04 June, 2016

අනියම් සැමියා එක්ක බියුටි සැලුන් සුද්ද කරන කොළඹ හයික්ලාස් අංගනාව

රූපලාවන්‍යාගාරවලට ගොස් තමන්ට ෆෙෂල් එකක් කරගැනීමට අවශ්‍යබව කියමින් එහි රැදී සිටින රූමත් කාන්තාවක් සුළු වෙලාවකට පසු රූපලාවන්‍යාගාරයේ සිටින පිරිස් බියගන්වා මුදල් මංකොල්ලකන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා මෝදර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම කාන්තාව කොළඹ උසස් බාලිකා පාසැලක අධ්‍යාපනය හදාර ඇති 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සම`ගින් මෙම කොල්ලකෑම්වලට 29 හැවිරිදි ඇයගේ අනියම් සැමියා බව කියන අයෙකුද සමබන්ධ බවට තොරතුරු හෙළිකරගෙන තිඛෙනවා.

ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයටද හුරුව ඇති අතර දිනකට රුපියල් 10,000ක් පමණ වියදම් කරමින් ඒවා මිලදී ගෙන ඇති බවට දැනගන්නට ලැඛෙනවා.

ඔවුන් වැල්ලවත්ත මෙන්ම මෝදර ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරවලින් මේ ආකාරයෙන් රණ්භාණ්ඩ මෙන්ම මුදල් කොල්ලකා ඇති අතර මුදල් නැතිවුණු විටදී නැවත නැවත එවැනි ස්ථාන සොයායමින් මෙම ක්‍රියාව දිගින් දිගටම සිදුකරගෙන ගොස් තිඛෙනවා.

එලෙස එක් අවස්ථාවකදී මොවුන් දෙදෙනා විසින් රූපලාවන්‍යාගාරයකට ගොස් දෙදෙනාටම ෆෙෂල් එකක් කරගැනීමට අවශ්‍යබව කියමින් එහි සෙනඟ පිරෙනතුරු රැදී සිට බෑග් වල ඇති පිහි ඛෙල්ලට තබා රන් භාණ්ඩ මෙන්ම මුදල් සොරාගෙන තිඛෙනවා.

ඉහළ පැලැන්තියේ නෝනලාද මෙම රූපලාවන්‍යාගාරවලට පැමිණ අකරතැබ්බයට පත්ව ඇති අතර ඇතැම් අවස්ථාවල ඔවුන් දෙදෙනා නිවෙස්වලට ගොස් වතුර පිපාසයට වතුර වීදුරුවක් ඉල්ලා පසුව නිවැසියන් හාදකරගෙන මෙම කොල්ලකෑම් සිදුකර තිබේ.

කෙසේ නමුත් එක් රූපලාවන්‍යාගාරයට ගිය මොවුන්ට වැඩ වැරදුනේ එහි වූ සීසීටීවී කැමරාවකින් දෙදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය වූ නිසාවෙනි.

පසුව පොලිසිය විසින් ඒ ඔස්සේ යමින් මෙම යුවල අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.



Lady stolen with ex husband

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් සැමියා එක්ක බියුටි සැලුන් සුද්ද කරන කොළඹ හයික්ලාස් අංගනාව"

    Post a Comment