02 May, 2017

"කිම් ජොන්ග් අන් හමුවීම මට ගෞරවයක් " – ට්‍රම්ප් පච වෙයි!

donald trump - kim jong un

උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට “ගෞරවයක්” වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම හමුවෙනවා. එය මට ගෞරවයක් වේවි.” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් බ්ලූම්බර්ග් පුවත් සේවයට පැවසීය.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ දෙරට අතර උණුසුම් තත්වයක් හටගෙන තිබියදී ය.

මෙම ප්‍රකාශය පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් ධවල මන්දිරය කියා සිටියේ නායකයන් දෙදෙනාගේ හමුවකට පෙර උතුරු කොරියාව බොහෝ කොන්දේසිවලට එකඟ වියයුතු බවය.

උතුරු කොරියාවේ ප්‍රකෝපකාරී හැසිරීම් වහා නතර කරනු දැකීම වොෂින්ටනයේ අවශ්‍යතාව බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසීය.

නමුත් උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියේ තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට පෙර තමන් පළමු න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල කරන බවය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""කිම් ජොන්ග් අන් හමුවීම මට ගෞරවයක් " – ට්‍රම්ප් පච වෙයි!"

    Post a Comment