04 October, 2016

ජේසු තුමන්ගේ රුවට සමාන මිනිසෙක්..! (PHOTOS)

ජේසු තුමන්ගේ පින්තූරයක් පසුබිමෙහි තබාගෙන ලබාගත් සෙල්ෆියක් ෆේස්බුක් ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වෙමින් තිබෙනවා.

ඡායාරූපයේ සිටින තැනැත්තා ජේසුතුමන්ගේ මුහුණුවරට සමාන මුහණුවරක් ලබාගෙන ඇත්තේ ඩොලර් 2,15,000 ක මුදලක් වැයකොට ප්ලාස්ටික් සැත්කමක් කිරීමෙන් බවයි අන්තර්ජාල තොරතුරු අනුව සඳහන් වන්නේ.

මොහු 30 හැවිරිදි Mark Emery නමැත්තකු බව පැසෙනවා. ඔහු පවසන්නේ "ඇතැමුන් තම මුදල් වලින් නොයෙක් කාර් මිලදී ගන්නවා. මම මගේ මුදල් වියදමකර ජේසුතුමන් ගේ මුහුණට සමාන මුහුණක් හදාගෙන එතුමන් වෙත මාගේ ආදරය ප්‍ර‍කාශ කරනවා."






worldnewsdailyreport ඇසුරෙනි

ලෝක ළමා දිනය දා දියණියන් දෙදෙනාට ලෝක අපරාධයක් කළ නරුම තාත්තා

රට පුරා ලෝක ළමා දින සැමරුම් පවත්වද්දී සිය බාල වයස්කාර දියණියන් දෙදෙනා අපයෝජනය කළ පියකු පිළිබඳව හද සසල කරවන පුවතක් වාර්තාවේ.

නාවලපිටිය ඉඟුරුඔය නව ගම්මාන ප්‍රදේශයෙන් වාර්තා වූ මේ ශෝචනීය ඉරණමට ගොදුරු වූ එම දියණියන් දෙදෙනා පසුගිය 1දා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත.

සැකකරු නාවලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මොහු 52හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තාවන්නේ.

නාවලපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.





-නෙත්ගොසිප්

ISIS නායකයාට අසාධ්‍යයි..! කෑමට වස මුසු කරලා..! සංවිධානයේ අභ්‍යන්තර අර්බුධ..!

ISIS නායක Abu Bakr al-Baghdadi ගේ කෑම වේලකට වස මුසු කර තිබීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවලට අනුව Abu Bakr al-Baghdadiට අමතරව තවත් අණදෙන නිලධාරීන් තිදෙනෙකුද වස මුසු ආහාර හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවනවා. 


සංවිධානයේම අතිශය විශ්වාසනීය පුද්ගලයින් විසින් පිසින ආහාර වේලට වස මුසුවූයේ කෙසේදැයි අනෙකුත් නායකයින්ට දැඩි සැක සංකා මතුව තිබෙනවා. 

මේ හේතුවෙන් සංවිධානය තුළ අභ්‍යන්තර අර්බුධ මතුව ඇති බවයි පැවසෙන්නේ.

Abu Bakr al-Baghdadi ඇතුළු පිරිසට මෙම තත්තවයට මුහුණ දීමට සිදුව ඇත්තේ නිරිතදිග Nineveh හි Be’aaj දිස්ත්‍රික්කයේදීය. 

අසාධ්‍ය තත්තවයේපසුවන ISIS නායකයා සහ අණදෙන නිලධාරීන් තිදෙනා ප්‍ර‍තිකාර සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙනගොස් තිබෙනවා. 

ඒ කිනම් ප්‍රදේශයකටදැයි වාර්තා වන්නේ නැහැ.

ආහාරවලට වස මුසුකළ තැනැත්තන් සොය ISIS ත්‍ර‍ස්ත සාමාජිකයින් මෙහෙයුමක්ද අරඹා ඇතැයි වාර්තා වනවා.



(ඩේලි මේල් ඇසුරෙනි)

-නෙත්ගොසිප්

03 October, 2016

නවසීලන්ත අගමැතිගේ පුතා කරන රස්සාව මෙන්න

නවසීලන්තය ගැන මේදිනවල අපේ රටේ වැඩියෙන් කතාබහ වේ. 

ඊට හේතුව අපේ අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා නවසීලන්තයේ සංචාරයක නිරතවීමය. 

නවසීලන්තයට ගිය පළමු ලාංකික අගමැතිවරයාට ඊට ඇරයුම් කළේ නවසීලන්ත අගමැති ජෝන් කී ය.

මේ කාතාව ජෝන් ගැන නොවේ ජෝන්ගේ පුතා මැක්ස් ගැනය. 

මන්ද අපේ රටේ අගමැති නොව සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාගේ පුත්තුද සිටින්නේ පොළොවටද තරමක් උඩින් නිසාය.

ජෝන්ගේ පුත් මැක්ස් එරට එෆ්. එම්. නාලිකාවක night-time DJ කෙනෙකි. 

ඔහු පසුගිය කාලයේ ගීතයක්ද එළිදක්වා තිබෙනවා.






Facebook පෙම්වතා නිසා ආදරයෙන් අන්ධ වූ තරුණිය දන්නෙම නැතුව ඝාතනයකටත් සම්බන්ධ වෙලා

"එයා මෙහෙම දෙයක් කරන්න යනවා කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ."

කරුමය කියන්නේ හරි අමුතු දෙයක්. එය කොයි මොහොතේ අප සොයා එන්නේදැයි අපිවත් නොදන්නෙමු.

එවැනි අවාසනාවන්ත සිදුවීමකට රාගම ප්‍රදේශයේ තරුණියක් මුහුණදීලා තිබුණා.

ඒ faecbook ගිණුමක් මාර්ගයෙන් හඳුනාගත් පෙම්වතෙක් නිසා මිනීමැරුමකට අනියම් ආකාරයෙන් සම්බන්ධ වීමට සිදුවිමයි.

ය පොලිසිය හමුවේ මෙලෙස සිය කතාව දිගහරිනු ලැබුවා.

සමන් (මනඃකල්පිතය) කියන තරුණයෙක් එක්ක මාස තුන් හතරක විතර ඉඳලා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා.

"මන් ඔහුව මුලින්ම හඳුනාගත්තේ Facebook එකෙන්.

ඊට කලින් මම එයාව දැකලවත් තිබුනේ නෑ.

දවසක් අපි බොරැල්ලේදී හමුවෙලා කතාබහ කළා.

ඊට පස්සේ අපි කිහිපවතාවක්ම හමුවෙලා කතාබහ කළා.

ඊටපස්සේ අපි දෙන්නා පෙමවතුන් බවට පත්වුණා.

මන් එයා ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ.

මන් හොයලා බලන්න ගියෙත් නැහැ.

දිගටම ආශ්‍රය කළා.

දවසක් මට එයාව හමුවුණ වෙලාවේ ගැහණු කෙනෙකුගේ සහ පිරිමි කෙනෙකුගේ නම් කියලා ඒ දෙන්න එක්ක කොහොමහරි හොඳ හිතවත්කමක් ඇති කර ගන්න කියල කිව්වා.

මමත් ඒ ගැන ඒ තරම් ප්‍රශ්න කරන්න ගියේ නැහැ.

එයා කියන විදියට මම වැඩේ කළා.

ඒ ගැහැණු කෙනා ටික කාලයක් යද්දී මගේ හොඳම යෙහෙළිය බවට පත්වුණා.

සමන් මට දවසක් කිව්වා ඒ දෙන්නා ගමන් යද්දී මට කතා කරලා ඉක්මනට කියන්න කියලා.

මගේ යෙහෙළියට බබෙක් ලැබෙන්න හිටියේ.

එදා ත්‍රීවිල් එකේ ඒ දෙන්න ගෙදරින් යන්න කලින් සමන් කිව්ව විදිය මම කෝල් කරලා කිව්වා.

හැබැයි සමන් මෙහෙම දෙයක් කරන්න යනවා කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ."

ඒ අනුව සමන් කියන ඝාතකයාගේ, සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නේ පෙමවතියගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් සමඟයි.

එම තරුණිය අත්අඩංගුවට ගනු ලැබුවේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව වන අතර එහිදී මෙම ඝාතනයට සමබන්ධ ප්‍රධාන සැකකරු එනම් Facebook පෙම්වතා ඇතුළු තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් කල ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සඳහා යොදාගත් මාන්නා පිහි 04ක් සොයාගත් අතර ඝාතනය වූ පුද්ගලයා විසින් පෙර දිනකදී සමන් නමැති පුද්ගලයා ගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම සහ ඔහුගේ පියා මරා දැමීම නිසා කළ පලිගැනීමකට මෙම ඝාතනය සිදුකර ඇති බවයි වැඩි දුර පරීක්ෂණ වලිදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව තම Facebook පෙම්වතිය මාර්ගයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳගේ තොරතුරු සොයා ගන්නා අතර ඒ අනුවයි රාගම රෝහලට කැඳවාගෙන යන අවස්ථාවේ තොරතුරු Facebook පෙමවතිය විසින් සමන්ට ලබා දෙන්නේ.

මේ තිදෙනා ත්‍රීරෝද රථයකින් රාගම රෝහලට යන අතර මඟදී ත්‍රීරෝද රථයේ මඟ හරස්කර නවතා මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ.

එම අවස්ථවේදී අනතුරක් සිදුවන බව දැනගෙන ත්‍රීරෝද රථයෙන් බැස පලාගොස් තිබෙනවා.

නමුත් එසේ පලා යාමට නොහැකිවූ අතර ඝාතකයන්ගේ ගොදුරක් බවට පත්වීමට ඔහුට සිදුවිය.

එම ඝාතනය සිදුවන අවස්ථාවේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සිය සැමියා ඝාතනය නොකරන ලෙස කෑගසා තිබුණත් සාහසිකයන් විසින් සිය ගොදුර අඩපන කර අවසන්.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ කැපුම් තුවාල නිසා මෙම මරණය සිදුවී ඇති බවයි.


-හිරුගොසිප්

දේවාරූඪ වූ කට්ටඩියා මිනිස් ජීවිත තුනක් බිලිගත් හැටි

"කපුවා අපිට කිව්වා සීරුවෙන් සිටගෙන ඇස් පියා ගන්න කියා."

"කපුවා දියණියන් දෙදෙනාගේ බඩ මිරිකමින් පිටට ගසමිනුයි වමනය කිරීමට බල කළේ."

යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරකම් වර්තමානය වන විටත් බොහෝ දෙනෙක් විශ්වාසකරන සහ නොකර දෙයක්.

කෙසේ වෙත්ත් මිනිසුන්ට පිහිට නොමැති අවස්ථාවකදී නොපෙනෙන ලෝකයේන්වත් පිහිටක් ලබා ගැනීමට යොමුවන අවස්ථා අප ඕන තරම් දැක තිබෙනවා.

එවැනි මිනිසුන්ගෙන් ලාභ ප්‍රයෝජන ගන්න සිටින යකදුරන් මෙන් ම සෙත් ශාන්ති කරන යකදුරන්ද සිටින බව නොරහසක්.

එලෙස දේව බලයෙන් ලෙඩ රෝග අසුව කිරීමට බලයක් ඇති බව පවසමින් රස්නායකපුර දේවාලයක් පවත්වගෙන යමින් තෙවන මිනිස් බිල්ලත් ලබා ගැනීමට යොමුවී තිබෙනවා.

මින් පෙර අවස්ථාවකදී ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර කිරීමට ගොස් අවස්ථා දෙකක දී පුද්ගල මරණයක් සිදුකර බන්ධනාගාරගතව ඇති අතර නිදහස ලබාගෙන පැමිණ නැවතත් කල ගුරුකම් හේතුවෙනුයි මෙම මරණ සිදුකර ඇත්තේ.

මෙවර ඔහු ගත් මිනිස් බිල්ල වුයේ නිකවැරටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක් සහ ඔඋහ්ගේ දියණියකියි.

මීට පෙර වර්ෂයකදී මෙම කට්ටඩියා නිසා තවත් මිනිසෙකුත් මරණයට පත්වූණා.

ඒ මිට පෙර පුත්තලම ප්‍රදේශයේ දේවාලය පවතවාගෙන් යන අතරතුරදීය.

තවද මෙම කට්ටඩියාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ සීදුව ප්‍රදේශයේ ඔහුගේ දියණියක්ය.

මෙලෙස පැමිණ නැවත පටන් ගන්නේ ඔහුගේ සුපුරුදු රැකියාව වන යකදුරුකම් කිරීමයි.

මේ ගුරුන්නාන්සේගේ විශේෂත්වය නම් දේවාලයේ වැඩ කිරීම සඳහා ඇහැට කනට පෙනෙන කාන්තාවක් සිටීම සහ ඇය ඔහුගේ අනියම් බිරිඳ ද බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

නිකවැරටිය පොලිස් නිලධාරියෙකු මිය යන්නේ මෙම යකදුරා විසින් සකස් කරදුන් බෙහෙතත් පානය කිරීම නිසා අධික ලෙස රෝගාතුර වීමෙන්ය.

එලෙස මියගිය නිලධාරියාගේ බිරිඳ සති අන්ත පුවත්පතකට අදහස් දකවා ඇත්තේ මෙලෙසින්ය.

"මහත්තයා කලක ඉඳලා ඔය දේවාලයේ ඉන්න කපුවා හඳුනනව.

ඔය කපුවා ළඟ ඉන්න ගෑනු කෙනා මහත්තයට පේනයක් බලා කියා තිබුනා මහත්තයට සහ පවුලේ අයට කොඩිවිනයක් කර වසක් කවා තිබෙන බව.

ඒ ගැන තදින්ම මහත්තයා විශ්වාස කළා.

එයාගේ කීමට අනුව අපි දේවාලෙට ගියා.

අපට ඉන්නේ ගැහැණු දරුවෝ තුන්දෙනෙක්.

අපේ ගෙදරට ආව කපුවා දුවලා දෙන්නගේ කේන්දර පිටපත් බලලා පරික්ෂා කරලා කිව්වා දූලා තිදෙනා වැඩිවියට පත්වුණ දවසේ තනිකම් දෝෂ හැදිලා කියලා.

ඒ නිසා ගෙදර අය‍ට ලෙඩ හැදෙන්න පුළුවන් කියලා කිව්වා.

ඒ නිසා අපි ගෙදරට සෙත් ශාන්තියක් මෙන්ම ආරක්ෂාවකුත් කර ගත්ත.

ඒ සියල්ල කිරීමට කපුවා මුදල් ඉල්ලා ගත්ත....."

මේ ආකාරයට ඔවුන් දේවලයේ යාතිකා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියලු දේවල් දේවාලයට බාර දී තිබුණා.

ඒ අනුවයි පසු දා රාත්‍රියේ පොලිස් නිලධාරියා ඇතුළු පවුලේ දේවාලයට අය යන්නේ.

එම රාත්‍රියේදී සිදුවූ දේවල් ගැන යලිත් වරක් හඬ අවධි කරමින් නිලධාරියාගේ බිරිඳ පවසා සිටියේ මේ ආකාරයටයි.

අරුණ(මනඃකල්පිත නමකි ) කියන කපුවා අපිට කිව්වා සීරුවෙන් සිටගෙන ඇස් පියා ගන්න කියා.

කපුවා කිව්වා විදියට අපි පස්දෙනා කළා.

කපුවා යාතිකා කරන්න පටන් ගත්ත.

දේවාලයේ විවිධ දේව ප්‍රතිමා ගොඩක් තිබුණා.

මේ විදියට යාතිකා කරද්දී මගේ දුවට සහ සැමියාට සිහි විකල් ගතියක් ඇතිවුනා.

ඔවුන් දෙන්නාට කපුවා විසින්දෙහි කපා ශාන්ති කර්මයක් සිදුකළා.

බාල දියණියට හැර අන්නික් හැම දෙනාටම විසක් කැවී ඇති බව කපුවා කිව්වා.

එදා රෑ අපි හතර දෙනාට කපුවා යමක් බොන්න දුන්න.

කපුවා අපට වමනය කරන්න කියමින් බල කරන්න පටන් ගත්තා.

කපුවා දියණියන් දෙදෙනාගේ බඩ මිරිකමින් පිටට ගසමිනුයි වමනය කිරීමට බල කළේ.

කපුවා ඔහුගේ ඇඟිලි දෙකක් අපි හතර දෙනාගේ උගුරට දමා කරකවමින් වමනය කිරීමට සැලැස්සුවා.

වෙන වෙනම තමයි එහෙම කළේ.

එතකොට රුධිරය සමඟ වමනය ගියා.

එතකොට තමයි කිව්වේ ඔය මෙච්චර කාලයක් බඩේ තිබ්බ විස තමයි කියලා.

කට ඇතුලට දාලා කරකවද්දී තමයි උගුර තුවලා වෙලා රිධිරය ආවේ කියලා අපි තේරුම් ගත්තේ පස්සේ.

මහත්තයට ඒ වෙලාවේ වැසිකිළියට යන්න අවශ්‍යවුණා.

මහත්තය දේවාලයේ අසල අල්ලපු ගෙදර වැසිකිළියට ගියා.

මහත්තයා වෙව්ලන්න පටන් ගත්ත.

මහත්තයා දේවාල භූමියෙන් පිටතට ගිය නිසා එලෙස වෙව්ලු බවයි කපුවා කිව්වේ.

ලය විරේක කරන්න බැරිවුන නිසා පසු දිනත් දේවාලයට පැමිනෙණ ලෙසයි කපුවා කිව්වේ"

ඒ අනුව දේවාලයට සැරයන් වරයා යන අතර එම දින රාත්‍රිය පුරාම ඔහුට බඩ යාමට පටන් ගන්නවා.

අලුයම් කාලයේ ඔහුට සෙම වැගිරීමට පටන් ගෙන ඇති අතර කපුවා සහ සැරයන්වරයාගේ බිරිඳ විසිනුයි ඔහුව නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලබන්නේ.

එම අවස්තවෙදියි සැරයන්වරයා මිය යන්නේ.

මිට පෙර අවස්ථාවකදී කපුවා දුන් බෙහෙත් පානය කල සැරයන් වරයාගේ බිරිඳ සහ එක දියණියක් නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බව සඳහන්.

මෙම මරණය සම්බන්ධව මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණයට හේතුව නිකවැරටිය පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

මේ සිදුවීම් ගැනපරීක්ෂණ පැවැත්වූ පොලීසය මෙම කපුවා ගැන තොරතුරු රැසක් අනාවරණ කර ගෙන තිබුනා.

ඒ අනුව මේ කපුවා යුධ හමුදා සේවයෙන් පැන ආ අයෙක් බවත් ඉන් පසුව කර ඇත්තේ කසිප්පු ජාවාරම වන අතර පසුව පොල් ලි කර්මාන්තයේ නිරත වී ඇති අතර ඉන් පසුවයි දේව බලයෙන් ගුරුකම් කිරීමට පටන් ගන්නේ.

මෙම මරණ සම්බන්ධයෙන් අදාළ කට්ටඩියා කල පාපොච්චාරණය අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙලෙසයි.

"මම සිංහල ආයුර්වේද පාම්පරික සිංහල වෙදකම් හර්මියෝපති වෙදකම් ගැන හෝ වෛද්‍ය විද්‍යාව ගැන මට කිසිම දැනුමක් ඇත්තෙම නැහැ.

සහතිකත් නැහැ.

මම දිගටම භාවනා කිරීම් වල නිරතව සිටියා.

එතකොට මට වෙදකම් කිරීමට බලයක් ලැබුණේ.

ඊට පස්සේ තමයි මම වෙදකම් කිරීමට පටන් ගත්තේ.

තැඹිලි ගෙඩි වල වතුර බොන්න දීල ලය විරේක කරනවා.

කෙසේ වෙතත් නොපෙනන බලවේග වල පිහිට පැතීමට ගිය පවුලක් අකාලයේ විනාශ වූ එක අවසානයේදී සිදුවුණා.


-හිරුගොසිප්

අනවසරයෙන් පිටියට පැමිණි ප්‍රේක්ෂකයාට බංගලාදේශ නායකයා දැක්වූ සෙනහස (VIDEO/PHOTOS)

පසුගිය දිනෙක ක්‍රිකට් පිටියෙන් අපූරු සිදුවීමක් වාර්තාවුණා.

ඒ බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති එක්දින තරඟයකදී. මේ වෙලාවේ පන්දුවට පහර දෙමින් සිටියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම. තරඟයේ 28 වැනි පන්දුවාරයේදී තමයි මෙම සිදුවීම වෙන්නේ.

මෙහිදී තරඟය නරඹන්න ආපු ප්‍රේක්ෂකයෙක් අනවසරයෙන්ම පිටියට දුවගෙන බංගලාදේශ නායකයා ඒ කියන්නේ මෂ්රෆේ මොර්ටාසා ඉදිරියට ඇවිත් ඔහුව බදාගන්න උත්සහ කරනවා.

සාමාන්‍යයෙන් මේ වගේ සිදුවීමකදි බොහො ක්‍රීඩකයන් උත්සහ කරන්නේ එතැනින් ඉවත්වීමටයි.

නමුත් බංගලාදේශ නායකයා එහෙම කළේ නැහැ. ඔහු එම ප්‍රේක්ෂකයාට අතට අත දීලා ඔහුව බදාගන්නවා.

මේ මොහොතෙම ආරංක්ෂ අංශ එතනට ඇවිත් එම පුද්ගලයාව පිටියෙන් ඉවත් කරන්න හදනවා.

නමුත් බංගලාදේශ නායකයා ඊට ඉඩදුන්නේ නෑ. ඔහු අරක්ෂක අංශ වලින් ඔහුව බේරගන්නවා.

බංගලාදේශ ක්‍රිකට් ලෝලීන් මෂ්රෆේ මොර්ටාසාට බෙහෙවින් ආදරය කරන බවයි පැවසෙන්නේ.

මෑතකාලිනව බංගලාදේශය දැක්වූ ඉහළ දසකම් වලට හේතුව මෂ්ර්ෆ්ගේ නායකත්වය කියලයි ඔවුන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

මේ සිදුවීමෙදි බංගලාදේශ නායකයා හැසිරුණු විදිය නිසා එම ආදරය ගෞරවය දෙගුණ තෙගුණ වෙලා කියලයි බංගලාදේශ මාධ්‍ය සඳහන් කර සිටියේ.

එම අවස්ථාවේ වීඩියෝව හා ඡයාරූප පහතින් නරඹන්න.







-නෙත්ගොසිප්

නාමල්ට සුවයි - කෙළින් වුන ගමන් ඒකම කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය 01දා හදිසි අනතුරකට ලක්වුණා.

ලේක ලමාදින උත්සවයකට සහභාගී වෙමින් සිටියදී සිදු වූ මෙම අනතුර හේතුවෙන් ඔහු රෝහල්ගත කෙරුණා.

එහිදී හිසේ ඇතිවූ තුවාලයකට සැත්කමක් ද කළ බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් සැත්කමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා රෝහලෙන් පිටව ගොස් තිබනෙවා.

ඉන් අනතුරුව ඒ මහතා සිය මව සමග තංගල්ල මුහුදු වෙරළේ පැවති ළමුන්ගේ උත්සවයකට සහභාගී වූ අයුරුයිමේ.


02 October, 2016

ක්‍රිකට් තරුවක් වයිබර් තාක්ෂණයෙන් ‘ගාල්ලේ ක්‍රිකට් සභාපතිව’ මහමග මැරවූ අයුරු මෙන්න

පසුගිය දා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ ක්‍රිකට් පරිපාලකයෙකු වූ හැළඹගේ ප්‍රේමසිරි සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගාල්ල ක්‍රිකට්‌ සංගමයේ සභාපතිත්වය ලබා ගනිමින් ප්‍රේමසිරි විශාල ප්‍රතිරූපයක්‌ ගොඩනඟාගෙන සිටි අයෙකු වූ අතර පාසල් කාලයේ සිටම දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ද වුණා.

අරලිය සරත් නම් වන ඔවුන්ගේ නෑදෑ පුද්ගලයෙකු මරා දැමූ බවට වූ සැකයට හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය කර ඇති බවයි මේ වන විට තහවුරු වී ඇත්තේ.

ඥාතීත්වයෙන් සිය මාමා කෙනෙකු වන ප්‍රේමසිරි මරා දමා වෛරය පිරිමහ ගන්නට අරලිය සරත්ගේ ඥාති පුත්‍රයන් සැලසුම් කර තිබෙන බව පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සහ දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ මහේෂ් හැළඹගේ තම මාමාට සාධාරණයක්‌ ඉටුකර දිය යුතුය යන මතයේ සිටි බවයි පැවසෙන්නේ.

“ප්‍රේමසිරිට පාඩමක්‌ ඉගැන්නුවේ නැත්නම් කවද හරි අපට වෙන්නෙත් මේ ටිකමයි. ඒ නිසා වැඩිකල් යන්න ඉස්‌සර මිනිහා ඉවරයක්‌ කරලා දාන්න ඕනේ.” හැලඹගේ සරත්ගේ ඥති පුත්‍රයන් රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති අතර මේ සාකච්ඡාව සඳහා සරත්ගේ පුත්‍රයන් මෙන්ම මහේෂ් සහ ඩොක්‌ටර් නමැත්තා ද එක්‌ව තිබෙනවා.

“දසුන් හොඳ එකා. අපේ පවුල්වලට ඌ කොහොමත් ලැදියි. අපි මේ වැඩේ දසුන්ට භාර දෙමු. මිනිහා වැඩේ පිළිවෙලට කරලා දෙයි.”මහේෂ් සිය ඥාති සොහොයුරන්ට කියා ඇත්තේ දසුන් මානවඩු නම් වන අම්බලන්ගොඩ මැරයෙකුට මෙම ඝාතනය බාර දිය යුතු බවයි.

“ප්‍රේමසිරිට පාඩමක්‌ ඉගැන්නුවේ නැත්නම් අපට අම්බලන්ගොඩ ජීවත්වෙන්න බැරි වෙනවා. මේ වැඩේ අපට කරලා දීපන්. අපි හොඳ ගානක්‌ උඹට ගෙවන්නම්.”

මහේෂ් කළ යෝජනාවට දසුන් මානවඩු එක පයින් කැමැත්ත පළ කර තිබෙනවා.

“මේ වැඩේ මට තනියම කරන්න අමාරුයි. මගේ හොඳ යාලුවෙක්‌ හික්‌කඩුවේ ඉන්නවා. මිනිහවත් මම වැඩේට හවුල් කර ගන්නම්.”දසුන් මිනී මැරුම් දෙකකට සහ තවත් අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොඩි පොල් ද මෙයට සම්බන්ධ කරගෙන තිබෙනවා.

ප්‍රහාරය සඳහා සියලු කටයුතු සූදානම් කළ මහේෂ් හේෂාන් ඇතුළු පිරිස ප්‍රේමසිරි මරා දැමීමට දිනයක්‌ ද නියම කර හේෂාන් හොර රහසේ ම ආපසු ඉතාලිය බලා පිටත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අවස්ථාවන් තුනක දී ඝාතන ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇති අතර පසුව ප්‍රේමසිරිගේ ගමන් බිමන් පිළිබඳව ඔත්තු බැලීමට ඥාති පුත්‍රයන් කීපදෙනෙකු යෙදවූ මහේෂ් අගෝස්‌තු මස 12 වැනිදා රාත්‍රි සිය ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබෙනවා.

“ප්‍රේමසිරි ජීප් එක ගෙවල්පැත්තට එන පාරට හැරෙව්වා. පොඩි කොල්ලා ජීප් එකේ ඉස්‌සරහ ඉන්නවා. ඌට කරදරයක්‌ නොවෙන්න වෙඩි තියපං…”

ඔත්තුකරුගෙන් මහේෂ්ට ලැබුණු තොරතුරු අනුව ඔවුන් ක්‍රියාත්මක වී ඇති අතර දසුන් මානවඩු ටී. 56 ගිනි අවිය රැගෙන ජීප් රථය වෙත ගොස්‌ ප්‍රේමසිරි ඉලක්‌ක කර වෙඩි වරුෂාවක්‌ එල්ල කර ඇති අතර පොඩි පෝල් ද ප්‍රේමසිරි වෙත ගොස්‌ පිස්‌තෝලයෙන් ඉලක්‌ක කර ඔහුට වෙඩි කිහිපයක්‌ එල්ල කළ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ප්‍රේමසිරි මරා දමා දසුන් සහ පොඩි පෝල් සිටියේ කතරගමයි.ඒ අතර පොඩි පෝල්ගේ නිවසින් ඔහුට ඇමතුමක්‌ ලැබී ඇති අතර “පොඩි දරුවට සංකාව වගෙ. එයා අසනීපෙන් ඉන්නේ. ඒ නිසා ඉක්‌මනට ගෙදර එන්න” යැයි බිරිඳ ඔහුට දුරකථනයෙන් කතා කර සඳහන් කර තිබෙනවා.

සිය දරුවාට අසීමිතව ආදරය කළ ඔහු සියල්ල අතහැර නිවසට පැමිණ ටී 56 ගිනි අවිය සහ පිස්‌තෝලය කාටත් හොර රහසේ නිවසේ සඟවා ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රේමසිරි ඝාතනය සිදුවන අවස්‌ථාවේ එම ස්‌ථානය හරහා හුවමාරු වූ එක්‌තරා දුරකථන පණිවිඩයක රහස්‍ය අංකයක්‌ පොලිසියට සොයාගත හැකිව ඇති අතර එම දුරකථන අංකය පොඩි පෝල් නමැති පුද්ගලයාට අයත් එකක්‌ බව පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.

පොලිස්‌ ප්‍රශ්නකිරීම් හමුවේ හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයේ සුලමුල හෙළිකිරීමට පොඩි පෝල්ට සිදුව ඇති අතර ඔවුන් වයිබර් තාක්ෂණය ඔස්සේ අපරාධය සැළසුම් කළ බවයි පැවසෙන්නේ.

සියලු සැළසුම් සකස් කිරීම, අවශ්‍ය ඡායාරූප මෙන්ම සිතියම් හුවමාරු කර ගැනීම සහ ඇමතුම් ලබා ගැනීම වයිබර් තාක්ෂණය ඔස්සේ සිදු කළ බව පොඩි පෝල් පොලිසියට දැනුම්දී තිබෙනවා.

සාමාන්‍ය ඇමතුම් ගැනීම මගින් පොලිසියට හසුවන නිසා වයිබර් තාක්ෂණය ඔස්සේ කටයුතු කළ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ක්‍රිකට් ක්‍රීඩකයෙකුවූ මහේෂ් ඒ වන විට හොර රහසේම මලයාසියාවට පැන ගොස්‌ ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.





-නෙත්ගොසිප්

01 October, 2016

ලංකාවේ හැදුව නිල් චිත්‍රපටයේ රඟපෑ චරිත එක්ක අධ්‍යක්ෂකවරු උසාවි අරන් ආව හැටි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝවක රඟපෑ අය සහ එහි අධ්‍යක්ෂවරයා වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ගැන අපි අද ඔබට කිව්වා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන යන අවස්ථාවේ වීඩියෝ දර්ශනද අපට හමුවුණා. 

පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් මෙම අසභ්‍ය චිත්‍රපටයෙහි රංගනයේ යෙදෙන අතර එහි DVD පිටපත් 6000 ක පමණ ප්‍රමාණයක්ද එහිදී පොලිසිය විසින් සොයාගැනීමට සමත්වී තිබුණා.

බටහිර නිල් වීඩියෝ චිත්‍රපට නිර්මාණය කරන ආකාරයටම මෙම අසභ්‍ය වීඩියෝව සඳහා ඉහල තාක්ෂණය භාවිතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ නමක් දිනා ඇති අධ්‍යක්ෂවරයෙකු විසින් මෙම අසභ්‍ය නිල් චිත්‍රපටය නිර්මාණය කර තිබෙන අතර රංගනයෙන් දායකවූ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි නිරූපණ ශිල්පිනියක්.

ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද රංගනයෙන් දායකවී තිබෙනවා.

වේයන්ගොඩ, කූරිකොටුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක මෙම චිත්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන අතර එම නිවස බද්දට ලබාගෙන ඇති බවද හෙළිව තිබුණා.




-හිරුගොසිප්

තරුණයෙක් මහ පාරෙදි “කිම් කාර්ඩේෂියන්ගේ තට්ටම“ සිපගනී

තරුණයක් විසින් කිම් කාර්ඩේෂියන්ගේ පසුපස ප්‍රෙද්ශය සිපගැනීමට උත්සාහ කර තිබෙනවා. 

කිම් කාර්ඩේෂියන් පැරිස් නුවර මාවතක ගමන් ගනිමින් සිටින අවස්ථාවකයි මෙලෙස එම තරුණයා ඇය වෙතට පැමිණ ඇත්තේ.

ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ ඇයගේ ආරක්ෂකයින් විසින් ඔහුට පහරදී එය වලකවා තිබෙනවා.

ඊට අදාළ වීඩියෝව පහතින්.












නාමල්ට අනතුරක්! වුණදේ මෙන්න (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතකර ඇතැයි වාර්තා වනවා.
තංගල්ලේ පැවති ලෝක ළමාදින වැඩසටහනකට සහභාගී වූ මන්ත්‍රීවරයා ළමුන් සමග ක්‍රීඩාකරමින් සිටියදී හදිසි අනතුරට ලක්ව ඇතිබවයි වාර්තා වන්නේ. 

අනතුරින් ඔහුගේ හිස වැදී ඇතිබවයි වාර්තා වන්නෙ.




 

 

-නෙත්ගොසිප්