01 July, 2017

දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට - සඳටත් වඩා පෘථිවිය ආසන්නයට

meteor to the Earth

සැතපුමක් පමණ විශ්කම්භය සහිත දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට ගමන් කරන අතර එය පෘථිවියේ ගැටීමේ අවස්ථාවක් පැවතිය හැකි බව විද්‍යාඥයින් පිරිසක් සඳහන් කරනවා.

කෙසේ වෙතත් 1997 වසරේ දී සොයා ගැනුණු මෙම උල්කාව එලෙස පෘථිවියේ ගැටීමේ අවස්ථාව විරල බවයි ඒ පිළිබද සිදුකළ නවතම ගණනය කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

ඊයේට යෙදී තිබූ ලෝක උල්කාශ්ම දිනයේදී මේ බව ප්‍රකාශයට පත් කෙරුණා.

එමෙන්ම 1997, එක්ස් - එෆ් 11 ලෙස නම් කෙරුණු මෙම උල්කාව 2028 වසරේදී පෘථිවියට සමීප විය හැකි බව සඳහන්.

එය සඳට වඩා පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනු ඇති බවයි හාවඩ් විශ්වවිද්‍යාලයේ ස්මිත්සෝනියන් තාරකා විද්‍යා අධ්‍යයන අංශයේ විද්‍යාඥ බ්‍රයන් මාස්ඩෙන් ප්‍රකාශ කළේ. (hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට - සඳටත් වඩා පෘථිවිය ආසන්නයට"

    Post a Comment