02 May, 2017

ලිංගිකව එක්වීමේදී කාන්තාවන් සිදුකරන බොරු රඟපෑමක් සමීක්ෂණයකින් හෙළිවේ

Sex couple

ලිංගිකව එක්වීමේදී කාන්තාවන් සිදුකරන බොරුවක් අනාවරණය කර ගැනීමට සිදුකළ සමීක්ෂණයකදී හැකිවී තිබෙනවා.

ඇමරිකාවේ කෙන්සාස් විශ්ව විද්‍යාලය මගින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුම ලිංගිකව එක්වන අවස්ථාවලදී එම හැගීමට අනුගත නොවන බවයි. 

එනම් ලිංගිකව එක්වන අවස්ථාවේ බොරු මවාපෑමක් සිදුකර පිරිමියාගේ රාගය උත්සන්න කර, ලිංගික කාර්ය ඉක්මනින් අවසන් කිරීමට පෙළඹවීමයි. මෙහිදී ස්ත්‍රීන් විසින් බොරුවට දැඟලීම, කෙඳිරි ගෑම , සහ පිරිමියාව වේගයෙන් ලිංගික ක්‍රියාවට යොමු කර ගැනීමට පෙළඹේ.

එම හැගීම බොහෝ කාන්තාවන් විසින් මවා පෑමකින් සිදු කරන බවයි හෙළිවී ඇත්තේ. පුද්ගලයින් 1600ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාන්තාවන් මෙසේ සිදුකිරීමට හේතු 143 ක් හදුනාගෙන ඇති බවයි සමීක්ෂකයින් වැඩිදුරටත් පවසන්නේ.

කම්මැලිකම, ඒ සදහා හැකියාව නොමැති වීම, බීමත් කම, අධික මහන්සිය, විශාල කාලයක් වැයවීම, විවාහ ජීවිතයේ පවතින ප්‍රශ්න වැනි කරුණු අදාල හේතු 143 තුල ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

ලිංගිකව එක්වීමේදී එසේ එම ක්‍රියාවට අනුගත නොවන කාන්තාවන් වෛද්‍යවරුන් වෙත යොමුකර ප්‍රතිකාර ලබා දෙන බවයි සමීක්ෂණය සිදුකළ පිරිස පවසන්නේ.

ඩේලි මේල් ඇසුරෙන්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගිකව එක්වීමේදී කාන්තාවන් සිදුකරන බොරු රඟපෑමක් සමීක්ෂණයකින් හෙළිවේ"

    Post a Comment