11 October, 2017

වෙඩි තබාගෙන දිවි නසාගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මරණයට හේතුව පරීක්ෂණ වලින් හෙළිවෙයි

suicide-shooting-himself

ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන ඊයේ (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා.

සිය පියාට අයත් බලපත්‍ර සහිත බෝර 12 වර්ගයේ ගිනි අවියකින් නිවස පිහිටා ඇති ගෙවත්තේදී ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා
වන්නේ.

මෙලෙස මෙම සිසුවා වෙඩි තබාගෙන සියදිවි හානිකරගැනීමට හේතුව අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙසට නිවසින් එල්ල වූ බලපෑම් බවයි මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබෙන්නේ.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු මෙම වසරේ දෙසැම්බර් (2017) පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙක්.

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ මෙම සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

දරුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වෙඩි තබාගෙන දිවි නසාගත් 17 හැවිරිදි පාසැල් සිසුවාගේ මරණයට හේතුව පරීක්ෂණ වලින් හෙළිවෙයි"

    Post a Comment