30 September, 2016

ලංකාවේ මහ පාරේ ගැහැණු දෙන්නෙක් මරාගද්දි වටේ ඉඳං හුරේ දාපු නපුංසකයෝ (Video)

කාන්තාවන් දෙදෙනෙකු කිසියම් හේතුවක් මත ගුටි බැට ඇණ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරණවා.

එහිදී වටේ සිටි තරුණයින් පිරිසක් විසිල් ගසමින් විනෝද වන අයුරුද එම වීඩියෝවේ සටහන්වී තිබෙනවා.


එම විඩියෝව පහතින් නරඹන්න.




හිතාගන්නවත් බැරි විදිහට කඳුලක් ඉතිරි කරමින් අකාලයේ ජීවිතයෙන් සමුගත් රූපලාවන්‍ය ශිල්පිණියක්වූ වත්සලා

දැන් මොනවා කිව්වත් ඔයා ආපහු එන්නේ නෑ...

මහත්තයවයි දරුවෝ දෙන්නවයි මේ ලෝකේ තනිකරලා ඔයා ගියා...

මේ ජීවිත ගමනේ අපිට අද මෙනවා සිද්ධවෙයිද හෙට මොනවා සිද්ධ වෙයිද කියන්න කාටවත් බැහැ.

සමහර වෙලාවට හිතාගන්න බැරි විදිහට ජීවිතවලට එන කරදර නිසා ජීවිත ගමනින් සමුගන්නපවා සිද්ධ වෙනවා.

ඒ විදිහට රූපලාවන්‍ය ශිල්පිණියක් වුණු නිම්මි වත්සලාටත් එකපාරටම ජීවිත ගමනට තිත තියන්න වෙලා.

අවුරුදු 31 ක් වුණු නිම්මි ජීවත් වුණේ පිළියන්දල සිද්ධමුල්ල මාවතේ.

නිම්මිට අවුරුදු 6, 7 වයසේ පසුවන පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.

පසුගිය දවසක නිම්මිට එකපාරට අසනීප තත්ත්වයක් ඇතිවෙලා.

ඊට පස්සේ නිම්මිව ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළත් එයාට ඇතිවුණු අසනීපය මොකක්ද කියන්න වෛද්‍යවරුන්ට හොයාගන්න බැරිවෙලා.

ඊයේ අවාසනාවන්ත විදිහට වත්සලා ජීවිතේ දාලා ගිහින් තිබුණේ නිම්මිගේ ස්වාමියාටත්, පුංචි පැටව් දෙන්නටත් කඳුළු ගොඩක් ඉතිරි කරමින්.

නිම්මිගේ මරණයට හරියටම හේතුවක් තාමත් හොයාගෙන නැතත් වෛද්‍යවරු කියලා තියෙන්නේ විෂභීජයක් නිසා එහෙම වුණා කියලයි.

නිම්මිගේ පවුලේ හිටියේ අම්මයි, තාත්තයි, නංගියි.

නිම්මිගේ යාළුවෝ පවුලේ අය දාලා නිම්මි හෙට අවසන් ගමන් යනවා.

හීනෙකින්වත් හිතුවේ නැති විදිහට නිම්මිගේ සමුගැනීම එයාගේ යාළුවන්ටත් ඥාති හිතවතුන්ටත් දරාගන්න අමාරුයි.

නිම්මිට සිද්ධවුණු මේ අවාසනාවන්ත ඉරණම ගැන එයාගේ යාළුවෝ මුහුණුපොතට එක්කරලා තිබුණේ මේ විදිහට.















-හිරුගොසිප්

වෛද්‍යවරියන් වෙන්න “කුමරි බඹසර“ අන්තර්ජාලයේ වෙන්දේසි කරන තරුණියෝ (PHOTOS)

විදෙස්ගතව වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා තම කන්‍යාභාවය අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසි කරන තරුණියන් පිළිබඳ පුවතක් වාර්තා වනවා. 

20 හැවිරිදි Ariana නම් තරුණියක් මෙසේ තම කන්‍යාභාවය වෙනුවෙන් අවම ලන්සුව ලෙස ඉදිරිපත්කර ඇත්තෙ යූරෝ 1,50,000 (රුපියල් 2,46,00,000)ක පමණ මුදලකටය.

Ariana ගැනුම්කරුවන් වෙත නිවේදනය කර ඇත්තේ එක රත්‍රියකදී කන්‍යාවියන් දෙදෙනෙකු සමග යහන්ගතවීමට අවස්ථාව දෙන බවයි. 

අනෙක් කන්‍යාවිය වන්කෙන් Ariana ගේ මිතුරියක වන 21 හැවිරිදි Lolita ය. ඇයගේ කන්‍යාභාවය සඳහා දී ඇති අවම ලන්සුවද යූරෝ 1,50,000කි.

තමන් පසුවන තත්වය තේරුම් ගන්නා සංවේදී මහතකු උපරිම මුදලක් ලබාදෙනු ඇතැයි ඔවුන් විශ්වාසය පලකරනවා.

තමන් ස්වාධීන බැවින් කන්‍යාභාවය වෙන්දේසි කිරීම ගැටළුවක් නොවන බවද ඔවුන් පවසනවා.




  

ඩේලි මේල් ඇසුරෙනි

ලංකාවේ හැදූ නිල් චිත්‍ර‍පටයක පිටපත් 6000ක් වෙළඳපොළේ..! නළුවා නිළිය සහ අධ්‍යක්ෂ මාට්ටු (PHOTOS)

අසභ්‍ය චිත‍්‍රපටයක් රූගත කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත වේයන්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් වැටලූ වේයන්ගොඩ පොලිසිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, රංගන ශිල්පියා, ශිල්පිණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස නිෂ්පාදනය කළ තවත් චිත‍්‍රපටයක පිටපත් 6000 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මොවුන් නිපදවූ එක් චිත්‍ර‍පටයක පිටපතක් අන්තර්ජාලයට ද මුදාහැර ඇති අතර එය නැරඹූ පුද්ගලයෙකු රූගත කළ ස්ථානය අනුමාන කර ඒ බව වේයන්ගොඩ පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.







-නෙත්ගොසිප්

29 September, 2016

ඔබේ ආදරෙන් මා දැවේ ගීතයෙන් කාගේත් සිත් වසඟ කරගත් කසුන් මිතුරන් හඬවමින් ජීවිත ගමනට සමුදෙයි

දෑසට නැගෙන කදුලු කැට හදවතේ සගවා පතනෙමි නිවන් සුව..!!!

අත් දෙක අතහැරුණා අත්වැලට බර දැනුනා..

ජීවිත ගමනෙදි අපිට සිද්ධවෙන සමහර දේවල් හිතාගන්නවත් බෑ. සමහර හිතවත්කම් අපෙන් සදහටම වෙන්වෙලා යන්නේ මතකයක් වගේම කඳුලක් ඉතිරි කරමින්.

පාරකට බැස්සම එහෙමත් නැත්නම් වාහනයක් අතට ගත්තම විමසිලිමත්කම වගේම අවධානයත් තියෙන්නම ඕනේ.

එහෙම නැති වුණොත් වෙන්නේ ජීවිතවලින් වන්දිගෙවන්න.

ඒ විදිහට පේරාදෙණිය සරසවියේ සිසුවෙක් ජිවිතෙන් සමුඅරන් තිබුණේ හැමෝගෙම හදවත්වලට සංවේගයක් ඉතිරි කරමින්.

පේරාදෙණිය කැම්පස් එකේ ආදරය වෙනුවෙන් නිර්මාණය වුණු " ඔබේ ආදරෙන් මා දැවේ" කියන වීඩියෝවෙන් කා අතරත් නමක් දිනාගත්ත කෙනෙක් තමයි කසුන් ද සොයිසා.

රත්නපුර පැත්තේ පදිංචි වෙලා හිටපු කසුන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් නිසා නමක් දිනාගත්තු කෙනෙක්.

කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන කසුන් පසුගිය දවසක ජීවිත ගමනට සමුදීලා තිබුණේ ලොරි රථයකට යටවෙලා.

නේවාසිකාාරයේ ඉඳන් යතුරුපැදියෙන් පේරාදෙණියට ගිය කසුන් අතරමගදි ලොරියක ගැටිලා ඒ ලොරියටම යටවෙලා තිබුණේ කසුන්ගේ යාළුවෝ හැමෝම හඬවමින්.

කසුන්ට තාම වයස අවුරුදු 23 යි.

හිතාගන්නවත් බැරිවිදිහට කසුන්ට සිද්ධ වෙච්ච දේ නිසා ඇතිවුණු වේදනාවත්, දුකත් කසුන්ගේ යාළුවෝ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණා.












-හිරුගොසිප්

රියැදුරෙකුට ට්‍රැක්ටර් දම්වැලකින් පොලිසියෙන් පන්න පන්නා ගහන හැටි (VIDEO)

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිවිල් වැසියෙකුට ට්‍රැක්ටර් දම්වැලකින් පහරදෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මේ වන විට සංසරණය වෙමින් පවතිවා. මෙය සිදුව ඇත්තේ කිලිනොච්චිය, ප‍්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ.

ට්‍රැක්ටරයේ රියැදුරා බීමත්ව අනතුරක් සිදුකොට පළායාමට උත්සාහ කිරීමේදි එලෙස පහරදීම සිදු කළ බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.






-නෙත්ගොසිප්

කෝච්චියට යටවෙන්න ගිය කාන්තාවක් බේරාගන්න තම ජීවිතය පරදුවට තැබූ පොලිස් නිලධාරියා (CCTV Video)

ගමන් ගන්නා දුම්රියකට සහ දුම්රිය වේදිකාව අතර හිඩැසට වැටී ජීවිත අවධානමකට ලක්වූ කාන්තාවක්, දුම්රිය ස්ථානයේ සිටි පොලිස් නිලධාරියකු වහාම ක්‍රීයාත්මක වී බේරාගත් අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

අදාල කාන්තාව ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ලොනාවාලා දුම්රිය ස්ථානයේදී ගමන් ගන්නා දුම්රියකින් බැසීමට යාමකදී සිරුරේ සමබරතාව ගිලිහීගොස් දුම්රියත් වේදිකාවත් අතරට විසිවී යනවා. 


තම ජීවිත අවධානම ගැන නොසිතා අදාල පොලිස් නිධාරියා ඇය බේරාගන්නා අයුරුයි මේ.



-නෙත්ගොසිප්

දේශපාලකයන් පිරිසක් එක්වී මියයන තුරු පහර දී බල්ලන් මරා දමලා – නගරයේ ප්‍රදර්ශණයටත් තබලා

ඉන්දියාවේ දේශපාලකයන් පිරිසක් එක්වී බල්ලන් මරා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

දඩාවතේ යන බල්ලන් පිරිසක් මෙසේ මිය යන තුරු පහර දී මරා දමා ඇති බවයි වාර්තාවන්නේ.

පසුව මරා දැමුණු බල්ලන් කොට්ටයාම් නගරයේ එක් පෙළට තබා ප්‍රදර්ශණය කර තිබෙනවා.

කොට්ටයාම් නගරවාසීන්ට දඩවතේ යන සුනභයන්ගෙන් දැඩි අනතුරු සිදුවන බව පවසා ඔවුන් මෙසේ කර ඇති බවයි වාර්තාවන්නේ.

පසුව එරට පොලීසිය විසින් එම බල්ලන් එතැනින් ඉවත්කර ඇති අතර සිදුවීමට සම්බන්ධ වූ දේශපලකයන් ඇතුළු පිරිසකට නඩු පවරා තිබෙනවා.

එරට සත්ව සංවිධාන වලින් මේ පිළිබඳව දැඩි විරෝධයක් මතුව ඇති බවයි වාර්තාවන්නේ..

ඡායාරූප පහතින්..











-නෙත්ගොසිප්

මවක් විලි රුදාවෙන් කෑගසද්දීත් ගොවියෝ මග අහුරති..! බිළිඳියක් මහ පාරේ ඉපදෙයි…

විලි රුදාවෙන් සිටි ගැබිනි මවක කඩිනමින් රෝහල් ගත කිරීමට ත්‍රිරෝද රථයකින් රැගෙන එමින් සිටියදී ඊයේ (28 දා) පස්‌වරු 2.00 ට පමණ දඹුල්ල නගරයේ ගොවි උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසක්‌ ගමන් මග අහුරාලීම නිසා ත්‍රිරෝද රථය තුළම දරු ප්‍රසූතිය සිදුව තිබෙනවා.

දඹුල්ල නගරයේ සිට කිලෝ මීටර් 20 ක්‌ දුරින් පිහිටි තම නිවසේ සිට තම සොහොයුරියක්‌ සමග දරු ප්‍රසූතිය සඳහා ත්‍රි රෝද රථයකින් දඹුල්ල රෝහල කරා පැමිණ ඇති අතර කෙටිම දුර තිබෙන දඹුල්ල, කණ්‌ඩලම මාර්ගයේ පැමිණ ඇති ඔවුන්ට කණ්‌ඩලම වැව අසල ප්‍රතිසංස්‌කරණය සඳහා මාර්ගය වසා තිබීම නිසා ඔවුන් සීගිරිය හරහා දඹුල්ලට පැමිණ ඇත.

එම අවස්‌ථාවේ දේශීය ලොකු ලූනු ගොවි විරෝධතාකරුවන් දඹුල්ල නගරයේ ගම්උදා භූමිය අසල මාර්ගය අවහිර කර තිබී ඇත. 


දරු ප්‍රසූතිය ආසන්නයේ සිටි කාන්තාව විලි රුදාවෙන් කෑ ගසමින් සිටියදී විරෝධතාකරුවෝ ගමන් මග අවුරා සිටියහ. 

එම අවස්‌ථාවේ සිවිල් ඇඳුමින් සිටි ආරක්‌ෂක අංශ සාමාජිකයෙක්‌ සිද්ධිය බලා සිටිය නොහැකිව විරෝධතාකරුවන්ට පහර දී ත්‍රි රෝද රථයට රෝහල් කරා යාමට ඉඩ සැලස්‌විය.

රෝහල කරා රැගෙන එනවිටත් එම කාන්තාව ත්‍රිරෝද රථය තුළම දරු ප්‍රසූතිය සිදුකර තිබුණි වහාම ක්‍රියාත්මකවූ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු හා සේවිකාවෝ දරුවාට හා මවට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇත. 

මව කුඩා දියණියක ප්‍රසූත කර තිබුණා.




-නෙත්ගොසිප්

ලංකා ඉතිහාසයේ මිළ වැඩිම කාර් රථය ගෙනාවේ Thalassa Patris – මෙන්න නොදත් තොරතුරු

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය වන Rolls Royce Wraith මාදිලියේ රථය මේ වන විට ගැණුම්කරු වෙත ලබා ඇති බව වාර්තා වනවා.

බදු ගෙවූ පසුව එහි වටිනාකම රුපියල් මිලියන 158ක්.

එක්සත් රාජධානියේ සිට පැමිණි තලාසා පැට්ට්‍රිස් (Thalassa Patris) බහළුම් නෞකාව මගින් අංක HJCU4977026 දරණ බහළුමෙහි මෙම මෝටර් රථය කොළඹ වරායට ගෙනවිත් තිබෙනවා.

මෙම රථය දොර දෙකේ කූපේ මාදිලියේ වාහනයක් වන අතර වේග අටක ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් ද යුක්තයි.










-නෙත්ගොසිප්

ළඟ නව නව හැටට හැටේ යන ගමන් ‘හෝන් එකෙන් රබන් පද ගහන‘ ලංකාවේ රියදුරෙක් – වීඩියෝව මෙන්න!

ලංකාවේ පෞද්ගලික බස් රථ සේවය ගැන නම් මිනිසුන්ගේ තියෙන්නේ එච්චරම හොඳ ආකල්පයක් නෙමෙයි.

ඔවුන්ගේ සමහර ක්‍රියාකලාපයන් නිසාම සමාජයේ එවැනි ප්‍රතිරූපයක් නිර්මාණය තිබෙනවා.

කොහොම වුණත් මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් නෙමෙයි.

බස් එක එලවන ගමන් ‘හොන් එකෙන්‘ රබන් පදයක් ගහපු ලංකාවේ පෞද්ගලික බස් රථ රියදුරෙක් ගැන.

පැයට කිලෝමීටර් 60ක විතර වේගෙන් එලවන ගමන්,වංගුවකුත් ගන්න ගමන් හෝන් එකෙන් ‘උඩ පලගත්තත් වට්ටක්කා ‘ කියලා ගහනවා කියන්නේ මේ රියදුරා රිය පැදවීමේ නම් දක්ෂයෙකු බව සැකයක් නැහැ.

නමුත් මගීන්ගේ ජීවිත යම් අනතුරක හෙළලා කරන මෙවැනි ක්‍රියා අපට අනුමත කරන්නත් බැහැ.

කොහොම වුණත් මේ රියදුරා මේ කරන වැඩේ යම් තරුණයෝ පිරිසක් එකතු වෙලා වීඩියෝ කරලා තියනවා.

බුකිය ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල මේක දැන් ජනප්‍රිය වෙලත් තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.





-නෙත්ගොසිප්