07 June, 2016

අර හෙනහුරා එක්ක බැහැ - ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනයි

ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළේ ඇමැති මහත්තුරැ ගණනාවක් ඉන්නෙ දෙගිඩියාවෙන්ලු...

මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න මැණික් වලට ප්‍රසිද්ධ පළාතක ජ්‍යෙෂ්ඨයකුට කිරැළපන ගෘෘප් එකේ ලොක්කෙක් හම්බවුණා... දෙන්නම එක පක්ෂයෙ...

උන්නැහේල හම්බුවෙලා කතාකරන්න ගත්තෙ අලුතෙන් වැටුණ බදුවලින් දැනෙන බදුබර ගැනයි...

දෙපැත්තෙ හිටියට දෙන්නම කතා කළේ තරමක් කලකිරීමෙන් වගේ.

එයින් වැඩිය කලකිරිල හිටියෙ මිනිපුරේ ලොක්ක...

'මෙහෙම ගියොත් අපිත් කම්මුතුයි' උන්නැහේ කිව්ව.

ඒකෙන් උද්යෝගයට පත්වුණ කිරැළපන ගෘෘප් එකේ ගම්පහ පොර කීවලු...

'ඉතින් ඔබතුමන් එන්නකො අපිත් එක්ක' කියල.

ඒක ඇහුව විතරයි මිනිපුරේ ලොක්කට ඉබේම මෙහෙම කියැවුණා.

'එන්න... එන්න නම් පුළුවනි. තියන ප්‍රශ්නෙ අර හෙනහුරා ඔතන්ට කඩා පාත්වෙච්ච එකනේ... වෙන ඕන කෙනෙක් එක්ක වැඩකරන්නම්. ඔය හාදය එක්ක නම් බැහැ... මම කිව්වය කියල ඔහේ ඕනනම් පරණ ලොක්කටම කිව්වත් කමක් නැහැ' කියපු මිනිපුර ලොක්ක යන්න ගියා.

හැබැයි එයා කියපු 'හෙනහුරා' කව්ද කියලා නම් කීවෙ නැහැ...



Not with that 'Henahura' - The question is there

දියණිය දූෂණය කර මරා දැමූ මිනිසාට පියා උසාවියේදි කරපු දේ

දරුවන් දෙමව්පියන්ගේ ලොකුම සම්පතයි.

තමන්ගේ දරුවට ඒ තරම ආදරය කරපු පියෙකුගේ දියණියක් පහුගිය දවසක නොහිතපු ඉරණමකට මුහුණදෙන්න සිද්ධ වුණා.

ඒ කාමාතුරයෙකු අතින් දූෂණයට ලක්වෙලා ඝාතනය ලක්වීමයි.

ඇමෙරිකාවේ නම ගිය අපරාධකාරයෙක් වෙන 38 හැවිරිදි මයිකල් මැඩිසන් කියන පුද්ගලයා තමයි අර දැරියව දූෂණයකරලා මරා දාලා තියෙන්නේ.

මේ පුද්ගලයාට ස්ත්‍රීන් තිදෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වෙලා තියෙනවා.

ඉහත අප කියපු දැරියගේ පියා තමන්ගේ දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවාරයක් සදහා උසාවියට ආපු වෙලාවේ අර කියපු දූෂකයාට එකවර පහරදෙන්නට පටන්ගත්තා.

ඒත් ආරක්ෂක අංශ මැදිහත්වෙලා එය වළක්වලා තියෙනවා.

මේ සිද්ධිය වුනු හැටි පහතින් බලන්න.




What did the father at magistrate his daughter was raped and murdered man

මීට කළින් අවි ගබඩා පිපිරෙනවා දැකල නැද්ද?

මාතෘකාව දැම්මේ ටිකක් හිනා යන්නත් එක්ක.

මීට කළින් තවත් රටවල් කිහිපයක අවි ගබඩා පිපිරුනු හැටි පහත වීඩියෝ වලින් දැක්වෙනවා.

කොස්ගම සාලාව ආයුධ ගබඩාව පිපිරීමත් එක්ක අවි ගබඩා ගැන අපේ රටේ මිනිසුන්ගේ හිත්වල ඇතිවෙලා තියෙන්නේ ලොකු බයක්.

මේ පෙන්වන්න යන්නේ ලෝකේ මිට කළින් සිදුවුණු අවි ගබඩා පිපිරීම් ගැන.
 



1) යේමනය - 2015 දී



2) සිරියාවේ - 2013 දී


3) රුසියාව - 2013 දී


4) බල්ගේරියාව - 2012 දී


Huge Explosion around the world

යන්න එපා කීව සාලාව කෑම්ප් එක පැත්තට සැප වාහනෙන් ගිහින් ජන්ම ගතිය රටට පෙන්වපු අනුවනයාගේ ගොං පාට් එක

'උඹලා එන්න එපා, අපි ගහන්නේ ගමේ උන්, ගහපන් ඕකට'

සාලාව හමුදා කඳවුරේ ඇතිවූ ගින්න නිසාවෙන් එම ප්‍රදේශයට ජනතාවට ඇතුල් වීමට නොදී හමුදාව විසින් ඔවුන් කඳවුරෙන් ඈත්කර තැබුවේ වැඩි ආරක්ෂාව සඳහායි.

දිවා රෑ නොබලමින් පාරවල් අසල රැදී සිටි ජනතාවද ඔවුන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබුණා.

එමෙන්ම කඳවුරේ සිට කිලෝමීටර් 3ක් 4ක් පමණ දුරට නැවතත් කිසිවෙකුට ඇතුල් වෙන්නට නොදී රැකවල් දමා තිබියදී සැප වාහනයකින් පැමිණි අයෙක් හමුදා අණ නොතකා සීමාවෙන් එපිටට ගමන් ගන්නට උත්සාහ කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණා.

හමුදා නිලධාරියා ඔහුට කරුණු තේරුම් කර දුන්නත් එයින් සෑහීමකට පත් නොවුණු මෙම පුද්ගලයා පරුෂ වචන කියමින් එම ස්ථානයේ සිටි මාධ්‍යවේදියෙකුටද බැන වදින්නට වුනේ

'මුළු ගමම ඇවිත් උඹට ගහනවා' යැයි හැමෝම ඉදිරියේ ඛෙරිහන් දෙමින්..

මේ එම අවස්ථාවේ වීඩියෝවයි.......





SALAWA Camp one side intruder

06 June, 2016

දරුවෙක්ව දඩයම් කරන්න ගිහිං හොම්ඛෙන් ගිය සිංහයා

පුංචචිදරුවෙක්ව දඩයම් කරන්න කුරුමානම් අල්ලපු සිංහයෙක්ට වුනු වැඩක්.

අපූරු විඩියෝවක්.

පහතින් පරඹන්න.





The lion hunt child

තවත් තරුණයෙක් ගිනි තියාගෙන - දොස්තර නෝනා කෙනෙකුත් කෑගහල උදව්කරන හැටි

මීට දින කිහිපයකට කළින් මොරටුවේ නගරයේදී තරුණයෙක් පෙම්වතිය නිසා ගිනි තියාගත්තා. පස්සේ ඔහු මිය ගියා.

ෆෙස්බුක් එකේ තිබිලා තවත් වීඩියෝ එකක් අපට හම්බුණා.

ඒ වීඩියෝ එකේ තියෙන විදියට ඒ තරුණයත් පෙම්වතිය නිසා සිරුරට ගිනි තියාගෙන.

කොහොම හරි ඒ ළගම තරුණ දොස්තරවරියකුත් ඉඳලා.

ඇය එතැන ඉන්න කට්ටියට කෑ ගහලා කියනවා මේ තරුණයාව රෝහලට අරන් යන්න කියලා.

පස්සේ කට්ටියම එයාව රෝහලට අරන් ගිහින්.

එතැනින් එහාට වෙච්ච දේවල් අපි හොයලා කියන්නම්.

තමන්ට ලැඛෙන ජිවිතේ, අම්මා තාත්තා දුක් මහන්සි වෙලා හදන ජිවිතේ නිකරුනේ විනාශ කරගන්න අයට පව් කියන්නත් පුළුවන් ද ?





Another young man holding fire

05 June, 2016

මාධ්‍යයෙන් බේරෙන්න කෝලි - අනුෂ්කා මෝටර් රථයක් තුළ සිපවැළඳ ගනී

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ රංගන ශිල්පිනියක වන අනුෂ්කා ශර්මා මෝටර් රථයක සිපවැළඳ ගැනීමේ වීඩියෝවක් මාධය මගින් වාර්තා කළා.

ඉකුත් 03 වැනිදා සිදු ව ඇති මෙම සිදු වීම මුම්බායි ගුවන් තොටුපළේදී සිදු වූ බවයි මාධ්‍ය වාර්තා කර තිඛෙන්නේ.

අනුෂ්කා සිය චිත්‍රපටියක රූගත කිරීම් සඳහා පිටව යෑමට මුම්බායි ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඇයව හමුවීමේ අරමුණින් විරාත් කෝලි ද ගුවන් තොටුපළට පැමිණ තිඛෙනවා.

කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ කැමරා නිසා එම හමුව මෝටර් රථය තුළට පමණක් සීමා වී තිඛෙනවා.

එහිදී විරාත් කෝලි අනුෂ්කාට සිය කටයුතු සඳහා පිටව යෑමට පෙර සුභ පතා කෙටි සිපවැළඳ ගැනීමක නිරත වී තිඛෙනවා.

මෙම සිදුවීම අසළ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වීමත් සමග එය අන්තර්ජාලය හරහා වේගයෙන් සංසරණය වී තිඛෙනවා.

එම වීඩියෝව පහතින්.


















Kohli - Anushka kissing in a car

04 June, 2016

හද කම්පාකරන අවාසනාවන්ත දරු උපතක්

24 හැවිරිදි තරුණ මවකට ලැබුණු ඉතා අවාසනාවන්ත දෙබිඩි දරු උපතක් පිළිබඳව යි මේ පුවත.

මෙසේ ශරීර දෙක එකට සම්බන්ධ වී උපත ලබා ඇත්තේ ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකු බව යි වෛද්‍යවරුන් පවසන්නේ.

මොවුන් දෙදෙනාට සාමාන්‍ය පරිදි අත් යුගලය බැගින් පිහිටි නමුත් දෙදෙනාටම ඇත්තේ පාද දෙකක් පමණයි.

වඩාත් අවාසනාවන්ත පුවත වන්නේ ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍යවන ප්‍රධානතම අභ්‍යන්තර අවයවයන් මෙම දරුවන් දෙදෙනාට වෙන් වෙන්ව පිහිටා නොතිබීම යි.

වෙනත් ආකාරයකින් පැවසුවහොත් බොහෝ අවයවයන් දරුවන් දෙදෙනාටම පිහිටා ඇත්තේ එක බැගිනි.

තව ද දරුවන් දෙදෙනාගෙන් පිටතට පෙනෙන සේ ලිංගේන්ද්‍රය පිහිටා ඇත්තේ ගැහැණු දරුවාගේ පමණක් බව ද වෛද්‍යවරු සඳහන් කරයි.

අනෙක් දරුවාට ලිංගික අවයවයක් පවා පිහිටා නොතිඛෙන අතර එම දරුවා නිරීක්ෂණය කළ වෛද්‍යවරු ඔහු පිරිමි දරුවෙකු බවට උපකල්පනය කර සිටිති.

මෙම දරු උපත නැගෙනහිර ඉන්දියාවේ සිදුව තිබේ.









Unfortunate birth at India

නමක් තියන්න දරුවන් මරන සාරි අඳින පරිමියා

ඉන්දියාවේ සමහර පැතිවල ඉන්නේ පට්ටපල් මෝඩයෝ.

සමාවෙන්න ඒ වචනය එහෙම්ම කිව්වේ අපි දැන් පෙන්වන්න යන වීඩියෝ එක දැකලා ඔයාලත් එහෙම කියන නිසා.

දකින දකින හැමෝම දෙවියන් කරගන්න එක ඉන්දියාවේ සමහරුන්ට තියෙන්නේ මාර ආසාවක් නේ. අන්න ඒ ආසාව නිසා දෙවිකෙනෙක් වෙච්ච මනුස්සයෙක් ඉන්නවා.

ඔහුට කියන්නේ 'දේවමිනිසා' කියලා.

ඇත්තම කාරණය මේ පුද්ගලයා තමා අහිංසක මිනිස්සුන්ව රවට්ටගෙන ඉන්නේ.

ඉන්දියාවේ ගොඩක් අය මේ කෙනා ගාවට යනවලු අලුත් උපන් තමන්ගේ දරුවට නමක් තියාගන්න.

ඉතින් ඔහු ළඟට අරන් එන දවසේ දෙකේ පුංචි දරුවන්වට නමක් තියන්න මේ පුද්ගලයා දෙන්නේ දස වදයක්.

දෙයියන්ගේ නමක් අහනවා කියලා ළමයව උඩ දානවා, කරකනවා එක එක දේවල් කරනවා.

අර අහිංසක කිරි සප්පයා හයියෙන් අඬනවා.

කොහොම හරි නමකුත් දානවා.

මේ වගේ දේවල් කරන්න ඕනද පොඩි ළමයෙක්ට නමක් තියන්න.

දෙමාපියන් මෙහෙම වෙන එක ගැන හරිම කණගාටුයි..





How to name new born babies in India

බදුල්ල අහසේ පියාසර කළ අද්භූත සත්වයාගේ කතාව

ඒලියන් ප්ලැනට් කියන ප්‍රසිද්ධ යු ටියුබ් චැනල් එකට 2012දී ලංකාවේ සිදු අද්භූත සිද්ධියක් ගැන ඊයේ මුදාහැරලා තියෙනවා.

මේ සිදුවීම බැලු බැල්මට ඇත්තක්ද බොරුවක් ද කියන්න අපි දන්නේ නෑ.

මේක වෙලා තියෙන්නේ බදුල්ලේ.

හැබැයි මේ වීඩියෝ එකේ නම් කියන්නේ ඒ ඉන්නේ සුරඟනක් කියලා.

විශ්වාස කරන්න නම් අමාරුයි තමා ඒ වුණාට ඔයාලා මේක බලලා දැනෙන අදහස් අපිත් එක්ක ඛෙදා ගමු.





The story of a mysterious flying creature Badulla

අනියම් සැමියා එක්ක බියුටි සැලුන් සුද්ද කරන කොළඹ හයික්ලාස් අංගනාව

රූපලාවන්‍යාගාරවලට ගොස් තමන්ට ෆෙෂල් එකක් කරගැනීමට අවශ්‍යබව කියමින් එහි රැදී සිටින රූමත් කාන්තාවක් සුළු වෙලාවකට පසු රූපලාවන්‍යාගාරයේ සිටින පිරිස් බියගන්වා මුදල් මංකොල්ලකන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා මෝදර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම කාන්තාව කොළඹ උසස් බාලිකා පාසැලක අධ්‍යාපනය හදාර ඇති 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සම`ගින් මෙම කොල්ලකෑම්වලට 29 හැවිරිදි ඇයගේ අනියම් සැමියා බව කියන අයෙකුද සමබන්ධ බවට තොරතුරු හෙළිකරගෙන තිඛෙනවා.

ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයටද හුරුව ඇති අතර දිනකට රුපියල් 10,000ක් පමණ වියදම් කරමින් ඒවා මිලදී ගෙන ඇති බවට දැනගන්නට ලැඛෙනවා.

ඔවුන් වැල්ලවත්ත මෙන්ම මෝදර ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරවලින් මේ ආකාරයෙන් රණ්භාණ්ඩ මෙන්ම මුදල් කොල්ලකා ඇති අතර මුදල් නැතිවුණු විටදී නැවත නැවත එවැනි ස්ථාන සොයායමින් මෙම ක්‍රියාව දිගින් දිගටම සිදුකරගෙන ගොස් තිඛෙනවා.

එලෙස එක් අවස්ථාවකදී මොවුන් දෙදෙනා විසින් රූපලාවන්‍යාගාරයකට ගොස් දෙදෙනාටම ෆෙෂල් එකක් කරගැනීමට අවශ්‍යබව කියමින් එහි සෙනඟ පිරෙනතුරු රැදී සිට බෑග් වල ඇති පිහි ඛෙල්ලට තබා රන් භාණ්ඩ මෙන්ම මුදල් සොරාගෙන තිඛෙනවා.

ඉහළ පැලැන්තියේ නෝනලාද මෙම රූපලාවන්‍යාගාරවලට පැමිණ අකරතැබ්බයට පත්ව ඇති අතර ඇතැම් අවස්ථාවල ඔවුන් දෙදෙනා නිවෙස්වලට ගොස් වතුර පිපාසයට වතුර වීදුරුවක් ඉල්ලා පසුව නිවැසියන් හාදකරගෙන මෙම කොල්ලකෑම් සිදුකර තිබේ.

කෙසේ නමුත් එක් රූපලාවන්‍යාගාරයට ගිය මොවුන්ට වැඩ වැරදුනේ එහි වූ සීසීටීවී කැමරාවකින් දෙදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය වූ නිසාවෙනි.

පසුව පොලිසිය විසින් ඒ ඔස්සේ යමින් මෙම යුවල අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.



Lady stolen with ex husband

අයිස් බකට් වලින් පස්සේ එෆ්බී චැලෙන්ජ් එක 'බැක්ටු ග්‍රීන්'

පසුගිය දිනවල ෆෙස්බුක් එක පුරා ගිය රැල්ලක් තමයි බැක් ටු ග්‍රීන් රැල්ල.

අයිස් බකට් අමුමිරිස් වගේම මේ චැලෙන්ජ් එකත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා.

බැක් ටු ග්‍රීන් සහ වයිල්ඩ් රීච් කන්ඩායම් එකතුව නිර්මානය වුනු බැක් ටු ග්‍රීන් චැලෙන්ජ් එකට සමගාමිව බදුල්ලෙ පාසල් රැසක එකවර පැල සිටුවීම සඳහා මේ දිනවල සියල්ල සූදානම්.

විශාකා උසස් බාලිකාව, විහාරමහා දේවි බාලිකාව,දර්ම දූත විද්‍යාලය , ඌව විද්‍යාලය , බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය වගේම සරස්වතී දෙමල විද්‍යාලය හා අල් අදාන් මුස්ලිම් විද්‍යාලය ත් මේ සඳහා එකතු වෙනවා.

ජූනි මස 3 වෙනි දින උදෑසන පැල සිටුවීමට සියල්ල සූදානම්.

බැක් ටු ග්‍රීන් කන්ඩායමේ පුරෝගාමියෝ වෙන්නෙ එම්.සී.කේ.පී.   ශශේන්, මොහොමඩ් ෆර්ශාන්, නිලුපුල් සහ සුජීවායි.

ඔවුන් සම`ග අත්වැල් බැඳගත්තු තවත් බොහෝ දෙනෙක් මේ කාර්යයට සහයෝගය දක්වනවා.

අද ජූනි 4 වෙනිදා බදුලු ඔය ඉවුරේ පැල සිටුවීම සිදුවෙන අතර ඒ සම`ගම බැක් ටු ග්‍රීන් ඔවුන්ගේ 5000 වන පැලය එදිනට පැල කිරීමටයි සූදානම්ලු.

පැල සිටුවීමම පමණක් අරමුණ නොවී ඒවා රැක බලාගැනීම සඳහාද ක්‍රමෝපායන් යොදන ඔවුන්ගේ එකම අභිමන මේ පුංචි දිවයින නැවත හරිත නිමනයක් කිරීම පමණයි.











FB challenge - “Back To Green”