27 July, 2016

සචිනි අමෙරිකාවෙන් ගෙනා පදක්කම්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 World Championships Performing Arts (WCOPA&) තරගයට ශ්‍රී ලංකාවෙන් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා සහභාගී වුණා.

මෙම ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිඛෙනවා.

සචිනි අයේන්ද්‍රා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට මේ සඳහා සහභාගී වූ එකම තරගකාරියයි. අවුරුදු 20 ක් පුරාවට පැවැත්වෙන මෙම තර`ගයට රටවල් 65 ක තරගකාරීන් එක් වුණා.

නර්තනය, රංගනය, ගායනය, මෝස්තර නිරූපනය යන ක්ෂේත්‍ර අංශ 04 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වුණා.










Sachini Brought Medals From America

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සචිනි අමෙරිකාවෙන් ගෙනා පදක්කම්"

    Post a Comment