දඩාවතේ යන බලු රංචුවකගේ ගොදුරක් බවට පත්වූ අවුරුදු 6ක කුඩා දරුවකු බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
ගම්පොළ, බෝතලාපිටිය ෆාතිමා ගාඩ්න්හි පදිංචි මොහොමඩ් උස්මාන් නමැති මෙම දරුවා ගම්පොළ ජාත්‍යන්තර පාසලක පළමු ශේර්ණියේ ඉගෙනුම ලබයි.
මෙම බලු රංචුවේ සපා කෑම්වලට ලක්ව මොහුගේ ශරීරයේ තුවාල 40ක් පමණ තිබූ බව එම දරුවාගේ මාපියෝ පවසති.
හිසෙන් කොටසක් හා පාදවලින් කොටස් කඩා ගෙන ගොස් ඇති මෙම බලු රංචුව දරුවාට සිහි නැති වන තුරුම සපා කා ඇත.
ගම්පොළ නගරය ආශ්‍රිතව තැන තැන විශාල
වශයෙන් බලු රංචු ගැවසෙන අතර මේ නිසා ජන ජීවිතයද අඩාල වන අන්දමේ තර්ජන මෙම බලු රංචුවෙන් එල්ල වී ඇති බව ජනතාව පවසති.
බෝතලාපිටිය ජනතාව පවසන්නේ බල්ලන් දහ පහළොස් දෙනා බැගින් විශාල බලු රංචු මෙම ප්‍රදේශයේ සිටින නිසා පාරතොට පාර, දේවරාජ මාවත, කහටපිටිය, බැබිල ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ නිසා ගැටලු පැනනැඟී ඇති බවයි. බෝතලාපිටිය ප්‍රදේශයේ සිටින මෙම බලු රංචුව දඩයමට හුරු වී ඇති බවත් මේ වන විට විශාල එළුවකු ඇතුළුව බළලුන් හා කුකුළන් දඩයම් කොට ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
මේ දරුවාද මෙම මාර්ගයේ තනිව එමින් සිටියදී හය, හත් දෙනකුගෙන් පමණ සැදුණු බලු රංචුවකට මැදි වී ඇති බවත් උන් දරුවා බිම පෙරළා ශරීරයේ කොටස් කා ඇදගෙන යමින් සිටියදී ගුරුවරියක වන ජෙස්මින් නමැති අය එය දැක දරුවා බේරාගෙන ඇත.

ගම්පොළ - මාධව බණ්ඩාර (mawbima)
Share this
|
|
0 Comment to "ගම්පොළ සය හැවිරිදි දරුවකුව බලු රංචුවක් ගොදුරු කරගෙන "
Post a Comment