02 May, 2017

සාම යෝජනාව

Maithripala-Mahinda-Cartoon

ආණ්ඩුවෙ ඉහළම මන්දිරේකින් නාරාහේන්පිට පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනාවක් ලැබුණා පැමිණ හමුවෙන්න කියල... ඒ අනුව උන්වහන්සෙත් නියමිත වෙලාවට වැඩම කළා. සාදරයෙන් පිළිගත් හාමුදුරුවන් සමඟ රහසිගත කතාවක් පටන්ගත්තෙ ඊට පස්සෙලු.

කතාවට මාතෘකාවුණේ ආණ්ඩුවෙ අනාගතේ වගේම අත පාටියෙ අනාගතෙ... හාමුරුවො හිටපු ලොකු මහත්තයගෙ සමීපතම උපදේශක කෙනෙක් නිසා උන්නැහේට විශේෂ පණිවුඩයකුත් දෙන්න කියලා කීවලු.

එතුමා විශ්‍රාමෙට කැමැතිනම් උත්තරීතර තනතුරකුත් හදල දෙන බව නැවතත් මතක් කරලලු. සමගිනොවී පක්ෂය ඉස්සරහට ගෙනයන්න බැරි බවත් දන්නලලු. තවතවත් යෝජනා කිහිපයකුත් එවල... මේ යෝජනාවල වැදගත්කම නිසා ඉක්මණින් ඒව හිටපු ලොකු තැනට දන්වන්න කියලත් ඉහළ මන්දිරේ මහත්තයා ඉල්ලලා...

ඒ වෙනකොට හිටපු ලොකු තැන හිටියෙ රජරට පළාතෙ නිසා හාමුදුරුවො ගුවන් මගින් හදිස්සියේම රජරටට වැඩල. බොහොම රහසිගතව මේ කතාව හිටපු ලොකු තැනට දන්නල... කතාව අහපු හිටපු ලොකු තැනගෙ මුහුණෙ ඉරියව් වෙනස් වෙන හැටි හාමුදුරුවො හොඳින් බලාහිටියලු... ප්‍රතිචාරෙ මුණෙන්ම පෙනුණු නිසා හාමුරුවො සාම යෝජනාවත් අරන් ආපසු කොළඹට වැඩම කළා කියල ආරංචියි. (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සාම යෝජනාව"

    Post a Comment