03 October, 2016

Facebook පෙම්වතා නිසා ආදරයෙන් අන්ධ වූ තරුණිය දන්නෙම නැතුව ඝාතනයකටත් සම්බන්ධ වෙලා

"එයා මෙහෙම දෙයක් කරන්න යනවා කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ."

කරුමය කියන්නේ හරි අමුතු දෙයක්. එය කොයි මොහොතේ අප සොයා එන්නේදැයි අපිවත් නොදන්නෙමු.

එවැනි අවාසනාවන්ත සිදුවීමකට රාගම ප්‍රදේශයේ තරුණියක් මුහුණදීලා තිබුණා.

ඒ faecbook ගිණුමක් මාර්ගයෙන් හඳුනාගත් පෙම්වතෙක් නිසා මිනීමැරුමකට අනියම් ආකාරයෙන් සම්බන්ධ වීමට සිදුවිමයි.

ය පොලිසිය හමුවේ මෙලෙස සිය කතාව දිගහරිනු ලැබුවා.

සමන් (මනඃකල්පිතය) කියන තරුණයෙක් එක්ක මාස තුන් හතරක විතර ඉඳලා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා.

"මන් ඔහුව මුලින්ම හඳුනාගත්තේ Facebook එකෙන්.

ඊට කලින් මම එයාව දැකලවත් තිබුනේ නෑ.

දවසක් අපි බොරැල්ලේදී හමුවෙලා කතාබහ කළා.

ඊට පස්සේ අපි කිහිපවතාවක්ම හමුවෙලා කතාබහ කළා.

ඊටපස්සේ අපි දෙන්නා පෙමවතුන් බවට පත්වුණා.

මන් එයා ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ.

මන් හොයලා බලන්න ගියෙත් නැහැ.

දිගටම ආශ්‍රය කළා.

දවසක් මට එයාව හමුවුණ වෙලාවේ ගැහණු කෙනෙකුගේ සහ පිරිමි කෙනෙකුගේ නම් කියලා ඒ දෙන්න එක්ක කොහොමහරි හොඳ හිතවත්කමක් ඇති කර ගන්න කියල කිව්වා.

මමත් ඒ ගැන ඒ තරම් ප්‍රශ්න කරන්න ගියේ නැහැ.

එයා කියන විදියට මම වැඩේ කළා.

ඒ ගැහැණු කෙනා ටික කාලයක් යද්දී මගේ හොඳම යෙහෙළිය බවට පත්වුණා.

සමන් මට දවසක් කිව්වා ඒ දෙන්නා ගමන් යද්දී මට කතා කරලා ඉක්මනට කියන්න කියලා.

මගේ යෙහෙළියට බබෙක් ලැබෙන්න හිටියේ.

එදා ත්‍රීවිල් එකේ ඒ දෙන්න ගෙදරින් යන්න කලින් සමන් කිව්ව විදිය මම කෝල් කරලා කිව්වා.

හැබැයි සමන් මෙහෙම දෙයක් කරන්න යනවා කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ."

ඒ අනුව සමන් කියන ඝාතකයාගේ, සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නේ පෙමවතියගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් සමඟයි.

එම තරුණිය අත්අඩංගුවට ගනු ලැබුවේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව වන අතර එහිදී මෙම ඝාතනයට සමබන්ධ ප්‍රධාන සැකකරු එනම් Facebook පෙම්වතා ඇතුළු තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් කල ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සඳහා යොදාගත් මාන්නා පිහි 04ක් සොයාගත් අතර ඝාතනය වූ පුද්ගලයා විසින් පෙර දිනකදී සමන් නමැති පුද්ගලයා ගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම සහ ඔහුගේ පියා මරා දැමීම නිසා කළ පලිගැනීමකට මෙම ඝාතනය සිදුකර ඇති බවයි වැඩි දුර පරීක්ෂණ වලිදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව තම Facebook පෙම්වතිය මාර්ගයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳගේ තොරතුරු සොයා ගන්නා අතර ඒ අනුවයි රාගම රෝහලට කැඳවාගෙන යන අවස්ථාවේ තොරතුරු Facebook පෙමවතිය විසින් සමන්ට ලබා දෙන්නේ.

මේ තිදෙනා ත්‍රීරෝද රථයකින් රාගම රෝහලට යන අතර මඟදී ත්‍රීරෝද රථයේ මඟ හරස්කර නවතා මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ.

එම අවස්ථවේදී අනතුරක් සිදුවන බව දැනගෙන ත්‍රීරෝද රථයෙන් බැස පලාගොස් තිබෙනවා.

නමුත් එසේ පලා යාමට නොහැකිවූ අතර ඝාතකයන්ගේ ගොදුරක් බවට පත්වීමට ඔහුට සිදුවිය.

එම ඝාතනය සිදුවන අවස්ථාවේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සිය සැමියා ඝාතනය නොකරන ලෙස කෑගසා තිබුණත් සාහසිකයන් විසින් සිය ගොදුර අඩපන කර අවසන්.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ කැපුම් තුවාල නිසා මෙම මරණය සිදුවී ඇති බවයි.


-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Facebook පෙම්වතා නිසා ආදරයෙන් අන්ධ වූ තරුණිය දන්නෙම නැතුව ඝාතනයකටත් සම්බන්ධ වෙලා"

    Post a Comment