28 January, 2017

තිදෙනෙක් එක්ව පැය 3ක් තරුණියක් දුෂණය කරමින් FB Live පෙන්නලා (Video)

sweden-migrants-facebook-live-gang-rape

සරණ පතා ස්විඩනයට පැමිණි ඇෆ්ගනිස්ථානු සරණාගතයින් විසින් පැය තුනක් තිස්සේ ස්විඩන ජාතික කාන්තාවක් දූෂණය කරමින් එය ෆේස්බුක් හි සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබේ. ස්විඩන පොලිසිය සිද්ධිය පිළිබඳ මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. අපරාධකරුවන් සතුව ගිණි අවියක් ද තිබී ඇති බව වීඩියෝ දර්ශනවල ද පැහැදිලිව දර්ශනය වේ.

ඔවුන් විසින් පුරා පැයක 3ක් තිස්සේ අදාළ ස්විඩන ජාතික කාන්තාවට පහර දෙමින් දූෂණයට ලක් කර ඇති අතර එය නතරව ඇත්තේ පොලිසිය පැමිණීම හේතුවෙනි.

දෙදෙනෙක් ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ ද අනෙක් පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් අනාවරණය කිරීමට අපොහොසත් වීමේ වරදට යටත්ව ද සැකපිට අත්අඩංගොඩ ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 19ත් 25ත් අතර ඇෆ්ගනිස්ථානු ජාතිකයන් වේ. ස්විඩන නීතිය අනුව ඔවුන්ගේ නම් හෙළිදරව් කළ නොහැකි නමුත් බරපතල අපරාධයක සැකකරුවන් නඩු පැවරීමකින් තොරව අත්අංගුවට ගෙන රඳවා තැබිය හැකිය.

මේ අතර ස්විඩන පොලීසිය විසින් සරණාගත කඳවුරක් ඉලක්ක කර අටවා තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර ඇත. අදාළ කඳවුරේ සරණාගතයින් 140ක පමණ පිරිසක් වාසය කර ඇති බවට වාර්තා වේ. බෝම්බය පිළිබඳව දැනුවත් වීමත් සමග එහි රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ද ස්විඩනයේ සරණාගත අපේක්ෂකයින් පිරිසක් විසින් රෝද පුටුවකට සීමාවූ කාන්තාවක මෙසේ දූෂණයට ලක් කරනු ලැබූ අතර පසුව පොලිසිය විසින් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කිරීමත් සමගම උත්ඝෝෂණ රැසක් පැණනැගින.

ස්විඩනය යනු සරණාගතයන් පිළිබඳ යුරෝපයේ වඩාත්ම ලිහිල්ම නීති ඇති රටකි. සංඛ්‍යාලේඛණ අනුව 2015 වන විට 163,000කට ආසන්න පිරිසක් ස්වඩනයේ සරණාගතභාවය බලාපොරොත්තුවෙන් සිටින බව පෙනී යයි. මේ අතර පසුගියදා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා මූලධර්මවාදී ඉස්ලාමික ත්‍රස්තවාදී ගැටළු පවතින රටවලින් අමරිකාවට පුද්ගලයන් පැමිණීම වැළැක්වීමට හා සීමාසහිත කිරීමට කටයුතු යොදනු ලැබුවේ සිය ඡන්ද පොරොන්දුවක් ඉටු කරමිනි.

ස්ත්‍රී දූෂණයේ සජීවී වීඩියෝ පටයේ ඡායා රූපද අමුණා ඇත.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තිදෙනෙක් එක්ව පැය 3ක් තරුණියක් දුෂණය කරමින් FB Live පෙන්නලා (Video)"

    Post a Comment