01 July, 2017

මිස්කෝල් එකෙන් හාද වී වසරක් පෙම්කළ පෙම්වතා සමඟ රූම් ගිය කැම්පස් කෙල්ලට වුණු දේ

love-couple-hands

කුරුණෑගල පොල්ගහවෙල පැත්තේ පදිංචි තරුණියක් දුරකථනට ලැබුණු ඇමතුමක් ඔස්සේ හැදිනගත් තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් පටන් ගෙන තිබෙනවා.

25 වැනි වියේ පසුවන මෙම තරුණිය සරසවි වරම් ලබා අධ්‍යාපනය ලබන රූමත් තරුණියක් බවයි ප්‍ර දේශවාසියෙකු අපට පැවසුවේ.

වසරක පමණ කාලයක් තිස්සේ දිගහැරුණු මෙම ආදරය කුරූණෑගල පැත්තේ ලැඟුම්හලකදී කෙලවර වී තිබෙන්නේ පසුගිය 26 වැනිදායි.

නිදහසේ කතා කිරීමට අවශ්‍ය බව පවසා තරුණයා විසින් අදාල තරුණියට ලැගුම්හලකට යාමට ආරාධනා කර තිබෙනවා.

අවුරුද්දක කාලයක් තිස්සේ ආදරය කළද කිසිම දවසක එවැනි යෝජනාවක් කර නොමැති නිසා දෙවරක් නොසිතා ඔහුව විශ්වාස කරමින් ඔහු සමග තරුණිය ලැගුම්හලට ගොස් තිබෙනවා.

පසුව එහිදී යම් බීම වර්ගයක් ලබාදී තරුණියව කෙලෙසා ඇය කර තිබූ රන් මාලයද දුරකථනයද රැගෙන පලාගොස් තිබෙනවා.

සමාජය තුලින් තම නමට කැලලක් වේයැයි බියෙන් තරුණිය මේ පිළිබඳව වසන් කර ඇති අතර ලැගුම්හලෙන් එළියට පැමිණි තරුණිය හදුනාගත් හිතවතෙකු නිසා මේ සිද්ධිය නිවැසියන්ට දැනගන්නට ලැබ තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් මේ ගැන පොලිසියේ පැමිණිල්ලක් සිදුකර නැති බවයි සිද්ධිය පැවසූ අසල්වාසියෙකු පැවසුවේ.

තරුණයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි වාර්තා වුණේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිස්කෝල් එකෙන් හාද වී වසරක් පෙම්කළ පෙම්වතා සමඟ රූම් ගිය කැම්පස් කෙල්ලට වුණු දේ"

    Post a Comment