02 May, 2017

කට පරිස්සම් නැති පියුමි ආසා ඔක්කෝම අඩුවක් නැතුව කනවාලු

Piyumi Botheju-04

විවාහයෙන් පස්සේ වැඩිය කරළියට ආවේ නැති පියුමි බොතේජු හෙමින් හෙමින් අලුත් නිර්මාණ එක්ක දැන් කරළියට එනවා. වෙනදට වඩා වෙනස් චරිතවලට ඇය රංගනයෙන් දායක වෙන නිසාම මේ වෙනස ගැන ඇය එක්ක කරපු සංවාදයක් තමයි මේ.....

මේ දවස්වල පියුමිව පේන්නේ වෙනස්ම හැකියාවන් එක්ක නේද?

රංගනය වගේම නර්තන, ගායන හැකියාවන් පෙන්නන්න අවස්ථාව තියෙන හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනක දායක වෙලා ඉන්නවා. මේක මගේ මුල්ම රියැලිටි අත්දැකීම. මට ඕන වුණේ මගේම ක්ෂේත්‍රයේ අයත් එක්ක මේ වගේ අත්දැකීමකට එකතු වෙන්න. දැන් අපි අවසන් වටයට තේරිලා ඉන්නවා. ඒ ගැනත් සතුටුයි.

මේ රියැලිටි නිසා පියුමිට අලුත් අලුත් දේවල් කරන්නත් වුණා කියලයි ආරංචිය?
මම මීට කලින් කවදාවත් තරගයකට කියලා නර්තනය කරලාම නැහැ. සිංදු කියලත් නැහැ. ඒ දේවල් දෙකම මම දැන් කරනවා. ගායනයට නම් ලොකුවට මහන්සි වෙන්නේ නැහැ. හැබැයි නැටුම් ඉගෙන ගන්න ටිකක් මහන්සි වෙනවා.

නැටුම් නිසා දැන් පියුමි කෙට්ටුත් වෙලාද?
කොච්චර දේවල් කළත් මම කෙට්ටු වෙන්නේ නම් නැහැ. මට කට පරිස්සම් කර ගන්න බෑනේ. ආසා කෑම ටික ඔක්කෝම අඩුවක් නැතුව කනවා.

රියැලිටිය නිසා රංගන වැඩ කරන්නේ අඩුවෙන්ද?
ටිකක් විතර අඩු කරලා තියෙන්නේ. පුහුණු වීම්වලට ගොඩක් මහන්සි වෙනවා. ඒත් මේ වැඩසටහන ඉවර වුණාට පස්සේ පුරුදු විදිහට වැඩ කරගෙන යනවා.

පියුමි දැන් විකට නිළියක්ම වෙලා කිව්වොත්?
ඇත්තටම මේ දවස්වල වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ විකට චරිතවලට. ප්‍රේක්ෂකයෝ මගේ විකට රංගනයට කැමැතියි. පබා නාට්‍යයේ හිමාලිගෙන් තමයි මගේ විකට රංගනය ප්‍රේක්ෂකයා අතරට ගියේ. අදටත් හිමාලි කියන චරිතය හැමෝටම මතකයි. සමහරු මට තාම කතා කරන්නෙත් හිමාලි කියලා.

තමන් හිනහ නොවී අනිත් අයව හිනහ ගස්සන එක කොයි වගේ දෙයක්ද?
අනිත් අයව හිනහ ගස්සන එක හිතන තරම් ‍ලේසි වැඩක් ‍නෙවෙයි. හැමෝටම කරන්න පුළුවන් වැඩකුත් නමෛයි. විකට චරිතය හරියට කළොත් විතරයි ප්‍රේක්ෂකයෝ ඒකට කැමැති වෙන්නේ. හැබැයි මට තියෙන ප්‍රතිචාර නිසා මම හිතනවා මම ඒ වැඩේ හොඳට කරනවා කියලා. මිනිස්සු සමහර වෙලාවට අපිට හිනාවෙනවා තමයි. ඒත් මිනිස්සුන්ව හිනස්සන්න අමාරුයි.

විකට රංගනය පියුමි ඉගෙන ගත්ත දෙයක්ද?
මට පුංචි හැකියාවක් තියෙන්න ඇති. ඒ හැකියාව දැකලා ගිරිරාජ් කෞෂල්‍ය තමයි එයාගේ වැඩසටහන්වලට මාව එක්කරගෙන ගිහින් මගේ ඒ හැකියාව පෙන්වන්න මට ඉඩ හදලා දුන්නේ.

පියුමි වැඩ ගොඩක් එක්ක ඉන්න කොට ගෙදර බලා කියා ගන්නේ කවුද?
ගෙදර උයන එක නම් කරන්නේ අම්මා. ගෙවල් අස් කරන වැඩ ඔක්කෝම කරන්නේ මම. මම ලස්සනට ඉන්නවා වගේම මම කැමැතියි මගේ ගෙදරත් ලස්සනට තියෙනවාට. මගේ ගෙදරට එන ඕන කෙනෙක් දන්නවා මම ගෙදර කොච්චර ලස්සනට තියාගෙන ඉන්නවාද කියලා.

පියුමිට සුනෙත්ගෙන් හම්බ වෙන සහයෝගය?
සුනෙත් එයාගේ දේශපාලන වැඩ එක්ක තමයි නිතරම ඉන්නේ. හැබැයි ඉඩ හම්බ වෙන හැම වෙලාවෙම මගේ වැඩවලට එනවා. මමත් එයාගේ වැඩවලට උදව් කරන්න පුළුවන් තරම් වෙලාව හදා ගන්නවා.

දෙන්නා දෙවිදියකට ජනප්‍රිය දෙන්නෙක්නෙ. ඒ ජනප්‍රියකම් කොහොමද දැනෙන්නෙ?
මට වඩා සුනෙත්ට මිනිස්සු කිට්ටුයි. හැමෝම හරි එකතුයි. මට තියෙන්නේ මිනිස්සු ආදරේකමක්නේ. ඒත් දැන් සුනෙත් නිසා මමත් සුනෙත් වගේම ඒ අයට කිට්ටු කෙනෙක් වෙලා. එයාට අයියේ කියන අය මටත් අක්කේ කියනවා. ඒකත් හරි සැහැල්ලු ආදරණීය දෙයක්.

පියුමි නිතරම ගෙදර නැති එකට සුනෙත්ගේ ප්‍රතිචාරය කොයි වගේද?
අපි අපේ වැඩ තේරුම් අරගෙනයි ඉන්නේ. මම කොහොමටත් කොළඹ අවට තමයි මගේ හැම වැඩක්ම දාගෙන තියෙන්නේ. ඒ නිසා මම හැමදාම ගෙදර එනවා. සුනෙත් කැමැතියි මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවාට. එයාට පේනවානේ පාරෙදි වුණත් මට ලැබෙන ආදරය.

සංවාදය - නෙලූෂා සිල්වා

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කට පරිස්සම් නැති පියුමි ආසා ඔක්කෝම අඩුවක් නැතුව කනවාලු"

    Post a Comment