31 July, 2016

Pokemon ලෙඩේ අනුෂ්කාටත් බෝ වෙලා

Pokemon ලෙඩේ අනුෂ්කාටත් බෝ වෙලා.

වීඩියෝ පහතින්.

Pokemon illness, Anushka has breeding


A video posted by AnushkaSharma1588 (@anushkasharma) on

A video posted by AnushkaSharma1588 (@anushkasharma) on

FB Likes මිලියන 100 හිමි තෙවැන්නා බවට වින් ඩිසෙල් පත්වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු වින් ඩිසෙල් සිය ෆෙස්බුක් ගිණුමේ ඛසනැි මිලියන 100 පසුකිරීමට පසුගියදා සමත්විය.

ඒ අනුව ෆෙස්බුක් ගිණුමේ ඛසනැි මිලියන 100ක් ඉක්මවා සිටින තෙවැනි පුද්ගලයා බවටත් වින් ඩිසල් පත්විය.

ඔහුගේ මෙම කඩයිම පිළිබඳව ෆෙස්බුක් නිර්මාතෘ මාක් සක්ස්බර්ග්ද සුබ පැතුම් එක්කොට තිඛෙන අතර දෙදෙනා සිටින ඡායාරූපයක් සිය ෆෙස්බුක් ගිණුමේ පළකරමින් මාක් සිය සුබ පැතුම් එක් කර සිටියේය.

වැඩිම ෆෙස්බුක් අනුගාමිකයින් ප්‍රමාණයක් සිටින ජනප්‍රියම පුද්ගලයා වන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය.

ෆෙස්බුක් අනුගාමිකයින් වැඩිම ප්‍රමාණයක් සිටින ජනප්‍රියම පුද්ගලයින් 10 දෙනා පහතින්.







Win Disel become the third received 100 million FB Likes

මැච් එක දිනෙව්ව කුසල්ට වීඩියෝ එකකුත් කරලා

ඕස්ටේ්‍රලියාව පරදවමින් ශ්‍රී ලංකාව ජය කරා මෙහෙයවූ යොවුන් ක්‍රීඩක කුසල් වෙනුවෙන් කළ වීඩියෝවක් පහතින්.






Video for Kusal Mendis

පැරෂූට් එකක් නැතිව අඩි 25000ක් ඉහළ අහසේ සිට බිමට පැන්න ශක්තිවන්තයා

අඩි 25,000 ක් ඉහළ අහසේ සිට බිමට පැන්න පුද්ගලයෙකු ලෝක වාර්තාවක් තබා තිඛෙනවා. ඔහු 42 හැවිරිදි වියේ පසුවන ලූක්.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයා පැරෂූටයක ආධාරයකින් තොරව සාර්ථකව බිමට පතිත වීමයි.

බිමට පතිත වීම සඳහා ඔහු යොදාගෙන තිබුණේ අඩි 100x100 ක ප්‍රමාණයේ දැලක්.





Without the parachutes, jumped down from the sky above 25,000 feet

සුපිරි බොලිවුඩ් නළු නිළියන්ගේ සුපිරි ගෙවල්

සුපිරි බොලිවුඩ් නළු නිළියන්ගේ සුපිරි ගෙවල් කොහොමද කියලා දැන ගන්න කවුරුත් කැමති වෙයි.

සියලූ සැප පහසුකම් එක්ක නැම වුනු මෙම නිවාස ඇත්තටම මිහිපිට සුරලොවක් කිව්වත් වැරැද්දක් නැහැ.

ඔන්න පහතින් ඒ සුරලොව දැකගන්න.



Bollywood actresses luxury homes

FB Live අස්සේ පියුමිගෙන් පොඩ්ඩාට හාදුවක්

පියුමි හංසමාලි කියන්නේ ප්‍රසිද්ධ චරිතයක්.

ඔන්න මේ පියුමිට රාජගිරියේදී පොඩ්ඩව අහම්ඛෙන් හම්බවෙලා.

කොහොම හරි ඊට පස්සේ මේ දෙන්නා ඒ වෙලාවේ ෆෙස්බුක් Live එකක් කරලා.

බලන්නකෝ මේ දෙන්නා ඒ වෙලාවේ කතා කරපු දේවල්.





Podda & Piyumi Maked FB Live

දෙමව්පියන්ගේ කැමැත්තෙන් දැරියන්ගේ කන්‍යාභාවය මුදලට නැතිකරන පූජකයා

කුඩා දැරියන්ගේ කන්‍යාභාවය නැතිකිරීම සඳහා මුදල් අයකරන පූජකයෙක් ගැන මලාවි රටෙන් වාර්තා වනවා.

මලාවිහි සම්ප්‍රදායන්ට අනුව වැඩිවියට පත්වන දැරියන් අදාල පූජකයන් වෙත මුදල් ගෙවා යොමු කරන්නේ ඔවුන්ගේ මව්පියන් විසින්.

ඔවුන්ගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවන්ගේ පිරිසිදු බව රැකෙන්නේ පූජකයෙක් සමග ලිංගිකව එක්වීමකින් පසුව බවටයි.

එම සම්ප්‍රදායික පූජකයන් අතර මුල් තැන හිමිවන්නේ එරික් අනීවා නමැති පූජකයෙකුටයි.

කෙසේ වෙතත් එරට සමාජ සංවිධාන පෙන්වා දෙන්නේ මේ වනවිට මෙම පූජකයාට HIV ආසාදනය වී ඇති බවටයි.

එසේ වුවද මව්පියන් දැඩි මිත්‍යා මත හේතුවෙන් කුඩා දැරියන් මෙම පුද්ගලයා වෙත යොමු කරන බව ඔවුන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එරට බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව මලාවිහි පුද්ගලයන් දසදෙනෙකුගෙන් එක් අයෙක් HIV ආසාධිතයන් වනවා.




Girls virginity priest who is out of money

කෝච්චියට පෙම්වතිය තල්ලු කළැයි කියූ කතාවේ ඇත්ත නැත්ත

- ගැණූ ළමයා දුවගෙන ආවේ, තල්ලු කලේ නෑ - දුම්රිය රියදුරු

- නංගි කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කා, මම ස්ටේෂන් එකෙන් බැස්සා, එයා දැක්කා මාව - නිමේෂාගේ අයියා

'කොල්ලෙක් කෙල්ලෙක්ව කෝච්චියට තල්ලු කරලාලු' පසුගිය දින කිහිපය පුරා බොහෝ පිරිසක් අතර සැකයක් මතුකල සිද්ධියක් වූයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තරුණියක් දුම්රියට තල්ලුකළ සිද්ධියක් සම්බන්ධ පුවතකි.

එයින් දින කිහිපයකට පසුව සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයෙකුගේ මළ සිරුරක් ලිඳක තිබී හමුවුණි.

මෙලෙස මියගියේ තරුණිය දුම්රියට තල්ලුකලේ ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයාදැයි සැක තිබුණත් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් සති අන්ත පුවත්පතක පළවී තිබේ. 

නිමේෂාත්, සංකල්පත් මෙලෙස අවසන් ගමන් ගියේ ආදරයේ නාමයෙන්ද, නැතිනම් වෙනත් ප්‍රශ්නයක් නිසාද ? ඒ පිළිබඳව පළවූ වාර්තාවකුයි මේ.

'මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා'.

නිමේෂාගේ අයියා ලොකු විශ්වාසයකින් මෙන් කී ඒ කතාව කාටත් විශ්වාස කරන්නටම සිදු වූයේ ය.

නිමේෂාගේ ජීවිතයේ අවසන් තත්පරය ගැන දැනවුන් ගාල්ල - රඹුක්කන දුම්රියේ රියැදුරුගේ නමින් අම්බලන්ගොඩ ‍පොලිස් ‍පොතේ ලියැවුණු කතාව නොවන්නට අදටත් සංකල්ප වැරදිකාරයෙකි.

'මහනුවර ඉඳලා මාතර යන කෝච්චිය පිටත් වුණාට පස්සේ තමයි අපි අම්බලන්ගොඩින් ආවේ.

හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ.

අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර අයිනෙන් ඉස්සරහට ආපු හැටි.

ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේ නැහැ.

විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන් දුවගෙන එනවා.

අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙත් ටිකක් අඩු කළා.

වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ වගේ’ කියලා.

අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා'.

පොලිස් ‍පොතේ ලියැවුණු ඒ කතාව තහවුරු කරනා රූප පෙළක් අසල නිවසක සී.සී.ටී.වී. කැමරාවක සටහන් වීද තිබුණේය.

නිමේෂා දුම්රිය මාර්ගය අසලින් ඉදිරියට දිව යන සැටි සී.සී.ටී.වී. කැමරාවේ හඳුනාගත හැකි ලෙස පෙළගැස්වී තිබුණෙන් නිමේෂාගේ අයියාට තමන්ගේ කතාව වෙනස් කරන්නට සිදු විය.

'මම කෝච්චියේ එද්දී නංගි පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා දැකපු නිසා මම ස්ටේෂන් එකෙන් බැහැලා නංගි හිටපු පැත්තට ඇවිදගෙන ගියා.

එතකොට නංගි මාව දැකලා දිව්වා. ඒ දුවද්දී කෝච්චියට අහුවුණා. නංගිත් එක්ක හිටපු පිරිමි ළමයා නංගිව කෝච්චියට තල්ලු කළා කියලා මම මුලින්ම කිව්වේ බයට'.

නිමේෂාගේ අයියා ඇත්ත කීවද ඒ කී කතාද දුම්රිය රියැදුරු කියා ඇති දේ හා බැලූ විට අසම්පූර්ණ කතාවකි.

නිමේෂා දුම්රියට හසු වූ බව ගෙදරට නම් කියා ඇත්තේ අයියාය. නිමේෂාගේ තාත්තා ඒ බව කියන්නේ ය.

'ඔය පුතා ඉන්නෙ රඹුක්කන. එයා ඔය ගෙදර ආවේ මාස තුනකට විතර පස්සේ. පුතා කෝච්චියේ එද්දී නංගිව දැකලා තමයි හොයාගෙන ගිහින් තියෙන්නේ.

මේ දුව අපේ දරුවන්ගේ බාලයා. අයියලා තුන්දෙනකුයි, අක්කා කෙනෙකුයි ඉන්නේ. අයියලා තුන්දෙනාටම බයයි.

හැබැයි හැමෝම ආදරෙත් මෙයාට තමයි. අයියව දැක්කම බයට දරුවා දුවන්න ඇති. අපි දන්නෙත් පුතා කියන කතාවනේ.

පුතාම තමයි මට කිව්වේ‘ තාත්තේ නංගිව කෝච්චියට අහුවුණා’ කියලා. මම මුලින්ම විශ්වාස කළේ නැහැ. මම කිව්වෙම බොරු කියන්න එපා කියලා.

පස්සේ පුතා කිව්වා බොරු නෙමෙයි, තාත්තේ බළපිටියේ ස්ටේෂන් එකට ඉක්මනට එන්න කිව්වා. මමත් අසනීප ගානේ ඉන්නේ. මම ඉක්මනට ත්‍රීවීල් එකක් කතා කරගෙන ගියා'.

නිමේෂා පවු‍ලේ කාගේත් සුරතලිය වූ 'සුදු නෝනා' ය. ඈ පත‍පොතේ වැඩවලටද හපනියකි. මෙවර සාමාන්‍ය පෙළ දිනන්නට අහස තරම් උස් වූ බලා‍පොරොත්තු ද ඇගේ සිතේ තිබි ඇත. ඒ බලා‍පොරොත්තු ගැන කාටත් වඩා හොඳින් දන්නේ අම්මාය.

'ගෙදර හිටියේ මමයි, සුදු නෝනයි, තාත්තයි විතරයි. තාත්තාට රස්සාවක් කරන්න අමාරු නිසා මම නගර සභාවේ වැඩට යනවා.

මේ පාර විභාගෙ ගැන සුදු නෝනා ලොකු බලා‍පොරොත්තු තියාගෙන හිටියේ. රෑ දොළහ එක වෙනකල් පාඩම් කළා - ඒ- නවයක් ගන්නවාමයි කිව්වා.

දොස්තර කෙනෙක් වෙනවා කිව්වා. හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් හිටපු දරුවා. තාත්තාවයි, මාවයි බලා ගත්තේ එයා.

ඔය කියන දවසේ උදේ 7.30 ට විතර ගෙදරින් ගියේ පන්ති යනවා කියලයි. හැබැයි පන්ති තිබිලා නැහැ. පන්ති නැති බව සිකුරාදාම එයා දැනගෙනත් ඉඳලා තියෙනවා.

එයාට පිරිමි ළමෙයක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා අපිට හිතාගන්නවත් බැහැ. දරුවාගේ පුංචි වෙනසක්වත් අපි දැක්කේ නැහැ. ඔය සම්බන්ධෙ මැතකදී ඇති වුණු එකක් වෙන්නම ඕන'.

නිමේෂාගේ අම්මා කී කතාවට තවත් දේ එකතු කරමින් නිමේෂාගේ අක්කා කතා කළා ය.

'නංගිට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා නම් අම්මට තාත්තට තිබුණු ආදරේ අඩුවක් තියෙන්න ඕනනේ. එහෙම දෙයක් අපට දැනිලා නැහැ.

මේක ඊයේ පෙරේදා පටන් ගන්න ඇත්තේ. නංගි නැති වුණාට පස්සේ මම එයාගේ ‍පොත් බලද්දී එක ‍පොතක 'සංකල්ප' කියලා ලියලා තිබුණා.

ගෙදරටම තියෙන තාත්තාගේ ෆෝන් එකේ 'එස්' කියලා අංකෙකුත් සේව් කරලා තිබුණා. අපි මේ දේවල් හොයා ගත්තේ නංගි නැති වුණාට පස්සේ.'

නිමේෂාගේත්, සංකල්පගේත් ආදර කතාව එතැකින් නිමා වන්නට තිබුණත් නිමේෂාගේ සමු ගැන්මෙන් දින දෙකකට පසුව සඳුදා සවස ලැබුණු ආරංචිය මේ කතාව දිග්ගැස්සුවේය.

'කෝච්චියට හැපිලා මැරුණු ළමයා එක්ක යාළුවෙලා හිටපු පිරිමි ළමයා ළිඳක මැරිලා ඉන්නවා' කතාව පැතිරුණේ එහෙමය. සංකල්ප හමු වී තිබුණේ ඔහුගේ කොඛෙයිතුඩුව නිවසට යන පාරේ නාන ළිඳකිනි.

'සෙනසුරාදා උදේ 7.45 ට විතර පුතා ගෙදරින් පිටත් වුණේ යාළුවෙක් හම්බවෙලා නමේ බස් එකේ ගෙදර එනවා කියලා.

හැමදාම කියන වෙලාවට ගෙදර එන නිසා මම මුකුත් කිව්වේ නැහැ.

හැබැයි එදා වෙනදාට වඩා හැඩට ඇඳපැලඳගෙන හිටපු නිසා මම ඇහුවා 'යාළුවෙක් හම්බ වෙන්න ඔච්චර හොඳට ඇඳගෙන යන්නේ මොකටද කියලා' ඒකටත් හිනාවෙල ගියා.

පුතා කියපු වෙලාවට ගෙදර ආවේ නැති නිසා මම කෝල් කළා. ෆෝන් එක වැඩ කරේ නැහැ.

පස්සේ දවල් වෙද්දී තමයි අපි දැන ගත්තේ වෙච්ච දේවල්. පුතා ගැහැනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැති නිසා මම මුලින් විශ්වාස කළෙත් නැහැ.

පස්සේ එක එක්කෙනා කෝල් කරද්දී තමයි හරියටම දැන ගත්තේ අපේ පුතා කියලා. එදා දවසෙම ගෙදර ආවේ නැහැ. අපි හිතුවේ වෙච්ච දේට හිතේ අමාරුවට යාළුවකුගේ ගෙදර ගිහින් ඇති කියලා.

එහෙම කියලා නිකං හිටියෙත් නැහැ. දන්න දන්න හැම තැනම හෙව්වා. මීටියාගොඩ ‍පොලිසියටත් ගියා.

මුලින් ‍පොලිසියෙන් පැමිණිල්ල ලියා ගත්තෙත් නැහැ. හිතේ අමාරුවට බිලා කොහෝ හරි යන්න ඇති. හොයලා බලන් කියලා ‍පොලිසියෙන් කිව්වා.

අපි පුළුවන් තරම් හෙව්වා. අන්තිමේදී බැරිම තැන කේන්දරේ බලන්නත් ගියා. මම නම් ඒවා විශ්වාස කරන්නෑ. කේන්දරේ බලලා කිව්වේ පුතාට අපලයි කියලා විතරයි.

ඉරිදා දවසෙමත් හෙව්වා. පුතා අහංගම හෝටල් පුහුණුවකට යන්න පටන්ගෙන තිබුණේ සතියක විතර ඉඳලා. ඒ පන්ති ඉවර වෙන වෙලාවට අහංගමවත් ගිහින් බලන්න ඕන කියලා හිතුණ අපි සඳුදා අහංගමත් ගියා ආරංචියක් හම්බ වුණේ නැහැ.

අහංගම ගිහිල්ලා හවස ගෙදර එද්දී ඔය ගෑනු ළමයාගේ නෑදෑ පිරිමි ළමයි තුන් දෙනෙක් මට බයිසික‍ලේක එනවා ඉස්සරහට හම්බ වුණා.

ඒ කට්ටිය මගේ දිහා බලලා අමුතු විදියට හිනා වුණා. මම ගෙදර ගිහින් ආයෙත් පන්සලට යන්න ආවා. එතකොටත් ඒ තුන්දෙනා හම්බ වුණා. ඒ වෙලාවෙත් මගේ දිහා බල බලා හිනා වෙවී ගියා'.

සංකල්ප සොයා නොගිය තැනක් නැතැයි කියැවුණු මුත් අවසන සංකල්ප ගැන අවසන් ආරංචිය ලැඛෙන්නේ නිවස අසලින්මය.

'පුංචි ළමයෙක් ඔය ළිඳ ළගින් යද්දී කබරු දෙන්නෙක් දැකලා ළිඳට එබිලා බලද්දී තමයි සංකල්පව දැකලා තියෙන්නේ.'

ගම්මු එසේ කියන්නේ සඳුදා හවස්වරුවේ කරුවල වැටෙද්දී ලැබුණු ආරංචිය ගැනයි.

'පුතාව හම්බ වෙද්දී ඇඳගෙන හිටියේ සෙනසුරාදා උදේ ඇඳපු ඇඳුමමයි, ඔරලෝසුව සාක්කුවේ තිබුණේ. සෙරෙප්පු දෙක ගලවලා පැත්තක තිබුණා.

පුතා දිවි නහගත්තා කියලා තමයි ‍පොලිසියෙන් කියන්නේ. හැබැයි මට හිතට තියෙන සැකේ ඇයි මේ දරුවා අම්බලන්ගොඩ ඉඳලා ගෙදර ළගටම ඇවිත් දිවි නහ ගත්තේ.

පුතෙක් වුණාට තද හිතක් තිබුණු දරුවෙක් නම් නමෙයි. ඒත් පුතා මේ වගේ දෙයක් කර ගනීවි කියලා මට හිතාගන්න බැහැ.” සංකල්පගේ අම්මා කියන්නීය'.

ඈට පුතුගේ වියෝව දරා ගත නොහීය.

සංකල්පගේ ඉරණම ගැන ගම්මුද නොයෙක් කතා කියති. සංකල්ප හමු වූ ළිඳ ගැඹුරින් අඩි හයකට අඩු මිස වැඩි නැත. ගම්මු කියනා ලෙසට සංකල්පද උසින් අඩි පහකට වැඩිය.

සංකල්ප සියදිවි නසා ගත්තායි නොපිළිගන්නේ සංකල්පගේ අම්මා ම පමණක් නොවේ. ගම්මුද ඒ බවත් පිළිගන්නේ නැත. සංකල්පගේ මරණය ගැන තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ද ඒ නිසයි.

සංකල්පත් නිමේෂාත් සැක සංකා, කටකතා බොහෝ ඉතිරි කර සමුගෙන ගොස්ය. සැබෑවටම සිදු වූ දේ දන්නේ ද ඔවුන්මය.


True story of a told girlfriend pushed into the train

ලංකාවේ රංගනගෙන් නව ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වුන ටෙස්ට් තර`ගාවලියේදී රංගන හේරත් ලකුණු 50ට කඩුලූ 4ක් දවාගෙන ඇති අතර එය නව ලෝක වාර්තාවක් ලෙස සනිටුවීම විශේෂත්වයක්.

මෙය හේරත් ඉනිමකදී කඩුලූ 4ක් ලබාගත් 40වන අවස්ථාව වනවා.

එය වමත් දග පන්දු යවන්නෙක් වැඩිම ඉනිම ප්‍රමාණයකදී කඩුලූ 4බැගින් දවාගත් අවස්තාව ලෙස වාර්තා පොත් අතරට එකතු වනවා.

මෙම දස්කම කළ දෙවන ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ ඩැනියල් විටෝරි වන අතර ඔහු ඉනිම 39කදී කඩුලු 4 බැගින් දවාගෙන තිඛෙනවා.


New Record from Rangana Herath

zජනප්‍රිය නිළියගේ හිස මතට' පෙම්වතා මත්පැන් වත් කරලා

ජනප්‍රිය නිළි ලින්ඩ්සේ ලෝහන්ගේ පෙම්වතා ඉගෝර් තරබසොව් රුසියානු ජාතික තරුණයකු වන අතර ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක් ලෙස සැලකෙනවා.

පසුගිය සතියේ ඇතිවූ සිදුවීමකින් පසුව මේ දෙදෙනාගේ පෙම් ලොව බිඳ වැටේදැයි බොහෝ දෙනකු සැක පහළ කරනවා.

මේ සිද්ධියට මුල් වුණේ ඉගෝර්ගේ ජංගම දුරකථනය තුළ තිබූ එක්තරා පණිවිඩයක් ලින්ඩ්සේගේ නෙත්වලට හසුවීමෙන්. එය වෙනත් තරුණියක විසින් ඉගෝර්ට එවන ලද පණිවිඩයක් ලෙසයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ දෙදෙනා මුහුදු වෙරළ අසළ අවන්හලක තිබූ සාදයකට සහභාගි වී සිටිද්දීයි හදිසියේම මේ පෙම් පණිවිඩය ලින්ඩ්සේ දුටුවේ.

එය දුටු අවස්ථාවේම කෝපාවිෂ්ට වූ ලින්ඩ්සේ, පෙම්වතාගේ ජංගම දුරකථනය මුහුදට විසි කර තිඛෙනවා.

මේ අතරේම ඉගෝර් තමන් අත රැඳි මත්පැන් වීදුරුව ලින්ඩ්සේගේ හිස මතට වත් කර ඇත්තේ අවට පිරිස බලා සිටිද්දීයි.

මෙයින් ලැජ්ජාවට පත් ලින්ඩ්සේ වහාම එතැනින් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.



Lindsay Lohan's boyfriend pour alcohol on her head

ලොව කැළඹවමින් නාසා රැකගත් ආම්ස්ට්‍රොන්ගේ රහස හෙළි වෙයි

මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1969 ජූලි මස 21 වනදා මිනිසා සඳ මත පා තැබුවා.

නීල් ආම්ස්ට්‍රොන් ඇතුලු පිරිස සඳ මත පා තබා දැනට වසර 47 ගතවෙලා.

කෙසේ වෙතත් අදටත් සඳ තරණය ගැන විවිධාකාර පුවත් ලෝ පුරා කතා බහ වෙනවා.

රුසියානු තාරකා විද්‍යාඥයෙක් මෑතකදි කළ ප්‍රකාශයක් නිසා නැවතත් මෙය කරළියට පැමිණ තිඛෙනවා.

ඒ 1969 ජූලි මස 21 වැනිදා සඳ මතට ගිය අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන් සඳ මතදී විශාල පියාඹන පීරිසි දෙකක් සමග ජීවීන් කිහිපදෙනකු දැක ඇති බවටත් එම පණිවිඩය රහසේ රැක ගැනීමට නාසා නිලධාරීන් පියවර ගත් බවටත් රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ව්ලැඩ්මිර් අස්නාස් පැවැසීමත් සමගයි.

'නාසා පාලක මැදිරියත් ඇපොලෝ අජටාකාශගාමීනුත් නිරතුරුවම පණිවිඩ හුවමාරු කරගත්තා.

ඇපොලෝ යානය සඳ මත පතිත කරවන අවස්ථාවේ නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පියාඹන පීරිසි දෙකක් දැක තිඛෙනවා.

ආම්ස්ට්‍රොන් කළ මෙම ප්‍රකාශය නාසා ආයතනය බාහිර ලෝකයට නොදන්වා වාරණය කර තිඛෙනවා.

පිටසක්වළ ජීවීන් සඳ මත සිටින නිසා සඳේ මිනිස් කඳවුරක් ඉදි කිරීමේ යෝජනාත් ඒ සමගම නවත්වා දැමූ බව නීල් ආම්ස්ට්‍රොන් පසුව පවසා තිඛෙනවා' යැයි මහාචාර්ය ව්ලැඩ්මිර් පවසයි.

මෙහි සත්‍ය අසත්‍යභාවය තවමත් නාසා ආයතනය අනාවරණය කර නැත.

කෙසේ වෙතත් 1979 දී නාසා ආයතනයේ සේවය කළ පණිවිඩ හුවමාරු පිළිබඳ විශේෂඥයකු වූ මොරිස් චැටර්ලේන් පවසා ඇත්තේ ඇපොලෝ යානාව හා නාසා පාලක මැදිරිය අතර සංවාදවලට කිහිප වරක්ම බාධා එල්ල වූ බවයි.


NASA saved Armstrong 'Secret' Revealed!

29 July, 2016

ආදායම තාත්තගේ වඩු කර්මාන්තය - යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්

- පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන සිහිනය තිබුණා..

- අපේ පවුලේ ප්‍රධාන ආදායම වුණේ තාත්තගේ වඩු කර්මාන්තය...

සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය පල්ලේකැලේදී පැවැත්වෙනවා.

මේ තරගාවලියේදී කාගේත් අවධානයට ලක්වුණු කෙනෙක් තමයි යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්.

ඒ සංචාරක ඔසටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අඩුම වයසකදී ලබාගත් සුපිරි ශතකයත් සමගයි.

ඒ විදිහට දස්කම් දක්වපු කුසල් කියු සටහනක් ගැනයි මේ.

එහි දක්වා තිබුණේ මෙන්න මේ වගේ අතීත කතාවක්.

'වයස 21දීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමණීමට හැකිවීම පිළිබඳ මා සතුටු වනවා.

මා හැදී වැඩුනේ ක්‍රිකට් ක්‍රීඩාවට, බයිලා සංගීතයට මෙන්ම දැව භාන්ඩ වලට ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේයි.

කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය මට තිබුණා. ඒ වෙනුවෙන් කැපවුණා.

මා අඩු ආදායම් ලාභි පවුලක සාමාජිකයෙක්. අපේ පවුලේ ප්‍රධාන ආදායම වුනේ තාත්තාගේ වඩු කර්මාන්තයයි.

ඒ වගේම ඔහු නිවසේ අවශ්‍යතා සැපයීමට මෙන්ම මා හට අවශ්‍ය ක්‍රිකට් උපකරණ මිලදී ගන්න පෙදරේරුවෙක් ලෙසද වැඩ කළා.

තාත්තා මට අරන් දුන්න බැට් එක මට තාම මතකයි. එය පකිස්ථානයේ නිෂ්පාදිත ඉර්ෆාන් වර්ගයේ බැට් එකක්.

ඒ මොහොතේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිහිනය පසු පස මම ආවා.

එංගලන්තයේදී අර්ධ ශතක කිහිපයක් ලබාගැනීමට හැකිවිම මා හට ධෛර්යයක් ගෙන දුන්නා'.





Meet Kusal Mendis

කාර් එකට පාට් දාපු බස් අයියලට වැඩ වරදියි

පසුගියදා මරදාන ප්‍රදේශයේදී මෝටර් රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වීඩියෝවක් හුවමාරු වුණා.

දිගන - කොළඹ බස් රථයක සිටි කොන්දොස්තර හා තවත් අයෙක් මාර්ගයේ ඉඩ නොදීම නිසාවෙන් මෝටර් රථයේ සිටි රියදුරාට පහරදෙන අයුරු මෙම වීඩියෝවේ සටහන් වී තිබුනා.

මේ පිළිබඳව වෙබ් අඩවි ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති වාර්තා වීම හේතුවෙන් ඉතා කෙටි කලක් තුල මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇති බව දැනගන්නට ලැඛෙනවා.

ඒ අනුව වැරදි කළ රියදුරාට හා කොන්දොස්තරට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී තිබූ බලපත්‍ර අවලංගු කොට තිඛෙන අතර ඉදිරියේදී ඔවුන් දෙදෙනාටම අන්තර් පළාත් බස් ගමන්වල සේවය නිරතවීමට හැකියාව නොලැබී යනු ඇති බවයි දැනගන්නට ලැඛෙන්නේ.


මෙම සිද්ධියේ වීඩියෝව පහතින්....




Digana - Colombo Bus Conductor and Driver Suspended 

28 July, 2016

නංගිව අපයෝජනය කළ අයියාලා දෙදෙනා රිමාන්ඩ්

එක් කුස උපන් තමන්ගේම සහෝදරිය දූෂණය කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

තරුණිය හබරාදුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ.

මෙම තරුණිය සහෝදරයන් විසින් පසුගිය අවුරුදු 02 තුළ කිහිප වතාවක් අපයෝජනය කර ඇති බව දැනගන්නට ලැඛෙනවා.

සැකකරුවන් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම තරැණිය 2013 වසරේදී හා 2014 වසරේදී සහෝදරයින් දෙදෙනා අතින් මෙලෙස දූෂණය වී ඇති බවත් ඔවුන් අවුරුදු 21 හා 26 වයසේ පසුවන්නන් බවත් අනාවරණය වී තිඛෙනවා.

තරැණිය වෛද්‍ය පරීක්ෂණයටත් ඉන්පසු පරිවාස භාරයටත් පත්කර ඇති අතර දෙමාපියන් කුලී වැඩට ගිය අවස්ථාවේ පළමුව වැඩිමහල් අයියාත් දෙවනුව බාල අයියාත් මෙසේ තරුණියව දූෂණයට ලක්කර තිබේ.

මෙම සිදුවීමට මුහුණ දෙන විට දැරියගේ වයස 14 ක් පමණ වන බවයි දැනගන්නට ලැඛෙන්නේ.


Two brothers remanded due to abused their own sister

ලංකාවේ වැඩිම දෙනෙක් ඊයේ දවසේ බැලූ වීඩියෝව මෙන්න

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩිම දෙනෙක් ඊයේ (27) දිනයේදී වැඩියෙන්ම නැරඹූ වීඩියෝවන් බවට පත්ව ඇත්තේ Sri Lankan Traffic Violations ෆෙස්බුක් පිටුවේවූ මතු දැක්වෙන වීඩියෝවන්ය.

ඇතැම් රියැදුරන්ගේ අවිනීතකම් ගැන කතාකරන්නට අපට වීඩියෝ උවමනා නැත.

මන්ද අප කවුරුත් එක්වරක් හෝ මෙවන් අවිනීත රියැදුරන් දැක ඇති නිසාය.

කෙසේ වෙතත් දැන් දැන් අවිනීත රියැදුරන්ට එදාමෙන් ලේසියෙන් ගැලවීමක් නැත.

ඒ මේ උදවිය කරනා අවිනීතකම් කොහි හෝ කැමරාවක සටහන් වන බැවිනි.

දිගන කොළඹ බස්රථයක රියැදුරෙක් මෝටර් රථයක් හරස්කොට එහි රියැදුරාට බැනවදින වීඩියෝව සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා තිබුණේ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවය.

එම වීඩියෝවේ බස් සේවකයකයින් මෝටර් රථයේ රියැදුරාට බැන වදින ආකාරය වඩාත් උලුප්පා දැක්වුණද, වීඩියෝව ආරම්භයේම මෝටර් රථයේ රියැදුරා තම දොර ඇර බස් රථයේ රියැදුරාට හෝ සේවකයකුට කිසිවක් පවසන අයුරු බොහෝ දෙනෙකුගේ ඇස ගැටුණේද නැත.

කෙසේ වෙතත් වීඩියෝවේ සඳහන්දෑට අමතරව ඊට පෙරත් ඔවුන් අතර මහමගදී කිසියම් ගැටුම්කාරී තත්වයක් ඇතිව ඇති බවනම් පැහැදිළිය.

පොරකුකුළන් වැනි රියැදුරන් නිසා පීඩාවටපත්වන පිරිස අතිවිශාල බැවින් මේ සම්බන්ධයෙන් බලධාරීන් වහා ක්‍රියාත්මක වියයුතු බව මතක් කරමු.







Here is where most people wached video of yesterday

'අපායේ දොරටුව' මායා නගරයෙන් හමුවෙයි

මතු ජීවිතයට යා හැකි යැයි සැක කරන නළ මාර්ග සහිත දොරටුවක් මෙක්සිකානු පුරාවිද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිඛෙනවා.

මෙය හමුවී තිඛෙන්නේ මයා නගරයෙන්.

එකළ විසූ මායා පාලකයෙක් මෙය තනන්නට ඇතැයි විස්වාස කෙරෙන අතර ශබ්ද තාක්ෂණයද මෙය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති බව කියැවෙනවා.

මෙය ඉතා සංකීර්ණ නිර්මාණයක් බවත් මෙහි පතුලක් සොයාගත නොහැකි වී ඇති බවත් විද්‍යාඥයින් පවසනවා.

මතු ජීවිතය සැපවත් කර ගැනීම පිණිස, මරණයෙන් අනතුරුව තම ශරීරය ජලයේ බහාලිය තැබිය යුතු බව මායාවරුන් අතර විශ්වාසයක් පැවතියා.

මෙම නළ මාර්ගය ඊට යොදාගන්නට ඇති බවත් තවමත් එහි ඇතැම් කොටස් ජලයෙන් පිරී ඇති බවත් වාර්තාවනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.




Canal found under Mayan temple could be gateway to afterlife

Yahoo කුණු කොල්ලෙට විකුණලා

Yahoo සමාගම, අමෙරිකාවේ සන්නිවේදන දැවැන්තයකු වන වෙරිසෝන් සමාගමට විකුණා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මෙරිකානු ඩොලර් බිලියන 5 කට ආසන්න මුදලකටයි.

වෙරිසෝන් සමාගම විසින් පසුගිය වසරේදී මිලට ගත් AOL සමාගම හා එක්ව Yahoo ඉදිරියට කටයුතු කරනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

2008 වසරේදී ඩොලර් බිලියන 44ට Yahoo සමාගම මිලදී ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම සැරසුනද එය සිදුවූයේ නැහැ.


Yahoo sold at a lower price

27 July, 2016

ලොව දුර්ලභම බළල් විශේෂය අහම්බයෙන් හමුවෙයි

ලොව දුර්ලභම බළල් විශේෂයේ ඡායාරූප පෙළක් නිකුත් වී තිඛෙනවා.

මොවුන් මෙසේ ඡායාරූපයට හසුවී තිඛෙන්නේ සයිබීරියානු සත්ව කණ්ඩායමක් සගවා තැබූ කැමරාවකටයි.

නමින් Pallas ලෙස හදුන්වන මොවුන් ඉතාම දුර්ලභ සත්ව විශේෂයක් බවත් සයිබිරීයාවේ හා මධ්‍යම ආසියාවේදී පමණක් දක්නට ලැඛෙන බවත් පැවසෙනවා

Simon Pallas නම් විද්‍යාඥයෙක් 1776දී ප්‍රථම වරට මොවුන් සොයාගනු ලැබ තිඛෙනවා.

ඔවුන් අහම්බයෙන් කැමරාවේ සටහන් වූ අවස්ථාවේ ඡයාරූප පහතින්.















The world's rarest cat species found at random

මේනකාගේ Viber ෆොටෝස් ලීක් වුණ හැටි

මේනකා මධුවන්ති පසුගිය කාලයේ ගොසිප් මවන තවත් නිළියක් බවට පත්වෙලා හිටියා.

ඇය ගැන දැන් යළිත් කතාබහක් ඇති වෙලා තියෙන්නේ ඇයගේ ජංගම දුරකතනයේ තිබුණු ඡායාරූප කිහිපයක් හොරකම් කර තිබීම නිසයි.

මේනකා එයාගේ ජංගම දුරකතනය යාළුවෙකුට දීලා තියෙනවා 
Email එකක් හදලා දෙන්න කියලා.

මේ යාළුවා තරුණ ව්‍යාපාරිකයෙක් කියලා තමයි මේනකා කියන්නෙ.

කිව්ව වැඩේ කරලා මේ යාළුවා මේනකාට ආපහු දුරකතනය දීලා තිබුණත් එයා මේනකාගේ ජංගම දුරකතනයට එන Viber ඡායාරූප සහ Mail තමන්ගේ දුරකතනයටත් ලැඛෙන විදියට තමයි හදලා දීලා තියෙන්නෙ.

මේ යාළුවා මේනකාගේ පැරණි පෙම්වතා එක්ක ලබාගත් ඡායාරූප වගයක් අලුත් පෙම්වතාටත් යවලා තියෙනවා.

පස්සේ කොහොම හරි මේනකා වෙච්ච දේ තේරුම් අරන් ඉක්මනින්ම කොහුවල පොලිසියට පැමිණිලි කරලා.

අදාළ ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වලා අවවාද කරන්න කියලයි එයා පොලිසියෙන් ඉල්ලලා තියෙන්නෙ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඒ ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වලා කරුණු පැහැදිළි කරලා දීලා අවවාද කරලා තියෙනවා.



Menaka's Viber Photos Leaked

නැගණිය දුෂණය කළ 'සොහොයුරන්' දුරකථනයෙන් හසු වූ හැටි

තම කුඩා නැගණියව විටින් විට දුෂණය කළ සොහොයුරන් දෙදෙනෙක් හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දහසය හැවිරිදි නැගණියගේ පෙම්වතා විසින් සිය දුරකතනයෙන් පටිගත කරන ලද ඇගේ හඩ පටයක් පොලිසියට ලබා දීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව හබරාදූව පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

තම සොහොයුරන් කලක සිට තමන්ට අතවර කරන බව මෙම සිසුවිය සිය පෙම්වතාට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේ ඔහු එය සිය දුරකතනයෙන් එම ප්‍රකාශය පටිගත කර තිබෙනවා.

පසුව ඔහු පෙම්වතියව හැරගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හැර ගිය පෙම්වතාව සොයා දෙන ලෙස සිසුවිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව පැමිණ ඇති පෙම්වතා මෙම හ`ඩපටය පොලිසියට ලබා දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අගෝස්තු මස 10වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.



Sister Raped By 'Brothers' 

සචිනි අමෙරිකාවෙන් ගෙනා පදක්කම්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 World Championships Performing Arts (WCOPA&) තරගයට ශ්‍රී ලංකාවෙන් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා සහභාගී වුණා.

මෙම ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිඛෙනවා.

සචිනි අයේන්ද්‍රා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට මේ සඳහා සහභාගී වූ එකම තරගකාරියයි. අවුරුදු 20 ක් පුරාවට පැවැත්වෙන මෙම තර`ගයට රටවල් 65 ක තරගකාරීන් එක් වුණා.

නර්තනය, රංගනය, ගායනය, මෝස්තර නිරූපනය යන ක්ෂේත්‍ර අංශ 04 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වුණා.










Sachini Brought Medals From America

26 July, 2016

අළුත්ම 'ප්‍රිස්මා' වැඩ කෑල්ල මෙන්න

ප්‍රිස්මා කිව්වොත් දැන් නොදන්න කෙනෙක් නැති තරම්..

ඒ තරමට ප්‍රිස්මා ඇප් එක ලෝ පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ප්‍ර‍ථමයෙන් ඇපල් දුරකථන වලට පමණක් නිකුත් කළ මෙම ඇප් එක පසුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටද නිකුත් කෙරුණා.
විවිධ අයුරින් ඡයාරූප නිර්මාණය කරගත හැකි මෙම ඇප් එක ඉතා විශිෂ්ඨ එකක් බවයි මෙය පරිශීලනය කළ බොහෝ දෙනා ප්‍ර‍කාශ කළේ.

කෙසේ වෙතත් ප්‍රිස්මා පරිශීලකයන්ට තවත් සුභ ආරංචියක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ කතා බහට ලක්වනවා.

ඒ ඡයාරූප වලට පමණක් සීමා වූ මෙම ඇප් එක වීඩියෝ සඳහා ද මේ වන විට අත්හදා බැලෙමින් පවතින බවයි.

ඒ හා සම්බන්ධ වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිඛෙනවා.

එම වීඩියෝව පහතින්..


New Featured Of 'Prisma'



ප්‍ර‍සිද්ධියේ 'රමණය' කළ යුවළ ප්‍ර‍සිද්ධියේ සමාවගත් හැටි

තායිලන්තයේ කාර්යබහුල මහා මාර්ගයක් ආසන්නයේ නිවසක් අසළ යුවළක් ප්‍රසිද්ධියේ රමණයේ යෙදුණු පුවතක් පිලිබඳ පසුගියදා තායිලන්තයෙන් වාර්තා වුණා.

ඔවුන් එසේ හැසිරෙන අවස්ථාවේ වීඩියෝ විදෙස් මාධ්‍ය බොහොමයක කතා බහට ලක්වුණා.

එම වීඩියෝව පහතින්..




කෙසේ වෙතත් මේ පිලිබඳව අන්තර්ජාලයේ කතා බහට ලක්වීමත් සමග අයිරිෂ් හා ඇමරිකන් ජාතික මෙම යුවළ එරට පොලීසිය වෙත බාරවී තිඛෙනවා.

අනතුරු ඔවුන් දෙදෙනා එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍ර‍සිද්ධියේ සමාව අයැද සිටිනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..





Couple Takes Apology Publicly For Public Attraction

අම්බලන්ගොඩදී අභිරහස් ලෙස මියගියේ තරුණියක් දුම්රියට තල්ලු කළ තරුණයාද?

අම්බලන්ගොඩ කොඛෙයිදූවේ පාලු ලිඳකින් 17 හැවිරිදි තරුණයකුගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටි බව කියන මේ සිසුවාගේ දෑත් වල ලේ ඇතැයි පොලීසිය පවසනවා.

දින දෙකක පටන් මොහු අතුරුදන්ව සිටි බවද, මරණය සැක කටයුතු බවද ඔවුන් පවසයි.

පසුගිය සෙනසුරාදා අම්බලන්ගොඩදී දුම්රියේ ගැටී තරුණියක මියයාම සම්බන්ධයෙන් ,ඇය දුම්රියට තල්ලු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණ බවද සඳහන්.

කෙසේ වෙතත් මෙය මිනීමැරුමක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

Ambalangoda Mysteriously Deth: A Boy Who Pushed A Girl In Train?

පියුමි - සුනෙත් විවාහයේ පළමු සංවත්සරය

ජනප්‍රිය නිළියක් වන පියුමි බොතේජු සහ නාගරික මන්ත්‍රිවරයෙක් වූ සුනෙත් අත්තිඩිය ගේ පළමු විවාහ සංවත්සරය සමරන්නට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබුණා.

(එහි ඡායාරූප සහ වීඩියෝ පහතින් 




 





















Piyumi - Suneth first marriage anniversary