01 July, 2017

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට...!!!

Sex education

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනයද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

පාසල් දරුවන්ට පාසල තුළදී මෙන්ම ඉන් පිටතදී ද සිදුවන ලිංගික අපයෝජන වළක්වා ගැනීම සඳහා වන ක්‍රමවේදයක අවශ්‍යතාව පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවීම මත මෙලෙස උපදෙස් දී ඇත. 

ඒ සඳහා දරුවන් දැනුවත් කිරීමේ විකල්ප ක්‍රමවේද මෙන්ම පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේදී අනුගමනය කළ යුතු සූක්ෂම පිළිවෙත් පිළිබඳවද රාජ්‍ය ගිණුම් කාරක සභාව අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡාවන්ද පවත්වා තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව ඒ අනුව මෙම උපදෙස් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙත ලබාදී ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට...!!!"

    Post a Comment