03 October, 2016

දේවාරූඪ වූ කට්ටඩියා මිනිස් ජීවිත තුනක් බිලිගත් හැටි

"කපුවා අපිට කිව්වා සීරුවෙන් සිටගෙන ඇස් පියා ගන්න කියා."

"කපුවා දියණියන් දෙදෙනාගේ බඩ මිරිකමින් පිටට ගසමිනුයි වමනය කිරීමට බල කළේ."

යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරකම් වර්තමානය වන විටත් බොහෝ දෙනෙක් විශ්වාසකරන සහ නොකර දෙයක්.

කෙසේ වෙත්ත් මිනිසුන්ට පිහිට නොමැති අවස්ථාවකදී නොපෙනෙන ලෝකයේන්වත් පිහිටක් ලබා ගැනීමට යොමුවන අවස්ථා අප ඕන තරම් දැක තිබෙනවා.

එවැනි මිනිසුන්ගෙන් ලාභ ප්‍රයෝජන ගන්න සිටින යකදුරන් මෙන් ම සෙත් ශාන්ති කරන යකදුරන්ද සිටින බව නොරහසක්.

එලෙස දේව බලයෙන් ලෙඩ රෝග අසුව කිරීමට බලයක් ඇති බව පවසමින් රස්නායකපුර දේවාලයක් පවත්වගෙන යමින් තෙවන මිනිස් බිල්ලත් ලබා ගැනීමට යොමුවී තිබෙනවා.

මින් පෙර අවස්ථාවකදී ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර කිරීමට ගොස් අවස්ථා දෙකක දී පුද්ගල මරණයක් සිදුකර බන්ධනාගාරගතව ඇති අතර නිදහස ලබාගෙන පැමිණ නැවතත් කල ගුරුකම් හේතුවෙනුයි මෙම මරණ සිදුකර ඇත්තේ.

මෙවර ඔහු ගත් මිනිස් බිල්ල වුයේ නිකවැරටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක් සහ ඔඋහ්ගේ දියණියකියි.

මීට පෙර වර්ෂයකදී මෙම කට්ටඩියා නිසා තවත් මිනිසෙකුත් මරණයට පත්වූණා.

ඒ මිට පෙර පුත්තලම ප්‍රදේශයේ දේවාලය පවතවාගෙන් යන අතරතුරදීය.

තවද මෙම කට්ටඩියාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ සීදුව ප්‍රදේශයේ ඔහුගේ දියණියක්ය.

මෙලෙස පැමිණ නැවත පටන් ගන්නේ ඔහුගේ සුපුරුදු රැකියාව වන යකදුරුකම් කිරීමයි.

මේ ගුරුන්නාන්සේගේ විශේෂත්වය නම් දේවාලයේ වැඩ කිරීම සඳහා ඇහැට කනට පෙනෙන කාන්තාවක් සිටීම සහ ඇය ඔහුගේ අනියම් බිරිඳ ද බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

නිකවැරටිය පොලිස් නිලධාරියෙකු මිය යන්නේ මෙම යකදුරා විසින් සකස් කරදුන් බෙහෙතත් පානය කිරීම නිසා අධික ලෙස රෝගාතුර වීමෙන්ය.

එලෙස මියගිය නිලධාරියාගේ බිරිඳ සති අන්ත පුවත්පතකට අදහස් දකවා ඇත්තේ මෙලෙසින්ය.

"මහත්තයා කලක ඉඳලා ඔය දේවාලයේ ඉන්න කපුවා හඳුනනව.

ඔය කපුවා ළඟ ඉන්න ගෑනු කෙනා මහත්තයට පේනයක් බලා කියා තිබුනා මහත්තයට සහ පවුලේ අයට කොඩිවිනයක් කර වසක් කවා තිබෙන බව.

ඒ ගැන තදින්ම මහත්තයා විශ්වාස කළා.

එයාගේ කීමට අනුව අපි දේවාලෙට ගියා.

අපට ඉන්නේ ගැහැණු දරුවෝ තුන්දෙනෙක්.

අපේ ගෙදරට ආව කපුවා දුවලා දෙන්නගේ කේන්දර පිටපත් බලලා පරික්ෂා කරලා කිව්වා දූලා තිදෙනා වැඩිවියට පත්වුණ දවසේ තනිකම් දෝෂ හැදිලා කියලා.

ඒ නිසා ගෙදර අය‍ට ලෙඩ හැදෙන්න පුළුවන් කියලා කිව්වා.

ඒ නිසා අපි ගෙදරට සෙත් ශාන්තියක් මෙන්ම ආරක්ෂාවකුත් කර ගත්ත.

ඒ සියල්ල කිරීමට කපුවා මුදල් ඉල්ලා ගත්ත....."

මේ ආකාරයට ඔවුන් දේවලයේ යාතිකා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියලු දේවල් දේවාලයට බාර දී තිබුණා.

ඒ අනුවයි පසු දා රාත්‍රියේ පොලිස් නිලධාරියා ඇතුළු පවුලේ දේවාලයට අය යන්නේ.

එම රාත්‍රියේදී සිදුවූ දේවල් ගැන යලිත් වරක් හඬ අවධි කරමින් නිලධාරියාගේ බිරිඳ පවසා සිටියේ මේ ආකාරයටයි.

අරුණ(මනඃකල්පිත නමකි ) කියන කපුවා අපිට කිව්වා සීරුවෙන් සිටගෙන ඇස් පියා ගන්න කියා.

කපුවා කිව්වා විදියට අපි පස්දෙනා කළා.

කපුවා යාතිකා කරන්න පටන් ගත්ත.

දේවාලයේ විවිධ දේව ප්‍රතිමා ගොඩක් තිබුණා.

මේ විදියට යාතිකා කරද්දී මගේ දුවට සහ සැමියාට සිහි විකල් ගතියක් ඇතිවුනා.

ඔවුන් දෙන්නාට කපුවා විසින්දෙහි කපා ශාන්ති කර්මයක් සිදුකළා.

බාල දියණියට හැර අන්නික් හැම දෙනාටම විසක් කැවී ඇති බව කපුවා කිව්වා.

එදා රෑ අපි හතර දෙනාට කපුවා යමක් බොන්න දුන්න.

කපුවා අපට වමනය කරන්න කියමින් බල කරන්න පටන් ගත්තා.

කපුවා දියණියන් දෙදෙනාගේ බඩ මිරිකමින් පිටට ගසමිනුයි වමනය කිරීමට බල කළේ.

කපුවා ඔහුගේ ඇඟිලි දෙකක් අපි හතර දෙනාගේ උගුරට දමා කරකවමින් වමනය කිරීමට සැලැස්සුවා.

වෙන වෙනම තමයි එහෙම කළේ.

එතකොට රුධිරය සමඟ වමනය ගියා.

එතකොට තමයි කිව්වේ ඔය මෙච්චර කාලයක් බඩේ තිබ්බ විස තමයි කියලා.

කට ඇතුලට දාලා කරකවද්දී තමයි උගුර තුවලා වෙලා රිධිරය ආවේ කියලා අපි තේරුම් ගත්තේ පස්සේ.

මහත්තයට ඒ වෙලාවේ වැසිකිළියට යන්න අවශ්‍යවුණා.

මහත්තය දේවාලයේ අසල අල්ලපු ගෙදර වැසිකිළියට ගියා.

මහත්තයා වෙව්ලන්න පටන් ගත්ත.

මහත්තයා දේවාල භූමියෙන් පිටතට ගිය නිසා එලෙස වෙව්ලු බවයි කපුවා කිව්වේ.

ලය විරේක කරන්න බැරිවුන නිසා පසු දිනත් දේවාලයට පැමිනෙණ ලෙසයි කපුවා කිව්වේ"

ඒ අනුව දේවාලයට සැරයන් වරයා යන අතර එම දින රාත්‍රිය පුරාම ඔහුට බඩ යාමට පටන් ගන්නවා.

අලුයම් කාලයේ ඔහුට සෙම වැගිරීමට පටන් ගෙන ඇති අතර කපුවා සහ සැරයන්වරයාගේ බිරිඳ විසිනුයි ඔහුව නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලබන්නේ.

එම අවස්තවෙදියි සැරයන්වරයා මිය යන්නේ.

මිට පෙර අවස්ථාවකදී කපුවා දුන් බෙහෙත් පානය කල සැරයන් වරයාගේ බිරිඳ සහ එක දියණියක් නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බව සඳහන්.

මෙම මරණය සම්බන්ධව මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණයට හේතුව නිකවැරටිය පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

මේ සිදුවීම් ගැනපරීක්ෂණ පැවැත්වූ පොලීසය මෙම කපුවා ගැන තොරතුරු රැසක් අනාවරණ කර ගෙන තිබුනා.

ඒ අනුව මේ කපුවා යුධ හමුදා සේවයෙන් පැන ආ අයෙක් බවත් ඉන් පසුව කර ඇත්තේ කසිප්පු ජාවාරම වන අතර පසුව පොල් ලි කර්මාන්තයේ නිරත වී ඇති අතර ඉන් පසුවයි දේව බලයෙන් ගුරුකම් කිරීමට පටන් ගන්නේ.

මෙම මරණ සම්බන්ධයෙන් අදාළ කට්ටඩියා කල පාපොච්චාරණය අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙලෙසයි.

"මම සිංහල ආයුර්වේද පාම්පරික සිංහල වෙදකම් හර්මියෝපති වෙදකම් ගැන හෝ වෛද්‍ය විද්‍යාව ගැන මට කිසිම දැනුමක් ඇත්තෙම නැහැ.

සහතිකත් නැහැ.

මම දිගටම භාවනා කිරීම් වල නිරතව සිටියා.

එතකොට මට වෙදකම් කිරීමට බලයක් ලැබුණේ.

ඊට පස්සේ තමයි මම වෙදකම් කිරීමට පටන් ගත්තේ.

තැඹිලි ගෙඩි වල වතුර බොන්න දීල ලය විරේක කරනවා.

කෙසේ වෙතත් නොපෙනන බලවේග වල පිහිට පැතීමට ගිය පවුලක් අකාලයේ විනාශ වූ එක අවසානයේදී සිදුවුණා.


-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දේවාරූඪ වූ කට්ටඩියා මිනිස් ජීවිත තුනක් බිලිගත් හැටි"

    Post a Comment