28 January, 2017

ලෝකෙටම යකඩ පාඩමක් උගන්නපු නෙළුවේ සියුමැලි කෙල්ලො තුන්දෙනා

ellawa-bridge

නෙළුව අහස කොහොමත් ඉන්නේ හඬන්නටම බලාගෙනය. කලාතුරකින් අතුපතරින් සීරුවට එබෙන හිරු කිරණ නෙළුව ගම්මානවලට එළිය ගෙනෙන අතර සංචාරකයන්ගේ නොමඳ අශ්වාදයට ලක්වූ සිංහරාජය පිහිටා තිබෙන්නේ නෙළුවේ තීරුවකටද අසිරිය ගෙනෙමින්ය.

කොයි කෙසේ වෙතත් මේ ගම්මානවල ජන ජීවිත සොබාදහමේ අරගලයන් මැද ගලා යමින් පවතින ඒවාය. ඇල්ලව ‍දොල ගලාගෙන යන හාත්පිටිය ගමේ ජනයාද ගෙවන්නේ විටෙක සොබාදහමත් සමඟ අරගල කරන තවත් විටෙක සොබාදහම සමඟ පයුරුපාසානම් පවත්වන ජීවිතය.

නිතර හඬන අහසින් ගලන "වැහි කඳුළු" ඇල්ලව දොල උතුරා යන තරම්ය. හරහට බැඳි පුවක් ඒ දණ්ඩෙන් ඉහළට දෙගොඩ තළා යන ජල කඳ එගොඩ මෙගොඩ ගිය මිනිසුන්ගේ ඇස්ද තෙත් කරන්නට සමත්ය. අහස බෙරිහන් දී හඬන හැම විටෙකම හාත්පිටිය ගමේ මිනිසුන්ටද ගෙනාවේ කඳුළුමය.

වසර ගාණක් මුළුල්ලේ විටින් විට අලුත් කරන පුවක් දඬු ඒ දණ්ඩක් මත ජීවිත සටනට එහෙ මෙහේ ගිය ගැමියෝ සුසුම් ලමින් හිටියේ දෙගම් යා කරන පාලමක් කවදාක ඉදිවේදැයි කියාය.

සිංහරාජය තරම් විශාල නැතත් හාත්පිටිය ගමේ මිනිසුන්ටද ඒ මිනිසුන්ගේ තරමට සිහින තිබිණි. සමහරවිට ඒ සිහින උදෑසන විවර වන ජනෙල් පළුවකින් ගෙතුළට එන අරුණාලෝකය තරම් අහිංසක ඒවාය. තේ දලු කඩා ජීවිතයට සොච්චමක් සරි කරන මිනිසුන්ද අකුරු ඇහිඳින්නට "හරි පුදුම ඉස්කෝලෙට" යන නොදරුවන්ද බෙහෙතක් හේතක් ගන්නට පිටමං වන වියපත් ගැමියන්ද කුස තුළ වැඩෙන සිහිනයක් පාට කරන්නට වෙර දරන අම්මාවරුන්ද එගොඩ ගමකට උදේ පාන්දර "කිරි අම්මාවරුන්ගේ දානයකට" යන්නට යන අම්මාවරුන්ටද මෙකී නොකී අහිංසක ජීවන අරගලයන්හි යෙදෙන ගැමියන් එගොඩ මෙගොඩ ගිය ඒදණ්ඩ ඒකය. මැතිවරණ කාලයට නිරන්තර එන යන දේශපාලකයෝ සුන්දර බොරු ආලවට්ටම් දමා හාත්පිටිය ගමේ මිනිසුන්ට "පාලමක" බලාපොරොත්තු දැල්වූහ.

"අපි මේ පාලම හදනවා. ඔබේ ප්‍රශ්න ඒකාන්තවම විසඳනවා. ජීවිත සුඛිත මුදිත කරනවා" ඒ අර මිනිසුන්ට දේශපාලකයෝ දෝතට දුන් සිහිනය.

එහෙත් ඒ සියල්ල "ඇල්ලව ‍දෝරේ" ගලා යන දිය කඳට හසුව සැඟව ගියේය.
එක්තරා අනෝරාවක දා එගොඩ බලා දෙල්ලව දෙසින් ආ විලාපය කියා පෑවේ එගොඩ බලා ගිය ගැමියකුගේ ජීවිත ඉරණම මහා දිය කඳ විසින් විස¼දාලීමේ "කතාව"ය. ඇල්ලව දොල කෙළවර ගිං ගඟ අණ දී තිබුණේ ඒ වියපත් මිනිසාගේ ජීවිතය උදුරාගෙන එන ලෙසය. දෙල්ලව දොල ඒ කාරිය අකුරට ඉටු කළේය.

"අපි දුප්පත් මිනිස්සු. එතකොට මම තුනේ පන්තියේ. මහ වැස්ස වැටෙමින් තිබුණා. ඇල්ලව ‍ෙදාළට වැටුණේ මගේ තාත්තා. එයා එදා හැන්දෑවේ ගියේ ගෙදරට කන්න මුකුත් ගේන්න කඩමණ්ඩියට. එහෙම ගිය තාත්තා ආපහු ආවේ නෑ. එයා ‍දොලේ වැටිලා මැරුණා." එහෙම කීවේ දිල්කි මධුශානී සේනානායකය.

මේ සියලු සංවේදනා කලක් තිස්සේ උසුලාගෙන සිටි අෑ තවත් තරුණියන් දෙදෙනකු කැටුව "ලොකු සිහිනයක්" දුටුවාය.

ඒ "ගමට පාලමක්" තැනීමේ සිහිනයයි.

එගොඩ මෙගොඩ පරතරය අඩි 68කි. එහෙව් පරතරයක් යා කෙරෙන පාලමක් හැදීමට සිතීමත් මොන තරම් අසීරු සිහිනයක්ද? එදිනෙදා කුලියක් මලියක් කොට ජීවිත ගැටගසා ගන්න ගමක දරුවන් එහෙම සිහිනයක් දැකීමම එක් අතකට අරුමයක්ය. එහෙත් "සිහින දකින්නට අයිතියක්" තිබේ. වඩා වටින්නේ ඒ සිහින සැබෑ කර ගැනීමය.

හාත්පිටිය ගමේ යෞවන සමාජයක් තිබේ. එය "රිදී තරු"ය. රිදී තරු යෞවන සමාජයේ දිල්කි දැන් ගමේ යෞවන සමාජයේ සභාපතිනිය ය. සිහිනයක් දැක ඒ ඔස්සේ දිවයන්නේ නම් ඊට ඇවැසි පාර හැදේ යැයි කියමනක් තිබේ.
"තාත්තා නැති වෙච්ච දවසේ මම හිතුවා කවදහරි පාලමක් හදනවාමයි කියලා. මගේ තාත්තා නැති වුණු වේදනාව මම දන්නවා. තවත් දරුවන්ගේ තාත්තලා මේ ‍දොලේ බිලිගන්නවා දකින්නට මට ඕන වුණේ නෑ."
අන්තිමට අෑ ඇතුළු පිරිස ඒ සිහිනය ජය ගත්හ.

"අපි අපේ ගමේ යෞවන සමාජය ජාතික තරුණ සේවා සභාව" යූත් විත් ටැලන්ට්" කියන වැඩසටහන ආරම්භ කළා. ඒක අපේ ගමට ලොකු ශක්තියක් වුණා.

දිල්කි වැඩසටහනේ ඇරඹුම ගැන එහෙම කියන්නීය.

"යූත් විත් ටැලන්ට් යනු ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ නවමු ව්‍යාපෘතියකි. ඒ හරහා අපේක්ෂා කරන්නේ යෞවන සමාජ තරුණ ප්‍රජාව සම්බන්ධ කොටගෙන ව්‍යාපෘති 1500ක් ක්‍රියාවට නැංවීමය. ඒ සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 112ක් වෙන් කොට ඇති අතර එක් යෞවන සමාජයකට රුපියල් 75,000ක මුදලක් ලබා දේ. ඒ මුදල යොදාගෙන තරුණ දායකත්වය ඇතිව වඩා ඵලදායී ව්‍යාපෘතියක් නිම කිරීමට යෞවන සමාජයට උපදෙස් දී තිබේ.

දිල්කිලා භාර ගන්නේ මේ අභියෝගයයි.

"යූත් එකෙන් දෙන 75,000 ගන්න කලින් අපි විධිමත් ව්‍යාපෘති වාර්තාවක් දෙන්න ඕන. ඒ වාර්තාව අධ්‍යයනය කරලා තමයි අපිට ඒ මුදල දෙන්නේ. මේ පාලම නිම කරන්න ලක්ෂ 35ක් යනවා. ලැබෙන්නේ 75,000යි. මේකම අභියෝගයක්. අපේ යෞවන සමාජය හරිම ක්‍රියාකාරීයි. අපේ යෞවන සමාජයේ සාමාජිකයෝ 30යි ඉන්නේ. වැඩි පිරිස ගෑනු ළමයි. හැම කෙනෙක්ම ජීවිතය, දුක, පීඩාව වගේම අභියෝගවලටත් ඔට්ටුයි. සමහරු මේක හීනයක් විතරක් බවත් කීවා. ඒත් අපිට තිබුණා අරමුණක්. කොහොම හරි අපේ ව්‍යාපෘතියට අනුමැතිය ලැබුණා."

මේ යුවතියෝ ගම පුරා ගොස් තම සිහිනය කියන්නට වූහ.

" මේ වගේ වැඩ ආණ්ඩුවකටවත් කරන්න බෑ. කී දෙනෙක් පාලම හදනවා කීවද? මේක අමාරුයි. කරන්න බෑ. කළු ගලේ ඔළුව ගහගන්න එපා. ඔච්චර ලොකු වැඩක් කරන්න පුළුවන්ද. පිස්සුද. තියෙන දෙයක් කාලා ඉන්න. උඹලා කෙල්ලෝ"

එහෙම කීව අය බොහෝමය. ඒ සියල්ල දිල්කිලා තුට්ටුවකට මායිම් කළේ නැත. ඔවුන් දුටුවේ එක සිහිනයකි. ඒ පාලමක සිහිනය පමණි. යෞවන සමාජයේ ලේකම්වරියත් තරුණියකි.

අෑ සඳුනි ලහිරුකාය.

"අනෙක් අභියෝගය තමයි මේ ව්‍යාපෘතිය දින අනූවකින් ඉවර කරන එක. එහෙම නොකළොත් අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා. තරග කරන්න අපිට ඕන වුණේ නෑ. ඒත් අපිට පාලමක් ඕන වුණා. ඒ වෙනුවෙන් වින්ද දුක අප්‍රමාණයි."

යෞවන සමාජයේ වාසනා තෙත බරිත දෙනෙත් ඇතිව කියන්නීය.

සමහරු කීවේ පාලමෙන් එගොඩ වෙනවාට වඩා වැඩ මෙගොඩ තිබෙන බවය. ඇල්ලව දොලේ සීමා දමා තිබෙන්නේ "උඹලාගේ ජීවිත උරුම හාත්පිටිය ගමට" පමණයි කියා සේය. ඇතැම්හු ඒක ඉරහඳ සේ විශ්වාස කළහ.
මේ යුවතියෝ අභියෝග කළේ එකී "හිස් හීන මානයටය."

"අපි රෑ දවල් වෙහෙසුණා. ටිකට් ගහලා වික්කා. ගෙයක් ගාණේ ගියා. තේ ෆැක්ටරි ගාණේ ඇවිද්දා. ලක්ෂ එකහමාරක් එහෙම එකතු කර ගත්තා. තේ දලු නෙළන අම්මෙක්ගේ දවසක ආදායම රුපියල් 500ක් වගේ. එහෙව් අම්මලා පවා අපිට උදවු කළා. සමහරු අමුද්‍රව්‍ය දෙන්න එකඟ වුණා. ඒත් තව ලක්ෂ 33කට වඩා ඕන. රැයක් දවාලක් ගෙවෙනවා අපි දැනගෙන හිටියේ නෑ. වෙහෙස මොනතරම් වුණත් අපි ඒ ගැන හිතුවේ නෑ. අපි විශ්වාස කළේ අපේ ආත්ම විශ්වාසය විතරයි. ටික ටික හැමෝම අපේ පැත්තට හැරෙන්න ගත්තා. අපි නොනවතින බව එයාලා හිතන්න ඇති."

දිල්කි එහෙම කියන්නේ අභිමානයෙන් වගේම හැඟුම්බරවය.

පසුගිය වසරේ අගෝස්තු 13දා ඔවුහු සිහින පාලමේ කටයුතු ආරම්භ කළහ. දවස් ගෙවෙමින් තිබිණි. අප්‍රමාණ අභියෝග එක පිට පැමිණුනි. අනෝරා වැසි වැටිණි. කාසි මිල මුදල් හිඟකම කෙළවරක් නැතුව දැනිණි. කුසගින්න, වෙහෙස, පීඩාව, උපහාස සියල්ල නොඅඩුව ලැබිණි.

"මේ ඇස්වලට කඳුළු එන සිහිනයක්. වෙච්ච වෙහෙස කියන්න වචන හරි දුප්පත්. කැපවීමට කියන්න තියෙන වචන මොනතරම් දුප්පත්ද කියලා හිතෙන්නේ මේ වෙහෙස ඇස්වලින් දැක්ක නම් විතරයි. ලොකුම වෙහෙසක් දැරුවම ඒක කියන්න බෑ. ගොළු වෙනවා. අපිත් එහෙමයි. අපි මේකට නම තිබ්බේ "දහදියේ රියලිටිය" කියලා. මේ ව්‍යාපෘතියේ හැම වැලි කැටයක් ගාණේම තියෙන්නේ කැපවීම සහ දහදිය මහන්සිය"

"කොහොම හරි අපි අපේ ඉලක්කයට එමින් තිබුණා. නොවැම්බර් 12 අපි අඩි 68ක් දිග අඩි 6 1/2ක් පළල පාලම හැදුවා. අපි එක්ක තරුණ සේවා සභාව හයියට හිටියා. තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහතා අපිට ශක්තියක් වුණා. ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මහින්ද මහත්මා, නෙළුව තරුණ සේවා නිලධාරි දීපාල් මහත්මයා, ගමේ ග්‍රාම නිලධාරි ජගත් රංජි මහතා ඇතුළු බොහෝ දෙනෙක් අපිට මඟ පෙන්නුවා."
ඒ දිල්කිගේ හැඟීමය.

රුපියල් 75,000ක ආධාරය මිලියන තුනක් ඉක්මවූ ව්‍යාපෘතියක් බවට නිර්මාණය වී තිබිණි. ඒ දණ්ඩ වෙනුවට අඩි 68ක් දිග පාලම උදාරම් ලීලාවෙන් දෙගම් යා කොට තිබිණි.

ගාල්ල දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ විතාරණ ශාන්ත්‍රිගේ මහින්ද මහතා කියන්නේ මෙවැන්නකි.

"ලංකාවේ යෞවන සමාජ 12600කින් යෞවන සමාජ 1500ක් පමණයි "දහදියේ රියලිටි" අභියෝගය භාර ගත්තේ. ගාල්ලේ විතරක් ව්‍යාපෘති 88ක් ක්‍රියාත්මකයි. ඒ 88න්ම මේ වන කොට පළමු තැන අරන් ඉන්නේ නෙළුව හාත්පිටියේ මේ දරුවෝ කරපු "පාලම" ව්‍යාපෘතියයි."

"මේක විශ්වකර්ම වැඩක්. යෞවන සමාජයේ හැමෝම වගේ තරුණියෝ. මමත් මුලදී හිතුවෙ නෑ මේ දරුවෝ මේක කරයි කියලා. මේක විශ්මයක්."
මහින්ද මහතා විමතියෙන් පවසයි.

"ගමේ මිනිස්සු පාලමක් නැතුව වින්ද දුක පීඩාව අපි දන්නවා. මේ දරුවෝ කළේ එසේ මෙසේ වැඩක් නෙවේ. මේක අසමසම වැඩක්." ග්‍රාම නිලධාරි ජගත් රංගි මහතා පවසයි.

"මේක උපනූපන් ආත්මවලට පින් ගෙනෙන මහා පින්කමක්. අපි මැරෙන්න කලින් මේ ගම හරහා පාලමක් දකින්න වාසනාව ලැබුණා. මේ දරුවෝ සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරන්න ඕන"
එහෙම කියන්නේ හත්පිටිය ගමේ එම්. කේ. ලීලාවතී මාතාවයි.

පාලම නිම කළ මේ දරුවෝ ඉන් නැවතුණේ නෑ. පාලම අසල නාන තොටුපොළක්, විවේකාගාරයක්, පාලමට ප්‍රවේශ මාර්ගයක් යනාදී සියල්ල ඔවුන් නිම කොට තිබේ.

"අපි රටට පෙන්නුවේ එක දෙයයි. ඒ තමා අපිට කරන්න බැරි මොනවද කියන එක"
දිල්කි දිරිමත් සිතින් අන්තිමට එහෙම කීවාය.

මේ දිරිමත් කතාව ස්වදේශ් හින්දි චිත්‍රපටය සිහිපත් කරනසුලුය. උත්තර ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබා ගන්නට වෙහෙසෙන ඉන්ජිනේරුවකුගේ කතාව එහි වෙයි. අනන්ත පීඩාවන්, අපහාස, ගැරහුම් මැද ඔහු ඒ සිහිනය ජය ගනී.

පිළිකා රෝගය හේතුවෙන් හය මසක ජීවිත කාලයක් පමණක් හිමි "වතනබේ" නමැති ලිපිකරුවා මාස හයක් තුළ ළමා උද්‍යානයක් සාදා නිම කරන කතාව ඇත්තේ "කුරසෝවාගේ" "ඉකුරු" චිත්‍රපටයේය.
මේ සියල්ල චිත්‍රපටය.

මේ සියල්ල චිත්‍රපටය. එහෙත් නෙළුවේ යුවතියන් පාලමක් හැදූ කතාව සහමුලින් යථාවක්ය.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකෙටම යකඩ පාඩමක් උගන්නපු නෙළුවේ සියුමැලි කෙල්ලො තුන්දෙනා "

    Post a Comment