
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පූර්ව ඓතිහාසික හා ඓතිහාසික යුගයට අයත් ස්ථාන 43ක් තිබෙන බැව් පුරා විද්‍යාඥයෝ පවසති.
ඒ අතුරින් විජය, කුවේණි පුවත හා සම්බන්ධ කුදිරමලේ නම් ස්ථානය බොහෝ සංචාරකයන්ගේ අවධානයට
ලක්වී ඇත. එයට හේතුව එහි කුවේණි මාලිගයේ නටබුන් දැකගත හැකිවීමයි. එම නටබුන් අවට හොඳින් වැඩුණු කපුගස් ගණනාවක් දැකගත හැකිය. කුවේණිය කපු කැටීම කළ බවට ඇති ඓතිහාසික කරුණු ඒ හා බැඳී පවතී.
එසේම අවට භූමියේ පස් තඹ පැහැය ගෙන ඇත. තම්බපණ්ණි යන නම ඇතිවීමට හේතුවූයේ මෙම පසෙහි ස්වභාවයයි. මෙම ඓතිහාසික ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂා කරනු ලබයි.
ගොකරැල්ල _ ප්‍රසන්න රණසිංහ (mawbima)
එසේම අවට භූමියේ පස් තඹ පැහැය ගෙන ඇත. තම්බපණ්ණි යන නම ඇතිවීමට හේතුවූයේ මෙම පසෙහි ස්වභාවයයි. මෙම ඓතිහාසික ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂා කරනු ලබයි.
ගොකරැල්ල _ ප්‍රසන්න රණසිංහ (mawbima)
Share this
|
|
0 Comment to "විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති ඓතිහාසික ස්ථාන 43ක් හඳුනාගෙන"
Post a Comment