19 July, 2019

ලොක්කෙකුගේ සුපිරි රථයෙන් ආපු කුක්කො ටිකක් දෙනෝදාහක් මැද වෑන් රථයකට පහරදුන් හැටි (Video)



මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සුපිරි ජීප් රථයකින් පැමිණි ආරක්ෂකයන් පිරිසක් විසින් වෑන් රථයකට පහරදෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.


එහිදී ආරක්ෂකයන් විසින් වෑන් රථයේසිටි පිරිසට තර්ජනය කරමින් වෑන් රථයට පහරදෙන අයුරු එහි සිටි පුද්ගලයකු ජංගම දුරකතනයෙන් පටිගත කර තිබෙනවා.

එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්.





VIP Guards Attack Van

17 July, 2019

ගෙල වැලලාගෙන මියගිය ශිෂ්‍යයාව දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට ගෙන ගොස් දූෂණය කරලා



ගෙල වැලලා ගැනීමෙන් 2019-05-26 වෙනි දින මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී මියගිය අවුරුදු පහළොවයි මාස දහයක් වයසැති පාසල් ශිෂ්‍යාව මියයාමට දින කිහිපයකට පෙර දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු අපරාධය සිදුකළ විසිදෙහැවිරිදි තරුණයෙකු 14දා සියඹලාණ්ඩුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


දොඹගහවෙල මාරාව පදිංචි එම්.ඒ දිනුෂිකා ලක්මාලි (අවුරුදු 15 මාස 10*දැරිය 2019/05/26 වෙනි දින නිවසේ දී ගෙළ වැලලාගෙන සිටියදී ඇයගේ මව විසින් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 2019/5/28 වෙනි දින මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී. මරණයට පත්වූ දැරිය ඊට දින දෙක තුනකට පමණ ඉහතදී බරපතල ලිංගික අතවරයකට ලක්වී ඇති බවට සලකුණු ඇති බැවින් දැරියගේ හිසකෙස්, රුධිර සාම්පල්,ලිංගාශ‍්‍රිත රෝම කූප හා ලිංග තුළින් හා පිටතින් ලබා ගන්නා ශුක‍්‍ර තරල විශ්ලේෂණ කටයුතු සඳහා රස පරීක්ෂක සඳහා යොමුකර තිබිණි.

ඒ අනුව සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.ඇම්.පී.ආර් බණ්ඩාර මහතා දැරිය දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයින්, පුද්ගලික ඔත්තුකරුවන් හා බුද්ධි තොරතුරු ලබාගෙන බුත්තල වගුරුවෙල රජ මාවතේ පදිංචි විසිදෙහැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී 2019/05/26 දිනට පෙර දින දැරිය දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට කැඳවාගෙන ගොස් දූෂණය කළ බව පවසා ඇත.

සැකකරු සමඟ අපරාධයට යොදාගන්නා ලද ත‍්‍රීවිල් රථයද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ජූලි මස 18 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පිට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.ඇම්.පී.ආර් බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි. (බඩල්කුඹුර රවිඳු ගුණතිලක - දිවයින)

16 July, 2019

15 July, 2019

අලූත උපන් බබා වළ දාලා මව මියයෑම ගැන පරීක්‍ෂණ



අලූ‍ත උපන් බිළින්දා ගෙවත්තේ වළ දමා මව මියයාම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා 13 වැනිදා හැටන් පොලිසියට නියෝග කළේය.

හැටන් පොලිස් වසමට අයත් කොටගල යුනිෆිල්ඞ් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල වතු නිවාසයක පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු මවක් මීට දින කිහිපයකට ප‍්‍රථම තම නිවස තුළදී බිළින්දකු බිහි කර එම බිළි`දා ගෙවත්තේම රහසිගතව වළ දමා ඇය අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ප‍්‍රදේශවාසින් විසින් ඉකුත් 11 වැනිදා දික්ඔය මුලික රෝහල වෙත රැුගෙන යන අතරතුර මිය ගොස් ඇත.

මිය ගිය කාන්තාවගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රැුකියාවක නිරත ව සිටින බවත්, මිය ගිය කාන්තාවට අවුරුදු 12ක සහ අවුරුදු 7ක ගැහැනු දරුවන් දෙදෙනකු සහ අවුරුදු 5ක පිරිමි ළමයකු සිටින බවත් හැටන් පොලිසිය පැවසුවේය.

මිය ගිය කාන්තාව දරු ප‍්‍රසූතිය කරන අවස්ථාවේ දරු තිදෙනා හැර නිවසේ කිසිවකුත් නොසිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන හැටන් පොලිසිය පැවසුවේය.

මිය ගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඇතිවූ සැකයක් මත මරණ පරීක්ෂකවරයා එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට හැටන් පොලිසියට කරන ලද නියෝගයක් මත හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.

මිය ගිය කාන්තාව විසින් ගෙවත්තේ වළ දැමුවේයැයි කියන බිළි`දාගේ සිරුර හැටන් මහෙස්ත‍්‍රාත්වරයා සහ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපිටදී පොලිසිය විසින් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කරනු ලැබීය. (නුවරඑලිය නාලක රත්නායක)

09 December, 2018

මාරක අනතුරක් කර පළා යමින් සිටි බීමත් රියදුරා තවත් බිහිසුනු අනතුරක් කරයි



ගල්කිස්ස අධිකරණය අසල සහ රත්මලාන ඉන්ධන පිරවුම්හල අසල අද (09) අලූයම සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.


එම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 08දෙනෙකු කලූබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය කළ මෝටර් රථයක් රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී මෝටර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටී තිබෙනවා. එහිදී යතුරු පැදිකරුවෙකු සහ තවත් අයෙකු මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර ගල්කිස්ස අධිකරණය අසලදී ද අදාළ බිමත් රියදුරා පැදවූ මෝටර් රථයේ මාර්ගයේ ගමන් ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගැටී තිබෙනවා. එහිදී එක් අයෙකු මිය ගිය බවයි පොලීසිය පැවසුවේ. මෙම අනතුරෙන් පසුව අදාළ රියදුරා එම මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර එහිදීයි ඔහු පැදවූ මෝටර් රථය රත්මලාන ඉන්ධන පිරවුම්හල අසලදී තවත් මෝටර් රථයක සහ යතුරු පැදි 02ක ගැටී තිබෙන්නේ.

මෙම අනතුර සිදු කළ මොටර් රථයේ රියදුරා මේවනවිට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.





(හේමන්ත කහවලගේ)

14 October, 2017

සහල් මෙට්‍රික් ටොන් 500,000ක් ආනයනය කිරීමට රජය සැරසේ

rice-traders

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වෙළඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරාලීමට සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) මඟින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, 2017 වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.

මෙයින් මෙට්‍රික් ටොන් 100,000ක් දැනටමත් ඉන්දියාවෙන් ඇණවුම් කරනු ලැබ ඇති අතර, ඉතිරි අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 400,000ක සහල් ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ.

මේවෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිවී තිබෙනවා.

පැරැණි රෝහණයේ බෞද්ධ උරුම

murutan

පැරැණි රෝහනයට අයත් නැගෙනහිර තොප්පිගල ගිරි සිඛරයට කිලෝ මීටර් දහයක් පමන දුරින් පිහිටි මුරුතාන් නම් ප්‍රදේශයේ මෙතෙක් පුරා විද්‍යාවේ පවා ඇස නොගැසුන බෞද්ධ ලෙන් සංකිර්ණයක් හා එහි පිහිටි සෙල් ලිපියක් සිරිපතුලක් අතුලු පුරා විද්‍යා සාධකයන් රැසක් ගාල්ල මුහුදු පුරා විද්‍යා ඒකකයේ ගවේශන නිලධාරිවරයකු වන රුක්ෂාන් ප්‍රියන්දන මහතා ඇතුල එගම ගම්වාසීන් පිරිසක් විසින් පසු ගියදා සොයා ගෙන ඇත.

අතීත රෝහණයට බෙන්තර ගඟ සිට ත්‍රිකුණාමලය දක්වා භූමි ප්‍රමාණය අයත්වූ බව කඩයිම් පොත් විමර්ෂණ මගින් තහවුරු වේ. මෙම පැරැණි රෝහණයේ බෞද්ධ උරුම ස්ථාන මෙපමණ යැයි කිව නොහැකි තරම්ය. එකී භූමි භාගය තුළ තවමත් සොයා නොගත් උරුමයන් වනගතව සැගව පවතින්නේය. මෙම පිරිසකගේ මෙම ගවේෂණය ද එබඳු පෙර වාර්තා නොවුනු තොප්පිගල කඳු පර්වතයට කිලෝමීටර් 10ක් පමණ දුරින් වන මුරුතාන් නම් ප්‍රදේශයෙ පවතින පුරාවිද්‍යා නටඹුන් සුවිශේශී වන්නේ අද අපි මහත් ඕනෑකමකින් කථා කරන සමස්ථ දිවයින පුරා වඩ වඩාත් තහවුරු කරන්නට යන ජාතික ආගමික සංස්කෘතික සහජිවනය මෙයට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 300-1 අතර යුගයේ පවා තිබු අයුරු සක් සුදක් සේ පැහැදිලිවන ආගමික සංකීර්ණයක් මේ පුජා භුමිය තුළ තිබු අයුරු හා අදත් එය ඒ ආකාරයෙන්ම පවතින බව මෙහිදි දැක ගැනීමට හැකිවීමය.

මෙම නටඹුන් පිළිබදව රැක්ෂාන්ට තොරතුරු වාර්තා වූයේ කායන්කර්නි ප්‍රදේශයේ ජීවත්වන රංජි හා තිලකරත්න යන මහත්වරුන් හරහාය. ඔවුන් සඳහන්කල විස්තරයන් රැක්ෂාන් අප සමගපැවසුවේ ඔවුන් රුක්ෂාන්ට කියු වදන් වලින්මය.

මහත්තයෝ මුරුතාන් කැලේ ගල්ලෙන්, ගල් කණු ගොඩක් තියෙනවා. සමහර ඒවායෙ අකුරුත් කොටල තියෙනවා. අපි හේන් ගොවිතැන් කරන්න ඒ පළාතට යනකොට මේවා දකිනවා. හැබැයි එහේ යනවානම් උදේ පාන්දරම යන්න ඕනා. මොකද ඒ පළාතේ අලි වැහි වැහැල ඉන්නවා. උන් හරි දරුණු අලි. මිනිස්සු දැක්කාම වකුටුවෙලා පනින්නෙ.

ඉතිං අපි උදේ පාන්දරම පිටත් වුණා. කිරාන් වලින් හැරිල කිලෝමීටර් 20ක් පමණ පැමිණ මුරුතාන් වලට ලගාවීමට අපට හැකි විය. පාර බොහෝ සෙයින් අබලන්ය. බොරලු පාර දිගේ ඉදිරියට ඇදුනු අප මාර්ගයේ වූ සළකුණු දැක මවිතයට පත් විය. මහත්තයලට හිතාගන්න පුලුවන්නෙ මෙහෙ ඉදල තියෙන අලි ප්‍රමාණය. මග දෙපස අලි සිටිය බවට වන අඩි සලකුණු හා උන්ගේ අසූචි වලින් පිරී පැවතින. මෙතන අලිමංකඩක්. මීටර් 800ක පමණ තරම් ප්‍රමාණයක පාරේ සෑම තැනම අලි අඩි විය. ඊයෙ රෑ මෙතන අලි 250ක් වත් ඉදල තියෙනවා තිලකරත්න මහතා පැවසීය.

මහත්තයෝ මේ ලග අලින්ට මතුරන මනුස්සයෙක් ඉන්නවා අපි ඒ මනුස්සයත් එක්ක යන්න ඕන. මෙකද දැනුත් වෙලාව 10 පැනල.

ඉතිං අපි අලි මන්තර දන්න කනසන් නම් දමිළ මාමා කෙනෙක් හමුවීමට ගියෙමු. අපේ වෙලාව හොදයි ඔහු ගෙදර විය. අපට වාහනයට නගින්න කියා ඔහු ගෙයි පිලිකන්නට ගියේ කුමක් හෝ කෙම් ක්‍රමයකට බව අපට වැටහුනි. මිනිත්තු කිහිපයකට පසුව කිසිවක් නොකියාව ඔවු විත් වාහනයට ගොඩ විය. අපි යමු තිලකරත්න මහතා පැවසීය. නැවතත් බොරලු පාර දිගේ ඇදුනු වාහනය කුඩා අඩි පාරක් ලග නැවැත්වීය. මෙතන ඉදල කිලෝමීටර් 2ක් විතර කැලේ ඇතුලෙ පයින් යන්න ඕන. වන සතුන් හා මිනිසුන් භාවිතාකරන කුඩා අඩි පාරවල් සෑම තැනකම දකින්නට හැකි විය. ස්වභාවික පොකුණක් පසුකරමින් ඉදිරියට ඇදුන අප නටඹුන් සහිත භූමියට ලගා විය. එහි ප්‍රධානඝරයක නටඹුන් දැකිය හැකි විය. ඒ සමගම අපට සිහි වූයේ අරන්කැළය, රිටිගල, පුරාවිද්‍යා භූමීන්ය. කැටයම් රහිත විශාල ගල් පුවරු එහි දකින්නට විය. ඇතැම් තැනක නිදන් හොරුන් විසින් හාරා තිබිණ. ගල් පර්වතයට අලෙලා නිමවා තිබෙන ප්‍රධානඝරය වටා දිය අඟලක් විය. ඒ අසල වූ කඳු ගැටයමත ගල් ලෙන් කිහිපයකි.මෙහි කටාරම් කොටා තිබේ. මෙහි විවිධ සතුන් වාසය කල බවට සතුන්ගේ වසුරු අනුව පැහැදිලි කර ගත හැක. එම ගල් ලෙන් සංකීර්ණය පසුකර ඉදිරියට යනවාත් සමඟ තවත් ප්‍රධානඝරයක සළකුණු දැකිය හැකි විය.

මෙම සංකීර්ණය විහිදී ගිය වනවාසී ආරාම සංකීර්ණයක් බව පැහැදිලි ය. තවත් බොහෝ නටඹුන් මේ අවට විසිරී පවතින්නට පුලුවන. අවට වන විශාල ගස් හා ගල් මත අලි විසින් පිට ඇතිල්ලීමෙන් මඩ ගෑවීතිබෙන තැන් බොහොමයක්ද දැක ගත හැකි විය.

ඉන් පසු අප නැවත පැමිණ එතන සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි තවත් ලෙනක් වෙත ගියේය. මෙය තරමක කදු ගැටයක් මත පිහිටා ඇත. ගල් ලෙන බැලූ බැල්මය නයි පෙනයක් සේ දිස්වේ. මෙහි බ්‍රහ්මීය ශිලා ලේඛණයක් දැකිය හැකි විය. එසේම වැදි චිත්‍රද ගල් තලයේ දැක ගත හැකි විය. ගල් ලෙන අවට පරීක්ෂාකිරීමේදී පූජා සදහා භාවිතයට ගත් ටෙරාකොටා කැටයම් කැබලි දැකිය හැකි විය. මේ අතර ලිංග හා විවිධ සත්ව කොටස් විය.

මෙහි වන ශිලා ලිපිය පිටපත්කර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඔහු සදහන් කලේ ක්‍රි.පූ 3-1 අතර කාලයට ශිලා ලිපිය අයත් බවයි. එහි අර්ථය වන්නේ බර්තෘ (ප්‍රධාන) තිස්සගේ ලෙන පැමිණි නොපැමිනි සිව්දිග සංඝයාට දෙන ලදී යන්නයි. (නන්දසිරි වැලිගමගේ - දිනමිණ)

ඉහළ මට්ටමක හැකියාවන් එකතුවක් අඩු මිලකට Huawei Honor 9

huawei-honor-9

Huawei සම්බන්ධයෙන් කියැවෙන සටහනක මේ දිනවල වැඩි වශයෙන්ම දැකිය හැක්කේ Huawei Mate 10 උපාංගය වුවත්, මෙම සටහන වෙන්වන්නේ පසුගිය ජුනි මාසයේදී එළිදැක්වුණු වෙනත් Huawei ස්මාට්ෆෝනයක් සම්බන්ධයෙනි. මේ Huawei Honor 9 ස්මාට්ෆෝනයයි. මෙයට Hybrid Dual SIM තාක්ෂණයෙන් සිම්පත් දෙකක් අන්තර්ගත කළ හැක. LTPS IPS LCD capacitive touchscreen තිරය අඟල් 5.15ක ඉඩක් ගනියි.

Android 7.0 (Nougat) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන Huawei Honor 9 උපාංගයට HiSilicon Kirin 960 චිප් පද්ධතියක් අන්තර්ගත කර ඇත. මෙහි ඇත්තේ Octa-core ප්‍රොසෙසරයකි. අභ්‍යන්තර මතකය ගිගාබයිට් 64 සහ 128 ලෙසින් සමන්විත ස්මාට්ෆෝන් සංස්කරණ දෙකක් පැමිණෙන අතර, පිටතින් ගිගාබයිට් 256ක් දක්වා මතකය ඉහළ දැමිය හැක.

මෙහි ද්විත්ව කැමරා පද්ධතියක් පසුපස ප්‍රධාන කැමරාවේ කාර්යභාරය ඉ‍ටු කරයි. එනම් 20MP + 12 MP ලෙසිනි. f/2.2, phase detection autofocus, 2x lossless zoom, dual-LED (dual tone) flash ලෙසින් හැකියාවන් සහ සැකසුම් දැක්වෙන මෙම කැමරා පද්ධතියට Geo-tagging, touch focus, face detection, HDR, panorama යන විශේෂාංග ඇතුළත්ය.

Glacier Grey, Sapphire Blue, Midnight Black, Gold, Blue Bird, Robin Egg Blue ලෙසින් වර්ණ පෙළකින් මෙය පැමිණෙන නිසා, පරිශීලකයින්ට ‍තෝරාගැනීමට මනා විවිධත්වයක් මෙහි ඇත. Huawei Honor 9 උපාංගය පෙණුමින් තරමක් දුරට තාරුණ්‍යයට ඔබින බවක් හැඟවුනද, මෙහි වඩාත් ප්‍රබල දෘඩාංගයන්ද සමග ගත්විට මෙය සාධනීය වැඩ කොටසක් ඉටු කරගත හැකි ස්මාට්ෆෝනයක් බව බැලූ බැල්මට පෙනෙයි. පොදුවේ Huawei Mate උපාංග පෙළ තබා ඇති ඉහළ ස්ථානයේ තබා Huawei Honor 9 ස්මාට්ෆෝනය මැනීමට නොහැකි වුවත්, ප්‍රබල දෘඩාංග, පහසු මිල සහ නොයෙකුත් හැකියාවන් සමගින් ස්මාට්ෆෝනයකින් ඔබ බලාපොරොත්තු වන සියලු කටයුතු මෙම උපාංගයෙන් ඉටු කරගත හැකි බව නම් කිවයුතුමය. (රච්න්ත ජයවර්ධන -
අද)

ණුවන් ප්‍රදීප්ට අාබාධයක් - ළහිරු ගමගේ කැඳවයි

nuwan-pradeep-lahiru-gamage

අබායකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරග පහකින් සමන්විත වන එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවා අැත්තේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ යි.

13 October, 2017

මූණු පොතේ පෙම්වතිය බලන්න ඇවිත් නිල්වලා ගඟට පැන්න තරුණයා අවසානයේ පොලිසිය නිසා බේරෙයි

TITLE

මාතර මහානාම පාලම අසලින් නිල්වලා ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ තරණයකු මාතර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පී. පී. සුදුසිංහ මහතා මැදිහත්ව බේරා ගැනීමේ පුවතක් වාර්තාවනවා.

එම තරුණයා දිවි හානිකර ගැනීමට ගඟට පැනීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ පෙම්වතියගේ ඥාතීන් පිරිසක් මෙන්න හොරෙක් ලෙස කෑගැසීම නිසා බියට පත්වීමයි.

ෆේස්බුක් සමාජජාලය ඔස්සේ මෙම තරුණයා මාතර ප්‍රදේශයේ තරුණියක් සමඟ පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති අතර, මේ පිළිබඳ තරුණියගේ පාර්ශ්වය දැන ගැනීමෙන් පසු එම තරුණියගේ පාර්ශ්වයේ කාන්තාවක් ඔහුට එම තරුණිය ලෙස පෙනීසිටිමින්, මාතරට හමුවන්නට එන ලෙස ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනාවට අනුව ඊයේ (12දා) පෙරවරුවේ එම තරුණයා මාතර මහානාම පාලම අසලට පැමිණ ඇත. එවිට ඔහුට තම පෙම්වතිය වෙනුවට දැකගත හැකි වූයේ එම පෙම්වතියගේ ඥාති පාර්ශ්වයයි. අනතුරුව එම ඥාතීන් මෙන්න හොරෙක් කියා කෑ ගසා ඇත.

එවිට අසලට රැස්වූ විශාල ජනතාවක් මෙම තරුණයාට පහර දෙන්නට සැරසෙනවාත් සමඟ ඔහු ගඟට පැන ඇත.

ඔහු ගඟට පැන්න පසු තරුණියගේ ඥාතීන් මෙන්න කවුද ගඟට පැන්නා කියා කෑගසනු මාතර රථ වාහන අංශයේ ස්ථානාධිපති පී. පී. සුදුසිංහ මහතාට ඇසී ඔහු වහා පැමිණ අසල තරුණයන් සමඟ ගඟට පැන්න තරුණයා බේරා ගැනීමට විශාල මෙහෙයුමක් සිදු කර ඇත.

පසුව තරුණයා පොලිස් අත්අඩංගුවට පත්විය. පොලිසිය වැඩිදුර ප්‍රශ්න කර ඔහු අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු දැයි සොයා බැලීමට පරීක්ෂණ සිදු කරද්දී අනාවරණය වූයේ තමාට සිදුවූ ලැජ්ජාව හා බිය නිසා දිවි හානිකර ගැනීමට ගඟට පැන ඇති බවයි.

Exclusive: ලංකාවේ අම්මා සොයන බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව

sheree-niroshika-acheson

ඇය ශෙරී ඇචේසන්…

මීට දින කිහිපයකට පෙර ඇය එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇතුළත් වූවා ය.

ඇත්තටම ඔබට අප ඇගේ නම ප්‍රකාශ කළේ එක් කොටසක් අඩුවෙනි.

ඇගේ නමේ අප ප්‍රකාශ නොකළ කොටස දීර්ඝ ඉතිහාස කතාවකට මං විවර කරයි.

ඇගේ සම්පුර්ණ නම ශෙරී නිරෝෂිකා ඇචේසන්…

එක්සත් රාජධානියේ තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව සිටි ඇය බ්‍රිතාන්‍යයේ ඉන්ටර්නෙට් ඔස්සේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කිරීම ඇතුළු විශේෂ කාර්යන් ගණනාවකට දායකත්වය ලබා දුන් කාන්තාවකි.

එමෙන් ම අවස්ථා ගණනාවකදී ලෝක අර්ථීක සමුළුව ඇමතූ ඇය මේ වන විට ලෝක තරුණ සමුළුවට එක්ව සිටියි.

සිය වෘත්තීය ජීවිතයේ අති සර්ථකත්වයක් ලබා ගත් මේ අපූරු කාන්තාව මේ වන විට විශේෂ ඉලක්කයක් හඹා යමින් සිටියි.

ඒ, ඇයට උපත දුන් මව සොයා ගැනීම හෙවත් ඇගේ ශ්‍රී ලාංකික සම්භවය සොයා ගැනීම යි.

1991 පෙබරවාරි 28 වන දා ශෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ, වීර මුදියන්සේලාගේ නිරෝෂිකා යන නාමයෙනි.

උපතින් පසු ඇගේ මව කිසියම් හේතුවක් නිසා ඇයව අයර්ලන්ත ජාතික යුවලකට හදා වඩා ගැනීම සඳහා ලබා දී තිබේ.

මේ එම අවස්ථාවේ ලබාගත් ඡයාරූප කිහිපයක්.

sheree-niroshika-acheson

ඇගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම නොදනී යනුවෙන් සඳහන් වන අතර මවගේ නම ලෙස ඩිංගිරි මැණිකේ ලෙස සඳහන්ව තිබුණත් එම නම සත්‍ය ද යන්න පිළිබඳව මේ වන ඇත්ගේ ගැටලුකාරී තත්ත්වයකි.

මව උපන් ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ මාතලේ, නාවුල ප්‍රදේශය යි.

ශෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ, මහනුවර මහ රෝහලේ ය.

මවගේ ලිපිනය ලෙස කැලණිය ප්‍රදේශයේ ලිපිනයක් සටහන්ව තිබුණ ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ, එම ලිපිනය ව්‍යාජ එකක් බවට ය.

මේ හේතුවෙන් ඇයට උපත ලබා දුන් මව සොයා ගැනීම පත්ව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්ත්වයකට ය.

විදෙස් ප්‍රවෘත්ති වාර්තා අනුව 1980 – 90 දශකය තුළ ශ්‍රී ලාංකික බිළිඳුන් 11000 කට වැඩි ප්‍රමාණයක් යුරෝපා රටවලට අලෙවි කර හෝ ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව තළ බේබි ෆාම් හෙවත් ළමුන් අලෙවි කරන ස්ථාන තිබූ බවට පසුගිය දිනවල අනාවරණය විය.

මෙම බොහෝමයක් දරුවන්ට තමන්ට උපත දුන් මව හෝ පියා සොයා ගැනීමට අවශ්‍ය වුව ද ඔවුන් එම රටවලට ලබා දීමේදී යොදාගත් ලියකියවිලිවල තොරතුරු ව්‍යාජ ඒවා ය.



(නිව්ස්ෆස්ට්)

රට යන අත – වැඩවර්ජන – උද්ඝෝෂණ මැද රට කොයිබටද?

TITLE

රට පුරා දිනපතාම පාහේ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතාවන්ය. අනෙක්‌ අතින් වැඩ වර්ජනයන්ය. මේ සියල්ල අතරේ දිනපතා ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. රටේ ප්‍රශ්න ඒමට තිබුණත් ආණ්‌ඩුවට ඒවා වගක්‌ වත් නොමැති තරම්ය. රටේ ජනතා ප්‍රශ්න ඔඩුදුවා තිබියදී ආණ්‌ඩුව ජනතාවට කිසිසේත් අවශ්‍ය නොවන විවිධ දේ සිදු කරමින් සිටී. මේ නිසා වහාම ආණ්‌ඩුව කළයුත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට වහාම පිළිතුරු සොයන නව යාන්ත්‍රණයක්‌ ක්‍රියාවටනැන්වීමය. මැතිවරණයක්‌ අත ළඟ හෙයින් මෙය ආණ්‌ඩුවට දේශපාලනමය වශයෙන්ද අතිශය වාසිදායක වනු ඇත.

අලුත් මැතිවරණ ක්‍රමයක්‌ ආදේශ කරන කෙටුම්පතක්‌ හරහා පළාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියශාද් ඩෙප් අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තුන් දෙනෙකු හමුවේ පසුගියදා කැඳවූ අතර කරුණු සලකා බැලූ ප්‍රියශාද් ඩෙප් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ල ලබන 19 වැනිදා නැවත මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සලකා බැලීමට තීරණය කරන ලදී.

එහෙත් එහිදී කරුණු දක්‌වමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයා ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කළේ තමා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනතාවගේ ඡන්ද අයිතිය හා පරමාධිපත්‍යය සම්බන්ධ කරුණක්‌ බැවින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු එය නීතියක්‌ බව තමා පිළිගත්තද පසුගිය දා පළාත් සභා මැතිවරණය සම්බන්ධ සම්මත කරගත් පනත සම්පූර්ණයෙන්ම ජනතාවට ගැසට්‌ කොට ඉදිරිපත් කළ කෙටුම්පතට පරිබාහිර එකක්‌ බවයි. මෙම හේතුව නිසා උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර නිසියාකාරව පැවත්වීමට නියමිතව තිබු පළාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් ගොස්‌ ඇති බවද එම නිසා එම අවස්‌ථාවේදී තිබූ වලංගු නීතිය අනුව නිසියාකාරව මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්‌ෂාකර දෙන ලෙසද අවශ්‍ය නම් අනාගතයේදී මෙසේ සම්මත කරගන්නා නීති අනුව ඡන්දය පැවත්වූවාට ගැටලුවක්‌ නොමැති බවද මෙහිදී හිටපු අගවිනිසුරුවරයා පවසා තිබිණි. මේ නිසා අදාළ නඩුව සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ දැඩි අවධානයක්‌ ඇතිවී තිබේ.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීම නවත්වන්නැයි බල කරමින් පසුගියදා හම්බන්තොටදී විරෝධතා ව්‍යාපාරයක්‌ පැවති අතර එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවිය.

මෙහිදී පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයකුට එහි සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයකු විසින් කනට ගසනු ලැබීම රටේ ජනතාවගේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝ පටද විද්යුත් මාධ්‍ය ඔස්‌සේ විකාශනය වූ අතර මෙසේ පහර කෑමට ලක්‌ වූයේ පුවත්පතක නිදහස්‌ මාධ්‍යවේදියකු බව සඳහන්ය.

මේ අතර එහිදී අධිකරණ නියෝග කඩ කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලාභහානි කිරීම, පොලිස්‌ නිලධාරීන්ට පහරදීම සහ පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ හම්බන්තොට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ ඇතුළු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 16 වැනි දා තෙක්‌ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කළ සෙසු පස්‌ දෙනාය.

මෙම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක්‌ ඇතුළු 28 දෙනෙක්‌ ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

විරෝධතා ව්‍යාපාරවලට ප්‍රහාර එල්ලකිරීම මේ වනවිට පොලිසිය සිරිතක්‌ කරගෙන ඇති අතර විශ්වවිද්‍යාල සිසුන් විසින් පැවැත්වූ සයිටම් විරෝධී පාගමනට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සිසුන් 14 දෙනෙකු රෝහල්ගත කර ඇත. ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේ නමක්‌ හා මාධ්‍යවේදියෙක්‌ද තුවාල ලබා තිබේ. රෝහල් ගත කර ඇති පිරිස අතරින් දෙදෙනෙකු සිසුවියන්ය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක්‌ සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වැනි දා දක්‌වා යළි රිමාන්ඩ් කර තිබේ.

මේ සයිටම් ප්‍රශ්නය නිසා මාස ගණනාවක්‌ වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීම අතපසු වී තිබේ. මේ ප්‍රශ්නය වහාම විසඳා ගැනීම රටේ ජනතාවගේ පැත්තෙන් මෙන්ම රජය පැත්තෙන්ද හොඳය. තායිවාන බැංකුවක මුදල් වංචාවක්‌ සම්බන්ධයෙන් රහස්‌ පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රොa ගෑස්‌ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව හෙළිවී තිබේ. ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවත්, ඔහුට ලංකාවේ රැඳී සිටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවත් රහස්‌ පොලිසිය සොයාගෙන තිබේ.

මහා බැංකු බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ලවී ඇති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙකි. මේ ආකාරයට රටේ ප්‍රධාන තනතුරු ලබාදීම සඳහා රටේ ඕනෑතරම් සුදුසු පුද්ගලයන් සිටියදී ඒවා විදේශිකයන්ට ලබාදීම බරපතල ප්‍රශ්නයකි. අනෙක්‌ අතට මෙවැනි වංචා දූෂණ සිදුකළ අවස්‌ථාවල මොවුන් විදේශිකයන් නිසා මොවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පවා බාධා පැමිණෙන්නේ වෙනත් රටක පුරවැසියන්ට එරෙහිව පියවර ගැනීම එම රටවල් සමඟ ප්‍රශ්න ඇතිකර ගැනීමක්‌ වන බැවිනි.

දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ පෙරමුණක්‌ පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි පැවසේ.

ඊපීඩීපී පක්‌ෂ නායක ඩග්ලස්‌ දේවානන්ද, ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ නායක ආනන්ද සංගරි ඇතුළු ද්‍රවිඩ නායකයන් කිහිප දෙනකුගේ එකතුවෙන් මෙම සංවිධානය පිහිටුවීමට අවශ්‍ය මූලික සාකච්ඡා මේ වන විට පවත්වා ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කරගනිමින් මෙම නව පෙරමුණ පිහිටුවන අතර, දෙමළ ජාතික සන්ධානය පරාජය කර උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහා මෙම සංවිධානය පිහිටුවීමට සාකච්ඡා කර තිබේ. බැසිල් රාජපක්‌ෂගේ උතුරේ සංචාරයෙන් පසු මෙය සිදුවීම දේශපාලන ක්‌ෂේත්‍රයේ කතාබහට ලක්‌ව තිබේ.

දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒම සම්බන්ධයෙන් සිය එකඟතාව පළකර ඇති අතර, නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහසට වෙනස්‌ අදහසක්‌ ඉදිරිපත් කිරීමටද නව පෙරමුණේ පක්‌ෂ නායකයන් අතර සාකච්ඡාවක්‌ සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර අක්‍රමිකතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම මලික්‌ සමරවික්‍රම හා කබීර් හෂීම් යන ඇමැතිවරුන් කැඳවා පසුගියදා ප්‍රශ්න කරන ලදී.

එහිදී ඔවුන් කියා සිටියේ අදාළ බැඳුම්කර ගනුදෙනුව සිදුවූ දිනට පෙර දින මහ බැංකුවට ගියේ පසුගිය රජය විසින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ගෙවිය යුතුව තිබු බිලියන 18 ක හිඟ මුදලක්‌ ලබාගැනීම සදහා වූ සාකච්ඡාවකට බවයි.

කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව මෙරට දේශපාලන ක්‌ෂේත්‍රය උඩුයටිකුරු කරන සිදුවීම් රැසක්‌ සිදුවීමට ඉඩ තිබේ.

ජාතික නිදහස්‌ පෙරමුණ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී බෙදුම්වාදීන් විසින් සකස්‌ කරන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට්‌ මණ්‌ඩලයේaදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කළ බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්‌ෂ සමග නව කතිකාවක්‌ අරඹන ලෙසද මෙහිදී ජනාධිපතිවරයාගෙන් එම පක්‌ෂය ඉල්ලීමක්‌ කර තිබේ.

ජාතික නිදහස්‌ පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පක්‌ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක්‌ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක්‌ දූෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය සිතාසි නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක්‌ විසින් සිතාසි නිකුත් කරන ලදී.

මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍ර්‍රdමික හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා යන අය මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම් කර ඇත.

රාමනායක මහතා විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක්‌ දූෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාසයක්‌ කර ඇති බව චෝදනා කරමින් කරුණු ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ මේ වැනි ප්‍රකාශයක්‌ කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ඇත. මීට පෙර මෙවැනි චෝදනාවකට ලක්‌වූ ඇමැති එස්‌.බී.දිසානායක මහතාට සිරදඬුවම් හිමිවිය.

වර්ෂාවත් සමග ඩෙංගු රෝගය යළිත් සීSඝ්‍රයෙන් පැතිර යමින් පවතී. මේ නිසා වහාම බලධාරීන් මැදිහත්වී එය පාලනය කිරීම සඳහා පියවර ගත යුතුව තිබේ. (ජනිත සෙනෙවිරත්න - දිවයින)

12 October, 2017

වෙන අය දෙන චරිත සහතික මට අදාළ නැහැ

udari-warnakulasooriya

• උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?

ඔව්. පොඩි නිවාඩුවකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කරන පිනි ටෙලි ඩ්‍රාමා එකට සම්බන්ධ වුණා. මේ දවස්වල පිනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකකටත් දායක වුණා.

• මේ දවස්වල උදාරිට අලුත් නමක් පටබැඳිලා නේ..?

ඔව්. කාලෙන් කාලෙට මම නිරූපණය කරන චරිතවල නම්වලින් මට කතා කරනවා. පිනි ඩ්‍රාමා එක නිසා මේ දවස්වල මට ගොඩක් අය කතා කරන්නේ සුද්දි කියලා.

• මිෂෙල් සහ සුද්දි උදාරිගේ රංගනයට හොඳ වෙනසක්ද..?

ඇත්තටම ඔව්. මට ගොඩක් ලැබුණේ තැන්පත් පෙම්වතියගේ චරිත. ඉතිං මේ චරිත නිරූපණය අහිංසක පෙම්වතියකට වඩා ජීවිතය ගොඩදාගන්න පොරබදන ගැහැනියකගේ චරිතයක්. තැනට සුදුසු විදියට ඇණේ ගහන චරිතයක්. මට ලැබුණ චරිතත් එක්ක බලද්දි මේ චරිතය නිරූපණය කිරීමේදී යම් අභියෝගයක් තිබුණා.

• එකිනෙකට වෙනස් චරිත නිරූපණයක් කරන්න මහන්සි වෙන්න ඇති..?

සුද්දිගේ චරිතයට ආරාධනා ලැබෙද්දි ශාන්ත සොයිසා මහත්මයාගෙන් සහ මහේෂ් සත්සර අයියාගෙන් මම මුලින්ම ඇහුවා මාව මේ චරිතයට ගැළපෙනවද කියලා. වැල්ලේ කෙල්ල සහ වෙස්ටන් විදියට ඉන්න මිෂෙල් එකිනෙකාට වෙනස්. මේ චරිතයට මගෙන් මොකක්ද වෙන්න ඕන ඇහුවම ඔවුන් මට කිව්වා "උදාරි ඔයා මිෂෙල්ගේ චරිතයට ඔය ඉන්න විදිහටම ඉන්න. නිම්සරාගේ චරිතයට හැඩගැහෙන්න කියලා".

• උදාරිගේ සැබෑව කොහොමද මිෂෙල්ගේ චරිතයට ගැළපුණේ..?

මිෂෙල් කියන්නේ Forward කෙනෙක්. හැබැයි නිම්සරා කියන්නේ බියගුලු, තනිවුණ කෙල්ලෙක්. සැබෑ ජීවිතයේ මම තැන්පත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිෂෙල්ගේ චරිතය මගේ විදිහට නිරූපණය කරන්න පුළුවන්.

• උදාරි තැන්පත් නෑ කියන්නේ, අඳින පලඳින විදිහෙන්ද...? කතා බහෙන්ද..? හැසිරීමෙන්ද..?

මම මටම අඳින පලඳින විදිහක් හොයාගෙන තියෙනවා. මම දිග ඇඳුම් වගේම කොට ඇඳුම් අඳිනවා.මම කාලෙන් කාලෙට අඳින පලඳින විදිහ වෙනස් කරනවා. මොකද මම ඒකාකාරී වෙන්න කැමැති නැහැ. ඒ වගේම මම හරිම දඟකාරයි. හරියට කියවනවා. මගේ සැමියත් කැමැතියි මම කියවනවට හිනාවෙලා දඟලල ඉන්නවට. ඉතිං මම තැන්පත් නැහැ.

• තැන්පත් වගේ පෙන්නන්න වුවමනා නැද්ද..?

අනේ නැහැ. මම හරි විනිවිදයි. මම තවත් මනුස්සයෙක් නිසා මගේ විදිහ වෙනස් කරගන්න කැමැති නැහැ. මම කොහේ ගියත් ඒ ඉන්නේ මම තමයි. මම වෙන කෙනෙක් වෙන්න කැමැති නැහැ.

• උදාරි කාලයක් ලංකාවේ. කාලයක් රට. මේ ඇවිදින සෙල්ලම නිසා උදාරිගේ වැඩවලට ගැටලුවක් වෙලා නැද්ද..?

මම කොහොමත් වැඩ කරන්නේ හරි අඩුවෙන්. මේ දවස්වලත් මම වැඩ කරන්නේ පිනි ටෙලිඩ්‍රාමා එකේ විතරයි. වෘත්තියක් විදිහට නෙවෙයි මම කලාව කරන්නේ. මම කලාව කරන්නේ ප්‍රේක්ෂකයන් පිනවන්න. මගේ සැමියා මටයි දරුවටයි කන්න අඳින්න දීලා සැපවත් කරනවා. ඉතිං පහුගිය අවුරුදු දහය පුරාවට මම සැමියා ඉන්න සිංගප්පූරුවට යනවා එනවා. වැඩ අඩුවෙන් කරන නිසා මට යන්න එන්නත් පුළුවන්. මම කරන වැඩවලට ඒ ගමන බාධාවක් කරගන්නෙත් නෑ.

• උදාරිට ආරාධනා අඩු නිසා නෙමෙයිද අඩුවෙන් රඟපාන්නේ?

කොහෙත්ම නැහැ. මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. මම මවක්, බිරියක්, ඒ වගේම මගේ මවුපියන්ට දියණියක්. මම හරිම කෑදරයි පවුලට. ඉතිං එයාලා වෙනුවෙන් මම කාලය වෙන් කරන්න ඕනේ. මගේ දුවගේ හැම වැඩක්ම මමමයි කරන්නේ. මම එයාට දෙන ආදරය එයාට කවදා හරි මතකයේ තියෙයි. මගේ පවුල අංක එක නිසා පවුලට මුල් තැන දීලා තමයි නිර්මාණ භාර ගන්නේ.

• උදාරි රංගන කටයුතුවල නිරත වෙනවට සැමියාගේ අකමැත්තක් නැද්ද..?

නැහැ. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. සැමියා වෛද්‍යවරයෙක් වුණාට එයා අපේ වෘත්තීන් පටලවා ගෙන නැහැ. ඔහුගෙන් ලැබෙන ආශීර්වාදය සහයෝගය නිසා තමයි මම සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

• සැමියා උදාරිව කවදාහරි සැක කරලා තියෙනවද?

නැහැ. අපි අනේ‍යාන්‍ය අවබෝධයකින් ජීවත්වන දෙන්නෙක්. අපිට අපිව සැක කරන්න ඕන කාලයක් නෙවෙයි මේක. අපේ දරුවාට හොඳට උගන්නලා එයා හොඳ සතුටින් තියන්න අපි දෙන්නම උත්සාහ කරනවා. අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ජීවත් වෙනවා.

• විවාහක කාන්තාවක් වුණත් තාමත් උදාරිට ආදර යෝජනාවලින් අඩුවක් නැතුව ඇති..?

එහෙම ආදර යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි ආදරේ ඉල්ලුවට හැමෝටම ආදරේ කරන්න මට ඕනෙ නැහැ. තමන්ගේ වගකීම් ගැන අවබෝධයකින් ජීවත් වුණොත් ඒ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.

• කාලෙන් කාලෙට උදාරිත් විවිධ ගොසිප්වල ඉලක්කයක් වෙනවා නේද..?

රංගන ජීවිතයට එද්දිත් මට ඕන තරම් කටකතා හැදුණා. හැබැයි මං වටේ හිටපු ප්‍රේක්ෂකයෝ මට හරි ආදරෙයි. කටකතා ඇත්ත වුණත් බොරු වුණත් ඒ අය මට ආදරෙයි. සැමියා මාව සීයට සීයක් විශ්වාස කරනවා. ඒ නිසා මට අනෙක් අය දෙන චරිත සහතික අදාළ නැහැ.

• අම්මා වගේ දුවත් රඟපාන්න එනවට උදාරි කැමැතිද..?

මම දුවගේ දඟකාර වැඩ වීඩියෝ කරලා ෆේස්බුක් දානවනේ. ඒවා ගොඩක් අය බලනවා. ඒ වීඩියෝ දැකලා වෙන්න ඇති දුවට චිත්‍රපට හතරකට විතර ප්‍රධාන චරිතයට කතා කළා. නමුත් මම ඇයව දැන්ම රංගනයට යොමු කරන්න කැමැති නැහැ. මොකද ඇයගේ ජීවිතය අයිති ඇයට. එයා ලොකු වෙලා රඟපාන්න තීරණය කළොත් ඒ එයාගේ තීරණය. අපි කරන්නේ හරිම සැහැල්ලු මනසකින් යුතු හොඳ දරුවෙක් හදන එක.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

දවසේ කාටූන් – 2017.10.12

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Mawbima
මව්බිම - Mawbima


Rivira
රිවිර - Rivira


Rivira
රිවිර - Rivira


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලිමිරර් - Daily Mirror


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Tamil mirror  height=
ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror

‘‘මගේ වැඩ නිසා පවුලේ අය දුක් වින්දා – කෙල්ල නිසා නෙමෙයි..‘‘ – වෙඩි තබාගත් සිසුවාගේ ලිපියක් හමුවෙයි (Photos)

kumudith-adithya

ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි, 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන පෙරේදා (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා.


වෙඩි තබාගෙන දිවි නසාගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මරණයට හේතුව පරීක්ෂණ වලින් හෙළිවෙයි


මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති ගාල්ල මහින්ද විදුහලේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙක්.

සිය පියාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගිය මෙම සිසුවා පවුලේ දෙවැනි දරුවායි. ඔහු පෙරේදා (10 වැනිදා) රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන තිබෙනවා.

ඒ සමගම නිවැසියන් විසින් බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවයි වාර්තාවන්නේ.

සියදිවි නසාගැනීමට ප්‍රථම ලිපියක් ලියා ඇති මොහු ඉන් පවසා ඇත්තේ තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවයි.

තමාගේ ක්‍රියා කළාපය හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් දුක්‌ විඳි බවත් මෙම සිද්ධිය සිය පෙම්වතිය හේතුවෙන් සිදුකරගන්නා දෙයක් නොවන බවත් ඉන් පවසා තිබෙනවා.

ඉදිරියේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද මෙවන් පීඩනයක්‌ යටතේ ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

kumudith-adithya

11 October, 2017

දවසේ කාටූන් – 2017.10.11

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Lakbima
ලක්බිම - Lakbima


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Mawbima
මව්බිම - Mawbima


Rivira
රිවිර - Rivira


Rivira
රිවිර - Rivira


Dinamina
දිනමිණ - Dinamina


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලිමිරර් - Daily Mirror


The Island
දඅයිලන්ඩ් - The Island


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Virakesari
වීරකේසරී - வீரகேசரிகார்ட்டூன் - Virakesari


Tamil mirror  height=
ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror

වෙඩි තබාගෙන දිවි නසාගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මරණයට හේතුව පරීක්ෂණ වලින් හෙළිවෙයි

suicide-shooting-himself

ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන ඊයේ (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා.

සිය පියාට අයත් බලපත්‍ර සහිත බෝර 12 වර්ගයේ ගිනි අවියකින් නිවස පිහිටා ඇති ගෙවත්තේදී ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මෙම සිසුවා වෙඩි තබාගෙන සියදිවි හානිකරගැනීමට හේතුව අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙසට නිවසින් එල්ල වූ බලපෑම් බවයි මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබෙන්නේ.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු මෙම වසරේ දෙසැම්බර් (2017) පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙක්.

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ මෙම සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

දරුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක්.

10 October, 2017

සිංහල කොත්තු ෆේස් බුක් බේගල්

kotthu

වෛරී මිනිසුන් ඕපාදූප හෙවත් දූෂමාන අරාංචි ගෙනයන අතර මෝඩයන් විසින් එවා පතුරුවා අමනයන් විසින් ඒවා වැළදගනු ලැබේ. යනු ඉංග්‍රීසි උපහැරණයකින් කියවෙන අදහසකි.

ගාල්ල ප්‍රදේශයේ මෙන්ම ඉන් ඔබ්බටත් ලැව්ගින්නක් සේ පැතුරුණු 'සිංහල කොත්තු' හා “මුස්ලිම් ආපනශාලවල වඳ බෙහෙත් ආහාර” සම්බන්ධ ඕපාදූපයද වෛරී ජාතිවාදීන් විසින් නිර්මාණය කොට වර්ගවාදී මෝඩයන් විසින් පතුරුවන ලදුව අවිචාරී අමනයන් විසින් මහ ඉහළින් පිළිගත් සිතාමතා නිර්මාණය කළා වූ මුසාවකි.

සිංහල කොත්තු ප්‍රවාදය

සති කිහිපයකට පෙරදී අන්තර්ජාලයේ එක්තරා මුහුණු පොත් ගිණුමක වූ සටහනිකින් කියවුණේ එම්.ජේ.එමි හා තලාල් ‍යන හොටෙල්වලට වඳ බෙහෙත් මුසු අහාර පාන තීබී ඒ ආපනශාලා දෙකම මුද්‍රා තබා වසා දැමූ බවය. ඒ සමගම සිංහල අයට එම හෝටල්වලට නොයන ලෙසත් එම පෝස්ටුවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි. එම්.ජේ.එම්. හෝටලය පිහිටා ඇත්තේ ගාල්ල හිරඹුර පාර ගලගෙඩිය හන්දියේ වන අතර තලාල් හෝටලය ඇත්තේ ගාල්ල තනිපොල්ගහ හංදියේ ය.

ඒ සමගම පළවූ තවත් මුහුණු පොත් පොස්ටුවකින් කියවුණේ වඳ බෙහෙත් මිශ්‍රිත ආහාර විකිණීම නිසා ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ රිස්ලාට් හෝටලය ද මුද්‍රාතබා ඇති බවය. මේ සියලු ප්‍රවෘත්තින්ට පියාපත් ලැබුණි. බොහො දෙනා ඉහත හෝටල් දෙක පමණක් නොව ගාල්ලෙ වෙනත් මුස්ලිම් ආපනාශාලා ද වර්ජනය කිරීමට පෙලඹුණි. මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අපට දැනගන්නට ලැබුනේ අපූරු කථාවකි. දිනක් ඉහත සදහන් වූ තලාල් හෝටලයට රාත්‍රී කාලයේ බීමත් පුද්ගලයෙක් පැමිණ කොත්තුවක් ඇණවුම් කොට ඇත. හෝටල් සේවකයා හයියෙන් කැගසා 'ෂිංගල්' කොත්තුවක් කියා කොත්තු බාස් ට එම ඇණවුම සන්නිවේදනය කොට ඇත. ( තනි පුද්ගලයෙක් කොත්තුවක් ඉල්ලු විට හොටෙල් සේවකයන් කියන්නේ සිංගල් (Single) කොත්තුවක් යනුවෙනි) මුස්ලිම් සේවකයා සිංගල් යන්න නුහුරු ලෙස උච්චාරණය කිරීම නිසා එය කොත්තු ගන්න පැමිණි බීමත් පුද්ගලයාට ඇසුණේ සිංහල කොත්තුවක් යනුවෙනි.

ඉන් උරණ වූ බීමත් පුද්ගලයා උබලා සිංහලයට වෙනම කොත්තුවකුයි උඹලගේ අයට වෙනම කොත්තුයි දෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් හෝටලේ අයට පරිභවකරමින් යන්න ගොස් ඇත්තේ ඒ සමිබන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව පවසමිනි.

ඔහු ගත් පසු ක්‍රියාමාර්ගයක් නැති වුණත් එම පුවතට වඳබෙහෙත් කතාවත් එකතු කොට ප්‍රචාරය කොට ඇති අතර එම ප්‍රවෘත්තිය වර්ගවාදීන් අතින් හොදට පෝෂණය විය.

ඉහත සිද්ධිවලට අදාළ ප්‍රදේශවල අප කළ සංචාරයන්හි දි ගාල්ල පොලීසියෙන් හෝ රජයේ ආයතනයකින් හෝ ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව විසින් මුද්‍රාතබා වසා දමන ලද කිසිදු ආපන ශාලාවක් දක්නට හෝ දැනගන්නට නොලැබුණි. අදාළ අංශවලින් කළ විමසුම්වලින් දැන ගන්නට ලැබුණේ එවැනි කිසිඳු සිදුවිමක් වාර්තා නොවුණ බවකි.

වෙළද කුමන්ත්‍රණයක් ද?

අනතුරුව අපි එම්.ජේ.එම් හොටෙල් හා චයිනිස් රෙස්ටූරන්ට් හිමිකරු වන එම්.ජේ.එම්. ෆයිසාල් මහතා හමුවීමු. මේ ඔහු අප සමග පැවසූ කථාවයි.

මේ හෝටලය මට හිමි වුණේ මියගිය මගේ පියා මොහමඩ් ජසායිල් මහතාගෙන්. තාත්ත අව්රුදු 35 ක් මේ හෝටලය කරල තමයි මට භාර දුන්නේ. මේවන කොට මම කරන්න පටන්ගෙනත් වසර 30 ක් වෙනවා. මේ හෝටලය දැන් අවුරුදු 65 ක් වනවා. ඒ කාලය තුළ අඩුම තරමේ නගගර සභාවෙ සෞඛ්‍ය පරීක්ෂකයන්ගෙන් වත් සුළු හෝ චෝදනාවක් අපි ලබල නෑ. මගේ හෝටලයේ කෝකියෝ හය දෙනෙක් ඉන්නවා.

දෙන්නෙක් ම සිංහල . ඒ හැරෙන්නට කඩින් කඩ වැඩට තවත් සේවකයින් හතරක් විතර ඉන්නවා. ඒ අය අතර සිංහල හා දෙමළ අයත් ඉන්නවා. මගේ කඩේට එන ගොඩක් අය සිංහල. ගාල්ලේ ඉතා දුර බැහැර ගම්වල ඉදල පවා කෑම කන්න මගේ හෝටලයට එනවා.

පසුගිය සැප්තැම්බර් මාසේ 2,3.හා 4 දවස් වල අපේ අවුරුද්දට (හජ්ජි උත්සවය) බෝඩ් එකක් දාල කඩේ වැහුව. ඒක අල්ලගෙන තමයි මේ අය අර බොරු කතාව ප්‍රචාරය කළේ.

ඉස්සර ඔය සරන්තුකඩේ හංදියේ සිට බෙලි ගහ හන්දිය පහුකරල අපේ ගලගෙඩිය හන්දියට එනකොට තේ කඩ හතරයි නැත්නම් පහයි තිබුණේ. දැන් සීමාවේ අලුතින් තේ කඩ 15 ක් විතර තියෙනව. නමුත් මගේ බිස්නස් අඩුවුණේ නෑ. මට නම් හිතෙන්නෙ මේක බිස්නස් නැති අයගේ යටිකූට්ටු වැඩක් කියලයි. මම මේ ගැන ගාල්ල පොලීසියට පැමිණිලි කළා. පොලීසිය දැන් පරීක්ෂණ අරඹලා තියෙනවා . ළඟදීම බොරු කාරයෝ අහුවේවි, ෆයිසාල් මහතා සිය විශ්වාසය පළකොට සිටියා.

හෝටලයේ අරක්කැමියකු ලෙස සේවය කරන යූ.එම්.ජී. ජගත් කුමාර මහතා. මම මේ හෝටලයේ අවුරුදු 15 ක් තිස්සේ වැඩ කරනවා. මේ වඳ බෙහෙත් කථාව අමූලික බොරුවක්. මම කන්නේ බොන්නෙත් ගෙදර අයට ගෙන යන්නෙත් මේ හෝටලයේ කෑම. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. බිරිදට තව ළමයෙක් ලැබෙන්නත් ඉන්නව. එහෙනම් මමත් වඳවෙන්න එපාද. මගේ ගම නාගොඩ. අපේ ගම්වලින් පවා කන්න එන්නේ මේ හෝටලයට.

අරක්කැමි ටී.එල්. කරුණාතිලක මහතා - මමත් මේ හෝටලයේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ වැඩකරනවා. මේ හෝටලයට වැඩිපුරම එන්නේ සිංහල අය. මේ කඩේ කැම ඉතාම පිරිසිදුවට තමයි පිළියෙල කරන්නෙ. අඩුම තරමින් මේ හෝටලයේ අජිනමොටෝවත් පාවිචිචිකරන්නේ නෑ.

මේක හරිම අසාධාරණ ප්‍රචාරයක්. මගේ දරුව යන්නේ නාගොඩ රෝයල් එකට. ඉස්කෝලේ මිස් අපේ ළමයා පන්තිය ඉස්සරහට ගෙනල්ල මම වැඩකරන්නේ මේ හෝටලයේ බව කියල ළමයට ලජ්ජ කරල තියෙනව. මේව හරි වැරදි වැඩ. හෝටල් සේවක ජී.පියසේන මහතා. මම මේ හෝටලයේ අවුරුදු 21 ක් වැඩකරනවා. මම කරන්නෙ වේටර් වැඩ. කරාපිටිය රෝහලේ දොස්තර මහත්වරු බොහෝ දෙනෙක් කෑම කන්නේ ගෙනියන්නේ මේ හෝටලයෙන්. එහෙම මොනව හරි බෙහෙත් දානව නම් ඒ දොස්තර මහත්වරුන්ට අහුවෙන්න එපායැ!. දොස්තර මහත්තුරු මේ හෝටලයට එන්නේ මෙහි තියෙන පිරිසිදුකම නිසයි.

හොටෙල් සේවක මුත්තුසාමි බාලචන්ද්‍රන් - මම අවුරුදු 13 ක් තිස්සේ මෙහෙ තමයි වැඩ කරන්නේ. කෑම පාර්සල් බෙදල ඔතල දෙන එක තමයි මම කරන්නේ. මම එන්නේ වඳුරඹ කටඹුරාවේ ඉදල. දැන් කැම කන්න එන අය ගොඩක් අඩුයි. භාගෙට භාගයක් අඩුයි. අපේ රස්සාත් නැතිවෙයිද කියල බයයි. අදත් දෙන්නෙක් රස්සාව දාල ගියා බයේ.

එම්.ජේ.එම්.චයිනිස් රෙස්ටූරන්ට් හි ප්‍රධාන සේවක සමීර සමීර සම්පත් මහතා - මම චියිනීස් කෑල්ලේ ස්ටුවර්ඩ් ලෙස තමයි වැඩකරන්නේ.

අවුරුදු 5 ක් වෙනව වැඩට ඇවිල්ල. මේක අමූලික මඩ ප්‍රචාරයක්. මේ රෙස්ටූරන්ට් එකට මාපලගම, නාගොඩ, යක්කලමුල්ල, දුර ප්‍රදේශවලින් පවා එනව කෑම කන්න. මෙකෙ කෑම තරුණයන් අතර ඉතා ජනප්‍රියයි.

ඉහත සේවකයන්ට අමතරව එම හෝටලය ඉදිරිපිට විවිධ ව්‍යාපාරවල නියැළෙන කිහිප දෙනෙක් ද අප සමග සිද්ධිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ අතර ඒ සියලු දෙනාම පැවසුවේ එම වඳ බෙහෙත් කථාව ප්‍රබන්ධයක් බවත් දේශප්‍රේමයේ නාමයෙන් දියත් වූ ව්‍යාපාරික කුමන්ත්‍රණයක් බවත් ය.

ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ වසා මුද්‍රාතැබූ බවට ප්‍රචාරයවූ රිස්ලාට් හෝටලයේ අයිතිකරු එම්. නුවයිසර් මහතා- මම රිස්ලාට් හෝටලය කළේ එම ස්ථානය කුලියට අරගෙන. බද්ද ඉවර වුණා. ඒ වගේම ඒ පැත්තට බිස්නස් නෑ. මම ඊට ඉස්සරහ පැත්තෙන් අලුතෙන් කඩයක් බදු අරගෙන බාෂා නමින් අලුත් හෝටලයක් පටන් ගත්තා. එහෙම නැතිව මගේ හෝටලයට සීල් තිබ්බේ නෑ.

ප්‍රචාරයෙන් වූ විනාශය

මේ අය බොරු ප්‍රචාරය කළ නිසා ඒ පරණ හෝටලයත් මුළු දවසෙම ඇරල තමයි තියෙන්නේ. එතකොට ඕන කෙනකුට බලාගන්න පුළුවන් නේ සීල් තියලද නැද්ද කියල.

මේ වැරදි ප්‍රචාරය නිසා පසුගිය දවසක කටිටියක් අපේ පරණ කඩේට පැට්‍රල් බෝම්බයක් ගැහුව. මම ඒ ගැන ගාල්ල පොලීසියට පසුගිය 13 වෙනිද පැමිණිලි කළා. පැමිණිලි අංකය CIB – 253/418. ඒ වගේම තවත් පැමිණිල්ලක් කළා. කඩේ සීල් තියල කියල දාපු ෆේස් බුක් පෝස්ට් එක සම්බන්ධයෙන් . එකෙ අංකය CIB – 231/ 120 යි. මම හිතනව පොලීසිය මේ සම්බන්ධයෙන් ඉක්මනින් කටයුතු කරාවි කියල.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් ගාල්ල පොලීසියෙන් කළ විමසීමේදී දැන ගන්නට ලැබුණේ එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ බවත් දැනටමත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයට අවශ්‍ය දැනුම් දීම්කර ඇති බවත්ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ දකුණු පළාත් සභා මන්ත්‍රී ආචාර්ය බද්දේගම සමිත හිමි සදහන් කළේ එම ප්‍රචාරය සම්බන්ධයෙන් උන්වහන්සේ විසින්ම විමර්ශනයක් කළ බවත් එම ප්‍රචාරය හිතාමතාම ඊනියා ව්‍යාජ දේශප්‍රේමීන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් කළ සියුම් වෙළද කුමන්ත්‍රණයක් බවයි.

mjm-thalaal-hotel-workers

සටහන හා ඡායාරූප මහින්ද පී.ලියනගේ - ගාල්ල මධ්‍යම විශේෂ

--------------------------------------------------------------

වඳභාවය ඇති කරන බෙහෙත් කොහෙවත් නැහැ

ariyasena-u-gamage-dr

කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇතිකරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා ඇත්තේ නැහැ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාරවලට රැවටීමෙන් වැළකිය යුතුයි.

ආහාරයට විවිධ දේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන්, ජෙල් වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇති කළ නොහැකිය. වඳභාවයට හේතුව කෙනෙකුගේ ජානමය තත්ත්වයයි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.

උපත් පාලනය හා පවුල් සැලසුමත් වදභාවයට හේතුවන කාරණා නොවෙයි.

අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා. තමන්ට කැමැති ආකාරයට දරුවන් ලබාගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි. ඊට රජයේ අනුමැතියද තිබෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්, යුනිසෙෆ් සංවිධානයත් මේ සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යයක්ම ඒවා පිළිගෙන තිබෙනවා. ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් ති‍බෙනවා.

පවුල් සැලසුමකට යන්නේ අවශ්‍ය අයගේ අවශ්‍යතාව මත පමණයි. වඳභාවය හා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවක් නැහැ. ජනගහන වර්ධනය ගැන ජාතීවාදී පදනමින් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැලඳුම් අතර සබඳතාවක් නැහැ. ඒ වගේම වඳභාවය ඇතිකරන්න පුළුවන් කිසිදු බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ.

දුමින්ද සම්පත් (දිනමිණ)