01 July, 2017

ශ්‍රීලනිප 18ක් අැමැතිධූර අතහරී..!!!

SLFP - Sri Lanka Freedom Party

සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය එළඹෙන සැප්තැම්බරයෙන් අවසන් වන නිසා ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරණ තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 18 දෙනකු අමාත්‍යධුර අතහැර යාමට තීරණය කළ බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා දේශයට පැවසීය.

එම 18 දෙනා අතර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ද සිටිනා බව හෙතෙම සඳහන් කළේය.

අපි ආණ්ඩුවට එකතු වුණේ අවුරුදු දෙකක ගිවිසුම් කාලයට. සැප්තැම්බරයෙන් ඒ කාලය ඉවර වෙනවා. අපි ඒ දුන්න පොරොන්දුව ඉෂ්ඨ කළා. ඒ නිසා ඇමැතිකම් බාරදීලා අපි යනවා. දැනට 18 දෙනෙක් ඉන්නවා ආණ්ඩුවෙන් යන්න යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් විමසීමක් කළ විට ඒ මහතා සඳහන් කර සිටියේ එවැනි තීරණයක් පක්ෂය ගෙන නොමැති බවත් එසේම මේ පිළිබඳව ජනාධිපතිවරයාටවත් දැනුම් දී නැති බවත්ය.

| ගයාන් ගාල්ලගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රීලනිප 18ක් අැමැතිධූර අතහරී..!!!"

    Post a Comment