01 July, 2017

පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා - පපුවක් ඇරුණාම පුරුදු නෑ - ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා

Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema Satana (Sada Gini Ganna)

නිරූපණ ශිල්පිනියක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරලා පසුව රංගන ක්ෂේත්‍රයට පා තබපු කෙනෙක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. ඇය ගැන දැන් හැමතැනම වගේ කතාවෙන්න පටන් අරන්.

ඒකට හේතුවක් තමයි මේ ළඟදි අන්තර්ජාලයට මුදාහැරුණු ප්‍රේම සටන නම් මියුසික් වීඩියෝව. කාගෙත් කතාබහට ලක්වුණු සමහරු විවේචනය කරපු මෙම මියුසික් වීඩියෝව ගැනත් ඇයගේ අලුත්ම විස්තර ගැනත් අහලා බලන්න වෙබ් ගොසිප් අපි පියුමිට කතා කළා.

පියුමි.. ඔබව හදුන්වන්න ඕනේ නිරූපිකාවක් විදිහටද නැත්නම් රංගන ශිල්පිනියක් විදිහටද..?
මම ඉස්සල්ලම මේ ක්ෂේත්‍රයට ආවේ නිරූපන ශිල්පිණියක් විදිහට. පස්සේ ටෙලි නිර්මාණවලට එකතු වුණා. ඒත් මම කැමති මාව නිරූපන ශිල්පිනියක් විදිහට හදුන්වනවනම්.

පියුමි.. දැන් ඔබ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ චරිතයක් වෙලා නේද..?

අන්තර්ජාලයේ මම ප්‍රසිද්ධ වුණේ නැහැ. ඔය පසුගිය දවස්වල කරපු මියුසික් වීඩියෝව නිසානේ ප්‍රසිද්ධ වුණා කියන්නේ. ගොසිප්වලින් හරි, නම කැතකරලා හරි ප්‍රසිද්ධ වුණා. ඒකට ඉතිං ප්‍රේක්ෂකයෝ තමයි වගකියන්න ඕනේ.

ප්‍රේම සටන මියුසික් වීඩියෝව ගැන කිව්වොත්..?
මම කොයි වීඩියෝව කළත් තෝරා බේරගෙන තමයි කරන්නේ. ලංකාවේ හොඳම මියුසික් ඩිරෙක්ටර්ස්ලා බලලා තමයි මම වැඩ භාර ගන්නේ. හැමෝම දැන් ඩිරෙක්ට් කරන්න පටන් අරන්. මම හොඳ වැඩක් එළියට දාපු කෙනෙක් බලලා තමයි වැඩ තෝරගන්නේ. ඉතිං මේ ප්‍රේම සටන වීඩියෝවත් ඒ වගේ. මගේ හස්බන් එක්කම රඟපාන්න ලැබුණු නිසා මම ඒක බාරගත්තා. අඩ නිරුවත් කියලා හිතුවට ඒක රංගනයක් විතරයි. මමයි හස්බනුයි කරපු.

මෙම වීඩියෝවට ඔබ රඟපාන්න එකපයින්ම කැමති වුණාද..?
එයා පයින්ම කැමතිවුණේ මගේ හස්බන් එක්ක කරන නිසා..
ඒක මම නිළියක් විදිහට ප්‍රශ්නයක් නෙවෙයි.
මගේ තරහකාරයෙක් හරි වෛර කරන කෙනෙක් හරි වුණත් මම ඒ වගේ දෙයක් කරන්න කිව්වොත් කරනවා.
ලංකාව වගේ රටක වෙන කෙනෙක් එක්ක කළානම් ලොකු ලොකු කටකතා අහන්න වෙයි.
ඉතිං මම හස්බන්ව තෝරගත්තා.

හස්බන් කිව්වේ නැද්ද මේකට සම්බන්ධ වෙන්න එපා කියලා..?
නැහැ.. එයත් නිරූපන ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඉතිං එයත් මේ දේවල් ගොඩක් තේරුම් අරන් ඉන්නේ. නිරූපන කරද්දි කොටටද අදින්නේ බිකිණිද අදින්නේ කියලා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ මම..
ලංකාවේ හැම ෂෝ එකක්ම වගේ මම කරලා තියෙනවා. ඒවලදි ඔයිට වඩා දේවල් මම ඩ්‍රෙස් කරලා තියෙනවා. මගේ වෘත්තියේ හැටියට ඒක මම කළ යුතු දෙයක්.
රංගන වෘත්තියෙදි ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඉතිං හස්බනුත් ඒ දේවල් හදාරලා තියෙනවා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා හස්බන්ට මේක නෝමල්.

පියුමි හිතනවද මේ වගේ දේවල් අපේ සංස්කෘතියට ගැලපෙනවා කියලා..?

සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ.
මිනිස්සු සංස්කෘතිය රකිනවද.. ? මේ වගේ අඩනිරුවත් වුණා කියලා සංස්කෘතිය බිදෙනවද..?
සියදිවි නසාගන්න අතින් වැඩිම රට ලංකාව. සෙක්ස් කියන දේ යූටියුබ්වලින් හොයලා අපේ ලංකාව ඉස්සරහින් ඉන්නවා. ආඩම්බරයි කියන්න ඒ ගැන.
වයසක ගෑණු රේප් කරනවා. පොලි ළමයි දූෂණය කරනවා. ඉතිං මේ වගේ වීඩියෝ එකක් කළාමද සංස්කෘතිය මනින්නේ. මට හරිම තරහ එනවා ඒකට.. මට හරියට මඩ ගහනවා.
සංස්කෘතිය බිඳිනවා කියලා. ඔතනින් නැතුව වෙන තැනකින් සංස්කෘතිය හදාගත්තනම් හොදයි කියලා මට හිතෙනවා.
මේ වගේ වීඩියෝ එකක් කරාම්ද සංස්කෘතිය මනින්නේ. මට හරිම තරහ මට හරියට මඩ ගහනවා.

මීට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද..?කරන්න පුළුවන්. එහෙම නෙවෙයි කියන්නේ. එක්තරා කොටසකුයි මම කළේ. මමයි මගේ හස්බනුයි. වෙන රටවල අපි ගිහින් තියෙනවා. පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා.
කවුරුත් විසිල් ගහන්නේ නෑ. හූ කියන්නේ නෑ. සංස්කෘතිය කියන්නේ මහ මුහුදක්නම් මම ඉදිරිපත් කළේ වැලි කැටයක්.
ලංකාවේ ගොඩක් අය ඇග වහගෙන ඉන්නවා. ඇග වහගෙන ඉඳලා පිරිමින්ට ඉවසිල්ලක් නෑ. පපුවක් ඇරුණාම පුරුදු නෑ. ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා.
හැමදාම දකින කකුලගේ කරමල එක වගේ තමයි. මිනිස්සුන්ට කලාතුරකින් දැක්කම ඉවසගෙන ඉන්න බැහැ. අල්ලන්න හිතෙනවා. එක එක හැඟීම් එනවා. ඉතිං ඉස්සල්ලා මිනිස්සුන්ගේ මනසයි හදන්න ඕනේ.

ගෙදර අයගෙන්, යාළුවන්ගෙන් රසිකයින්ගෙන් මේ වීඩියෝවට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද..?මට එහෙම ප්‍රතිචාර ලැබුණා. ලස්සනයි කියනවා. මම ආශ්‍රය කරන්නේ මගේ ෆීල්ඩ් එකේ යාළුවෝ.. නිරූපන ශිල්පිණියක් විදිහට ලංකාවේ හොදම තැන්වලට යනවා.
කන්න බොන්න යනවා. ඒ ලෙවල් එකෙන් ජීවත් වෙද්දි මම ආශ්‍රය කරන අයට ඒවා සාමාන්‍ය දේවල්. අන්තර්ජාලයේ මේ වගේ වීඩියෝ ඕන තරම් ඒ අය දැකලා තියෙනවා.
ඉතිං ඒ අයට මේවා සාමාන්‍යයි. හැමෝම හොඳයි කිව්වා.

ඉදිරි බලාපොරොත්තු මොනවද..?රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.



Image may contain: one or more people, eyeglasses and closeup

Image may contain: 1 person, closeup

Image may contain: 1 person, closeup

Image may contain: 1 person, standing

Image may contain: 1 person

Image may contain: one or more people and closeup

Image may contain: 1 person, sunglasses, hat and outdoor

Image may contain: one or more people, people sleeping and beard

Image may contain: 2 people

Image may contain: 2 people

Image may contain: 2 people

Image may contain: 2 people

Image may contain: 3 people

Image may contain: 1 person

Image may contain: 1 person

Image may contain: 1 person

Piumi Srinayaka - Gihan Shamith Kumara - Prema Satana pics - FB

(වෙබ් ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා - පපුවක් ඇරුණාම පුරුදු නෑ - ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා"

    Post a Comment