30 March, 2017

ස්කෑන් කරන්න එන කතුන්ගේ දෑස් බැඳ නිරුවත වීඩියෝ කරන මහනුවර රෝහලක්!

lady nude video secretly

වකුගඩු රෝගයෙන් පෙළෙන හතළිස් හය හැවිරිදී මවක් ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමට මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේදී ස්කෑන් කාමරය තුළදී රෙදි කඩකින්දෑස් බැද ජංගම දුරකථනයකින් ඇගේ ශරීරයේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගතකළ එහි විකිරණ ශිල්පියෙකු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් ඊයේ (29) අත් අඩංගුවට ගත්තා.

දෑස් බැද මද වේලාවක් ගතවන විට සැකසිතූ මෙම කාන්තාව දෑස් ලිහා බැලූ විට සිද්ධිය තහවුරු වී ඇති අතර එහිදී විකිරණ ශිල්පියා දිව ගොස් තිබේ. අදාල තැනැත්තා සමග කළ පොරබැදීමකදී තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට අතුළත් කර තිබෙනවා. අත් අඩංගුවට ගැණුනු ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එම කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ එහි ඇති බවට පොලීසිය විසින් තහවුරු කරගෙන තිබෙනවා.

මෙයට අමතරව තවත් නිරුවත් වීඩියෝ හා ඡායාරූප එහි තිබී ඇත. සැකකරු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සංඝරත්නයට ගරු කරළා විමල් කිරි බීලා - උපවාසය ඉවරයි

wimal weerawansa strike

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන ආ උපවාසය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසන්නේ උපවාසය අත්හරින ලෙස මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමට ගරු කරමින් මේ මොහොතේ කිරි වීදුරුවක් පානය කොට උපවාසය අත්හළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ අද දින පෙරවරුවේ විමල් වීරවංශ මහතාගේ සැප දුක් බැලීමට කෝට්ටේ අනුනායක ගොඩපිටියේ රාහුල හිමි, උදිත හිමි, සුමනජෝති හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් වැඩම කළ බවත්, උන්වහන්සේලා විසින් මෙම උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටි බවයි.

මුතුහෙට්ටිගම එලවන්නැයි අගමැති කියයි

Nishantha Muthuhettigama-06

වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම කැබිනට් සම්ප්‍රදාය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින් වහාම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගතයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (28) කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ.

වරාය විෂය බාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විදෙස් ගතව සිටි බැවින් වැඩබලන අමාත්‍යවරයා ලෙස පසුගිය සතියේ (21) කැබිනට් මණ්ඩලයට සහභාගිවූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඇතුලත් කොට සකසන ලද පත්‍රීකාවේ පිටපතක් ඊට පෙරදින විපක්ෂය වෙත ලබාදී ඇති බවට චෝදනා කරමින් අගමැතිවරයා එම අවධාරණය කර ඇත.

හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන වාසුදේව නානායක්කාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත්කල පෙත්සමට, මුතුගමහෙට්ටි මහතාගේ නිරීක්ෂණ වාර්තාව ද සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කර තිබිණ.

වැඩබලන ඇමතිවරයාගේ ක්‍රියා කලාපය හම්බන්තොට ගිවිසුම අත්සන් කිරීම පමා කොට රට ආර්ථික අර්බුදයකට ලක්කිරීමේ අදිසි හස්තයක කුමත්‍රණයක් විය හැකි බවට අගමැතිවරයා අනතුරු හඟවා තිබේ.

කෙසේවුවද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් ඉදිරිපත්කල වාර්තාව, අර්ජුන රණතුංග මහතා ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් සකසනු ලැබුවක් බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

එහි පිටපතක් වාසුදේව නානායක්කාර මහතාට ලබාදී ඇත්තේද අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු විසින් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. (ශ්‍රීලංකන්මිරර්)

අසභ්‍ය වෙබ් අඩවි 857ක් තහනම් කෙරේ!



නිල් චිත්‍රපට ඇතුලත් වෙබ් අඩවි 857 ක් තහනම් කිරීමට හා ඒවා block කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගෙන තිබෙනවා.

එහෙත් තවමත් proxy ආධාරයෙන් මේ වා තුලට යාමට හැකියාව ඇති බවත් ඉදිරියේදී ඒවා සඳහාද ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දියානු සන්නිවේදන දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක NN කාවුල් පවසනවා.






ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩක

Sando Haris

සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙන්න යනවා කියලා ආරංචියි?

ඔව්. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. ඒ චිත්‍රපටයේ නම "කිංග් ඔෆ් දියවන්නාව". චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ කෙනෙක්. මිනිස්සු මැරුණට පස්සේ වෙන්නේ මොනවද කියන දේ තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. අනෙක් චරිත මම තෝරා ගත්තේ වර්ක් ෂොප් එකක් තියලා. ඒ පිරිස අලුත්ම පිරිසක්.

චිත්‍රපටයක් හදද්දී ජනප්‍රියම ශිල්පීන් සම්බන්ධ කර ගන්න රැල්ල ඇතුළේ, ඔබ ඇයි අලුත් පිරිසකට තැන දෙන්න හිතුවේ?

ජනප්‍රිය චරිත දැක්කොත් මේ ඉදිරිපත් කරන කතාව බිඳෙන්න පුළුවන්. වෙන රටවල අලුත් අයට තැන දෙනවා. ලංකාවේ තමයි අපි විතරයි ඉන්න ඕනේ කියලා එකම පිරිසක් රංගනයේ දකින්න ලැබෙන්නේ. මට වයස 70,80 සීමාවේ පිරිසකුත් චිත්‍රපටයට ඕන වෙලා තියෙනවා. රංගනයට දක්ෂතාවය තියෙන ඒ සීමාවේ පිරිසකුත් ලැබුණොත් මගේ චිත්‍රපටයට මම සම්බන්ධ කර ගන්නවා. අපි නවකයන්ට තැන දෙන්න ඕන.

ජනප්‍රිය චරිත නැතුව චිත්‍රපටය මාකට් කරගන්න පුළුවන් වෙයිද?

පිටපත හොඳ නම් ජනප්‍රියත්වය අවශ්‍ය වෙන්නේ නෑ. පිටපත හොඳ නැත්නම් තමයි ජනප්‍රිය නළු නිළියෝ අවශ්‍ය වෙන්නේ. මේක අලුත් පිරිසක් සම්බන්ධ කරගෙන ඉන්ටර්නැෂනල් මාකට් එකකට ගෙනියන්නත් හිතාගෙන හදන චිත්‍රපටයක්.

චිත්‍රපටයට සම්බන්ධ කරගන්න ජනප්‍රිය ගායකයාගෙන් හොඳ රංගන දායකත්වයක් ගන්න පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන්ම ඔහු රංගනයට හොඳ දායකත්වයක් දෙයි. කොමඩි චිත්‍රපටයක් විදියට මේක හොඳ තත්ත්වයකට නිර්මාණය කරගන්න ඔහුගෙන් වගේම අනෙක් රංගන ශිල්පීන්ගෙනුත් හොඳ සහායක් ලැබෙයි.

හාස්‍යමය චිත්‍රපටයක් කරන්නේ විකුණන්න පහසු නිසාද?

සමහරු හිතනවා හාස්‍යමය චිත්‍රපටයක් කළොත් ඒක හොඳට දුවයි කියලා. ඒත් දෙපිට කැපෙන වචන දාලා බොරු හාස්‍යයක් මතු කරලා හාස්‍යමය කියලා චිත්‍රපට කළාට ඒ චිත්‍රපට මිනිස්සු බලන්නේ නෑ. මේ චිත්‍රපටයෙන් හාස්‍ය වගේම යම් පණිවුඩයක් දෙනවා. මොනවා හරි දෙයක් කරලා ඒක විකුණන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක රංගන ශිල්පීන් උඩ පැනගෙන දඟලන කොමඩියකුත් නෙමෙයි.

ඔබ රංගනයට එන්නේ සටන් නළුවෙක් විදියට. තාමත් ඒ සටන් නළුවගේ භූමිකාවට හොඳ තැනක් ලැබෙනවාද?

මම ක්ෂේත්‍රයට ඇවින් අවුරුදු විසි නවයක් වෙනවා. සටන් නළුවෙක් විදියට තමයි මම සිනමාවට ආවේ. ඊට පස්සේ මම සටන් අධ්‍යක්ෂණයටත් එකතු වුණා. ප්‍රථම සටන් අධ්‍යක්ෂණයට මට ආරාධනා කළේ පරාක්‍රම ජයසිංහ. ඒ "එක දා වැහි" චිත්‍රපටයට. පරාක්‍රම ජයසිංහගේ අලුත් චිත්‍රපටයටත් මම සම්බන්ධ වෙනවා. චිත්‍රපටවලට මට ඉල්ලුම තියෙනවා. චරිතයකට මාව සුදුසු නම් අධ්‍යක්ෂවරු මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගන්නවා.

නිහාල් සිල්වාගෙන් පස්සේ ඔබ සාජන් නල්ලතම්බිව වේදිකාවට ගේනවා. තාමත් ඔබ වේදිකාවේ ඔහුව ජීවත් කරනවා නේද?

නිහාල් නැති වුණාට පස්සේ නල්ලතම්බිගේ චරිතය කාටවත් අයිති නැහැ. ඉතින් මම චෙරියෝ සාජන් කියලා මුලින්ම නාට්‍යයක් කළා. ඒක දර්ශන 1800ක් විතර පෙන්නුවා. ඊට පස්සේ සාජන්ගේ නැන්දම්මා නාට්‍ය පටන් ගත්තා. ඒකත් දර්ශන වාර අටසියයකට කිට්ටු වෙන්න ප්‍රදර්ශනය කළා. ඩොක්ටර් චිකාගෝ නාට්‍ය අවුරුදු තුනක් විතර එක දිගට කරගෙන ගියා. අලුතින්ම කළේ ට්‍රැෆික් සාජන් වේදිකා නාට්‍ය. ඒකත් අතිසාර්ථක ලෙස වේදිකාගත වෙනවා.

වෙනත් ශිල්පීනුත් සාජන් නල්ලතම්බිගේ චරිතය නිරූපණය කළා. ඔබ ඒ චරිතයට සාධාරණයක් කරනව කියලා හිතනවද?

සාජන් නල්ලතම්බිගේ චරිතය කිහිප දෙනෙක්ම අනුකරණය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම කෙනෙක්ට ඒක සාර්ථකව කරගන්න බැරි වුණා. චරිතයක් අනුකරණය කරන එක පහසු නැහැ. මම ඒක සාර්ථකව කළා.

වේදිකාව, සිනමාව එක්ක ඉන්න ඔබ පුංචි තිරයට සම්බන්ධ නොවන්නේ ඇයි?

ප්‍රතිපත්තියක් විදියට මම ටෙලි නාට්‍යවල රඟපාන්නේ නෑ. රියැලිටි ෂෝවලට යන්නෙත් නෑ. මිනිස්සු ටෙලි නාට්‍ය බලන්නේ චැනල් මාරු කර කර. ඒක මිනිසුන්ටත් කරදරයි. මටත් කරදරයි. ඒ නිසා අවුරුදු තුනකට සැරයක් හරි චිත්‍රපටයක් ලැබුණොත් තෝරා බේරා ගෙන එයට දායක වෙනවා.

ඔබ සාජන් නල්ලතම්බිව සංගීත ප්‍රසංග වේදිකාවටත් ගෙනියනවනේ. මේ දවස්වල සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ජය ඇති නේද?

ආරාධනා ජයයි. මේ මාසේ ඉඳන් මැයි වගේ වෙනකල්ම ප්‍රසංග තියෙනවා. මම සංගීත සන්දර්ශනවලට ගිහින් විනාඩි හතරක් පහක් විතර මිනිසුන්ව හිනා ගස්සලා ඉවර වෙලා තමයි මගේ ගීත ගායනා කරන්නේ. නටන්න පුළුවන් විදියේ ගීත මම ප්‍රසංග වේදිකාවේදී ගායනා කරනවා. මම පසුගිය අවුරුදුවල අලුත් අවුරුද්දට හිටියේ විදේශ රටවල. මේ සැරේ ලංකාවේ ඉඳන් ප්‍රසංගවලට සහභාගි වෙන්න හිතුවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?- 'For A Son' අද සිට ඉතාලියේ

For A Son-1

ඉතාලියේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක වාසය කරන සුනීතා කලකට පෙර ඉතාලියට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික කාන්තාවකි.

ඇයගේ සාමාන්‍ය දින චාර්යාව වන්නේ ඇවිදීමට නොහැකි ඉතා මහලු ඉතාලි ජාතික කාන්තාවක් බලාගනිමින් කරන සිය රැකියාවත්, තම නිවසේ සිටින කෙමෙන් තරුන වියට පාතබන තම රටේ උපත ලද ,කලකට පසු ඉතාලියට සංක්‍රමණය වූ සිය පුත්‍රයා සමග ගත කිරීමත්ය.ඇයත් ඇගේ පුත්‍රයාත් අතර නිහඞවම යම් නොරුස්සනබවක් වැඩෙමින් පවතී.

තම ලමා කාලයේ සිය මව නැතිව හැදීවෑඩෙන මෙම දරුවා පසු කලකදී ඉතාලියට පැමින මුහුනපාන මානසික සහ සංස්කෘතික පෙරලිය සුනීතාට තේරුම් ගැනීමට අපහසුවන අතර ජීවත්වීමට මුදල් උපයාගැනීම සඳහා කිසිදාක ජීවත්වීමට නොසිතූ රටක වෙසෙන්නට සිදුවීම ගැන ඇය සිතින් පීඩා විඳීයි.

සිය පුත්‍රයාගේ අමුතු ආකාරයේ හැසිරීම නිසාඔහු විසින් උපන් රටේ හැදියාව සහ සංස්කෘතිය අමතක කරාවි යයි බියෙන් ඔහුව නිසිමගට ගැනීමට සුනීතා යම් යම් අයගෙන් උදව් උපකාර උපදෙස් පතයි.

ඔවුන් ඇයට උදව් කරන්නේ කුමක් සඳහාද? සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?......

සුරංග දේශප්‍රිය කටුගම්පළගේ ප්‍රථම සිනමා නිර්මාණය වන 'For a Son' (පුතෙකුට) චිත්‍රපටය අද සිට (30) ඉතාලිය පුරා සිනමා ශාලාවල තිරගත වේ.

පසුගියදා නිමාවූ 52 වැනි පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි ඇගැයීමක් 'For a Son' සිනමා කෘතියට හිමි විය.

ඔහු අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමාපටය වන මෙම සිනමා නිර්මානයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයද 52 පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ අවධානයට මෙන්ම ඇගයීමට පාත්‍ර විය.  (මිරර්ආර්ට්ස්)

For A Son-2

"චූන්පාන්" අයියා හදි කළ දැරියව හෝටල් සේවකයින් දෙදෙනා මහ රෑ ගෙන්නගෙන

rape-harresments

දහතුන් හැවිරිදි ශිෂ්‍යාවක්‌ රවටා කැඳවාගෙන ගොස්‌ මීගමුව වෙරළ උද්‍යානයේ ජනශූන්‍ය ප්‍රදේශයකදී ඇය දූෂණයට ලක්‌ කළ බව කියන තරුණ "චූන් පාන්" වෙළෙන්දකු සහ පසුව ඇයව නවාතැන් පළකට කැඳවාගෙන ගොස්‌ ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ 21 හැවිරිදි තරුණයන් දෙදෙනකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් 28 දා අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ පදිංචිකරුවකු වන මලිත ඉරේෂ් අමරසිංහ (21) සහ ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ ගෙස්‌ට්‌ හවුසියේ සේවකයකු වනු බණ්‌ඩාරවෙල පදිංචි ඉසංක ප්‍රභාත් (18) නමැත්තන්ය. මෙම ශිෂ්‍යාව මහ රෑ නිවසින් අතුරුදන්වී ඇති බවට මීගමුව පොලිසියට ලද පැමිණිල්ලක්‌ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අනාවරණයවී ඇත්තේ මෙහි පැමිණිලිකාර 13 හැවිරිදි ශිෂ්‍යාව මීගමුව හියුගෝ මාවතේ පදිංචිකාරියකි. එම ප්‍රදේශයේ "චූන් පාන්" අලෙවි කිරීමට පැමිණි ප්‍රධාන සැකකරු ඇය සමඟ ව්‍යාජ හිතවත් කමක්‌ පා ඇයව ඇගේ දෙමාපියන්ට හොරා මීගමුව වෙරළ උද්‍යානයේ ජනශුන්‍ය ප්‍රදේශයකට ගෙන ගොස්‌ ඇයව දූෂණයට ලක්‌කර ඇත.

මේ බව හෙළිකරගත් මීගමුව පාක්‌ එක අසල නවාතැන් පළේ පදිංචි දෙවැනි සැකකරු වන හෝටල් සේවකයා ඇයට මහරෑ නිවසින් හොරා පැමිණෙන ලෙස දැනුම්දී ඇයව අසල පිහිටි ඔහු සේවය කරන නවාතැන් පළට කැඳවාගෙන ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ එම දැරියගේ දෙමාපියන්ට දියණිය මහරෑ නිවසේ නොමැති බව දැන මීගමුව පොලිසියට පැමිණිලි කොට ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම ශිෂ්‍යාව සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව එම දැරිය මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්‌ථාවේ එම ශිෂ්‍යාව දූෂණයට ලක්‌වූ අයෙකු බවත් එම අතවරය සිදුකරන ලද්දේ "චූන් පාන්" නමැති සැකකරු විසින් බවට අනාවරණය වී ඇත. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඩී. එම්. සිරිල්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උ.පො.ප. ලක්‌මාලි, සැරයන් (34702) ඒකනායක යන පොලිස්‌ නිලධාරීහු විමර්ශන කටයුතු සිදුකළහ.

මීගමුව සමූහ - විමල් කීර්ති (දිවයින)

අහසේදී ගිනි ගැනීමකට ලක්‌වූ ගුවන්යානයේ සිටි මගීන් 141 කගේ දිවි ගැලවෙයි (Video)

Peru-plane-crash-sees-all-passengers-onboard-escape-safely

පීරු රාජ්‍යයේ බොයින් යානාවක්‌ අහසේදී ගිනි ගැනීමකට ලක්‌ වී විගස ගුවන් තොටුපළකට ගොඩ බැස්‌සීමෙන් එහි ගමන් කළ මගීන් 141 කගේ දිවි ගැළ වී ඇත.

මෙම යානාව ධාවන පථයට ගොඩබැස්‌සීමේදී ලිස්‌සා ගොස්‌ තිබේ. යානාව ගුවන් තොටුපලට ගොඩ බස්‌සන අවස්‌ථාවේ එය ගින්නෙන් වෙළී තිබිණි.
යානාවේ සිටි මගීන්ගේ දිවි ගැලවී ඇත්තේ නියමුවාගේ දක්‌ෂකම නිසා බව වාර්තාවේ.

මෙම ගිනි ගැනීමට මුල් වූ හේතුන් මෙතෙක්‌ හෙළි වී නැත.

පීරු ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ බොයින් 747 යානාව ධාවන පථයට ගොඩ බස්‌සන විටත් ගිනි ගනිමින් තිබූ බවයි. (දිවයින)

29 March, 2017

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේදී හමුවූයේ පිටසක්වල ජීවියෙක්ද..?

alien-creature-Sumatra-island

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ බන්ඩා ආචේ ප්‍රදේශයේදී කැමරාවක සටහන් වුණු කුඩා ප්‍රමාණයේ මිනිසෙකු පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ මිලියන 2කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

කැළයක් වැනි ප්‍රදේශයක තමන්ගේ යතුරුපැදි ධාවනය කළ පිරිසකට මෙම ප්‍රමාණයේ කුඩා මිනිසා හමුවී ඇති අතර මෝටර් බයිසිකල් දුටු විගස ඔහු වනාන්තරය වෙත දිවයන අයුරුද වීඩියෝව දැක්වෙනවා.

ඔහුගේ අතේ හෙල්ලයක් වැනි යමක්ද තිබෙන අතර ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහු පුරාවෘත්ත වල සඳහන් වන පරිදි කැලෑවන් වල ජීවත්වූ දුර්ලභ මිනිස් විශේෂයක් වන්නට ඇති බවයි.

යතුරුපැදිකරුවන් මෙම පුද්ගලයා පසුපස හඹා යනමුත් ඔහුව අල්ලාගන්නට නොහැකි වන අතර කැමරාවේ සටහන් වූ වීඩියෝව ඔවුන් අන්තර්ජාලයට එක්ක තිබුණේ මේ අයුරින්.
 

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

Monkey Phone Robber

ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාවක් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

විසිහය හැවරදි බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව ඇතුළු විදේශ රටවල් කහිපයක තරුණියන් හෙද පාඨමාලාවන් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියන් ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව නවාතැන් ගෙන සිටින අනුරාධපුර ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා වැදුන වඳුරන් රැළක් අතර සිටි එක් වඳුරෙකු කාමරයට ඇතුළුවී මේසය මත තිබු රුපියල් 50000ක් පමණ වටිනා නවින පන්නයේ ජංගම දුරකථනය රැගෙන පලා ගියබව සිදුකල පැමිණිල්ලේ සදහන් වෙයි. වදුරා බිය ගන්වා ජංගම දුරකථනය බේරා ගැනීමට උත්සහ කලත් එම උත්සාහය අසාර්ථක කරමින් වදුරා ගසින් ගසට පැන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

වදුරා පැහැරගත් ජංගම දුරකථනය නැවත තමාට ලබාදෙන ලෙස මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හෝ එය පැහැරගත් වදුරා හමු නොවු බව පොලිසිය පවසයි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය (ලක්බිම)

කෝලි බැණුම් අහයි

Virat Kohli-25

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඔස්ටේ්‍රලියා කණ්ඩායම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳ ඔස්ටේ්‍රලියා ජනමාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිඛෙනවා. ඔස්ටේ්‍රලියා මාධ්‍ය පවසන්නේ ඒවා ප්‍රකෝප වු පුද්ගලයෙකුගේ වැදගැම්මකට නැති කතා බවයි.

දෙරට අතර ටෙස්ට් තරගමාලාවේදී දෙපිලේම ක්‍රීඩකයින් අතර අවස්ථා කිහිපයකදී උණූසුම් වාද විවාද ඇතිවුනා.

ඉන් වඩාත් කතාබහට ලක් වු එක් කරුණක් වුයේ මුරලි විජේ සහ ඔස්ටේ්‍රලියා නායක ස්ටීවන් ස්මිත් අතර ඇති වු ආරවුලයි.

ක්‍රීඩා පිටියේ පතිත වු පන්දුවක් උඩපන්දුවක් බව පවසමින් මුරලි විජේ කළ ඉල්ලමක් ස්ටීවන් ස්මිත් ගේ දැඩි විවේචනයට ලක් වුණා. එම අවස්ථාවේ ස්ටීවන් ස්මිත් මුරලි විජේට අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබුණා. පසුව ස්ටීවන් ස්මිත් එ සම්බන්ධයෙන් කණගාටුව පළ කර සමාව අයැද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

එවැනි සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් විරාත් කෝලි ඔස්ටේ්‍රලියා කණ්ඩායම දැඩි විවේචනයට ලක් කර තිබුණා. ඔහු කියා සිටියේ මින් මතුවට ඔස්ටේ‍රලියා ක්‍රීඩකයින් තම මිතුරන් වශයෙන් සැලකීම පවා ගැටලු සහගත බවයි.

එහෙත් කෝලිගේ ප්‍රකාශ පරිනත නොවු පුද්ගලයෙකුගේ විවේචන බවයි ඔස්ටේ්‍රලියා මාධ්‍ය ආයතන බහුතරයක මතය වන්නේ. (newsradio)

බැරිම තැන වික්ටර් කට් එක කැපුවා - දැන්වත් කෑල්ලක් සෙට් වෙයි ද?

යොවුන් පුරය අද පස්වරුවේ ආරම්භ වුන අතර ඊට එක්වන තරුණ තරුණියන් යොවුන් පුරය පැවැත්වෙන ත්‍රිකුණාමල මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයට පැමිණියේ බස්රථ වලින්.

එලෙස පැමිණෙන තරුණ තරුණියන් අතරමග පැමිණෙද්දී වික්ටර් රත්නායක ශුරින් සම්බන්ධ කරුණුද ඔවුන් පැමිණි බස් රථවල අලවා තිබුණා.

එම ඡායාරූප පහතින්.