28 July, 2016

ලංකාවේ වැඩිම දෙනෙක් ඊයේ දවසේ බැලූ වීඩියෝව මෙන්න

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩිම දෙනෙක් ඊයේ (27) දිනයේදී වැඩියෙන්ම නැරඹූ වීඩියෝවන් බවට පත්ව ඇත්තේ Sri Lankan Traffic Violations ෆෙස්බුක් පිටුවේවූ මතු දැක්වෙන වීඩියෝවන්ය.

ඇතැම් රියැදුරන්ගේ අවිනීතකම් ගැන කතාකරන්නට අපට වීඩියෝ උවමනා නැත.

මන්ද අප කවුරුත් එක්වරක් හෝ මෙවන් අවිනීත රියැදුරන් දැක ඇති නිසාය.

කෙසේ වෙතත් දැන් දැන් අවිනීත රියැදුරන්ට එදාමෙන් ලේසියෙන් ගැලවීමක් නැත.

ඒ මේ උදවිය කරනා අවිනීතකම් කොහි හෝ කැමරාවක සටහන් වන බැවිනි.

දිගන කොළඹ බස්රථයක රියැදුරෙක් මෝටර් රථයක් හරස්කොට එහි රියැදුරාට බැනවදින වීඩියෝව සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා තිබුණේ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවය.

එම වීඩියෝවේ බස් සේවකයකයින් මෝටර් රථයේ රියැදුරාට බැන වදින ආකාරය වඩාත් උලුප්පා දැක්වුණද, වීඩියෝව ආරම්භයේම මෝටර් රථයේ රියැදුරා තම දොර ඇර බස් රථයේ රියැදුරාට හෝ සේවකයකුට කිසිවක් පවසන අයුරු බොහෝ දෙනෙකුගේ ඇස ගැටුණේද නැත.

කෙසේ වෙතත් වීඩියෝවේ සඳහන්දෑට අමතරව ඊට පෙරත් ඔවුන් අතර මහමගදී කිසියම් ගැටුම්කාරී තත්වයක් ඇතිව ඇති බවනම් පැහැදිළිය.

පොරකුකුළන් වැනි රියැදුරන් නිසා පීඩාවටපත්වන පිරිස අතිවිශාල බැවින් මේ සම්බන්ධයෙන් බලධාරීන් වහා ක්‍රියාත්මක වියයුතු බව මතක් කරමු.







Here is where most people wached video of yesterday

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ වැඩිම දෙනෙක් ඊයේ දවසේ බැලූ වීඩියෝව මෙන්න"

    Post a Comment