07 June, 2016

අර හෙනහුරා එක්ක බැහැ - ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනයි

ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළේ ඇමැති මහත්තුරැ ගණනාවක් ඉන්නෙ දෙගිඩියාවෙන්ලු...

මෙහෙම දෙගිඩියාවෙන් ඉන්න මැණික් වලට ප්‍රසිද්ධ පළාතක ජ්‍යෙෂ්ඨයකුට කිරැළපන ගෘෘප් එකේ ලොක්කෙක් හම්බවුණා... දෙන්නම එක පක්ෂයෙ...

උන්නැහේල හම්බුවෙලා කතාකරන්න ගත්තෙ අලුතෙන් වැටුණ බදුවලින් දැනෙන බදුබර ගැනයි...

දෙපැත්තෙ හිටියට දෙන්නම කතා කළේ තරමක් කලකිරීමෙන් වගේ.

එයින් වැඩිය කලකිරිල හිටියෙ මිනිපුරේ ලොක්ක...

'මෙහෙම ගියොත් අපිත් කම්මුතුයි' උන්නැහේ කිව්ව.

ඒකෙන් උද්යෝගයට පත්වුණ කිරැළපන ගෘෘප් එකේ ගම්පහ පොර කීවලු...

'ඉතින් ඔබතුමන් එන්නකො අපිත් එක්ක' කියල.

ඒක ඇහුව විතරයි මිනිපුරේ ලොක්කට ඉබේම මෙහෙම කියැවුණා.

'එන්න... එන්න නම් පුළුවනි. තියන ප්‍රශ්නෙ අර හෙනහුරා ඔතන්ට කඩා පාත්වෙච්ච එකනේ... වෙන ඕන කෙනෙක් එක්ක වැඩකරන්නම්. ඔය හාදය එක්ක නම් බැහැ... මම කිව්වය කියල ඔහේ ඕනනම් පරණ ලොක්කටම කිව්වත් කමක් නැහැ' කියපු මිනිපුර ලොක්ක යන්න ගියා.

හැබැයි එයා කියපු 'හෙනහුරා' කව්ද කියලා නම් කීවෙ නැහැ...



Not with that 'Henahura' - The question is there

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අර හෙනහුරා එක්ක බැහැ - ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනයි"

    Post a Comment