29 September, 2016

මවක් විලි රුදාවෙන් කෑගසද්දීත් ගොවියෝ මග අහුරති..! බිළිඳියක් මහ පාරේ ඉපදෙයි…

විලි රුදාවෙන් සිටි ගැබිනි මවක කඩිනමින් රෝහල් ගත කිරීමට ත්‍රිරෝද රථයකින් රැගෙන එමින් සිටියදී ඊයේ (28 දා) පස්‌වරු 2.00 ට පමණ දඹුල්ල නගරයේ ගොවි උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසක්‌ ගමන් මග අහුරාලීම නිසා ත්‍රිරෝද රථය තුළම දරු ප්‍රසූතිය සිදුව තිබෙනවා.

දඹුල්ල නගරයේ සිට කිලෝ මීටර් 20 ක්‌ දුරින් පිහිටි තම නිවසේ සිට තම සොහොයුරියක්‌ සමග දරු ප්‍රසූතිය සඳහා ත්‍රි රෝද රථයකින් දඹුල්ල රෝහල කරා පැමිණ ඇති අතර කෙටිම දුර තිබෙන දඹුල්ල, කණ්‌ඩලම මාර්ගයේ පැමිණ ඇති ඔවුන්ට කණ්‌ඩලම වැව අසල ප්‍රතිසංස්‌කරණය සඳහා මාර්ගය වසා තිබීම නිසා ඔවුන් සීගිරිය හරහා දඹුල්ලට පැමිණ ඇත.

එම අවස්‌ථාවේ දේශීය ලොකු ලූනු ගොවි විරෝධතාකරුවන් දඹුල්ල නගරයේ ගම්උදා භූමිය අසල මාර්ගය අවහිර කර තිබී ඇත. 


දරු ප්‍රසූතිය ආසන්නයේ සිටි කාන්තාව විලි රුදාවෙන් කෑ ගසමින් සිටියදී විරෝධතාකරුවෝ ගමන් මග අවුරා සිටියහ. 

එම අවස්‌ථාවේ සිවිල් ඇඳුමින් සිටි ආරක්‌ෂක අංශ සාමාජිකයෙක්‌ සිද්ධිය බලා සිටිය නොහැකිව විරෝධතාකරුවන්ට පහර දී ත්‍රි රෝද රථයට රෝහල් කරා යාමට ඉඩ සැලස්‌විය.

රෝහල කරා රැගෙන එනවිටත් එම කාන්තාව ත්‍රිරෝද රථය තුළම දරු ප්‍රසූතිය සිදුකර තිබුණි වහාම ක්‍රියාත්මකවූ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු හා සේවිකාවෝ දරුවාට හා මවට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇත. 

මව කුඩා දියණියක ප්‍රසූත කර තිබුණා.




-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මවක් විලි රුදාවෙන් කෑගසද්දීත් ගොවියෝ මග අහුරති..! බිළිඳියක් මහ පාරේ ඉපදෙයි…"

    Post a Comment