01 October, 2016

ලංකාවේ හැදුව නිල් චිත්‍රපටයේ රඟපෑ චරිත එක්ක අධ්‍යක්ෂකවරු උසාවි අරන් ආව හැටි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝවක රඟපෑ අය සහ එහි අධ්‍යක්ෂවරයා වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ගැන අපි අද ඔබට කිව්වා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන යන අවස්ථාවේ වීඩියෝ දර්ශනද අපට හමුවුණා. 

පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් මෙම අසභ්‍ය චිත්‍රපටයෙහි රංගනයේ යෙදෙන අතර එහි DVD පිටපත් 6000 ක පමණ ප්‍රමාණයක්ද එහිදී පොලිසිය විසින් සොයාගැනීමට සමත්වී තිබුණා.

බටහිර නිල් වීඩියෝ චිත්‍රපට නිර්මාණය කරන ආකාරයටම මෙම අසභ්‍ය වීඩියෝව සඳහා ඉහල තාක්ෂණය භාවිතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ නමක් දිනා ඇති අධ්‍යක්ෂවරයෙකු විසින් මෙම අසභ්‍ය නිල් චිත්‍රපටය නිර්මාණය කර තිබෙන අතර රංගනයෙන් දායකවූ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි නිරූපණ ශිල්පිනියක්.

ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද රංගනයෙන් දායකවී තිබෙනවා.

වේයන්ගොඩ, කූරිකොටුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක මෙම චිත්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන අතර එම නිවස බද්දට ලබාගෙන ඇති බවද හෙළිව තිබුණා.




-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ හැදුව නිල් චිත්‍රපටයේ රඟපෑ චරිත එක්ක අධ්‍යක්ෂකවරු උසාවි අරන් ආව හැටි - වීඩියෝ"

    Post a Comment