29 September, 2016

ළඟ නව නව හැටට හැටේ යන ගමන් ‘හෝන් එකෙන් රබන් පද ගහන‘ ලංකාවේ රියදුරෙක් – වීඩියෝව මෙන්න!

ලංකාවේ පෞද්ගලික බස් රථ සේවය ගැන නම් මිනිසුන්ගේ තියෙන්නේ එච්චරම හොඳ ආකල්පයක් නෙමෙයි.

ඔවුන්ගේ සමහර ක්‍රියාකලාපයන් නිසාම සමාජයේ එවැනි ප්‍රතිරූපයක් නිර්මාණය තිබෙනවා.

කොහොම වුණත් මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් නෙමෙයි.

බස් එක එලවන ගමන් ‘හොන් එකෙන්‘ රබන් පදයක් ගහපු ලංකාවේ පෞද්ගලික බස් රථ රියදුරෙක් ගැන.

පැයට කිලෝමීටර් 60ක විතර වේගෙන් එලවන ගමන්,වංගුවකුත් ගන්න ගමන් හෝන් එකෙන් ‘උඩ පලගත්තත් වට්ටක්කා ‘ කියලා ගහනවා කියන්නේ මේ රියදුරා රිය පැදවීමේ නම් දක්ෂයෙකු බව සැකයක් නැහැ.

නමුත් මගීන්ගේ ජීවිත යම් අනතුරක හෙළලා කරන මෙවැනි ක්‍රියා අපට අනුමත කරන්නත් බැහැ.

කොහොම වුණත් මේ රියදුරා මේ කරන වැඩේ යම් තරුණයෝ පිරිසක් එකතු වෙලා වීඩියෝ කරලා තියනවා.

බුකිය ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල මේක දැන් ජනප්‍රිය වෙලත් තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ළඟ නව නව හැටට හැටේ යන ගමන් ‘හෝන් එකෙන් රබන් පද ගහන‘ ලංකාවේ රියදුරෙක් – වීඩියෝව මෙන්න!"

    Post a Comment