01 July, 2017

දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට - සඳටත් වඩා පෘථිවිය ආසන්නයට

meteor to the Earth

සැතපුමක් පමණ විශ්කම්භය සහිත දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට ගමන් කරන අතර එය පෘථිවියේ ගැටීමේ අවස්ථාවක් පැවතිය හැකි බව විද්‍යාඥයින් පිරිසක් සඳහන් කරනවා.

කෙසේ වෙතත් 1997 වසරේ දී සොයා ගැනුණු මෙම උල්කාව එලෙස පෘථිවියේ ගැටීමේ අවස්ථාව විරල බවයි ඒ පිළිබද සිදුකළ නවතම ගණනය කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

ඊයේට යෙදී තිබූ ලෝක උල්කාශ්ම දිනයේදී මේ බව ප්‍රකාශයට පත් කෙරුණා.

එමෙන්ම 1997, එක්ස් - එෆ් 11 ලෙස නම් කෙරුණු මෙම උල්කාව 2028 වසරේදී පෘථිවියට සමීප විය හැකි බව සඳහන්.

එය සඳට වඩා පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනු ඇති බවයි හාවඩ් විශ්වවිද්‍යාලයේ ස්මිත්සෝනියන් තාරකා විද්‍යා අධ්‍යයන අංශයේ විද්‍යාඥ බ්‍රයන් මාස්ඩෙන් ප්‍රකාශ කළේ. (hiru)

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට...!!!

Sex education

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනයද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

පාසල් දරුවන්ට පාසල තුළදී මෙන්ම ඉන් පිටතදී ද සිදුවන ලිංගික අපයෝජන වළක්වා ගැනීම සඳහා වන ක්‍රමවේදයක අවශ්‍යතාව පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවීම මත මෙලෙස උපදෙස් දී ඇත. 

ඒ සඳහා දරුවන් දැනුවත් කිරීමේ විකල්ප ක්‍රමවේද මෙන්ම පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේදී අනුගමනය කළ යුතු සූක්ෂම පිළිවෙත් පිළිබඳවද රාජ්‍ය ගිණුම් කාරක සභාව අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡාවන්ද පවත්වා තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව ඒ අනුව මෙම උපදෙස් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙත ලබාදී ඇත.

ශ්‍රීලනිප 18ක් අැමැතිධූර අතහරී..!!!

SLFP - Sri Lanka Freedom Party

සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය එළඹෙන සැප්තැම්බරයෙන් අවසන් වන නිසා ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරණ තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 18 දෙනකු අමාත්‍යධුර අතහැර යාමට තීරණය කළ බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා දේශයට පැවසීය.

එම 18 දෙනා අතර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ද සිටිනා බව හෙතෙම සඳහන් කළේය.

අපි ආණ්ඩුවට එකතු වුණේ අවුරුදු දෙකක ගිවිසුම් කාලයට. සැප්තැම්බරයෙන් ඒ කාලය ඉවර වෙනවා. අපි ඒ දුන්න පොරොන්දුව ඉෂ්ඨ කළා. ඒ නිසා ඇමැතිකම් බාරදීලා අපි යනවා. දැනට 18 දෙනෙක් ඉන්නවා ආණ්ඩුවෙන් යන්න යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් විමසීමක් කළ විට ඒ මහතා සඳහන් කර සිටියේ එවැනි තීරණයක් පක්ෂය ගෙන නොමැති බවත් එසේම මේ පිළිබඳව ජනාධිපතිවරයාටවත් දැනුම් දී නැති බවත්ය.

| ගයාන් ගාල්ලගේ

මිස්කෝල් එකෙන් හාද වී වසරක් පෙම්කළ පෙම්වතා සමඟ රූම් ගිය කැම්පස් කෙල්ලට වුණු දේ

love-couple-hands

කුරුණෑගල පොල්ගහවෙල පැත්තේ පදිංචි තරුණියක් දුරකථනට ලැබුණු ඇමතුමක් ඔස්සේ හැදිනගත් තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් පටන් ගෙන තිබෙනවා.

25 වැනි වියේ පසුවන මෙම තරුණිය සරසවි වරම් ලබා අධ්‍යාපනය ලබන රූමත් තරුණියක් බවයි ප්‍ර දේශවාසියෙකු අපට පැවසුවේ.

වසරක පමණ කාලයක් තිස්සේ දිගහැරුණු මෙම ආදරය කුරූණෑගල පැත්තේ ලැඟුම්හලකදී කෙලවර වී තිබෙන්නේ පසුගිය 26 වැනිදායි.

නිදහසේ කතා කිරීමට අවශ්‍ය බව පවසා තරුණයා විසින් අදාල තරුණියට ලැගුම්හලකට යාමට ආරාධනා කර තිබෙනවා.

අවුරුද්දක කාලයක් තිස්සේ ආදරය කළද කිසිම දවසක එවැනි යෝජනාවක් කර නොමැති නිසා දෙවරක් නොසිතා ඔහුව විශ්වාස කරමින් ඔහු සමග තරුණිය ලැගුම්හලට ගොස් තිබෙනවා.

පසුව එහිදී යම් බීම වර්ගයක් ලබාදී තරුණියව කෙලෙසා ඇය කර තිබූ රන් මාලයද දුරකථනයද රැගෙන පලාගොස් තිබෙනවා.

සමාජය තුලින් තම නමට කැලලක් වේයැයි බියෙන් තරුණිය මේ පිළිබඳව වසන් කර ඇති අතර ලැගුම්හලෙන් එළියට පැමිණි තරුණිය හදුනාගත් හිතවතෙකු නිසා මේ සිද්ධිය නිවැසියන්ට දැනගන්නට ලැබ තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් මේ ගැන පොලිසියේ පැමිණිල්ලක් සිදුකර නැති බවයි සිද්ධිය පැවසූ අසල්වාසියෙකු පැවසුවේ.

තරුණයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි වාර්තා වුණේ.

පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා - පපුවක් ඇරුණාම පුරුදු නෑ - ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා

Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema Satana (Sada Gini Ganna)

නිරූපණ ශිල්පිනියක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරලා පසුව රංගන ක්ෂේත්‍රයට පා තබපු කෙනෙක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. ඇය ගැන දැන් හැමතැනම වගේ කතාවෙන්න පටන් අරන්.

ඒකට හේතුවක් තමයි මේ ළඟදි අන්තර්ජාලයට මුදාහැරුණු ප්‍රේම සටන නම් මියුසික් වීඩියෝව. කාගෙත් කතාබහට ලක්වුණු සමහරු විවේචනය කරපු මෙම මියුසික් වීඩියෝව ගැනත් ඇයගේ අලුත්ම විස්තර ගැනත් අහලා බලන්න වෙබ් ගොසිප් අපි පියුමිට කතා කළා.

පියුමි.. ඔබව හදුන්වන්න ඕනේ නිරූපිකාවක් විදිහටද නැත්නම් රංගන ශිල්පිනියක් විදිහටද..?
මම ඉස්සල්ලම මේ ක්ෂේත්‍රයට ආවේ නිරූපන ශිල්පිණියක් විදිහට. පස්සේ ටෙලි නිර්මාණවලට එකතු වුණා. ඒත් මම කැමති මාව නිරූපන ශිල්පිනියක් විදිහට හදුන්වනවනම්.

පියුමි.. දැන් ඔබ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා නේද..?

අන්තර්ජාලයේ මම ප්‍රසිද්ධ වුණේ නැහැ. ඔය පසුගිය දවස්වල කරපු මියුසික් වීඩියෝව නිසානේ ප්‍රසිද්ධ වුණා කියන්නේ. ගොසිප්වලින් හරි, නම කැතකරලා හරි ප්‍රසිද්ධ වුණා. ඒකට ඉතිං ප්‍රේක්ෂකයෝ තමයි වගකියන්න ඕනේ.

ප්‍රේම සටන මියුසික් වීඩියෝව ගැන කිව්වොත්..?
මම කොයි වීඩියෝව කළත් තෝරා බේරගෙන තමයි කරන්නේ. ලංකාවේ හොඳම මියුසික් ඩිරෙක්ටර්ස්ලා බලලා තමයි මම වැඩ භාර ගන්නේ. හැමෝම දැන් ඩිරෙක්ට් කරන්න පටන් අරන්. මම හොඳ වැඩක් එළියට දාපු කෙනෙක් බලලා තමයි වැඩ තෝරගන්නේ. ඉතිං මේ ප්‍රේම සටන වීඩියෝවත් ඒ වගේ. මගේ හස්බන් එක්කම රඟපාන්න ලැබුණු නිසා මම ඒක බාරගත්තා. අඩ නිරුවත් කියලා හිතුවට ඒක රංගනයක් විතරයි. මමයි හස්බනුයි කරපු.

මෙම වීඩියෝවට ඔබ රඟපාන්න එකපයින්ම කැමති වුණාද..?
එයා පයින්ම කැමතිවුණේ මගේ හස්බන් එක්ක කරන නිසා..
ඒක මම නිළියක් විදිහට ප්‍රශ්නයක් නෙවෙයි.
මගේ තරහකාරයෙක් හරි වෛර කරන කෙනෙක් හරි වුණත් මම ඒ වගේ දෙයක් කරන්න කිව්වොත් කරනවා.
ලංකාව වගේ රටක වෙන කෙනෙක් එක්ක කළානම් ලොකු ලොකු කටකතා අහන්න වෙයි.
ඉතිං මම හස්බන්ව තෝරගත්තා.

හස්බන් කිව්වේ නැද්ද මේකට සම්බන්ධ වෙන්න එපා කියලා..?
නැහැ.. එයත් නිරූපන ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඉතිං එයත් මේ දේවල් ගොඩක් තේරුම් අරන් ඉන්නේ. නිරූපන කරද්දි කොටටද අදින්නේ බිකිණිද අදින්නේ කියලා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ මම..
ලංකාවේ හැම ෂෝ එකක්ම වගේ මම කරලා තියෙනවා. ඒවලදි ඔයිට වඩා දේවල් මම ඩ්‍රෙස් කරලා තියෙනවා. මගේ වෘත්තියේ හැටියට ඒක මම කළ යුතු දෙයක්.
රංගන වෘත්තියෙදි ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඉතිං හස්බනුත් ඒ දේවල් හදාරලා තියෙනවා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා හස්බන්ට මේක නෝමල්.

පියුමි හිතනවද මේ වගේ දේවල් අපේ සංස්කෘතියට ගැලපෙනවා කියලා..?

සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ.
මිනිස්සු සංස්කෘතිය රකිනවද.. ? මේ වගේ අඩනිරුවත් වුණා කියලා සංස්කෘතිය බිදෙනවද..?
සියදිවි නසාගන්න අතින් වැඩිම රට ලංකාව. සෙක්ස් කියන දේ යූටියුබ්වලින් හොයලා අපේ ලංකාව ඉස්සරහින් ඉන්නවා. ආඩම්බරයි කියන්න ඒ ගැන.
වයසක ගෑණු රේප් කරනවා. පොලි ළමයි දූෂණය කරනවා. ඉතිං මේ වගේ වීඩියෝ එකක් කළාමද සංස්කෘතිය මනින්නේ. මට හරිම තරහ එනවා ඒකට.. මට හරියට මඩ ගහනවා.
සංස්කෘතිය බිඳිනවා කියලා. ඔතනින් නැතුව වෙන තැනකින් සංස්කෘතිය හදාගත්තනම් හොදයි කියලා මට හිතෙනවා.
මේ වගේ වීඩියෝ එකක් කරාම්ද සංස්කෘතිය මනින්නේ. මට හරිම තරහ මට හරියට මඩ ගහනවා.

මීට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද..?කරන්න පුළුවන්. එහෙම නෙවෙයි කියන්නේ. එක්තරා කොටසකුයි මම කළේ. මමයි මගේ හස්බනුයි. වෙන රටවල අපි ගිහින් තියෙනවා. පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා.
කවුරුත් විසිල් ගහන්නේ නෑ. හූ කියන්නේ නෑ. සංස්කෘතිය කියන්නේ මහ මුහුදක්නම් මම ඉදිරිපත් කළේ වැලි කැටයක්.
ලංකාවේ ගොඩක් අය ඇග වහගෙන ඉන්නවා. ඇග වහගෙන ඉඳලා පිරිමින්ට ඉවසිල්ලක් නෑ. පපුවක් ඇරුණාම පුරුදු නෑ. ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා.
හැමදාම දකින කකුලගේ කරමල එක වගේ තමයි. මිනිස්සුන්ට කලාතුරකින් දැක්කම ඉවසගෙන ඉන්න බැහැ. අල්ලන්න හිතෙනවා. එක එක හැඟීම් එනවා. ඉතිං ඉස්සල්ලා මිනිස්සුන්ගේ මනසයි හදන්න ඕනේ.

ගෙදර අයගෙන්, යාළුවන්ගෙන් රසිකයින්ගෙන් මේ වීඩියෝවට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද..?මට එහෙම ප්‍රතිචාර ලැබුණා. ලස්සනයි කියනවා. මම ආශ්‍රය කරන්නේ මගේ ෆීල්ඩ් එකේ යාළුවෝ.. නිරූපන ශිල්පිණියක් විදිහට ලංකාවේ හොදම තැන්වලට යනවා.
කන්න බොන්න යනවා. ඒ ලෙවල් එකෙන් ජීවත් වෙද්දි මම ආශ්‍රය කරන අයට ඒවා සාමාන්‍ය දේවල්. අන්තර්ජාලයේ මේ වගේ වීඩියෝ ඕන තරම් ඒ අය දැකලා තියෙනවා.
ඉතිං ඒ අයට මේවා සාමාන්‍යයි. හැමෝම හොඳයි කිව්වා.

ඉදිරි බලාපොරොත්තු මොනවද..?රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.



Image may contain: one or more people, eyeglasses and closeup

Image may contain: 1 person, closeup

Image may contain: 1 person, closeup

Image may contain: 1 person, standing

Image may contain: 1 person

Image may contain: one or more people and closeup

Image may contain: 1 person, sunglasses, hat and outdoor

Image may contain: one or more people, people sleeping and beard

Image may contain: 2 people

Image may contain: 2 people

Image may contain: 2 people

Image may contain: 2 people

Image may contain: 3 people

Image may contain: 1 person

Image may contain: 1 person

Image may contain: 1 person

Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema Satana pics - FB

(වෙබ් ගොසිප්)

දෙන්නගේ ඊළඟ හීනේ ගැන අමිලගේ බිරිඳ මාධ්‍යට හෙළිකරයි

Amila Abeysekara - Wife Theja

තේජා මොකද මේ හිටපු ගමන් ලංකාවේ... හිටපු ගමන් පිටරට?
ඔව්... ඒ ඉතින් මගේ රැකියාවත් එක්කනේ. මම ගුවන්සේවිකාවක් විදිහට සේවය කරනවා. ඉතින්... නිවාඩු ලැබුණු ගමන් මම ලංකාවට එනවා.

ගිය පාර අමිලව මුණගැහෙන්න අපි ගෙදරට ආපු දවසේ තේජා හිටියේ නැහැ නේද?
ඔව්... ඔයාලා ආවේ මම ඩුබායි ගියපු දවසේ. ඊට දවස් දෙක තුනකට කලින් මම ලංකාවේ හිටියා. අපරාදේ මම ඒ ආපු වෙලාවේ ගෙදර ඉන්න බැරි වුණානේ.

කොච්චර කාලෙකට පස්සෙද තේජා මේ ආයේ ලංකාවට ආවේ?
කොහොමටත් මම ලංකාවට මාසෙට දෙපාරක් විතර එනවා. මේ පාර ආවමත් දවස් පහක් මම ලංකාවේ ඉන්නවා. දැන් මේ එන යන එක මට ගාණක් නැහැ. එහෙම මහන්සියකුත් නෑ. සමහරදාට නිවාඩු දවස් තුනටත් මම ලංකාවට එනවා.

පසුගිය දවස්වල අමිලත් ඔයාව බලන්න ඒ රටට ආවනේ. දැන් ඔයයි අමිලව බලන්න ලංකාවට එන්නේ?ඔව්... ඒකනම් ඇත්ත. ඒ ඉතින් අපි දෙන්නගේ වැඩත් එක්ක ඒ එන යන එක වෙනස් වුණා. පසුගිය දවස්වල අපිට එකදිගට ටික කාලයක් නිවාඩු තිබ්බා. ඒ නිවාඩුත් අල්ලලා අමිල මාව බලන්න එහාට ආවා. මේ දවස්වල අමිලට එක දිගට වැඩ. ඒ නිසා මගේ නිවාඩුවට මම අමිලව බලන්න ලංකාවට එනවා.

තේජා ලංකාවට ඇවිත් නවතින්නේත් දවස් කිහිපයයිනේ. කොහොමද ඒ දවස් කිපයට අමිලගේ රූගත කිරීම් එහෙම සැලසුම් කරගන්නේ?කොහොමත් මගේ ඊළඟ මාසේ වැඩවල කාලසටහන මගේ ඔෆිස් එකෙන් මේ මාසෙදි දෙනවා. එතකොට මගේ කාලසටහනේ නිවාඩු දවස් මඟ හැරලා තමයි අමිල එයාගේ රූගත කිරීම්වලට දින දෙන්නේ. ඉතින් කොහොමත් මට නිවාඩු එක දිගට දවස් පහක් ලැබෙනවා. ඉතින් ඒ දවස් පහට අමිලත් මුකුත් වැඩ දාගන්නෙ නෑ.

තේජා ලංකාවට ආවට පස්සෙ වැඩිපුරම කරන්නේ මොනවද?ඒ දවස් පහේදී අපි අපේ ගේ අස්පස් කරගන්නවා. එතකොට ගෙදරට ඕන කරන බඩු එහෙම දෙන්නා ගිහින් අඩුපාඩු බලලා අරගෙන එනවා. කොහොමටත් නිවාඩු දවස්වල දෙන්නම කැමැති ගෙදර වෙලා ඉන්න තමයි. ඒ වගේ වෙලාවට අපි හොඳ ෆිල්ම් එකක් එහෙම බලනවා. අපි දෙන්නට රස්සාවත් එක්ක එහෙ මෙහේ ඇවිදින නිසා නිවාඩු පාඩුවේ ඇවිදින්න යන්නනම් කැමති නෑ.

එතකොට අමිලට උයන පිහින වැඩ කරන්නේ කවුද?අපිට උදව්වට කෙනෙක් හිටියා. මේ දවස්වල ඒ මනුස්සයත් නෑ... ඉතින් අමිලගේ අම්මා ඇවිල්ලත් අමිල ගැන හොයලා බලනවා. සමහර දවස්වලටනම් අමිල ඔව් කඩවල්වලින් එහෙම කාලත් තියෙනවා. මේ දවස් ටිකේ නම් මම බඩු එහෙම ගෙනත් කෑම හදලා දෙනවා.

තේජා.. අමිල ගෑනු ළමයි එක්ක පෙම්වතුන්ගේ චරිත රඟපාද්දී පුංචි හරි ඉරිසියාවක් එහෙම දැනිලා නැද්ද?අනේ නෑ.. එයා එහෙම රඟපාද්දී මම එහෙම ඉරිසියා වෙලානම් නෑ. කොහොමටත් අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. අපේ වෘත්තීය දෙක ගැනත් අපි දෙන්නා ළඟ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි අතරේ ප්‍රශ්න නෑ. එදා අමිලට තිබුණු ආදරේ අදටත් ඒ විදිහම තමයි.

කලා ක්ෂේත්‍රයේ අද රැල්ලක් වෙලා. අද විවාහ වෙනවා. තව මාස කිහිපයකින් අවුරුද්දකින් දෙන්නා දෙපැත්තක.අපි දෙන්නා රටවල් දෙකක හිටියට අපි දෙන්නා අපිට හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. අපේ ලෝකේ ඔය පිටින් එන කිසි දෙයක් එකතු කරන්නේ නෑ. අමිල ක්ෂේත්‍රයේ කිසි කෙනෙක්ගේ ජීවිතයකට ඇඟිලි ගහන්නේ නෑ. අනික අනුන්ගේ ජීවිතයි අපි දෙන්නගේ ජීවිතයි අපි කවදාකවත් සංසන්දනය කරන්නේ නම් නෑ. අපි දෙන්නා බොහෝම සරල ජීවිත ගතකරන්නේ. අපි දෙන්නගේ ජීවිත ඇතුළේ බොරු ආටෝප නෑ.

හිතෙන්නේ නැද්ද දැන් රටවල් දෙකක හිටියා ඇති පවුල් ජීවිතේ වෙනුවෙන් තේජාගේ වෘත්තීය කැප කරලා දිගටම ලංකාවෙම ඉන්නඅපේ තිබුණු ගේ අපි විකුණුවා. අපි ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන්නේ. ඒක ඉවරවුණාම බොහෝ වෙලාවට මම මගේ වෘත්තියෙන් සමුගනිවී. අපි දෙන්නගේ ඊළඟ හීනය තමයි අපි දෙන්නගේ හිතේ ඇඳුණු ගේ පොඩ්ඩක් ඉක්මනට හදලා ඒකේ පදිංචි වෙන්න.

► Text – Dishani / Pic - Sumudu (deshaya)

පෙම්වතා අතින්ම මරු වැළඳගත් කොට්ටාවේ රූමතිය - නරුමයා පැමිණි අයුරු CCTV කැමරාවේ

Tharindi Aloka - Killer - CCTV

කොට්ටාවේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ වැඩිමහල් දියණිය තෙමහල් නිවසේ සිය කාමරයේ රැඳී සිටියදී මරා දැමූ පුවත පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය. උල් පිහියකින් ඇන ඇය ඝාතනය කොට පලාගොස් සැඟවී සිටි ඇගේ පෙම්වතා බව කියන තරුණයා නීතිඥයකු මාර්ගයෙන් කොට්ටාව පොලීසියට බාරවන තුරු මේ මිනීමැරුම අභිරහසක් වී තිබිණි. මෙසේ ඝාතනය වී සිටියේ කොට්ටාව හොරණ පාරේ අංක 162/2 හි පදිංචිව සිටි තරිඳි ආලෝකා නැමැති රූමත් 26 හැවිරිදි තරුණියකි.

තරිඳි ආලෝකා උපතින්ම රූමත්ය. යොවුන් විය එළඹෙත්ම ඇගේ සුන්දරත්වයද වැඩෙන්නට වූවාය. රූපලාවණ්‍ය පිළිබඳව උනන්දු වූ ඇය ඒ ඔස්සේ වඩ වඩාත් සිය සුන්දරත්වය ඔප්නංවා ගත්තාය. රූප සම්පත්තිය නිසාම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය නිරූපිකාවක් වශයෙන්ද කටයුතු කළාය. මේ අතර රූපලාවණ්‍ය කටයුතු පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටියාය.

තරිඳිගේ මව්පියන් කෝටිපති ව්‍යාපාරිකයෝ වෙති. නිවෙසට ආසන්නයේ කොට්ටාව නගරයේ පිහිටි රංජිත් ස්ටෝර්ස් ව්‍යාපාරය ඔවුන්ගේය. ව්‍යාපාරික වශයෙන් තොග වෙළෙඳාමේ නිරත ඔවුන්ට සේවකයන්, යාන වාහන හෝ වෙනත් අඩුපාඩුවක් නොවීය. මේ නිසා තරිඳිටත් එකම නැගණියටත් ඇවැසි පහසුකම්වලින් අඩුවක් නොවිණ.

ව්‍යාපාරික වශයෙන් හා පෞද්ගලික අවශ්‍යතා සඳහා විදේශගත වීමට පුරුදුව සිටි තරිඳිගේ මව්පියන් එම අවශ්‍යතා සපුරාගෙන තිබුණේ විදේශ ගමන් සංවිධානය කරන ආයතනයක් මගිනි. එම ආයතනයේ හිමිකරු තරුණයෙක් විය. ඔහු ඉහත යුවළ හා හිතවත් වී ඇත. මේ නිසා ඇතැම් අවස්ථාවලදී කොට්ටාවේ නිවෙසට පැමිණ යන්නටත් එහි කාලය ගත කරන්නටත් ඔහු පුරුදුව සිටියේය. මේ හිතවත්කමට වසර හතරක් පමණ ගතවෙද්දී විදේශ සංචාරක ආයතනයේ හිමිකාර තරුණයා කොට්ටාවේ ව්‍යාපාරිකයාගේ නිවෙසට ආ ගිය වාර ගණන අනන්තය.

එතෙකින් නොනැවතුණු ඔහු රංජිත් ස්ටෝර්ස් අධිපතිවරයාගේ තරිඳි දියණිය හා ප්‍රේම සබඳතාවයක් ගොඩනංවා ගන්නටද ක්‍රියා කර තිබිණ. නමුත් ඒ බව තරිඳිගේ මව්පියන් මුලින් හරිහැටි නොදැන සිටි බව කියති. මේ අතරතුරදී තරිඳි ආලෝකාට සිටය පෙම්වතා පිළිබඳ සැකසංකා දනවන සිදුවීම් කීපයක් වාර්තා වී ඇත. ඇතැම් සිදුවීම්වලට සාක්ෂි සාධකද සහිත විය. ඒ අතර අනාවරණය වී තිබුණේ තරිඳිගේ පෙම්වතා ඇයට හොර රහසේ වෙනත් පෙම්වතියක් ඇසුරු කරන බවය. මේ නිසා අමනාපයෙන් පසු වූ තරිඳි පෙම්වතාගෙන් ඉවත්ව සිටි බව කියති. මෙසේ කල්ගෙවන අතරතුර ඇගේ පෙම්වතාව සිටි තරුණයා පෙර කී පෙම්වතිය හා විවාහ ගිවිසගැනීමටද තීරණය කොට තිබුණි.

මේ බව දැනගත් තරිඳිට තමාගේ ජීවිතය හා සෙල්ලම් කළ පෙම්වතා කෙරෙහි ඇතිවූයේ කලකිරීමකි. කෝපයකි. ඇය තමා හා පැවැත්වූ සබඳතාවය පිළිබඳව මාතර ප්‍රදේශයේ තරුණියට කරුණු හෙළි කළාය. සැකහැර දැනගැනීමට සිතූ ඇය තරිඳි හා එක් වී උපායක් ක්‍රියාත්මක කළාය. ඒ අනුව තරිඳි සිය පෙම්වතාව සිටි තරුණයාට දුරකතන මගින් දන්වා සිටියේ නුගේගොඩ එක්තරා ස්ථානයකට පැමිණ තමා හමුවන ලෙසය. ඒ වනවිටත් ඔහුගේ මාතර පෙම්වතිය, ඇගේ පවුලේ සමීපතමයන් කීපදෙනකුට මෙන්ම එම තරුණයාගේ ඥාතීන් කීපදෙනකුටත් මේ බව දැනුම් දී තිබිණි. ඒ බව නොදත් තරුණ පෙම්වතා නුගේගොඩ පැමිණි අවස්ථාවේ සිය ඥාති හිතවතුන් මෙන්ම සිය පෙම්වතිය ඉදිරියේ නිරුත්තර විය. තමාගේ රඟපෑම මෙසේ හෙළිවීම ඔහුට ඉවසුම් නොදෙන්නට ඇත. එදා ඔහු දැඩි අපහසුතාවයකට පත් වූ අතර තරිඳි තම රැවටිලිකාර පෙම්වතාගෙන් ගැලවුණාය.

ඒ මොහොතේ සිට තරිඳිගේ හිටපු පෙම්වතා තරිඳි පිළිබඳව සිට ඇත්තේ තරහිනි. ඒත් සමඟ ඔහුගේ ජීවිතයට කණකොකා හඬලන්නට වූයෙන් විවාහ දිවියට එළැඹෙන්නට බැරි තරම් ගැටලුද පැන නැගී තිබුණි. නමුත් තරිඳිගේ පියා හා හිතවත්ව සිටි තරුණයා ඇවැසි අවස්ථාවලදී එම නිවෙසට පැමිණ ගියේය. එහෙත් තරිඳි ඔහු හා ඇයිහොඳයියක් පැවැත්වූයේ නැත.

මේ ආකාරයට සැකකාර තරුණයා තරිඳිගේ නිවෙසට අවසන් වරට පැමිණියේ ඉකුත් 21 වැනිදාය. එදින රාත්‍රියේ සුපුරුදු පරිදි නිවසේ නවාතැන් ගත් ඔහු ගැන නිවැසියන්ට සැකයක් නොවීය. නිවසේ කටයුතු පිළිබඳ මනා අවධානයෙන් සිටි සැකකාර තරුණයා නවාතැන් ගෙන සිටි තුන්වැනි මහලෙන් බැස්සේ තරිඳිගේ නැගණිය පාසල් ගිය පසුවය. එපමණක් නොව, මව්පියන්ද ව්‍යාපාරික ස්ථානය වෙත පිටත් වූ පසුවය.

මේ වන විට තරිඳි නිදියහනෙන් පිබිදී ඇගේ කාමරයට වී සිටියාය. සිය කාමරයට පැමිණි තරුණයාට තරිඳි විරෝධය පෑවාය. තමා පැමිණියේ තරිඳි සමඟ ගැටලුවක් කතිකා කරන්නට බව ඔහු කියා තිබිණි. ඊට අකැමැති වූ තරිඳි තරුණයාට විරුද්ධ වූවාය. දෙදෙනා අතර ගැටුමක් හටගෙන තිබුණේ එසේය.

ඉහවහා ගිය කේන්තියෙන් පසු වූ තරුණයා මෙතෙක් වේලා සඟවා සිටි උල් පිහියක් අතට ගෙන දිගට හරහට තරිඳිට පහර එල්ල කළේ මාරාවේෂයෙනි. ගෙල හා උර පෙදෙසට බරපතළ තුවාල සිදුවෙද්දී ඇඳට වැටුණු තරිඳිගේ සිරුරෙන් ගලාගිය ලේ ධාරා ඇඳේ මෙට්ටය පමණක් නොව කාමරයේ බිමද තෙක් කළේය. මොහොතක් ගතවන්නට මත්තෙන් තරිඳිගේ සිරුරේ තිබූ අවසන් හුස්ම පොදත් ගිලිහී ගියේය.

සියල්ල දෑසින් බලා සිටි නරුම පෙම්වතා තැතිගෙන නිවසේ නාන කාමරයට දිවගොස් ලේ පැල්ලම් සෝදාගෙන කිසිත් නොවූ ලෙසින් පෙරවරු 9.10ට නිවෙසින් පිටත්ව ගියේය.

තරිඳිගේ නැගණිය පාසල් ගොස් නැවත පැමිණ තිබුණේ එදින පස්වරුවේය. ඇය ආ සැණින් වෙනදා මෙන් අක්කා පෙනෙන්නට නොවූයෙන් ඇය සොයා ඇගේ කාමරය වෙත දිව ගියාය. එහිදී දුටු දසුනින් තිගැස්සී බියට පත්ව කෑමොර දීමත් සමඟ මව්පියන් හා අසල්වාසීන් එහි පැමිණි අතර සිදුවීම පොලීසියට දන්වා තිබුණේ ඉන් පසුවය.

වහා ක්‍රියාත්මක වූ කොට්ටාව පොලීසියේ නිලධාරීහු විමර්ශන අරඹා සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කළහ. එහිදී සැකකටයුතු පෙම්වතා බව කී තරුණයා පිළිබඳව විමර්ශන සිදුකළ අතර ඔහු ආ ගිය අතක් හෝ දැනගන්නට තිබුණේ නැත. පලාගිය පෙම්වතා තරුණිය ඝාතනය කර තමුන්ගේ දිවිනසා ගන්නට පැමිණි බව අනාවරණය වූයේ පසුදින නීතිඥවරයකු මගින් පොලීසියට බාර වූ පසුවය. තරුණිය ඝාතනය කළ ඔහු කොළඹ දෙසට පලාගොස් තිබූ අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ දුම්රියට පැන දිවිනසා ගන්නටය.

ඊට මොහොතකට පෙර මාතර ප්‍රදේශයේ ඔහුගේ පෙම්වතියට දුරකතන ඇමතුමක් ලබා දී සිදුවීම ඔහු පවසා තිබිණි. එහිදී ඇය දන්වා ඇත්තේ ජීවිතය නැතිකර නොගන්නා ලෙසත් වරද පිළිගෙන පොලීසියට බාරවන ලෙසත්ය. ඊට ඇහුම්කන් දුන් සැකකරු එදින පස්වරුවේ නීතිඥවරයකු සමඟ කොට්ටාව පොලීසිය වෙත ගොස් බාර වී තිබිණ. වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ ඝාතනය සඳහා යොදාගත් පිහිය සැකකරු විසින් මාතර ප්‍රදේශයෙන් රුපියල් 300ට මිලට ගත් බවය. එම පිහිය තරිඳිගේ මළසිරුර ආසන්නයේ තිබී හමු වී තිබිණි. සැකකරු 25 වැනිදා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කොට්ටාව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත්ත කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

Tharindi Aloka - Killer - CCTV - 02

Tharindi Aloka - Killer - 02

Tharindi Aloka - 02

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර (deshaya)

වයාග්‍රා පෙත්තේ ඇත්ත

viagra - Sildenafil - tablet - medicine - doctor

අප්‍රාණිකත්වයට විස්කම් ඖෂධයක් බවට පත්ව ඇති වයාග්‍රා පෙත්ත ගන්න ඕනෑ වෛද්‍ය උපදෙස් මත ම තමා. වයාග්‍රා කොච්චර හොඳ වුණත් තරමට වඩා පාවිච්චියත් හොඳ නෑ. ගන්න ඕනෑ තරම නැත්නම් මාත්‍රාව දන්නේ වෛද්‍යවරයා පමණයි. වයාග්‍රා ගැනීම නිසා අතුරු ආබාධ හටගන්නේ කලාතුරකින් කෙනෙකුට තමා. ඒ අතුරු ආබාධත් මහා ලොකු අමාරු නොවන බවයි වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙන්නේ.

වයාග්‍රා නිසා ඇතිවන අතුරු ආබාධ අතරින් මුල්තැන ගන්නේ හිසරදය. හැබැයි හිසරදය හැදෙන්නේ සියයට 16ක් වගේ සුළු ප්‍රතිශතයකට. මුහුණ සහ ඇඟ රතුවීම සියයට 10කගේ වගේ මතුවෙනවා. බඩේ දැවිල්ල හෙවත් ආමය සියයට 7කගේ වගේ තමා වාර්තා වෙන්නේ. ඊළඟට නාසයේ බර ගතිය සියයට 4කගේ විතර වාර්තා වෙන අමාරුවක්. බඩ බුරුලට යාම තවත් සියයට 3කගේ විතර වාර්තා වන ආබාධයක්. කරකැවිල්ල එන්නෙත් සියයට 2ක විතර කණ්ඩායමකටයි.

වයාග්‍රා විස්කම් පෙත්තක් වුණේ ඔන්න ඔය නිසයි. නමුත් වයාග්‍රා ගැන අපි නොදන්න බොහෝ කරුණු තියෙන බව සමහරු මේ ගැන අහන ප්‍රශ්නවලින්ම පේනවා. අපි ඒවා යොමුකළා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේට. මෙන්න ඔහුගේ උත්තර.

වයාග්‍රා භාවිතා කළවිට දරුවන් හටගන්නේ නැද්ද?

සමහරු හිතාන ඉන්නේ වයාග්‍රා උපත්පාලන පෙත්තක් කියලයි. මේක මහා මිත්‍යාවක්. වයාග්‍රා භාවිත කරන තැනැත්තා සරු තැනැත්තෙකු සහ ස්ත්‍රිය සරු තැනැත්තියක් නම් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කර නැතිනම් දරුඵල නොලැබී යන්න හේතුවක් නෑ.

තවත් අය අහනවා වයාග්‍රා නිසා ලිංගික බෝවන රෝග හැදෙන්නේ නැද්ද කියලා?

මේකත් වැරැදි වැටහීමක්. වයාග්‍රා කියන්නේ ප්‍රාණවත් බව රැකදෙන ඖෂධයක්. ඒ නිසා ඔබ වයාග්‍රා අරගෙන අනාරක්ෂිත විදියට ලිංගිකව හැසිරුණොත්, ඒඩ්ස්, හෙපටයිටිස් B, ගොනෝරියා, උපදංශ, හර්පිස් වගේ මෙකී නොකී ලිංගිකව බෝවන රෝග හැදෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා වයාග්‍රා අරන් ඇඟට හයිය ගත්තා වුණාට විශ්වාසවන්ත එකම සහකරුවෙක් සහකාරියක් ඇසුරු කිරීම තමා හොඳම කාරණාව. කොණ්ඩමයක් භාවිතා කිරීමත් ඉතාම වැදගත්.

තවත් අය හිතනවා වයාග්‍රා එක්වරක් ගත්තොත් සදහටම ගන්න වේවි කියලා. ඒ කියන්නේ ඇබ්බැහියක් වේවි කියලා. මේක ලිංගික අප්‍රාණිකත්වයට මුහුණ දෙන හුඟක් දෙනා වයාග්‍රා නොගෙන ඉන්න පොළඹවන මිත්‍යා ගැටලුවක්.

මේක තීන්දු වෙන්නේ ලිංගික අප්‍රාණිකත්වය හටගන්න මුල්වුණ හේතුව මතයි. ඒ හේතුවට ප්‍රතිකාර කළාම අප්‍රාණිකත්වය පහවෙලා යනවා. එතකොට වයාග්‍රා ඕනෑ වෙන්නේ නෑ. භාවිතා කළත් ප්‍රතිකාර ලබාගන්නා කාලයේදී පමණක් අවශ්‍ය වෙන්නේ. රෝගය හොඳ වෙනකොට මාත්‍රාව අඩු කරන්න පුළුවනි. හොඳ ප්‍රතිඵල නැතිනම් ඉතාමත් කලාතුරකින් තමා මාත්‍රාව වැඩිකරන්න වෙන්නේ. ඒක වෛද්‍යවරයා තමා තීරණය කළ යුත්තේ. තවත් මේ වගේ වයාග්‍රා ගැටලු ගැන අපි ඉදිරියේදී කතාබහ කරමු.

 සුගත් (deshaya)

Despicable Me 3 ලොව පුරා තිරගත වීම අරඹුනා

Despicable Me 3

සෝබනයෙන් පිරි ප්‍රීතිමත් වඩාත් සාර්ථක ජිවිතයක් ගත කරන ගෲගේ නිවුන් සහෝදරයා ඩෲ ඉතාමත් දිගු කාලයකින් පසුව ඔහුට මුණගැසෙයි. ඔහුට අවශ්‍ය වන්නේ සදා මතකයේ රැඳෙන අපරාධ කණ්ඩායමක් නිර්මාණය කිරීමටයි.

එරික් ගුයිලෝන්, කයිල් බල්ඩා අධ්‍යක්ෂණය කළලොව පුරා ප්‍රසිද්ධියට පත්, වැඩිහිටි ළමා භේදයකින් තොරව රසවිඳි ඇනිමේෂන් සිනමාපටය “Despicable me” ඊයේ (30) සිට ලොව පුරා තිරගත වීම ආරම්භ විය.

Despicable me චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය ලෙසින් මෙය හැඳින් වේ.

පැය 1 විනාඩි 30 ක් පුරා ධාවනය වන සිනමාපටයට හඬ දායකත්වය ලබා දෙන්නේ ස්ටීව් කැරල් (ගෲ/ ඩෲ) ක්‍රිස්ටීන් විග් ( ලුසී) ට්‍රේ පාකර් ( බල්තසාර් බ්‍රට්) මිරැන්ඩා කොස්ග්‍රෝව් (මාගෝ) ඩානා ගේර් (ඊඩිත්) නෙව් චරෙල් (ඇග්නස්) යන පිරිසය. එසේම මිනියොන්ස් හඬ සංයෝජනය පියේර් කොෆින් සිදු කර ඇත.



(mirrorarts)

'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි

Cattle protection india - Cow

ගවයන් ආරක්ෂා කර ගැනීමේ නාමයෙන් මිනිස් ඝාතන සිදු කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය.

හින්දු භක්තිකයන් බොහෝ දෙනෙකු ගවයා පූජනීයත්වයේ ලා සලකන අතර ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තුළ ගව ඝාතනය තහනම් කරනු ලැබ ඇත.

ඉන්දීය අගමැතිවරයා ඉහත කී අදහස් පළ කළේ මෝටර් රථයක ගව මස් ප්‍රවාහනය කරමින් සිටි බවට චෝදනා ලත් මුස්ලිම් ජාතිකයෙකු ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වී පැය කිහිපයක් ගත වීමත් සමගය.

මුස්ලිම් සහ දලිත් ජන ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉහළ යමින් පවතින ප්‍රහාර හෙළා දැක ඉන්දියානුවෝ දහස් ගණනක් පසුගිය බදාදා (ජුනි 28) උද්ඝෝෂණවල නිරත වූහ.

ඝාතනයට ලක් කෙරුණු 45 හැවිරිදි මුස්ලිම් ජාතිකයාට ජාර්ඛන්ද් ප්‍රාන්තයේ සිය දෙනෙකුට අධික පිරිසක් පහර දී ඇති බව වාර්තා වේ.

ඔහුට පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති ඡායාරූප ඔස්සේ දැක ගත හැකි අතර ඒ අවට මස් කැබලි විසිරී ඇති ආකාරයත් එහි දැක්වේ.

මෝටර් රථයට ගිනි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් තිබේ.

ඒ හා සමාන ප්‍රහාරවලට ලක්ව මෑත කාලය තුළ ගණනාවක් මරුමුවට පත් විය.
රටවල් කිහිපයක උද්ඝෝෂණ

කටකතා මත පදනම්ව බොහෝ ප්‍රහාර සිදුවන අතර කිරි ලබා ගැනීම සඳහා ගවයන් ප්‍රවාහනය කරනු ලබන මුස්ලිම් ජාතිකයන් ද ඇතැම් විට පහර කෑමට ලක්වේ.

ගවයන්ගේ ආරක්ෂාවේ නාමයෙන් සිදු කරනු ලබන ප්‍රහාර හෙළා දකිමින් දිල්ලි, මුම්බායි, බැන්ගලෝර්, හයිද්‍රාබාද්, ලක්නව්, අලහබාද් සහ ලන්ඩනයේ ද උද්ඝෝෂණ පැවැත්විණි.

චෙන්නායි, කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර, ඇමරිකාවේ බොස්ටන් සහ පාකිස්තානයේ කරච්චි නුවර ද සති අන්තයේ එවැනිම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

2014 වසරේ දී හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූ දා සිට ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් මුස්ලිම් ජනතාව සහ දලිත් ප්‍රජාව ඉලක්ක කොට ප්‍රහාර ගණනාවක් එල්ල කොට තිබේ.

ඉහත කී ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට අගමැති මෝදිට චෝදනා එල්ල වේ.
මහත්මා ගාන්ධි

තමා නියෝජනය කරන ගුජරාට් ප්‍රාන්තයේ පැවති හමුවක් අමතමින් අගමැති මෝදි බ්‍රහස්පතින්දා (ජුනි 29) කියා සිටියේ ගවයන් ආරක්ෂා කිරීමේ නාමයෙන් මිනිසුන් මරා දැමීම "ඉන්දියාවේ මූලාරම්භක පියා වන මහත්මා ගාන්ධිගේ ප්‍රතිපත්තිවලට අනුගත නොවන" බවය.

සමාජයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය පිළිනොගන්නා බව කී අගමැතිවරයා "කිසිම පුද්ගලයෙකුට නීතිය අතට ගැනීමට බලයක් නැහැ" යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ගවයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම් පිළිබඳ අගමැති මෝදි විසින් අදහස් පළ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ද ඔහු ඒ සම්බන්ධයෙන් මෙවැනිම අදහසක් පළ කළ අතර ගව ඝාතනය හෝ ගව මස් ආහාරයට ගත් බවට චෝදනා කරමින් මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කරනු ලබන ප්‍රහාර නොනවත්වා වාර්තා විය. (බීබීසී)

මාලිංග ගැන මන්ත්‍රී නිරෝෂන් කණගාටුවෙයි

Niroshan Premaratne

සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු කරන ආකාරය පිලිබද කණගාටුවට පත්වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නම පිරිසිදු කර ගත හැක්‌කේ කොමිසමට පැමිණ සාක්‍ෂි දීමෙන්

Wasantha Alwis - perpetual treasuries
වසන්ත අල්විස්‌ මහතා සාක්‌ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අයුරු

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ නම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ කොමිසම හමුවට පැමිණ සාක්‌ෂි ඉදිරිපත් කිරීමෙන් යයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතාට කීවේය.

එම සමාගමේ නම ශුද්ධ කර ගැනීමට මහ බැංකුවේ සාක්‌ෂිකරු යොදාගත නොහැකි බවද ඒ සඳහා සමාගමේ සාක්‌ෂිකරුවන් කොමිසම හමුවට කැඳවිය යුතු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු මහතාට කීවේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ පැවසුවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මහ බැංකුවේ තොරතුරු තාක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‌ෂක වසන්ත අල්විස්‌ මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටියදීය.

වසන්ත අල්විස්‌ මහතා විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ගණනය කිරීම් ගැන ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රශ්න කළ අවස්‌ථාවේදී නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කියා සිටියේ එම ගණනය කිරීම් ගැන යම් ප්‍රශ්නයක්‌ ඇත්නම් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට සිය සාක්‌ෂිකරුවන් මගින් විමසීම් කළ හැකි බවත් මෙම තොරතුරු අදාළ ඉලෙක්‌ට්‍රොනික තොරතුරු පද්ධතියේ අන්තර්ගත වන ඉලක්‌කම් බවත්ය.

ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා (සභාපති) සාක්‌ෂිකරු (අල්විස්‌ මහතා) ඉලක්‌කම් ගණනය කළ ආකාරය කිව්වා. ඔබ (නිහාල් ප්‍රනාන්දු මහතාට) ඒවා වැරදියි කියනවා. අප ඒ කාරණාව ගැනත් අවධානය යොමු කරනවා.

ශ්‍රේ‍රaෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් වසන්ත අල්විස්‌ මහතා කොමිසමට කීවේ තමාගේ ගණනය කිරීම් නිවැරදිය යන ස්‌ථාවරයේ තමා දැඩිව සිටින බවයි.

නිහාල් ප්‍රනාන්දු මහතා සාක්‌ෂිකාර වසන්ත අල්විස්‌ මහතාගෙන් අසන ලද ඇතැම් ප්‍රශ්නවලට නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ගුණතිලක මහතා විරෝධය පළ කළ එක්‌ අවස්‌ථාවක ප්‍රනාන්දු මහතා ගුණතිලක මහතාට කීවේ ඔබ මෙහි නාට්‍යයක්‌ රඟදක්‌වන බවයි. එසේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කළ තවත් අවස්‌ථාවකදී ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කීවේ මේ සියල්ල කරන්නේ මාධ්‍යයෙන් ප්‍රචාරයක්‌ ලබා ගැනීමට බවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අතර අවස්‌ථා ගණනාවකදීම උණුසුම් වචන හුවමාරුවීම් ද සිදුවිය. එවැනි එක්‌ අවස්‌ථාවක කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් නීතිඥවරුන් දෙදෙනාටම අවවාද කරන ලදී.

කොමිසම අද (30 දා) උදේ 10.00 ට යළි රැස්‌වේ. මහ බැංකු නිලධාරීන් වන ස්‌ටෙµනි ප්‍රනාන්දු මහත්මිය සහ සුලෝචන මහතා අද සාක්‌ෂි ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන,
ඡායාරූපය- සමන් රණවීර (divaina)