04 October, 2016

ISIS නායකයාට අසාධ්‍යයි..! කෑමට වස මුසු කරලා..! සංවිධානයේ අභ්‍යන්තර අර්බුධ..!

ISIS නායක Abu Bakr al-Baghdadi ගේ කෑම වේලකට වස මුසු කර තිබීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවලට අනුව Abu Bakr al-Baghdadiට අමතරව තවත් අණදෙන නිලධාරීන් තිදෙනෙකුද වස මුසු ආහාර හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවනවා. 


සංවිධානයේම අතිශය විශ්වාසනීය පුද්ගලයින් විසින් පිසින ආහාර වේලට වස මුසුවූයේ කෙසේදැයි අනෙකුත් නායකයින්ට දැඩි සැක සංකා මතුව තිබෙනවා. 

මේ හේතුවෙන් සංවිධානය තුළ අභ්‍යන්තර අර්බුධ මතුව ඇති බවයි පැවසෙන්නේ.

Abu Bakr al-Baghdadi ඇතුළු පිරිසට මෙම තත්තවයට මුහුණ දීමට සිදුව ඇත්තේ නිරිතදිග Nineveh හි Be’aaj දිස්ත්‍රික්කයේදීය. 

අසාධ්‍ය තත්තවයේපසුවන ISIS නායකයා සහ අණදෙන නිලධාරීන් තිදෙනා ප්‍ර‍තිකාර සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙනගොස් තිබෙනවා. 

ඒ කිනම් ප්‍රදේශයකටදැයි වාර්තා වන්නේ නැහැ.

ආහාරවලට වස මුසුකළ තැනැත්තන් සොය ISIS ත්‍ර‍ස්ත සාමාජිකයින් මෙහෙයුමක්ද අරඹා ඇතැයි වාර්තා වනවා.



(ඩේලි මේල් ඇසුරෙනි)

-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ISIS නායකයාට අසාධ්‍යයි..! කෑමට වස මුසු කරලා..! සංවිධානයේ අභ්‍යන්තර අර්බුධ..!"

    Post a Comment