07 June, 2016

යන්න එපා කීව සාලාව කෑම්ප් එක පැත්තට සැප වාහනෙන් ගිහින් ජන්ම ගතිය රටට පෙන්වපු අනුවනයාගේ ගොං පාට් එක

'උඹලා එන්න එපා, අපි ගහන්නේ ගමේ උන්, ගහපන් ඕකට'

සාලාව හමුදා කඳවුරේ ඇතිවූ ගින්න නිසාවෙන් එම ප්‍රදේශයට ජනතාවට ඇතුල් වීමට නොදී හමුදාව විසින් ඔවුන් කඳවුරෙන් ඈත්කර තැබුවේ වැඩි ආරක්ෂාව සඳහායි.

දිවා රෑ නොබලමින් පාරවල් අසල රැදී සිටි ජනතාවද ඔවුන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබුණා.

එමෙන්ම කඳවුරේ සිට කිලෝමීටර් 3ක් 4ක් පමණ දුරට නැවතත් කිසිවෙකුට ඇතුල් වෙන්නට නොදී රැකවල් දමා තිබියදී සැප වාහනයකින් පැමිණි අයෙක් හමුදා අණ නොතකා සීමාවෙන් එපිටට ගමන් ගන්නට උත්සාහ කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණා.

හමුදා නිලධාරියා ඔහුට කරුණු තේරුම් කර දුන්නත් එයින් සෑහීමකට පත් නොවුණු මෙම පුද්ගලයා පරුෂ වචන කියමින් එම ස්ථානයේ සිටි මාධ්‍යවේදියෙකුටද බැන වදින්නට වුනේ

'මුළු ගමම ඇවිත් උඹට ගහනවා' යැයි හැමෝම ඉදිරියේ ඛෙරිහන් දෙමින්..

මේ එම අවස්ථාවේ වීඩියෝවයි.......





SALAWA Camp one side intruder

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යන්න එපා කීව සාලාව කෑම්ප් එක පැත්තට සැප වාහනෙන් ගිහින් ජන්ම ගතිය රටට පෙන්වපු අනුවනයාගේ ගොං පාට් එක"

    Post a Comment