04 October, 2016

ලෝක ළමා දිනය දා දියණියන් දෙදෙනාට ලෝක අපරාධයක් කළ නරුම තාත්තා

රට පුරා ලෝක ළමා දින සැමරුම් පවත්වද්දී සිය බාල වයස්කාර දියණියන් දෙදෙනා අපයෝජනය කළ පියකු පිළිබඳව හද සසල කරවන පුවතක් වාර්තාවේ.

නාවලපිටිය ඉඟුරුඔය නව ගම්මාන ප්‍රදේශයෙන් වාර්තා වූ මේ ශෝචනීය ඉරණමට ගොදුරු වූ එම දියණියන් දෙදෙනා පසුගිය 1දා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත.

සැකකරු නාවලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මොහු 52හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තාවන්නේ.

නාවලපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝක ළමා දිනය දා දියණියන් දෙදෙනාට ලෝක අපරාධයක් කළ නරුම තාත්තා"

    Post a Comment