන්නට වෙහෙසෙන ඉන්ජිනේරුවකුගේ කතාව එහි වෙයි. අනන්ත පීඩාවන්, අපහාස, ගැරහුම් මැද ඔහු ඒ සිහිනය ජය ගනී.

පිළිකා රෝගය හේතුවෙන් හය මසක ජීවිත කාලයක් පමණක් හිමි "වතනබේ" නමැති ලිපිකරුවා මාස හයක් තුළ ළමා උද්‍යානයක් සාදා නිම කරන කතාව ඇත්තේ "කුරසෝවාගේ" "ඉකුරු" චිත්‍රපටයේය.

මේ සියල්ල චිත්‍රපටය. එහෙත් නෙළුවේ යුවතියන් පාලමක් හැදූ කතාව සහමුලින් යථාවක්ය.

_මව්බිම

මම කළේ අසභ්‍ය රඟපෑමක් ‍නෙවෙයි

oshadi-himasha

ඕෂධී හිමාෂා කියන නමටත් වඩා ඇය දැන් ජනප්‍රිය ‘ආශාවරී’ කියන නමින්. ඒ ආන්දෝලනාත්මක ලෙස සයිබර් අවකාශයේ පැතිර යන ආශාවරී ගීතයේ වීඩියෝවේ රංගනයේ නියැළෙන්නේ ඇය නිසා. මේ ඕෂධී සමග ආශාවරී ගැන කළ පුංචි කතාවක්.

‘ආශාවරී’ ඕෂධීගේ කීවැනි මියුසික් වීඩියෝවද?
අනේ මන්දා. කීවැනි එකද කියලා කියන්න ගණන් තියාගෙන නමෛයි මම රඟපෑවේ. ඉස්සර මුල් කා‍ලේ නම් ගණන් කරමින් රඟපෑවා. මම හිතන්නේ සින්දු 100කට වඩා වැඩි ගණනක වීඩියෝවලට මම රඟපාලා තියෙනවා.

ආශාවරී වැඩිපුර ප්‍රසිද්ධ වුණේ අර අඩ නිරුවත් රංගනය නිසාද?
ආශාවරී වීඩියෝව වැඩිපුර හිට් වුණා කියලා කියන්න අමාරුයි. මොකද මම රඟපාපු වීඩියෝ ගොඩක් මේ වෙනකොට හිට්වෙලා තියෙනවා. මේක එකක් විතරයි.

සමහරු සෑහෙන්න බණිනවා නේද?
මට නම් 90ක්ම ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර. හුඟක් අය කියනවා හොඳයි කියලා. සීයට දහයක් වගේ ‍පොඩි පිරිසක් තමයි නරකයි කියනවා ඇත්තේ.

මේ තරම් ප්‍රසිද්ධියේ ඇඟ නිරාවරණය කරද්දී හිතට බයක් දැනුණෙ නැද්ද?
ඇත්තටම බයක් තිබුණා. මොකද මේක ලංකාව නිසා. මම වෙන රටකදී මේ දෙය කළා නම් ඇත්තටම මේකෙ ඇති දෙයක් නැහැ.

ඒ කියන්නෙ පිටරටවලදී මේ අයුරින් හැසිරිලා පුරුදුයි කියන එකද?
ඔව්. මීට පෙර මම වතාවක් රූ රැජන තරගයකට තුර්කියට ගියා. ඒකෙදි බිකිනි ඇඳුමින් සැරසිලා බොහොම ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම් කරන්න මට සිද්ධ වුණා. ඒක අරුමයක් නමෛයි. අරුමයක් වෙන්නෙ ලංකාව වගේ රටක මේ වගේ කෙටි ඇඳුම්වලින් රූපගත කිරීම තමයි.

මීට පෙරත් ඕෂධීට ඇඳුම් සම්බන්ධව චෝදනා එල්ලවෙලා තියෙනවා නේද?
මම සම්බන්ධව ගොසිප්වත්, නරක විදියේ කතාන්දරවත් මුකුත්ම මට නම් අහන්න ලැබිලා නැහැ.

සින්දුව නිසා මම තවත් ජනප්‍රිය වුණා. කොහොමටත් ක්‍ෂේත්‍රයේ ජනප්‍රියතාව වැඩි වෙනකොට ඕනම කෙනකුට කතා හැදෙන එක සාමාන්‍යයි. මට වෙලා තියෙන්නෙත් ඒකමයි.

මුදල් ලැබෙන නිසාද මේ වගේ වීඩියෝවල පෙනී ඉන්න තීරණය කරන්නේ?
ඔව්. මම මේ ක්‍ෂේත්‍රයට මුලදී ආවේ මගේ ආසාවට. නමුත් දැන් මගේ රැකියාව මේක. ඒ නිසා මුදල් ඕන. වීඩියෝවක් කළත්, මොන දේකට ආරාධනා ලැබුණත් මම මුදල් ගැන කතා කරලයි වැඩේ ගැන කතාව ස්ථිර කරන්නේ.

මේ වගේ දර්ශනවලට පෙනී ඉන්න ගෙදරින් තහංචියක් නැද්ද?
වීඩියෝව කරන්න කලින්ම මම දෙමාපියන්ගෙන් අවසර ගත්තා. එයාලා හික්කඩුව ප්‍රදේශයේ ජීවත්වෙන නිසා මේ වගේ දේවල් අරුමයක් නොවෙයි. අනික මගේ දෙමාපියන්ට ලොකු අවබෝධයක් තියෙනවා මම කරන කියන වැඩ ගැන.

එතකොට ස්වාමිපුරුෂයාත් අකැමැති වුණේ නැද්ද?
එයාට ප්‍රශ්නයක් නැහැ. එයා මට ජීවිතේට හුඟක් උදව් කරනවා. අනික මේකේ මම අසභ්‍ය දර්ශනයකට පෙනී ඉන්නෙ නැහැ. තනියම ඇඳ උඩ ඉඳලා නැගිටලා නාන කාමරයට යන දර්ශනයක් විතරයි තියෙන්නේ. ඒ නිසා එයාට විරුද්ධ වෙන්න ඕනකමක් තිබුණේ නැහැ.

ආශාවරී සින්දුව හෑල්ලු කරන විදියේ කොමඩි වීඩියෝ කිහිපයක් කරලා තිබුණා දැක්කද?
ඔව්. ඒකෙ වරදක් කියන්න බෑ. අපට ඒවා නවත්වන්නත් බැහැ. ලංකාවෙ මිනිස්සු ලෝකෙට වඩා හරි වෙනස්. අගය කළ යුතු දේ අගය කරන්න දන්නෙ නැති සමහරු ඉන්නවා. සමහර කොමඩි වීඩියෝ දැක්කම නම් මට හිනාත් ගියා.

ඉදිරියේ දී මොකද වෙන්නේ?
හොඳට වැඩ කරනවා. සිනමා රංගනයට එන්න ගොඩක් ආසයි මම. ඒ වගේම නිරූපණය හොඳින් කරනවා.

විවාහක රූ රැජන වෙන්න කැමැත්තක් නැද්ද?
මම ක්‍ෂේත්‍රයට ආවේ මගේ හැකියාවෙන්. මම රූපය පෙන්නන්න බියුටි පැජන්ට්වලට ඉදිරිපත් වුණේ නෑ ලංකාව ඇතුළතදී. මේක මහන්සියෙන් ආපු ගමනක්. මිසිස් ශ්‍රී ලංකා වෙන්න මම හිතන්නේ තාම මට වයස මදි. තව අවුරුදු දෙක තුනක් යනකල් මට මේ රූපය රැකගෙන ඉන්න පුළුවන් වුණොත් සමහර විට මම ඒ තරගයට ඉදිරිපත් වේවි.

ashawari-iraj

ashawari-iraj-2

-සඳමාලි වර්ණසූරිය_රිවිර

ලෝකෙටම එපා කරපු M.D.M කුඩු දකුණට බැස්සුවේ කවුද?

mdm-drugs

2017 නව වසර උදාව පිළිගැනීම සඳහා ලක්වාසීන් පමණක් නොව ලෝකවාසීහුද ලහි ලහියේ ලකලෑස්ති වූහ.
මාතර වෙරළ තීරයට දසදහස් දෙනා දෙසැම්බර් 31 රාත්‍රියේ රැස් වූයේ ප්‍රීතිමත්ව නව වසර උදාව පිළිගැනීම සඳහාය.

2016 වසර අවසන් කරමින් පෑයූ හිරුද බස්නාහිරින් බැස යන්නට ආසන්න වූයේ නටුවෙන් ගිලිහෙන ඉදුණු පලතුරු ගෙඩියක් මෙනි. එය අෑත සිතිජයේ සැඟව ගියේ මාතර වෙරළ තීරයම අඳුරේ තබමිනි.

දළ රළ පෙළ මුහුදු තීරය සිප ගනිමින් සිටියදී බාල ළමා මහලු උදවියද වෙරළේ නාමින් සතුටු වෙමින් සිටියෝය.

මිරිස්ස වෙරළ තීරයේ සංචාරක හෝටල්වලද මල්වෙඩි පත්තු කරමින් මධුවිත උත්සව ආරම්භ කෙරිණි.
ඕඥචජඩ ර්ථීචපබර (බීච් පාටි) ලෙස ප්‍රකට මෙම සැණකෙළි සඳහා දෙස් විදෙස් සංචාරකයෝ පැමිණ සිටියහ.
මධුවිත තොලගාමින් නර්තනයේ යෙදෙමින් සියල්ලෝම 31 රාත්‍රියේ මුහුදු සුළඟේ පහස විඳිමින් ගත කරන්නට වූහ.

'මිරිස්ස බීච් හොටෙල් එකක මත්ද්‍රව්‍ය ජාවාරමක් යනවා' නව වසර උදා වී පැය කිහිපයකට පසු මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට තොරතුරක් ලැබිණි.

නව වසරේ වැඩ අල්ලමින් මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදිත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් වහාම ලද තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළහ.

ජනවාරි පළමු වැනි දින එළිය වැටෙත්ම බීච් පාටිවලට සහභාගි වූ බොහෝ දෙනා ඔවුන්ගේ නිවෙස් කරා යන්නට වූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු පරීක්ෂා කරමින් සිටි පොලිස් කණ්ඩායමට නැවත තොරතුරක් ලැබිණි. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැලිගම, මිරිස්ස මුහුදු තීරයේ සංචාරක හෝටලයක නැවතී සිටින බවටය.

ඔවුන් ජනවාරි පළමු වැනිදා රාත්‍රියේදී මුහුදු තීරයේ සංචාරක හෝටල්වල පැවැත්වෙන බීච් පාටිවලට මත්ද්‍රව්‍ය සැපයීමට සිටින බවට ඔත්තුකරු තහවුරු කෙළේය.

එම ඔත්තුවත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ සැලසුම මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් සකස් කෙරිණි.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම වහාම මිරිස්ස වෙරළ තීරයේ පිහිටි සංචාරක හෝටලට කඩා වැදුණේය.

එහි කාමර දෙකක ලැගුම් ගෙන සිටි තරුණ පිරිසක් පරීක්ෂාවට ලක් කළ පොලිස් කණ්ඩාමට ඔවුන් සතුව තිබූ කොකේන් ග්‍රෑම් හයකට අධික ප්‍රමාණයක් සහ හෂීස් මිලිග්‍රෑම් 3,600ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන අතර ඔවුන් කැලණිය, වත්තල, ජාඇළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේදී හෙළි වී තිබිණි. ඔවුන් අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පිහිනුම් උපදේශකවරයකු, වතු අධිකාරිවරයකු, කැලණිය ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක පුහුණුකරුවකු, ගෘහ නිර්මාණ ශිල්පියකු, එංගලන්තයේ පුරවැසිභාවය හිමි අයකු සිටින බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

මනස විකාර කරන මිල අධික කොකේන් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය මෙම කල්ලිය කොළඹ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ලබා ගන්නා බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.

කොළඹින් බැහැර ඇති රාත්‍රි බීච් පාටිවලට මෙම කල්ලිය මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සංවිධානාත්මකව පැමිණේ. දෙසැම්බර් 31 රාත්‍රි වෙරළ සාදවලටද මොවුන් රුපියල් ලක්ෂ දහයක පමණ කොකේන් සහ හෂීස් මත්ද්‍රව්‍ය රැගෙන ඇත. එම මත්ද්‍රව්‍ය කුඩා පැකට්වලට දමමින් දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කරනු ලබයි.
විදේශිකයන්ට මෙම කල්ලිය මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන්නේ දෙගුණයක මිලටය. ඉන් ඔවුන් ගජ වාසි ලබන බවද පොලිසිය සඳහන් කරයි.

මෙකී සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පමුණුවා දින දෙක තුනක් යන්නට මත්තෙන් මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට තවත් ඔත්තුවක් ලැබිණි.

ඒ අහංගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන 'වැලිගම කඩේවත්තේ ලොකු' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අධික විසැති සහ අධික මිලැති මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරමින් සිටින බවටය.

යතුරුපැදියකින් ර්ච්ර් (එම්.ඩී.එම්.) නමැති මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහුව ජනවාරි 4 වැනි දින පොලිස් කණ්ඩායම විසි මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සන්තකයේ එම මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 750ක් තිබී සොයා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය.
දකුණු පළාතෙන් ප්‍රථමවරට සොයා ගත් මෙම විස මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක මිල රුපියල් තිස් දහසක් පමණ වන බවද පොලිසිය පවසයි.

පාකිස්තානය, ඇෆ්ගනිස්තානය ආදී රටවල නිෂ්පාදිත මෙම විස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ මනස විකෘති වන බවද මත්ද්‍රව්‍ය විශේෂඥයෝ පවසති.

මෙම මත්ද්‍රව්‍ය ලේ සමඟ මිශ්‍ර වී ඉන් විකෘති මානසිකත්වයක් පවා ඇති කරන බවද එම විශේෂඥයෝ සඳහන් කරති.

ලෝකයේ බොහෝ රටවල භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කර ඇති මෙම මත්ද්‍රව්‍ය 'ලොකු' නමැත්තාට ලබා දී ඇත්තේද පෙර සඳහන් කළ මත්ද්‍රව්‍ය කල්ලියේ සිට අත්අඩංගුවට පත් වූ එංගලන්තයේ පුරවැසිභාවය හිමි තැනැත්තාය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සල්ලිකාරයන් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබයි.

දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එස්.යූ. ප්‍රනාන්දු, මාතර, තංගල්ල, කොට්ඨාසභාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදිත කුමාර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන ප්‍රියංකර (55804), සුනිල් (56615), පොලිස් කොස්තාපල්වරන් වන අරුණ (6403), ක්‍රිෂාන්ත (55836), සිසිර (72699), සම්පත් (90047), මධුසංඛ (90044) සහ පොලිස් කොස්තාපල් රියැදුරු චන්ද්‍රසේන (80490) යන පොලිස් කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකර ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

පොලිස් විමර්ශකයන්ගේ ඊළඟ අරමුණ වන්නේ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ තෝරු මෝරු අත්අඩංගුවට ගැනීමය.

විකෘති මනසක් ඇති කරන ශරීර සෞඛ්‍ය පරිහානියට පත් කරන මෙම නව මත්ද්‍රව්‍ය විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන එම මහා පරිමාණ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අපේ ඒකායන ප්‍රාර්ථනයයි.

- චාමර අමරසූරිය_මව්බිම

මම ඒ දේ ඉහළින්ම කරන්න කැමති කෙනෙක් - මේනකා

menaka-peiris

නවක පරපුරේ කලා ශිල්පිණියක් ලෙස මේනකා පීරිස් තරුණ තරුණියන් අතරේ දැන් ප්‍රසිද්ධ වෙලානේ. 

ඉතින් ඇය මේ දිනවල "මහරජ ගැමුණු" ටෙලි සිත්තමේ නාග ලෝකෙන් ගැමුණු කුමාරයා සොයාගෙන ආපු නාග කන්‍යාවක්.

මේනකා රඟපෑම් සිදුකරන අතරේ තවත් වෙනම වැඩකටත් ඇත ගහලා කියලා ආරංචියක් ආවා.

ඉතින් ඒ ගැනත් සඳහන් කරලා සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මෙලෙසයි.

මේනකා පසුගිය කාලයේ මොනවද කළේ ? පෙනෙන්නට නොසිටියේ ?

ටෙලි නාට්‍ය තුනක විතර රඟපෑමට දායක වුණා. ඊට අමතරව පසුගිය දෙසැම්බර් මුලදි මගේ නැටුම් පංතිය ආරම්භ කළා.

ඒකද අල්ලා ගන්න හරිම අමාරු ?

එහෙමමත් නැහැ. මම මොනව හරි වැඩකට දිනයක් දුන්නොත්, ඒක හරියටම කරනවා. රූගත කිරීම් අතරේ කාර්යබහුල නම් ඉතින් ඇමතුම්වලට පිළිතුරු දෙන්න ලැබෙන්නේ නැහැ.

ඇයි දිගටම ඓතිහාසික කතාවල රඟපාන්නේ ?

මට එහෙම විශේෂත්වයක් නැහැ. ඒත් ඒක වාසනාවට ලැබුණු දෙයක් කියලයි මම හිතන්නේ. මේ වගේ ඓතිහාසික කතා පුවත් රැගත් නිර්මාණ මෙගා නාට්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා රඟපෑමටත් අපට කාලයක් තිබෙනවා. ඒක කොටස් කීපයකට සීමා වෙනවා. ඒ නිසා ඒ කතාවලට ආසයි.

ආලෝකෝ උදපාදි චරිතය ගැන කතා කළොත් ?

තීය බැමිණියගේ චරිතය රඟපාන්නේ මමයි. ඇය හරිම කෲර අමානුෂික චරිතයක්. එයා කවුද ? ඊළඟට මොනවද කරන්නේ ? කියලා කවුරුවත් දන්නේ නැහැ. ඇය කරන දේ දන්නේ ඇය විතරමයි.

මෙම චිත්‍රපටය අවසානය දක්වා ප්‍රේක්ෂකයින්ටත් එය කුතුහලයක්. ඇත්තටම මේ වගේ ඓතිහාසික කතාවක චරිතයකට දායක වීම ලොකු වගකීමක්.

අතිශය බැරූරුම් කාර්යයක්. අධ්‍යක්ෂගෙ සහ තිර රචනයට වගේම සමස්ත කණ්ඩායමේ ක්‍රියාදාමය ගැන අවබෝධයෙන් රඟපෑ යුතු චරිත. මට හැකි උපරිමය මම කළා.

තීය බැමිණියට සාපේක්ෂකව සැබෑ ජිවිතයෙ ඔබ කවුද ?

අනේ ඇයගෙ ගතිගුණ මට නැහැ. මම ඊට හාත්පස වෙනස් චරිතයක්. ඇය විටෙක පිරිමියකුටත් වඩා අභිබවා ගිය චරිතයක්. මම බොහෝම ගරුසරු ඇතිව ජීවත් වන චරිතයක්.
හිතේ සතුට රඳවාගෙන ජීවත් වන කෙනෙක්. පිළිවෙළට මම බොහෝම ආසයි. මගේ ඇඳේ සිට අඳින ඇඳුමේ සිට සියල්ල පිළිවෙළට මට තියෙන්න ඕනෑ.

ජය - පරාජය දුක - සතුට විඳ දරා ගන්නේ කොහොමද ?

සෑම දෙයක්ම දරා ගැනීමේ ශක්තිමත් හිතක් තියෙනවා. සමහර විට පරාජයේදී අඬනවා. හැබැයි එක්කෝ තනියම. නැත්නම් මගේ අම්මා තාත්තා සහ මල්ලි ඉදිරියේ. සියලු හිත් රිදීම් හරහා එය අනෙක් අයට මම පෙන්වන්නේ නැහැ. මගේ හිත හයියයි කියලා නිතරම මගේ අම්මත් කියන දෙයක්.

ආදරය ගැන වගේම ජීවිතය ගැන හිතන්නෙ කොහොමද ?

මේ ලැබුණු ජීවිතය වාසනාවක්. මොන දුකක් ආවත් වේදනාවක් ආවත්, සතුටින් ජීවත් වෙලා ඉන්න උත්සාහ ගන්නවා. මොකද හෙට දවස ගැන අපට කියන්න බැහැ. මව්පියන්ව රැක බලා ගැනීම දරුවන්ගේ ඉහළම යුතුකමයි.

මම ඒ දේ ඉහළින්ම කරන්න කැමති කෙනෙක්. ඒ වගේම ප්‍රෝඩාවට නොවෙයි, ආදරයට ආදරය කරන කෙනෙක්. සැබෑ ආදරය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන් කෙනෙක්.

මේ දිනවල ලොකු සතුටකින්ලු නේද සිටින්නේ ?

ඒකට හේතුව තමයි මගේ නැටුම් පංතිය. අවුරුදු 3 සිට 20 විතර දක්වා ළමයින් වෙනුවෙන් නැටුම් පංති පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් කතා බස් ආදී සියල්ල නිසා මා ලබන සතුට අපමණයි.

ඒක ඇත්තටම සුන්දර ලෝකයක්. ඒ දරුවන් එක්ක ගත කරන සුන්දර ලෝකයට මම හරි ආසයි. ගල්කිස්ස තපෝධනාරාමයේදි තමයි පංති පැවැත් වෙන්නේ.

තිදෙනෙක් එක්ව පැය 3ක් තරුණියක් දුෂණය කරමින් FB Live පෙන්නලා (Video)

sweden-migrants-facebook-live-gang-rape

සරණ පතා ස්විඩනයට පැමිණි ඇෆ්ගනිස්ථානු සරණාගතයින් විසින් පැය තුනක් තිස්සේ ස්විඩන ජාතික කාන්තාවක් දූෂණය කරමින් එය ෆේස්බුක් හි සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබේ. ස්විඩන පොලිසිය සිද්ධිය පිළිබඳ මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. අපරාධකරුවන් සතුව ගිණි අවියක් ද තිබී ඇති බව වීඩියෝ දර්ශනවල ද පැහැදිලිව දර්ශනය වේ.

ඔවුන් විසින් පුරා පැයක 3ක් තිස්සේ අදාළ ස්විඩන ජාතික කාන්තාවට පහර දෙමින් දූෂණයට ලක් කර ඇති අතර එය නතරව ඇත්තේ පොලිසිය පැමිණීම හේතුවෙනි.

දෙදෙනෙක් ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ ද අනෙක් පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් අනාවරණය කිරීමට අපොහොසත් වීමේ වරදට යටත්ව ද සැකපිට අත්අඩංගොඩ ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 19ත් 25ත් අතර ඇෆ්ගනිස්ථානු ජාතිකයන් වේ. ස්විඩන නීතිය අනුව ඔවුන්ගේ නම් හෙළිදරව් කළ නොහැකි නමුත් බරපතල අපරාධයක සැකකරුවන් නඩු පැවරීමකින් තොරව අත්අංගුවට ගෙන රඳවා තැබිය හැකිය.

මේ අතර ස්විඩන පොලීසිය විසින් සරණාගත කඳවුරක් ඉලක්ක කර අටවා තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර ඇත. අදාළ කඳවුරේ සරණාගතයින් 140ක පමණ පිරිසක් වාසය කර ඇති බවට වාර්තා වේ. බෝම්බය පිළිබඳව දැනුවත් වීමත් සමග එහි රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ද ස්විඩනයේ සරණාගත අපේක්ෂකයින් පිරිසක් විසින් රෝද පුටුවකට සීමාවූ කාන්තාවක මෙසේ දූෂණයට ලක් කරනු ලැබූ අතර පසුව පොලිසිය විසින් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමත් සමගම උත්ඝෝෂණ රැසක් පැණනැගින.

ස්විඩනය යනු සරණාගතයන් පිළිබඳ යුරෝපයේ වඩාත්ම ලිහිල්ම නීති ඇති රටකි. සංඛ්‍යාලේඛණ අනුව 2015 වන විට 163,000කට ආසන්න පිරිසක් ස්වඩනයේ සරණාගතභාවය බලාපොරොත්තුවෙන් සිටින බව පෙනී යයි. මේ අතර පසුගියදා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා මූලධර්මවාදී ඉස්ලාමික ත්‍රස්තවාදී ගැටළු පවතින රටවලින් අමරිකාවට පුද්ගලයන් පැමිණීම වැළැක්වීමට හා සීමාසහිත කිරීමට කටයුතු යොදනු ලැබුවේ සිය ඡන්ද පොරොන්දුවක් ඉටු කරමිනි.

ස්ත්‍රී දූෂණයේ සජීවී වීඩියෝ පටයේ ඡායා රූපද අමුණා ඇත.




“හංගගෙන ගහන්න එපා~වැරදිවලට බය වෙන්න එපා~අන්තිමට දිනලා වැඩක් නෑ” – උපුල් තරංග කණ්ඩායමට කිව්ව හඬ පටය මෙන්න

upul-tharanga-04

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්‌ට්‌ තරගාවලියේ සහ විස්‌සයි විස්‌ස තරගාවලියේ ජය කණ්ඩායම් දෙකට බෙදී තිබෙන මොහොතක එක්‌දින තරගාවලියේ ජය කෙසේ හෝ ලබා ගැනීම ශ්‍රී ලංකා පිළේ අරමුණ වී තිබෙනවා.

වැරදි කිරීමට බිය නොවන ලෙසත් හරිදේ කළ හැක්කේ වැරදි මතින් බවත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග කණ්ඩායමට උපදෙස්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සඳහන් කර ඇත්තේ පළමු තරග පැරදී අවසන් තරග පමණක් ජය ගැනීම නොකළ යුතු බවයි

ශ්‍රී ලංකා නායක උපුල් තරංග දකුණු අප්‍රිකාවේදී කරන ලද ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.



_නෙත්

27 January, 2017

තරුණියක් මවක් කළ නම හෙළි නොකරන ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

cricket-player-secret

අපි කියන්න යන්නේ ඉදිරියේදී දෙරණ නාලිකාවෙන් විකාශය වීමට නියමිත අලුත්ම ටෙලි නාට්‍යයක් ගැනයි.

ඒ ටෙලි නාට්‍යය ගැන අපි කියන්න කියලා හිතුවේ එහි තියෙන ඉතා සුවිශේෂීභාවය නිසයි.

මොකද සත්‍යය කතාවක් ඇසුරෙන් තමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් සත්‍යය කතා ඇසුරෙන් නම් ඕන තරම් ටෙලි නාට්‍යය නිශ්පාදනය වෙනවානේ. මේ ටෙලි නාට්‍යය නම් ඊටත් වඩා සුවිශේෂීභාවයක් තියෙනවා.

මොකද අපේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අතිශය පෞද්ගලික ජීවිතය ගැන උකහා දක්වන්න තමයි මේ නාට්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා තතුදත් ආරංචි කියන්නේ.

මේ ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ “දෙවන ඉනිම“ කියලා.

මේ ප්‍රසිද්ධ ක්‍රීඩකයාගේ මේ වන විට ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කෙනෙක්ද එහෙම නැතිනම් මේ වන විට කණ්ඩායමේ නැති කෙනෙක්ද කියලා ඔයාලම තමයි තීරණය කරන්න වෙන්නේ.

මොකද ඕනම දෙයක වීරයා හැංගුවම තමයි ඒ සිද්ධියේ තියෙන වටිනාකම ‍එහෙම නැතිනම් කුතුහලය ඇගට දැනෙන්නේ.

අපට ආරංචි වුණු විදියට සිද්ධිය මේකයි.

මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා තරුණියක් එක්ක හුටපටයක් තිබිලා තියෙනවා. කොහොම හරි කාලයක් මේක තිබිලා තියෙනවා.

හැබැයි ඉතින් මේ පෙම් හුටපටයට ගිනියම් වෙන්න වැඩි කාලයක් ගිහින් නෑ. මොකද දන්නවද ඒ? මේ ක්‍රීඩකයා නිසා තරුණිය ගැබ් අරගෙන තියෙනවා.

ඔන්න පත්තුවෙලා තියෙන්නේ ඊට පස්සේ තමයි. මේ ක්‍රිකට් ක්‍රීඩකයා උපරිම උත්සහයක් අරගෙන තියෙනවා මේ දරුගැබ ඉවත් කරගන්න. හැබැයි මේ තරුණිය නම් ඒ වැඩේ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා.

මේ ක්‍රිකට් ක්‍රීඩකයා විතරක් නෙවෙයි. තරුණිය දන්න කියන අය පවා මේ දරුගැබ ඉවත් කර ගන්න කියලා ඒ දවස්වල දැඩි ලෙස දෝෂාරොපණය කරලා. හැබැයි ඒ තරුණිය නම් කොහොමත් තීරණය වෙනස් කරගෙන නම් නෑ. ඒක නිසා මේ ප්‍රසිද්ධ තරුව ඒ දවසවල ලොකු අපහසුතාවයකට පත්වෙලා.

මේ ටෙලි නාට්‍ය යේ නම් මේක ඇත්ත සිද්ධියක් කියලා නෑ. හැබැයි ඔන්න අපි දන්නවා මේ ටෙලි නාට්‍ය යේ තියෙන සිද්ධිය ඇත්තම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිදුවීමක් කියලා.

කොහොම හරි ඔන්න දැන් ටිකක් කුතුහලයක් එනවා නේද? මේ කෙල්ලව අමාරුවේ දාපු ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා දැනගන්න. මේ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා හරියටම ස්ථීර වුණු දවසට අපි අනිවාර්යයෙන් ඔයාලට කියනවා.

මේ ටෙලි නාට්‍යය පෙබරවාරි 6 දා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 8.25ට විකාශය වෙන්නේ. “සිදූ“ ටෙලි නාට්‍යයට පස්සේ ලොකු පෙරළියක් වෙන ටෙලි නාට්‍යයක් වෙයි කියලා නම් අපිට තේරෙනවා.

එම ටෙලි නාට්‍ය යේ වීඩියොවක කොටසක් පහතින් බලන්න.




-වෙබ් ගොසිප්