01 July, 2017

වයාග්‍රා පෙත්තේ ඇත්ත

viagra - Sildenafil - tablet - medicine - doctor

අප්‍රාණිකත්වයට විස්කම් ඖෂධයක් බවට පත්ව ඇති වයාග්‍රා පෙත්ත ගන්න ඕනෑ වෛද්‍ය උපදෙස් මත ම තමා. වයාග්‍රා කොච්චර හොඳ වුණත් තරමට වඩා පාවිච්චියත් හොඳ නෑ. ගන්න ඕනෑ තරම නැත්නම් මාත්‍රාව දන්නේ වෛද්‍යවරයා පමණයි. වයාග්‍රා ගැනීම නිසා අතුරු ආබාධ හටගන්නේ කලාතුරකින් කෙනෙකුට තමා. ඒ අතුරු ආබාධත් මහා ලොකු අමාරු නොවන බවයි වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙන්නේ.

වයාග්‍රා නිසා ඇතිවන අතුරු ආබාධ අතරින් මුල්තැන ගන්නේ හිසරදය. හැබැයි හිසරදය හැදෙන්නේ සියයට 16ක් වගේ සුළු ප්‍රතිශතයකට. මුහුණ සහ ඇඟ රතුවීම සියයට 10කගේ වගේ මතුවෙනවා. බඩේ දැවිල්ල හෙවත් ආමය සියයට 7කගේ වගේ තමා වාර්තා වෙන්නේ. ඊළඟට නාසයේ බර ගතිය සියයට 4කගේ විතර වාර්තා වෙන අමාරුවක්. බඩ බුරුලට යාම තවත් සියයට 3කගේ විතර වාර්තා වන ආබාධයක්. කරකැවිල්ල එන්නෙත් සියයට 2ක විතර කණ්ඩායමකටයි.

වයාග්‍රා විස්කම් පෙත්තක් වුණේ ඔන්න ඔය නිසයි. නමුත් වයාග්‍රා ගැන අපි නොදන්න බොහෝ කරුණු තියෙන බව සමහරු මේ ගැන අහන ප්‍රශ්නවලින්ම පේනවා. අපි ඒවා යොමුකළා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේට. මෙන්න ඔහුගේ උත්තර.

වයාග්‍රා භාවිතා කළවිට දරුවන් හටගන්නේ නැද්ද?

සමහරු හිතාන ඉන්නේ වයාග්‍රා උපත්පාලන පෙත්තක් කියලයි. මේක මහා මිත්‍යාවක්. වයාග්‍රා භාවිත කරන තැනැත්තා සරු තැනැත්තෙකු සහ ස්ත්‍රිය සරු තැනැත්තියක් නම් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කර නැතිනම් දරුඵල නොලැබී යන්න හේතුවක් නෑ.

තවත් අය අහනවා වයාග්‍රා නිසා ලිංගික බෝවන රෝග හැදෙන්නේ නැද්ද කියලා?

මේකත් වැරැදි වැටහීමක්. වයාග්‍රා කියන්නේ ප්‍රාණවත් බව රැකදෙන ඖෂධයක්. ඒ නිසා ඔබ වයාග්‍රා අරගෙන අනාරක්ෂිත විදියට ලිංගිකව හැසිරුණොත්, ඒඩ්ස්, හෙපටයිටිස් B, ගොනෝරියා, උපදංශ, හර්පිස් වගේ මෙකී නොකී ලිංගිකව බෝවන රෝග හැදෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා වයාග්‍රා අරන් ඇඟට හයිය ගත්තා වුණාට විශ්වාසවන්ත එකම සහකරුවෙක් සහකාරියක් ඇසුරු කිරීම තමා හොඳම කාරණාව. කොණ්ඩමයක් භාවිතා කිරීමත් ඉතාම වැදගත්.

තවත් අය හිතනවා වයාග්‍රා එක්වරක් ගත්තොත් සදහටම ගන්න වේවි කියලා. ඒ කියන්නේ ඇබ්බැහියක් වේවි කියලා. මේක ලිංගික අප්‍රාණිකත්වයට මුහුණ දෙන හුඟක් දෙනා වයාග්‍රා නොගෙන ඉන්න පොළඹවන මිත්‍යා ගැටලුවක්.

මේක තීන්දු වෙන්නේ ලිංගික අප්‍රාණිකත්වය හටගන්න මුල්වුණ හේතුව මතයි. ඒ හේතුවට ප්‍රතිකාර කළාම අප්‍රාණිකත්වය පහවෙලා යනවා. එතකොට වයාග්‍රා ඕනෑ වෙන්නේ නෑ. භාවිතා කළත් ප්‍රතිකාර ලබාගන්නා කාලයේදී පමණක් අවශ්‍ය වෙන්නේ. රෝගය හොඳ වෙනකොට මාත්‍රාව අඩු කරන්න පුළුවනි. හොඳ ප්‍රතිඵල නැතිනම් ඉතාමත් කලාතුරකින් තමා මාත්‍රාව වැඩිකරන්න වෙන්නේ. ඒක වෛද්‍යවරයා තමා තීරණය කළ යුත්තේ. තවත් මේ වගේ වයාග්‍රා ගැටලු ගැන අපි ඉදිරියේදී කතාබහ කරමු.

 සුගත් (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වයාග්‍රා පෙත්තේ ඇත්ත"

    Post a Comment