31 July, 2016

දෙමව්පියන්ගේ කැමැත්තෙන් දැරියන්ගේ කන්‍යාභාවය මුදලට නැතිකරන පූජකයා

කුඩා දැරියන්ගේ කන්‍යාභාවය නැතිකිරීම සඳහා මුදල් අයකරන පූජකයෙක් ගැන මලාවි රටෙන් වාර්තා වනවා.

මලාවිහි සම්ප්‍රදායන්ට අනුව වැඩිවියට පත්වන දැරියන් අදාල පූජකයන් වෙත මුදල් ගෙවා යොමු කරන්නේ ඔවුන්ගේ මව්පියන් විසින්.

ඔවුන්ගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවන්ගේ පිරිසිදු බව රැකෙන්නේ පූජකයෙක් සමග ලිංගිකව එක්වීමකින් පසුව බවටයි.

එම සම්ප්‍රදායික පූජකයන් අතර මුල් තැන හිමිවන්නේ එරික් අනීවා නමැති පූජකයෙකුටයි.

කෙසේ වෙතත් එරට සමාජ සංවිධාන පෙන්වා දෙන්නේ මේ වනවිට මෙම පූජකයාට HIV ආසාදනය වී ඇති බවටයි.

එසේ වුවද මව්පියන් දැඩි මිත්‍යා මත හේතුවෙන් කුඩා දැරියන් මෙම පුද්ගලයා වෙත යොමු කරන බව ඔවුන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එරට බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව මලාවිහි පුද්ගලයන් දසදෙනෙකුගෙන් එක් අයෙක් HIV ආසාධිතයන් වනවා.




Girls virginity priest who is out of money

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෙමව්පියන්ගේ කැමැත්තෙන් දැරියන්ගේ කන්‍යාභාවය මුදලට නැතිකරන පූජකයා"

    Post a Comment