30 September, 2016

හිතාගන්නවත් බැරි විදිහට කඳුලක් ඉතිරි කරමින් අකාලයේ ජීවිතයෙන් සමුගත් රූපලාවන්‍ය ශිල්පිණියක්වූ වත්සලා

දැන් මොනවා කිව්වත් ඔයා ආපහු එන්නේ නෑ...

මහත්තයවයි දරුවෝ දෙන්නවයි මේ ලෝකේ තනිකරලා ඔයා ගියා...

මේ ජීවිත ගමනේ අපිට අද මෙනවා සිද්ධවෙයිද හෙට මොනවා සිද්ධ වෙයිද කියන්න කාටවත් බැහැ.

සමහර වෙලාවට හිතාගන්න බැරි විදිහට ජීවිතවලට එන කරදර නිසා ජීවිත ගමනින් සමුගන්නපවා සිද්ධ වෙනවා.

ඒ විදිහට රූපලාවන්‍ය ශිල්පිණියක් වුණු නිම්මි වත්සලාටත් එකපාරටම ජීවිත ගමනට තිත තියන්න වෙලා.

අවුරුදු 31 ක් වුණු නිම්මි ජීවත් වුණේ පිළියන්දල සිද්ධමුල්ල මාවතේ.

නිම්මිට අවුරුදු 6, 7 වයසේ පසුවන පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.

පසුගිය දවසක නිම්මිට එකපාරට අසනීප තත්ත්වයක් ඇතිවෙලා.

ඊට පස්සේ නිම්මිව ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළත් එයාට ඇතිවුණු අසනීපය මොකක්ද කියන්න වෛද්‍යවරුන්ට හොයාගන්න බැරිවෙලා.

ඊයේ අවාසනාවන්ත විදිහට වත්සලා ජීවිතේ දාලා ගිහින් තිබුණේ නිම්මිගේ ස්වාමියාටත්, පුංචි පැටව් දෙන්නටත් කඳුළු ගොඩක් ඉතිරි කරමින්.

නිම්මිගේ මරණයට හරියටම හේතුවක් තාමත් හොයාගෙන නැතත් වෛද්‍යවරු කියලා තියෙන්නේ විෂභීජයක් නිසා එහෙම වුණා කියලයි.

නිම්මිගේ පවුලේ හිටියේ අම්මයි, තාත්තයි, නංගියි.

නිම්මිගේ යාළුවෝ පවුලේ අය දාලා නිම්මි හෙට අවසන් ගමන් යනවා.

හීනෙකින්වත් හිතුවේ නැති විදිහට නිම්මිගේ සමුගැනීම එයාගේ යාළුවන්ටත් ඥාති හිතවතුන්ටත් දරාගන්න අමාරුයි.

නිම්මිට සිද්ධවුණු මේ අවාසනාවන්ත ඉරණම ගැන එයාගේ යාළුවෝ මුහුණුපොතට එක්කරලා තිබුණේ මේ විදිහට.















-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිතාගන්නවත් බැරි විදිහට කඳුලක් ඉතිරි කරමින් අකාලයේ ජීවිතයෙන් සමුගත් රූපලාවන්‍ය ශිල්පිණියක්වූ වත්සලා"

    Post a Comment