02 May, 2017

දරු උපතින් පසු සායිෆ් කරීනා එකම චිත‍්‍රපටයක

Saif Kareena

පහුගිය කාලේම කරීනා කපූර් ඛාන් හිටියේ ගොඩක් කාර්ය බහුල වෙලා. ඒකට හේතුව චිත‍්‍රපටි රංගනය (acting) නම් නෙමෙයි.

කරීනාගෙය් සායිෆ්ගෙයි කුළුදුල් දරුවා ඉපදිලා තවම ඒ තරම් කාලයක් ගෙවිලා නැති එක. මේ හින්දම කරීනා දරු උපතෙන් පස්සේ ටික කාලයක් සිනමා රංගනයකට එක් නොවී ඉන්න තීරනය කරලා තිබ්බා කියලයි පහුගිය දවස්වල ඉන්දියාවෙන් ලැබෙන ආරංචිවල සදහන් වුනේ. හැබැයි එක පාරටම කරීනා ගැන අලුත් ආරංචියක් පැතිරෙන්න පටන් ගත්තා. 

ඒ තමයි සායීෆ් අලී ඛාන්ගේ මීළග චිත‍්‍රපටය වන ”බස් ” සදහා කරීනා රංගනයෙන් දායක වුනා කියන එක. හැබැයි කරීනා මෙහි රගපාන්නේ ප‍්‍රධාන චරිතය නම් නෙමෙයි. තප්පර කිහිපයක ආරාධිත රංගනයක් කියලයි දැන ගන්න ලැබෙන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දරු උපතින් පසු සායිෆ් කරීනා එකම චිත‍්‍රපටයක"

    Post a Comment