02 May, 2017

දරු උපතින් පසු සායිෆ් කරීනා එකම චිත‍්‍රපටයක

Saif Kareena

පහුගිය කාලේම කරීනා කපූර් ඛාන් හිටියේ ගොඩක් කාර්ය බහුල වෙලා. ඒකට හේතුව චිත‍්‍රපටි රංගනය (acting) නම් නෙමෙයි.

කරීනාගෙය් සායිෆ්ගෙයි කුළුදුල් දරුවා ඉපදිලා තවම ඒ තරම් කාලයක් ගෙවිලා නැති එක. මේ හින්දම කරීනා දරු උපතෙන් පස්සේ ටික කාලයක් සිනමා රංගනයකට එක් නොවී ඉන්න තීරනය කරලා තිබ්බා කියලයි පහුගිය දවස්වල ඉන්දියාවෙන් ලැබෙන ආරංචිවල සදහන් වුනේ. හැබැයි එක පාරටම කරීනා ගැන අලුත් ආරංචියක් පැතිරෙන්න පටන් ගත්තා. 

ඒ තමයි සායීෆ් අලී ඛාන්ගේ මීළග චිත‍්‍රපටය වන ”බස් ” සදහා කරීනා රංගනයෙන් දායක වුනා කියන එක. හැබැයි කරීනා මෙහි රගපාන්නේ ප‍්‍රධාන චරිතය නම් නෙමෙයි. තප්පර කිහිපයක ආරාධිත රංගනයක් කියලයි දැන ගන්න ලැබෙන්නේ.

බෙහෙත් ගන්න යනගමන් කැලේට ගෙනිහින් 23නේ මාමා 14රේ දැරිය කෙලෙසලා

women rape case

මාමා ගේ අසනීප තත්වයට ප‍්‍රතාකාර ලබා ගැනිම සදහා වයස අවුරුදු 14 ක දැරියක් සමග යතුරු පැදියකින් යමින් සිටිය දී කැලෑ ප‍්‍රදේශයකදී රෝගි මාමා විසින් අදාල දැරියට අතවර කර ඇති බව ද පසුව අදාල මාමා අත්අඩන්ගුවට ගත් බවද නිකවැරටිය පොලීසිය පවසයි.

තමාට හෙල්මට් සහ ලයිසන් පතක් නොමැති නිසාම කැලෑ ප‍්‍රදේහයකින් අදාල දැරිය සමග ධාවනය කර ඇති මෙම මාමා සම්බන්ධව අදාල දැරියගේ දෙමාපියන් කළ පැමැණිල්ලකට අනුව ඔවුව අත් අඩංගුවට ගෙන ඇත. 23 හැවිරිදි වියේ පසුවන ලද මෙම පුද්ගලයා විසින් මීට පෙර මෙම දැරිය අතවරයට ලක් කර ඇතැයි අනාවරණය වී ඇත. (janayugaya)

ලෝකප්‍රකට ශ්‍රීනිවාස් ව්‍යාඝ්‍රයා ඝාතනය කර වළලා තිබියදී සොයාගනී – Photos

Shriniwas tiger killed and buried

ඉන්දියාවේ, මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බ‍්‍රහ්මපූර් වනඅඩවියේ ජීවත් වුණු වන සත්ත්ව ලෝලීන් අතර ප‍්‍රකට “ශ්‍රිනිවාස්” නැමැති දැවැන්ත ව්‍යාඝ‍්‍රයාව ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙනවා. මෙම ව්‍යාඝ්‍රයා මෙලෙසින් ඝාතනය කර වළලා දමා තිබියදී ඉන්දීය වනජීවී කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

විදුලිය යොදා මෙම දැවැන්ත ව්‍යාඝ්‍රයා මරා දමා ඇති අතර මෙම වන අඩවියේ ජීවත් වුණු “ජායි” නැමැති ව්‍යාඝ‍්‍රයාගේ පුත‍්‍රයෙකු ලෙස ශ්‍රිනිවාස් ව්‍යාඝ්‍රයා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මීට වසර කිහිපයකට පෙර “ජායි” නැමැති ව්‍යාඝ‍්‍රයාද අතුරුදන් වූ අතර මිනිසුන් විසින් එම සත්වයාද ඝාතනය කරන්නට ඇති බවට වන සත්ත්ව නිලධාරීහු සැකකරනවා.

“ශ්‍රීනිවාස්” වන සත්ත්ව ඡායාරූප විශාල ප‍්‍රමාණයකට පෙනී සිටි ව්‍යාඝ‍්‍රයෙකු ලෙස වන සත්ත්ව ලෝලීන් අතර ප‍්‍රකටයි.

Shriniwas tiger killed and buried-2017-05-02-16-55-16

අශාන්ගේ වෙඩින් එකේ "නිරෝෂන් දික්වැල්ල" දාපු අමුතු ඩාන්ස්

Niroshan Dickwella dance Ashan Priyanjan Wedding-00

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරුවෙකු වන අශාන් ප්‍රියංජන් පසුගියදා යුග දිවියට එළැඹුණා.

ඔහු සමගින් අතිනත් ගනු ලැබුවේ අමායි.

නිරෝෂන් දික්වැල්ල කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කන්ඩායම නියොජනය කරන සුපිරි ක්‍රිකට් තරු රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

මේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප එකතුවයි.

Niroshan Dickwella dance Ashan Priyanjan Wedding-2017-05-02-16-04-11

"මටත් ඕන පස් කන්න තමයි මමත් කන්නම් උඹත් කාපං" SF ලොක්කාගේ අම්මා පොලිස් ලොක්කාට දාපු පාට් එක

SF Lokka-Iron Ranasinghe-Mother

SF ලොක්කා නොහොත් ඉරෝන් රණසිං නැමැති පාතාල ක්‍රියාකරුගේ මව විසින් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට සිදුකළ ප්‍රකාශයක් පහතින්.

"කිම් ජොන්ග් අන් හමුවීම මට ගෞරවයක් " – ට්‍රම්ප් පච වෙයි!

donald trump - kim jong un

උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට “ගෞරවයක්” වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම හමුවෙනවා. එය මට ගෞරවයක් වේවි.” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් බ්ලූම්බර්ග් පුවත් සේවයට පැවසීය.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ දෙරට අතර උණුසුම් තත්වයක් හටගෙන තිබියදී ය.

මෙම ප්‍රකාශය පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් ධවල මන්දිරය කියා සිටියේ නායකයන් දෙදෙනාගේ හමුවකට පෙර උතුරු කොරියාව බොහෝ කොන්දේසිවලට එකඟ වියයුතු බවය.

උතුරු කොරියාවේ ප්‍රකෝපකාරී හැසිරීම් වහා නතර කරනු දැකීම වොෂින්ටනයේ අවශ්‍යතාව බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසීය.

නමුත් උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියේ තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට පෙර තමන් පළමු න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල කරන බවය.

බරපතළ රිය අනතුරින් පසු දිමංක සහ සඳුන් ෆේස්බුක් ඇවිත් කිව්ව කතාව

Dimanka Sandun Accident

පසුගියදා ප්‍රසංගයක් නිමවී පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වූ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයින් වන දිමංක වෙල්ලාලගේ හා සඳුන් පෙරේරා අනතුරෙන් දින 2කට පසුව වීඩියෝවකින් ඔවුන්ගේ රසික රසිකාවියන් අමතනු ලැබුවා.

ඒ ඔවුන්ගේ අනතුර සම්බන්ධයෙන් පැතිරයන විවිධ කටකතාවන් නිසාවෙන්.

මෙහිදී අදහස් දැක්වූ දිමංක හා සඳුන් පවසා සිටියේ විවිධ අය විසින් මෙම අනතුර පිළිබඳව වැරදි තොරතුරු වාර්තා කර තිබූ අතර යම් පිරිසක් තමන්ගේ කීර්තිනාමයට හානි කරන්නට මෙවැනි අවස්ථාවන් යොදාගන්නා බවත් අනතුරට ලක්වන අවස්ථාවේ ඔවුන් කිසිදු මත්ද්‍රව්‍යක් හෝ පානය නොකර සිටි බව ඔවුන් පවසා සිටිනවා.

මේ ඔවුන් අන්තර්ජාලයට එක්කළ වීඩියෝවයි.



Dimanka Sandun Accident-2017-04-29-10-02-39

ලිංගිකව එක්වීමේදී කාන්තාවන් සිදුකරන බොරු රඟපෑමක් සමීක්ෂණයකින් හෙළිවේ

Sex couple

ලිංගිකව එක්වීමේදී කාන්තාවන් සිදුකරන බොරුවක් අනාවරණය කර ගැනීමට සිදුකළ සමීක්ෂණයකදී හැකිවී තිබෙනවා.

ඇමරිකාවේ කෙන්සාස් විශ්ව විද්‍යාලය මගින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුම ලිංගිකව එක්වන අවස්ථාවලදී එම හැගීමට අනුගත නොවන බවයි. 

එනම් ලිංගිකව එක්වන අවස්ථාවේ බොරු මවාපෑමක් සිදුකර පිරිමියාගේ රාගය උත්සන්න කර, ලිංගික කාර්ය ඉක්මනින් අවසන් කිරීමට පෙළඹවීමයි. මෙහිදී ස්ත්‍රීන් විසින් බොරුවට දැඟලීම, කෙඳිරි ගෑම , සහ පිරිමියාව වේගයෙන් ලිංගික ක්‍රියාවට යොමු කර ගැනීමට පෙළඹේ.

එම හැගීම බොහෝ කාන්තාවන් විසින් මවා පෑමකින් සිදු කරන බවයි හෙළිවී ඇත්තේ. පුද්ගලයින් 1600ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාන්තාවන් මෙසේ සිදුකිරීමට හේතු 143 ක් හදුනාගෙන ඇති බවයි සමීක්ෂකයින් වැඩිදුරටත් පවසන්නේ.

කම්මැලිකම, ඒ සදහා හැකියාව නොමැති වීම, බීමත් කම, අධික මහන්සිය, විශාල කාලයක් වැයවීම, විවාහ ජීවිතයේ පවතින ප්‍රශ්න වැනි කරුණු අදාල හේතු 143 තුල ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

ලිංගිකව එක්වීමේදී එසේ එම ක්‍රියාවට අනුගත නොවන කාන්තාවන් වෛද්‍යවරුන් වෙත යොමුකර ප්‍රතිකාර ලබා දෙන බවයි සමීක්ෂණය සිදුකළ පිරිස පවසන්නේ.

ඩේලි මේල් ඇසුරෙන්.

කට පරිස්සම් නැති පියුමි ආසා ඔක්කෝම අඩුවක් නැතුව කනවාලු

Piyumi Botheju-04

විවාහයෙන් පස්සේ වැඩිය කරළියට ආවේ නැති පියුමි බොතේජු හෙමින් හෙමින් අලුත් නිර්මාණ එක්ක දැන් කරළියට එනවා. වෙනදට වඩා වෙනස් චරිතවලට ඇය රංගනයෙන් දායක වෙන නිසාම මේ වෙනස ගැන ඇය එක්ක කරපු සංවාදයක් තමයි මේ.....

මේ දවස්වල පියුමිව පේන්නේ වෙනස්ම හැකියාවන් එක්ක නේද?

රංගනය වගේම නර්තන, ගායන හැකියාවන් පෙන්නන්න අවස්ථාව තියෙන හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනක දායක වෙලා ඉන්නවා. මේක මගේ මුල්ම රියැලිටි අත්දැකීම. මට ඕන වුණේ මගේම ක්ෂේත්‍රයේ අයත් එක්ක මේ වගේ අත්දැකීමකට එකතු වෙන්න. දැන් අපි අවසන් වටයට තේරිලා ඉන්නවා. ඒ ගැනත් සතුටුයි.

මේ රියැලිටි නිසා පියුමිට අලුත් අලුත් දේවල් කරන්නත් වුණා කියලයි ආරංචිය?
මම මීට කලින් කවදාවත් තරගයකට කියලා නර්තනය කරලාම නැහැ. සිංදු කියලත් නැහැ. ඒ දේවල් දෙකම මම දැන් කරනවා. ගායනයට නම් ලොකුවට මහන්සි වෙන්නේ නැහැ. හැබැයි නැටුම් ඉගෙන ගන්න ටිකක් මහන්සි වෙනවා.

නැටුම් නිසා දැන් පියුමි කෙට්ටුත් වෙලාද?
කොච්චර දේවල් කළත් මම කෙට්ටු වෙන්නේ නම් නැහැ. මට කට පරිස්සම් කර ගන්න බෑනේ. ආසා කෑම ටික ඔක්කෝම අඩුවක් නැතුව කනවා.

රියැලිටිය නිසා රංගන වැඩ කරන්නේ අඩුවෙන්ද?
ටිකක් විතර අඩු කරලා තියෙන්නේ. පුහුණු වීම්වලට ගොඩක් මහන්සි වෙනවා. ඒත් මේ වැඩසටහන ඉවර වුණාට පස්සේ පුරුදු විදිහට වැඩ කරගෙන යනවා.

පියුමි දැන් විකට නිළියක්ම වෙලා කිව්වොත්?
ඇත්තටම මේ දවස්වල වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ විකට චරිතවලට. ප්‍රේක්ෂකයෝ මගේ විකට රංගනයට කැමැතියි. පබා නාට්‍යයේ හිමාලිගෙන් තමයි මගේ විකට රංගනය ප්‍රේක්ෂකයා අතරට ගියේ. අදටත් හිමාලි කියන චරිතය හැමෝටම මතකයි. සමහරු මට තාම කතා කරන්නෙත් හිමාලි කියලා.

තමන් හිනහ නොවී අනිත් අයව හිනහ ගස්සන එක කොයි වගේ දෙයක්ද?
අනිත් අයව හිනහ ගස්සන එක හිතන තරම් ‍ලේසි වැඩක් ‍නෙවෙයි. හැමෝටම කරන්න පුළුවන් වැඩකුත් නමෛයි. විකට චරිතය හරියට කළොත් විතරයි ප්‍රේක්ෂකයෝ ඒකට කැමැති වෙන්නේ. හැබැයි මට තියෙන ප්‍රතිචාර නිසා මම හිතනවා මම ඒ වැඩේ හොඳට කරනවා කියලා. මිනිස්සු සමහර වෙලාවට අපිට හිනාවෙනවා තමයි. ඒත් මිනිස්සුන්ව හිනස්සන්න අමාරුයි.

විකට රංගනය පියුමි ඉගෙන ගත්ත දෙයක්ද?
මට පුංචි හැකියාවක් තියෙන්න ඇති. ඒ හැකියාව දැකලා ගිරිරාජ් කෞෂල්‍ය තමයි එයාගේ වැඩසටහන්වලට මාව එක්කරගෙන ගිහින් මගේ ඒ හැකියාව පෙන්වන්න මට ඉඩ හදලා දුන්නේ.

පියුමි වැඩ ගොඩක් එක්ක ඉන්න කොට ගෙදර බලා කියා ගන්නේ කවුද?
ගෙදර උයන එක නම් කරන්නේ අම්මා. ගෙවල් අස් කරන වැඩ ඔක්කෝම කරන්නේ මම. මම ලස්සනට ඉන්නවා වගේම මම කැමැතියි මගේ ගෙදරත් ලස්සනට තියෙනවාට. මගේ ගෙදරට එන ඕන කෙනෙක් දන්නවා මම ගෙදර කොච්චර ලස්සනට තියාගෙන ඉන්නවාද කියලා.

පියුමිට සුනෙත්ගෙන් හම්බ වෙන සහයෝගය?
සුනෙත් එයාගේ දේශපාලන වැඩ එක්ක තමයි නිතරම ඉන්නේ. හැබැයි ඉඩ හම්බ වෙන හැම වෙලාවෙම මගේ වැඩවලට එනවා. මමත් එයාගේ වැඩවලට උදව් කරන්න පුළුවන් තරම් වෙලාව හදා ගන්නවා.

දෙන්නා දෙවිදියකට ජනප්‍රිය දෙන්නෙක්නෙ. ඒ ජනප්‍රියකම් කොහොමද දැනෙන්නෙ?
මට වඩා සුනෙත්ට මිනිස්සු කිට්ටුයි. හැමෝම හරි එකතුයි. මට තියෙන්නේ මිනිස්සු ආදරේකමක්නේ. ඒත් දැන් සුනෙත් නිසා මමත් සුනෙත් වගේම ඒ අයට කිට්ටු කෙනෙක් වෙලා. එයාට අයියේ කියන අය මටත් අක්කේ කියනවා. ඒකත් හරි සැහැල්ලු ආදරණීය දෙයක්.

පියුමි නිතරම ගෙදර නැති එකට සුනෙත්ගේ ප්‍රතිචාරය කොයි වගේද?
අපි අපේ වැඩ තේරුම් අරගෙනයි ඉන්නේ. මම කොහොමටත් කොළඹ අවට තමයි මගේ හැම වැඩක්ම දාගෙන තියෙන්නේ. ඒ නිසා මම හැමදාම ගෙදර එනවා. සුනෙත් කැමැතියි මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවාට. එයාට පේනවානේ පාරෙදි වුණත් මට ලැබෙන ආදරය.

සංවාදය - නෙලූෂා සිල්වා

සාම යෝජනාව

Maithripala-Mahinda-Cartoon

ආණ්ඩුවෙ ඉහළම මන්දිරේකින් නාරාහේන්පිට පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනාවක් ලැබුණා පැමිණ හමුවෙන්න කියල... ඒ අනුව උන්වහන්සෙත් නියමිත වෙලාවට වැඩම කළා. සාදරයෙන් පිළිගත් හාමුදුරුවන් සමඟ රහසිගත කතාවක් පටන්ගත්තෙ ඊට පස්සෙලු.

කතාවට මාතෘකාවුණේ ආණ්ඩුවෙ අනාගතේ වගේම අත පාටියෙ අනාගතෙ... හාමුරුවො හිටපු ලොකු මහත්තයගෙ සමීපතම උපදේශක කෙනෙක් නිසා උන්නැහේට විශේෂ පණිවුඩයකුත් දෙන්න කියලා කීවලු.

එතුමා විශ්‍රාමෙට කැමැතිනම් උත්තරීතර තනතුරකුත් හදල දෙන බව නැවතත් මතක් කරලලු. සමගිනොවී පක්ෂය ඉස්සරහට ගෙනයන්න බැරි බවත් දන්නලලු. තවතවත් යෝජනා කිහිපයකුත් එවල... මේ යෝජනාවල වැදගත්කම නිසා ඉක්මණින් ඒව හිටපු ලොකු තැනට දන්වන්න කියලත් ඉහළ මන්දිරේ මහත්තයා ඉල්ලලා...

ඒ වෙනකොට හිටපු ලොකු තැන හිටියෙ රජරට පළාතෙ නිසා හාමුදුරුවො ගුවන් මගින් හදිස්සියේම රජරටට වැඩල. බොහොම රහසිගතව මේ කතාව හිටපු ලොකු තැනට දන්නල... කතාව අහපු හිටපු ලොකු තැනගෙ මුහුණෙ ඉරියව් වෙනස් වෙන හැටි හාමුදුරුවො හොඳින් බලාහිටියලු... ප්‍රතිචාරෙ මුණෙන්ම පෙනුණු නිසා හාමුරුවො සාම යෝජනාවත් අරන් ආපසු කොළඹට වැඩම කළා කියල ආරංචියි. (deshaya)

අවුරුදු දාහතරක් ගිහිල්ලත් රසික ආදරයේ වෙනසක් නෑ

Sasanthi Jayasekara-00

පුංචි තිරයේ වගේම සිනමා තිරයේ හැඩකාර රංගන ශිල්පිනියක වූ සසන්ති පසුගිය කාලය පුරාවටම දකින්න ලැබුණෙ නැහැ. වසර දහයකටත් වඩා කාලයක් තිස්සේ ඇය වෙසෙන්නේ එංගලන්තයේ වීම ඊට හේතුවයි. එංගලන්තයේ සිට දිවි ගෙවන සසන්ති සඳැල්ල සමග කතා බහකට එක්වූ අයුරුයි මේ.

සසන්ති එංගලන්තයේ පදිංචියට ගිහින් කොපමණ කල් වෙනවද?

අවුරුදු 14ක් විතර වෙනවා.

ඒ ගෙවී ගිය කාලයේදී ලංකාවට ආවෙම නැද්ද?

දෙපාරක් විතර ආවා.

ඇවිත් රඟපෑමටත් එක්වුණාද?

නාට්‍ය දෙකක රඟපෑවා.

අන්තිමට ඔබ රගපෑ නිර්මාණ අතරින් වඩා ජනප‍්‍රිය වුණේ?

ජූලියා

එංගලන්තයේ 14 වසරක්? කොහොමද ඒ ගෙවී ගිය කාලය දැනෙන්නෙ?

එදා ඉඳලාම මගේ හීනයක් තිබුණා එංගලන්තයේ සංචාරය කරන්න. එහි පදිංචියට යන්න. ඉතින් පසු කාලයකදී ඒ හීනය සැබෑවුණා. නමුත් ආසාවෙන් ගියාට, මුල් කාලයේදී මට හරියට අසීරු වුණා ඒ පරිසරයට හුරු පුරුදු වෙන්න. ඒ නිසා කීපවතාවකදීම නැවත ලංකාවට එන්නත් හිතුවා. නමුත් රැුකියාවක් කරමින් ඉගෙන ගනිමින්, පුතාගේ අධ්‍යාපනය ගැන බලමින් දිගටම කටයුතු කරගෙන ගියා. මගේ අම්මාගෙන් තාත්තාගෙන් මට කවදත් උදවු තිබුණා. ඒ වගේම එංගලන්තයේදී නිමල්කා, සුජාතා ඇතුළු හොඳම යාළුවෝ පිරිසක් හඳුනා ගන්න ලැබුණා. පුතා හොඳට ඉගෙන ගන්න පටන්ගත්තා. එයා පාපන්දු ක‍්‍රීඩාවටත් අති දක්ෂයෙක් වුණා. ඒ හන්දා අවුරුදු දෙක බැගින් කාලය දිගු කරගෙන දිගටම එංගලන්තයේ හිටියා. අන්තිමට මම මට නොවී, පුතා ගැනම හිතන්න පටන්ගත්තා. ඒ නිසා එංගලන්තය මගේ ඉදිරි ජීවිතයේ නවාතැන බවට පත්වුණා.

පේ‍්‍රක්ෂකයින්ට ඔබ ගැන මතකය කොහොම කියලද දැනෙන්නෙ?

ඒක නම් හරි පුදුම දෙයක්. කියන්න හරිම සතුටුයි. අවුරුදු 14ක් ගිහිල්ලත් මිනිස්සු මට තවමත් පුදුම ආදරෙයි.

ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?

දැන් මම මේ රටේ දිගටම ජීවත්වේවි.

රඟපෑමෙන් ඈත්ව සිටින විට ජීවිතය දැනෙන්නෙ කොහොමද?

දීර්ඝ කාලයක් රඟපෑමේ නිරත වෙලා එයින් ඉවත් වෙලා සිටීම ඉතා අසීරු දෙයක්. රඟපෑම නැතුව එය හිතේ තද කරන් සිටීම තවත් අසීරු දෙයක්. කාලයක් කැමරාව ඉදිරියට නොගිහින් නැවත වතාවක් මේ මෑතකදී කැමරාව ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. මම හිතුවෙ මට එය ආධුනික අවස්ථාවක් වේවි කියලයි. නමුත් ”සිහිනයකි රෑ” වැඩසටහන වෙනුවෙන් මම සහ එංගලන්තයේ වෙසෙන කාංචනා මෙන්ඩිසුත් එක්වුණා. ජාතික රූපවාහිනිය ඒ වැඩසටහන හරි අපූරුවට ඉදිරිපත් කළා. ඊට අමතරව පසුගිය කාලයේදී සේනක විජේසිංහ අයියා නිර්මාණය කළ නාට්‍යයක් සහ තවත් නාට්‍ය කීපයකටම රඟපෑමට මට ආරාධනා ලැබුණා. ඒ අතරේ තවත් ලොකු සිහිනයක් මට තියෙනවා.

ඒ මොකක්ද?

ප‍්‍රසන්න ජයකොඩිගෙ නිර්මාණයක රඟපෑමට.

දැන් සසන්තිගෙ අලූත් ජීවිතයෙ විස්තර කිව්වොත්?

ලන්ඩන්වල රැුකියාව කරද්දී තමයි මට එයා මුලින්ම හමුවුණේ. ඒ අවුරුදු පහකට විතර පෙරදීයි. පළමු දිනයේම අපි දෙන්නා හොඳ යාළුවො වුණා. පසුව අපි හමුවී කතා කළාම මට එයාව දැනුණේ මගේ ජීවිත කාලය පුරාවටම එයා තමයි සුදුසු කෙනා කියලයි. මම කවදාවත් එච්චර ඉක්මනට කෙනෙකුට කැමති වෙලා නැහැ. නමුත් ස්ටීව් පුදුම හොඳ කෙනෙක් බව මට වැටහුණා. දැන් අපි හොඳ ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා. එයාගෙ පුතායි, මගේ පුතායි අපි ඔක්කෝම හරිම සතුටින් ජීවත් වෙනවා.

ඔබගෙ පුතා රඟපෑමට දක්ෂ ද?

පාසලේදී වේදිකාවේ නිර්මාණ බොහොමයකට එයා දායක වුණා. හොඳම රංගන ශිල්පියා ලෙසත් සම්මාන ලබා තිබෙනවා. නමුත් එයා බොහෝ දක්ෂ ක‍්‍රීඩා අංශයටයි. පාපන්දු ඇතුළු ක‍්‍රීඩා අංශ පහකට විතර එයා දායක වෙනවා. පුතා මට හරිම සමීපයි. එයා මාව නැතුව මොහොතක්වත් තනියම ඉන්න කැමති නැහැ. මගේ මහත්තයත් ඒ වගේමයි. පවුලට බොහෝම ලැදි හොඳ ගුණවත් චරිතයක්. අපි ශ්‍රී ලංකාවේ විදියට අවුරුදු පවා සැමරුවා. ලෝකයේ කොතැනක සිටියත්, ඒවා නම් අමතක කරන්නෙ නැහැ.

දැන් ඔබ මොනවද කරන්නෙ?

Sasi සසී නමින් රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. ශ්‍රී ලාංකීය වෙඩින් තමයි වැඩිපුර කරන්නෙ. ඉතින් එයින් ලබන සතුටත් හරි ඉහළයි.

අතීතය ගැන අද හැෙඟන්නෙ මොන විදියටද?

වර්තමානයේ මේ කරන කියන පරිසරය තනා දෙන්න අතීතයේ සිදුවීම් සහ මුහුණදුන් දේ ඉවහල් වුණා.

එදා මට විවාහය නිසා අසීරුතාවලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් ජීවිතය වැටෙන තරමට කරදර ආවේ නැහැ. අද සියයට සීයක්ම මම සතුටින් ජීවිතය ගෙවන බව කියන්න පුළුවනි. මම කාටවත් වරදක් නොකළ කෙනෙක්. මම කවදාවත් තණ්හාවක් තිබුණු කෙනක් නෙවෙයි. නැවත අතීතයට ගිහින් හදාගන්න දෙයක් මට නැහැ. මේ වර්තමානය හරිම අරුත්බරයි. ඒ වගේම හරිම සුන්දරයි. පියකු ලෙස ස්ටීව් පුතාලා ගැන ඉතා හොඳින් සොයා බලා කටයුතු කරන අතර, බිරිඳ ලෙස මට දෙන ගෞරවය ආදරය ඉහළයි. ඉතින් තව වෙන මොනවද අවශ්‍ය කරන්නෙ? සසන්ති ඉතා සතුටින් ජීවත් වෙනවා.

සඳුන් ගමගේ

ගම්පොළ සය හැවිරිදි දරුවකුව බලු රංචුවක් ගොදුරු කරගෙන

Child victims of dog herd

දඩාවතේ යන බලු රංචුවකගේ ගොදුරක් බවට පත්වූ අවුරුදු 6ක කුඩා දරුවකු බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

ගම්පොළ, බෝතලාපිටිය ෆාතිමා ගාඩ්න්හි පදිංචි මොහොමඩ් උස්මාන් නමැති මෙම දරුවා ගම්පොළ ජාත්‍යන්තර පාසලක පළමු ශේ‍ර්ණියේ ඉගෙනුම ලබයි.

මෙම බලු රංචුවේ සපා කෑම්වලට ලක්ව මොහුගේ ශරීරයේ තුවාල 40ක් පමණ තිබූ බව එම දරුවාගේ මාපියෝ පවසති.

හිසෙන් කොටසක් හා පාදවලින් කොටස් කඩා ගෙන ගොස් ඇති මෙම බලු රංචුව දරුවාට සිහි නැති වන තුරුම සපා කා ඇත.

ගම්පොළ නගරය ආශ්‍රිතව තැන තැන විශාල වශයෙන් බලු රංචු ගැවසෙන අතර මේ නිසා ජන ජීවිතයද අඩාල වන අන්දමේ තර්ජන මෙම බලු රංචුවෙන් එල්ල වී ඇති බව ජනතාව පවසති.

බෝතලාපිටිය ජනතාව පවසන්නේ බල්ලන් දහ පහළොස් දෙනා බැගින් විශාල බලු රංචු මෙම ප්‍රදේශයේ සිටින නිසා පාරතොට පාර, දේවරාජ මාවත, කහටපිටිය, බැබිල ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ නිසා ගැටලු පැනනැඟී ඇති බවයි. බෝතලාපිටිය ප්‍රදේශයේ සිටින මෙම බලු රංචුව දඩයමට හුරු වී ඇති බවත් මේ වන විට විශාල එළුවකු ඇතුළුව බළලුන් හා කුකුළන් දඩයම් කොට ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

මේ දරුවාද මෙම මාර්ගයේ තනිව එමින් සිටියදී හය, හත් දෙනකුගෙන් පමණ සැදුණු බලු රංචුවකට මැදි වී ඇති බවත් උන් දරුවා බිම පෙරළා ශරීරයේ කොටස් කා ඇදගෙන යමින් සිටියදී ගුරුවරියක වන ජෙස්මින් නමැති අය එය දැක දරුවා බේරාගෙන ඇත.

ගම්පොළ - මාධව බණ්ඩාර (mawbima)