31 May, 2016

ගින්නට මැදිවූ දරුවන් වෙනුවෙන් පියකු කළ සටන

පහුගිය දවසක රුසියාවේ පස් මහල් ගොඩනැගිල්ලක ඇතිවුනු ගින්නකදී සිව්දෙනෙකු භයානක විදිහේ සිද්ධියකට මුහුණ දුන්නා.

මේ සිද්ධියට මුහුණ දුන්නේ අම්මයි තාත්තා දරුවන් දෙන්නෙකුයි.

ඉතිං ඒ වෙලාවේ තාත්තා කරලා තියෙන්නේ තමන්ගේ පොඩි දරුවා පස්වැනි මහලේ ඉදලා එළියට විසිකරලා තියෙනවා.

එළියට විසිකරන දරුවන්ව බේරගන්න පහළ හිටපු අසල්වැසියන් ලෑස්තිවෙලා තමයි මේ වැඩේ කළේ.

ඊටපස්සෙ තමන්ගේ දෙවැනි දරුවාවත් ඒ තාත්තා එළියට විසිකළාට පස්සේ තමන්ගේ බිරිදවත් බේරගත්තා.

අවසානයේදි මේ තාත්තා බිමට පැනලා තියෙනවා.

අසල්වැසියන් රෙද්දක ආධාරයෙන් තමයි මෙයාලව බේරගෙන තියෙන්නේ.

ඒත් තාත්තා බර වැඩි නිසා ඔහුගේ ටිකක් දරුණුවට තුවාල වෙලා තියෙනවා කියල මාධ්‍ය වාර්තා කරනවා.

මේ සිද්ධිය වෙච්චි හැටි වීඩියෝවෙන්ම බලන්න..





Battle of the father of the children caught fire

ලිමෝසින් එකක් ඇතුලේ මධුසමය ගත කරපු යුවළකට රියදුරා කළ වැඩේ

අලුත විවාහ වුනු යුවළක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සංචාරයක නිරත වෙලා තියෙනවා.

මෙයාලා ඒ සදහා යොදාගත්තේ සුඛෝපභෝගී ලිමෝසීන් මෝටර් රථයක්.

මේ යුවළ ඉන්දියානු තරුණ යුවළක්.

ඉතිං ඩුබායි නගරයේ ලස්සන බලන ගමන් මෙයාලා වාහනය ඇතුලෙම මධුසමය ගතකරලා.

මේ සිද්ධියෙන් පස්සේ දවසක් ලිමෝසින් මෝටර් රථයේ රියදුරා එම තරුණයාට Whattsapp හරහා ඔවුන් මධුසමය ගත කළ වීඩියෝව යවලා තියෙනවා.

වීඩියෝව පෙන්වමින් තර්ජනය කරපු ලිමෝසින් මෝටර් රථයේ රියදුරා ඒ තරුණයාට කියලා තියෙන්නේ ඩිරාම 2000ක මුදලක් ලබාදෙන ලෙසත්, නැතහොත් එම වීඩියෝව අන්තර්ජාලය හරහා ප්‍රචලිත කරනවා කියලයි.

දැඩි ලෙස කෝපයට පත්වුනු ඉන්දියානු තරුණය ඩුබායි පොලීසියට මේ ගැන දැනුම් දීලා තියෙනවා.

වහාම ක්‍රියාත්මක වුනු පොලීසිය අත්අඩංගුවට ගත් රියදුරාගෙන් මේ ගැන ප්‍රශ්න කරලා.

එතකොට රියදුරා කියලා තියෙන්නේ අදාළ ලිමෝසින් මෝටර් රථයේ සවිකරලා තිබුනු රහස් කැමරාවක් මගින් ඉන්දියානු තරුණ යුවළගේ මධුසමය වීඩියෝ කළා කියලා.

කොහොම වුනත් අවසානයේදි ඒ රියදුරාට වුනේ අධිකරණය හමුවේ එම තරුණ විවාහක යුවළට ඩිරාම් 2000ක මුදලක් ගෙවීමටයි.



The couple spent their honeymoon inside a limousine

රියැලටි තරගයේ විනිශ්චයකාරියට කේන්ති ගිහින් කරපු වැඩේ

Britain’s Got Talent කියන්නේ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන ලෝක ප්‍රසිද්ධ වැඩසටහනක්.

මේ වැඩසටහනේ අවසන් මහා තරගයකදි හරි අපූරු වැඩක් වෙලා තිබුණා.

පුංචි ගායිකාවක් ගීත ගායනා කරලා ඉවරවුණාට පසු විනිශ්චය මණ්ඩලයේ ඉන්න David Walliams කියපු කතාවකට Amanda Holden ට ක්න්ති ගිහින්.

ඊට පස්සේ ඇය ළග තිබුණු වතුර එකෙන් ෘ්ඩසා උ්කකස්පි ගේ මුණට දමලා ගහලා.

කොහොම වුණත් දෙන්නා අතර තිබ්බ කේන්තිය හිනාවෙන්ම මගහැරිලා ගිහින්.

මේ වගේ ලෝක ප්‍රසිද්ධ වැඩසටහනකදි ඒ විදිහේ සිද්ධියක් වුණු පළමු වතාව කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරලා තිබුණේ.








Amanda Holden-David Walliams-Britain’s Got Talent

විවාහ වීමට සහකරුවෙකු සොයව කෝටිපති ගණිකාව

පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඔස්ටේ්‍රලියානු ජාතික සුපිරි ගණිකාවක් වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තා වේ.

ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක්ද එළිදක්වා ඇති ඇය මේ වන විට 36 වන වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික කාන්තාවක්.

වයස අවුරුදු 18 දී තමන් සමුහ දුෂණයකට ලක්වු බවත් අවුරුදු 19 දී සාමාජ ශාලා නර්තන ශිලිපිනියක් ලෙස ජීවිතය ඇරඹු බවත් පවසන ඇය මුල් දිනයේම තමාට ඩොලර් 1000 ක් ලැබුණු බව පවසනවා.

එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ නිසා වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට සිතාගත් බවත් සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය ලෙස අවුරුදු 21 බවත් එම කාලයේදී පැයකට ඩොලර් 1000ක් තමන් හා යහන්ගත වූවෙකුගෙන් අය කළ බවත් ඇය පවසයි.

යහන්ගතවීමට පැමිණි අයගෙන් සියයට 90 ක්ම විවාහකයින් බවත් ඔවුන්ගේ පවුල් ජීවිත කඩාකප්පල් නොකර පිරිමින්ට ආශ්වාදයක් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඇය සඳහන් කරයි.

මෑතක සිදුවූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමග ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි.

ලිංගිකත්වය, මුදල් සහ මත්ද්‍රව්‍ය සමීපව ඇසුරු කළ තමන් මේවන විට වකගුඩු ආබාධයකින් පෙළෙන බවත් එසේ වුවද ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවන බවත් සිය ආබාධය ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවත් ඇය පවසනවා.













Reliable partner to marry a millionaire prostitute

ඒවා මෙහෙම බැහැ

දැන් විපක්ෂයෙ ඉන්න කස්ටිය ආණ්ඩුවෙ ඉඬෙද්දි කළ ජරමර ගැන හොයන්න පත්කොරපු අලුත් පොලෝසීයෙ ඉන්න ඩිරුක්ටර් සයිස් ලොක්කො දෙන්නගෙන් වැඩක් නැහැ කියල එයාල පන්නන සැලැසුමක් ක්‍රියාත්මකලු.

ඒක ගැන පසුගියදා තිබුණ ආණ්ඩුවෙ පාලන මණ්ඩල මීටිමේදී ඇමැති මහත්තුරැ දෙතුන් දෙනෙක් ලොකු වලියක් ඇදගත්ත කියලත් ආරංචියි.

උන්නැහේල කියල නියෝජනෙ ගිය ආණ්ඩුවෙ ජල්තර ගැන කළ පරික්ෂණවල ප්‍රගතිය ඇමැති මණ්ඩලේට ගේන්න කියල...

ඒත් ඉතින් ආණ්ඩුවෙ ඉහළම තැන්වලින් ඒ ගැන ලැබුණෙ ඉතාම මන්දගාමී ප්‍රතිචාරයක්ලු...

ඒ ගැන කලකිරැණු ඇමැතිවරැ යහපාලනේ මෙහෙම ගියොත් අපටයි ජනතාවට මුහුණ දෙන්න බැරි කියල ආඩපාලි කියන්න පටන් අරන් කියල ආරංචියි.



Fight between two MP's

අයි.පී.එල්. වැඩ පෙන්වූ අපේ රටේ අය

ඉන්දියාවේ විශාලම ක්‍රිකට් සැණකෙළිය ඉන්දියර් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයෙන් අවසන් වුණා.

මෙහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. 

අයි.පී.එල්. ඉතිහාසයේ පළමු වතාවට තමා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩයාම කුසලානය ජයග්‍රහණය කළේ.

මේ තර`ගයේ වැඩිය කවුරුත් ගණන් ගත්තේ නැති විශේෂ කාරණා තියෙනවා.

එකක් තමා මෙවර  අයි.පී.එල්. එකේ ලොකුම හය සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජය පිටුපස සිටීම.

මෙවර  අයි.පී.එල්. එකේ ලොකුම හය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රා්‍රබාද් කණ්ඩයාමේ ඛෙන් කටින් සමත් වුණා. මීටර් 117ක් දිගයි මේ හයේ පහර.

ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩයාමේ දග පන්දු අංශයේ පුහුණුකරු වීම.

මේ ජයග්‍රණයට මුරලිගේ උපදෙස් විශාල පිටුවහලක් වුණා කියලා ඩේව්ඩ් වෝනර් පවා කියලා තියෙනවා.

අනික් කාරණාව තමයි ශ්‍රී ලංකාවෙන් බිහිවු තවත් දක්ෂ ක්‍රීඩකයකු වූ කුමා ධර්මසේන තරගාවලියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීම.

විනිසුරුවරයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නමක් දිනා සිටින ඔහුද අප රටට සම්පතක්.







Sri Lankans are in IPL

අයියා නැති වෙලාවේ නංගි තරුණයෙක්ට කළ වැඩේ

එක එක කට්ටියට බයිට් දෙන එක දැන් ඉන්දියාවේ තරුණ තරුණියන්ගේ ලොකුම රෝගය වෙලා තියෙනවා.

මේ රෝගය කොච්චර උත්සන්න වෙලාද කිව්වොත් දැන් නළු නිළියන්ටත් මේ බයිට් එක දෙන්න පටන් අරන්.

තරුණයෙක් සහ තරුණියක් එකතුවෙලා ඉන්දියාවේ නළුවෙක් වෙන Ali Merchant  හිතාගන්න බැරි බයිටක් දීලා තියෙනවා.

පහතින් ඒ වීඩියෝ එක නරඹන්.




Ali Merchant prank video

පාටිය අතරතුර 'අදාළ නෑනේ' කියන්න ගිය තරුණයාට වුණු වැඩේ (වීඩියෝ)

මේ දිනවල සමාජ මාධ්‍ය අතර බොහෝ කථාබහට ලක්ව ඇති 'අදාළ නෑනේ' නමැති කියුමට මුල්වූ දෙබස ඇතුළත් වීඩියෝව හැමතැනම ප‍්‍රචාරයවීම නිසා එය කියූ තරුණයා අපහසුතාවයට ලක්ව ඇති බව දැනගන්නට ලැබී තිබේ.

පිරිසක් සමග කාබී විනෝද වන අවස්ථාවක යාලූවෙකු මතු කළ පැනයකට පිළිතුරු දෙන්නට යාමේදී ඉතා අපූරු ලෙස එයට පිළිතුරු සැපයූ මෙම තරුණයාට නැවත එය කියන්නැයි කියා යාලූවන් එම කතාව වීඩියෝගත කර තිබුණා

ඉන් අනතුරුව ඔවුන්ගේ මිතුරන් විසින් අදාළ වීඩියෝව අන්තර්ජාලයට මුසුකොට තිබුණා.

එම වීඩියෝව අන්තර්ජාලයේ පළ වීමත් සමගම ඒ ගැන සැල වූ එම වීඩියෝවේ සිටින තරුණයින් දෙදෙනා නැවත වරක් තවත් වීඩියෝවක් නිකුත් කර තිඛෙනවා.

එම වීඩියෝවෙන් ඔවුන් විසින් සමාව අයද සිටිනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.







Adala Ne Ne real story

වාහන මිල ගැන කී ඇමති ජෝන් ගැන බුකියේ පලවන රස කතා

වාහන මිල ඉහළ දැමීමට හේතුව වූයේ නුසුදුසු අය වාහන පාවිච්චි කිරීම බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඊයේ (30) පැවසුවා.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන්නන් විසින් කරන ලද නිර්මාණ කිහිපයකි මේ.











FB post about Minister John regarding vehicle Prices

මල්ලි CSN එකට උදව් කළේ පෙම්වතිය හිටපු නිසා, ඔය චැනල් එක අපේ නෙවෙයි

ඊයේ (30) හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගී වුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතනදි දේශපාලන සිදුවීම් ගැන වගේම රාජපක්ෂවරුන්ට එල්ලවෙන චෝදනා සහ තවත් සිද්ධි ගොඩක් ගැන කතා කළා.

ඒ වගේම පසුගිය කාලේ පුරාම කරලියට ආපු කතාවක් වුණු ක‍ීභ නාලිකාවට රාජපක්ෂවරුන්ට ඇති අයිතිය ගැනත් අදහස් පලකළා.

එතනදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වේ තමන්ගේ දෙවැනි සහෝදරයගේ පෙම්වතිය ක‍ීභ එකේ වැඩ කරපු නිසා මේ චැනල් එක රාජපක්ෂවරුන්ට අයිතියි කියලා සමාජයේ කතබහක් ඇතිවුණා කියලයි.

ඒ වගේම නිතරම තමන්ගේ මල්ලි එතනට ගිය නිසාත් සන්නාම තානාපතිවරයෙක් විදිහටත් රගර් කණ්ඩායමේ නායකයා විදිහටත් හිටිය නිසා මේ හැම දෙයක්ම පැතිරුනා වගේම යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය එතන හිටපු නිසා මේ චැනල් එකට උදව් කළා කියලයි එතුමානම් කිව්වේ.

ඒ විදියට සලකුණ වැඩසටහනේදී අහපු ප්‍රශ්න වලට ඔහු උත්තර දුන්නේ මේ විදියට....

ඔබගේ පෙම්වතියට උදව්වට ගියාද නැතිනම් පෙම්වතියට උදව්වට නාලිකාවක් දුන්නද?

මං හිතන්නෙ නෑ අපේ මල්ලි එච්චර මෝඩ නෑ පෙම්වතියට උදව්වට නාලිකාවක් දෙන්න තරම්.

පෙම්වතිය ඒතැන වැඩ කරන කොට විතරක් නෙමේ පෙම්වතිය තවතැන්වලට වැඩකරනකොට ඒවටත් උදව් කරා.

ඔය වයසට අපි වුණත් යම් කිසි උදව්වක් ඉල්ලූවොත් කරනවනේ.

ඒ ස්ටාෆ් එකත් එක්ක ෆොටෝ ගහපු එකත් උදව්වක්ද?

මෙහෙමනේ මං දැන් මෙතට ආවට පස්සේ එළියෙ ඉන්න කී දෙනෙක් පිංතුර ගහගත්තද. එහෙම කළා කියා මේ නාලිකාව මගේ නෙමෙයිනෙ.

ඔතන යෝෂිත එක්ක ගහපු පිංතූර විතරක් නෙමෙයි මාත් එක්ක ගහපුවාත් තියනවා. ක්‍රිකට් ක්‍රිඩකයින් දේශපාලකයින් එක්ක ගහපු පිංතූරත් තියනවා...

හරි ඔබත් එක්ක ගහපු ඡායාරූත් තියෙනවා.. එතකොට ඒක නාමල්ගේ චැනල් එක කියන්නේ නෑ.. දේශපාලඥයන් එක්කත් ගහපුවා තියෙනවා.. ඇයි ඉතිං කෙලින්ම යෝෂිතගේ චැනල් එක කියන්නේ..?

ඉතිං අපේ කාගෙවත් ගර්ල් නෙනෙක් එතන වැඩ කළේ නෑනේ...

මේ දේවල් වගේම මහින්ද මහත්තයගේ අතේ තියෙන වශී බෝලේ, ජනාධිපතිවරණයට ගියේ පක්ෂයේ හැමෝගෙම අදහස් විමසලා, තම පවුලට එල්ල වෙලා තියෙන චෝදනා ආදී කරුණු ගැන සලකුණ වැඩසටහනෙදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පැහැදලි කළා.

එලෙස සී.එස්.එන්. නාලිකාව පිළිබඳව ප්‍රශ්නකළ මොහොතේ වීඩියෝව පහතින්.....





සම්පූර්ණ වැඩ සටහන


Namal talk about CSN Channel

30 May, 2016

ප්‍රසිද්ධියේ නිරුවත් වූ තරුණිය ගැන ඉන්දියාව ලැජ්ජා වෙයි

ඉන්දීය ජාතික තරුණියක් වන Meenal Jain ප්‍රසිද්ධියේ නිරුවතින් බයිසිකල් පැදීමේ සිද්ධියක් නිසා මේ වන විට ඉන්දියාව තුළ දැඩි උණුසුම්කාරී කතාබහක් ඇති වී තිඛෙනවා.

ලන්ඩන් හිදී පසුගියදා පැවැත් වූ World Naked Bike Ride Event නැමැති පරිසරය රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ වැඩසටහනේදී මෙම ඉන්දීය ජාතික තරුණිය නිරුවතින් ඊට එක් වී තිඛෙනවා.

නිරුවතින් විරෝධතාවයේ නිරත වෙන ලොව විශාලතම වැඩසටහන ලෙසද මෙය සැළකෙනවා.

එමෙන්ම එවන් වැඩසටහනකදී ඉන්දීය ජාතික තරුණියක් නිරුවත් වූ පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම සිද්ධිය නිසා ඉන්දීය සංස්කෘතියට ප්‍රබල පහරක් එල්ල වූ බවත් ඉන්දියාවට ලැජ්ජා සහගත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවූ බවත් ඉන්දීය ඇතැම් මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.

ඉන්දීය ජනතාව ඇයව පිළිකුල් සහගත ලෙස හෙළා දකිමින් විවිධ අපහාස සිදු කරන බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඇය පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධියේ නිරුවත් වූ ඉන්දීය ජාතික පළමු තරුණිය තමා නොවන බවත් මීට පෙර අවස්ථාවන්වලදී විවිධ සඟරා සඳහා ඉන්දීය නිරූපිකාවන් නිරුවත් වී ඇති බවයි.

තමා නිරුවතින් මෙම වැඩසටහනට එක් වූයේ යහපත් අරමුණකින් බවත් ඇය සඳහන් කර තිඛෙනවා.

ඇය වැඩි දුරටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ පරිසරය රැක ගැනීමට හැමෝම ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

එම වීඩියෝව පහතින්.





India is ashamed of the girl naked in public (VIDEO)

නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක්

මේ රටට සාමය ගේන්න කලකට කළින් ලොකුම වැඩ කොටසක් කළ එක්තරා යුරෝපීය තානාපති කන්තෝරැවක තමන්ගෙ නිදහස් දිනේට පොඩි උත්සවයක් තිබුණලු.

මේකට සම්බන්ධ වෙන්න මැති ඇමැති පිරිසකට වගේම ඒ රටේ කටයුතු වලට උදව් දුන්න ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා දෙනමකටත් ආරාධනා කළා.

ඉතින් මේ උත්සවය ඉවරවෙලා පුංචි තේ පැන් සාදයක් පවත්වන අවස්ථාවේ ආණ්ඩුවේ ආර්ථික පැත්තෙ ප්‍රබල ඇමැති කමක් කරන කොළඹ දිසාවෙ ඇමැති සයිස් මහත්තයෙක් මේ ස්වාමීන්වහන්සේලා දෙනම ළඟට සැපත් වුණා.

මේ සැපත් වීමෙන් පස්සෙ එතන හිටපු ප්‍රධාන පෙළේ ප්‍රකට නායක හාමුදුරැවෝ... අර ඇමැතිතුමාට එක පාරටම දෙහි කපන්න ගත්තලු...

zතමුන් දැනගන්න ඕන අපිත් මේ ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළා. දැන් ඔය කාටත් ඒව මතක නැහැ. මම ඒව මතක්කරල දෙන්නයි හිටියෙ.ඔයාලා එන්න එපා අපිව රවට්ටන්න...Z

කියල ඉතාම සැර භාෂාවෙන් මේ යෝධ ඇමැතිතුමාට විවෘත සභාවෙ තදබල ප්‍රහාරයක් එල්ල කළාලු.

ඒක ඉවරවෙයි කිය කියා බලන් හිටපු ඇමැතිගෙ මිත්‍ර නුගේගොඩ පැත්තෙ හාමුදුරැවන්ටත් එතෙන්දි කර කියාගන්න දෙයක් නැතිවුණේ ඉහළම නායක හාමුදුරැවන්ගෙ කට වහන්න අමාරැ බව නුගේගොඩ හාමුදුරැවොත් දන්න නිසාලු.

අන්තිමේදි සභාව ඉදිරියේ මේ සංග්‍රහය ලබාපු ඇමැතිතැන ආයෙනම් රැක්මලේ පන්සල පැත්තෙ යන්නෙ නැහැ කියල හිතාගෙන මාරැවුණා කියලයි බලන් හිටපු අයට පෙනුණෙ...



Monk blame to minister

විවාහයගැන හීන මවන්නේ නෑ - ඩිනක්ෂි ප්‍රියසාද්

ඩිනක්ෂි ‍ප්‍රියසාද් නමැති රංගන ශිල්පිනිය ලස්සන හිනාවක් ‍තිඛෙන පුංචි තාරකාවක්.

ජනප්‍රියතම නිළියට හිමි සම්මානය පසුගිය දා පැවැති දෙරණ සම්මාන රාත්‍රියේදී ඇය හිමිකර ගත්තාය.

ඈ පිළිබඳ අලුත් ම තතු දැනගන්න,පසුගියදා අප ඈ හමු වුණා.

පසුගිය දා ඔබ සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ පිළිබද කතා කළොත්?

දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ ගැන මට දැනෙන්නේ සතුටක්.

මට මෙතැනට එන්න සහයෝගය දුන් සියලු ම දෙනාට මා මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා.

මොනවද මේ දවස්වල කලා කටයුතු?

ටෙලි නාට්‍ය කීපයක රූගතකිරීම් කරමින් ඉන්නේ.

ලබන මාසේ සිහින මල කියන මං ටෙලි රගපෑව ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි.

එය සුදන්ත තිලක්සිරි ගේ අධ්‍යක්ෂණයක්.

ටී ටුවෙන්ටි ටෙලි නාට්‍ය, තිසුල දීප තඹවිටගේ මහී පූජා නාට්‍ය විකාශය වීමටත් නියමිතයි.

වී.වී.අයි.පී නාට්‍ය ටීවී වන් නාලිකාවේ විකාශය වෙනවා.

එය චාමර පීරිස්ගේ අධ්‍යක්ෂණයක්. මීට අමතරව දෙරණ ස්ටාර් සිටි රියැලිටි ෂෝ වැඩසටහනටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

අලුතෙන් සිනමා පටයකට දායක වුණේ නැද්ද?

චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම රූපගතකිරීම් ආරම්භ වුණේ නැහැ.

හතු පිපෙනවා වගේ ඉක්මනින් නිර්මාණය ‍වන ටෙලි නාට්‍යවලට දායක වෙලා රසිකයන්ට එපා වෙනකල් පුංචි තිරයේ ප්‍රදර්ශනය වෙන නිළියක් වෙන්න ඔබත් කැමතිද?

මට එහෙම නිර්මාණ බොහොමයකට ඇරියුම් ලැඛෙන්නේ නෑ. ලැඛෙන නිර්මාණවලට මම දායක වෙනවා.

ආර්ථිකය ගැන හිතලා අකමැති වුණත්, සමහර නිර්මාණවලට දායක වෙන්න කලාකරුවකුට සිදු වෙනවා. මටත් ඒක වෙනවා.

කලාකරුවෙක් වුණාම මොනවා හරි ගුණාත්මක තේරීමක් යටතේ කලා කටයුතුවලට දායක වෙනවා නම් ඒක නළු නිළියන්ටත්, ප්‍රේක්ෂකයන්ටත් හොඳයි කියලා මං හිතනවා.

මට ආදර චරිත බොහොමයක් ලැබිලා තියෙනවා. මට ලැඛෙන ඕනෑම චරිතයක් බාර අරගෙන ,ඒ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන්.

දිනේෂ් ප්‍රියසාද් කියන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. පියාගේ කලා ගමන දියණියන් තිදෙනාට පාර කපා දුන්නා කිව්වොත්?

ඒකත් එක හේතුවක්. අපි රංගන කටයුතු කරන ගමන් අධ්‍යාපන කටයුතුත් කරනවානේ. ඒත් තාත්තාගේ මුළු ජීවිතේම වෙලා තිබුණේ කලාව.

එයාලා ඒ වෙනුවෙන්ම කැපවීමෙන් වැඩ කළා. තාත්තලාට වගේ කලා කටයුතුවල පමණක්ම නිරත වෙන්න අපට අවස්ථාව නැහැ.

ඒත් තාත්තාගෙන් මට ගන්න පුළුවන් ආදර්ශය තමයි සියයට සියයක්ම තමන්ගේ වැඩේ වෙනුවෙන්ම කාලය වෙන් කරන එක.

සාර්ථකත්වය කරා යන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි.

මට තාත්තා‍ගේ ඒ ගුණය පිහිටලා තියෙනවා.මමත් වැඩක් කරන්න ගියාම පුළුවන් උපරිමයෙන්ම කරනවා.

තාත්තා තමයි මම වැඩක් කරන්න ගියාම සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්නේ. ඒ වැඩේ කරන්න කරන්න කියලා පස්සෙන්ම ඉන්නවා.

එයාගේ ආසාව තිබුණේ පොඩි කාලෙ ඉඳලම අප කලා ක්ෂෙත්‍රයට යොමු කරවන්න. අම්මා තමයි අප අධ්‍යාපනයට යොමු කළේ.

නවක නිළියක් විදිහට ක්ෂේත්‍රයේ නව ගමනක් යන අවස්ථාවේදී, කලා ලෝකයේ ගරු කරන ප්‍රවීණ ශිල්පීන් ඇති. ඔබ ආදර්ශයට ගන්න කැමැති අය කවුද?

ප්‍රවීණ කලාකරුවන්ට මම හැමදාමත් ගරු කරනවා. සමහරු ඇහැට දැකලාවත් නැහැ. අතලොස්සක් අපි අතරේ ඉන්නවා.

ඒ අය කරපු නිර්මාණවලට මම බොහොම කැමතියි.

ඒ නිර්මාණ එක්ක තමයි මම ඉන්නේ. ඒවා නැත්නම් අද අපිට කලා ක්ෂේත්‍රයක් නැහැනේ.

ප්‍රවීණ කලාකරුවන් වගේම, අද කාලේ කලාකරුවන් සමඟත් මම මිත්‍රත්වයෙන් වැඩ කරනවා. මම හැමෝටම ගරු කරන කෙනෙක්.

මාලනී ෆොන්සේකා මහත්මිය වාණිජ හා කලාත්මක සිනමාව ජයගත් කෙනෙක්. මම ඇයට කැමතියි.

ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ රංගනයටත් මම කැමැතියි.

ඊට අමතරව ටෝනි රණසිංහ, ගාමි” ෆොන්සේකා, ජෝ අබේවික්‍රම කියන මහත්වරුන්ට මම ගෞරව කරනවා.

අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පැත්තෙන් ඉදිරියට යන්න කැමැත්තක් නැද්ද?

නිෂ්පාදනයට අත ගහන්න තරම් සල්ලි තවම මට නැහැ.

අධ්‍යක්ෂණයට නම් මම බොහොම කැමැතියි.

කවදා හෝ අධ්‍යක්ෂණයට යොමු වෙන්නත් කැමැත්තක් තියෙනවා.

ගායනය වගේ සැගවුණු දක්ෂතා ඔබට තිඛෙනවද?

ගායනයට නම් ඒ තරම් දක්ෂතාවක් නෑ. කවුරුත් හිතුවෙ නෑ මම ර`ගපායි කියලා. සැඟවුණු දක්ෂතාවක් තමයි රංගනය.

ඒක එළියට ඇවිත් තියෙන්නේ. ඉදිරියේ දී මොනවා වෙයිද කියන්න බෑ. දැනට මම ආසාවෙන් කරන්නේ මේ කලා කටයුතු තමයි.

නිවේදිකාවක් විදිහට කටයුතු කිරීම ඔබේ නිළිකමට බාධා‍වක් වුණොත්?

නිවේදනයෙන් තමයි මම කලා කටයුතු පටන් ගත්තේ.මම තාම ඒක නවත්වලා නෑ.

මම එය ඉතාහත්ම කැමැත්තෙන් කරන දෙයක්. එය ක්ෂේත්‍ර දෙකක් නිසා රංගනයට කිසි බාධාවක් නෑ.

මේ දෙකෙන් ඔබේ අනාගත වෘත්තිය මොකක් වේවිද?

රංගනය වෘත්තිය වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒත් දැන් මට හිතෙනවා මගේ වෘත්තිය රංගනය වෙයි කියලා.

ඒකෙන් ගැළවෙන්න මට දැන් බෑ. මම එය කැමැත්තෙන්ම කරගෙන යනවා.

රංගනය වෘත්තිය වෙනවා ව‍ගේම, නිවේදන කටයුතු එයට සමාන්තරව කරගෙන යාවි. කලාව කිව්වහම මේ සියල්ලම ඒකට ඇතුළත්නේ.

නව අදහස් ඇති කාන්තාවක් විදිහට විවාහය ගැන ඔබ මොනවද හිතන්නේ?

විවාහය කියන දේ දිහා වත්මන් පරපුර බලන්නේ ඉස්සර වගේ නෙමෙයි. විවාහය කියන්නේ කාන්තාවකගේ ජීවිතේ සන්ධිස්ථානයක්.

ඒත් දැන් පරම්පරාවේ ගැහැනු ළමයින් ඒක තමයි ජීවිතේ එක කියලා කරගෙන නැහැ.

එය තවත් එක් දෙයක් විතරයි. ඒ කාලෙයි මේ කාලෙයි ගැන හිතලයි මම කියන්නේ. ඒ කාලේ කිව්වේ අපේ අම්මලාගේ කාලේ.

අද කාලේ ගැහැනිය පිටෙත් පවුල් බර පැටවිලා තියෙනවා. කාන්තාවන් මුදල් හම්බ කරන්න ඕනේ. ඒ නිසා කාන්තාව ස්වාධීන විය යුතු තත්ත්වයක් දැන් තිඛෙනවා.

තමන්ට මොනවා හෝ ආදායම් මාර්ගයක් හදා ගන්න ඕනෑ. පිරිමියා මත යැපෙන්න හිටියොත් ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ගැන හිතලා වැඩ කළොත් විවාහය සාර්ථක වේවි. ‍

ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද?

විවාහය කියන දේ කවුරු හෝ කියූ පලියට කරන්නත් බැහැ. ඒක හිතට දැනෙන්න ඕන දෙයක්. කවුරුවත් කියන පලියටවත්, වයස යන හින්දාවත් විවාහ විය යුතු නැහැ.

එහෙම විවාහ දැන් කාලේ පවතින්නෙත් නැහැ. ඉස්සර තමයි ඒවා පැවතුනේ. අපේ අම්මා අදටත් කියනවා දැන් කාලේ ළමයි ඉවසන්නේ නෑනේ.

අපි නම් ඉවසීමෙන් වැඩ කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. දැන් කාලේ ඉවසන්නත් බෑ. ඉවසුවට ඇති වැඩකුත් නෑ කියලා මං හිතනවා.


ඔබේ වයස කියන්න කැමතිද?

අවුරුදු විසි හයයි.

ඔබ පෙම්වතියක්ද?

දැනට නැහැ.

ආදරය ගැන අත්දැකීම් එහෙම නැති වෙන්න බෑ නේද?

ඔව්. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. එහෙම ආදරේ කරලත් තියෙනවා. ඒවා බිඳ වැටිලත් තියෙනවා. ජීවිතේ පොඩි දුකකුත් තියෙනවා .

ඒත් දැනට නම් විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. විවාහ වන කෙනා මං කරන දේවල් එක්ක කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්නත් ඕනෑනේ. එහෙම කෙනෙක් මට හමුවෙලා නැහැ.

හොඳ කෙනෙක් ලැබුණොත්?

අනාගතේ දී හමු වෙයිද කියන්න බැහැ. එහෙම කෙනෙක් ලැබුණොත්, මෙයත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා එතැනදි මට හිතෙන්න ඕනෑ.

විවාහ වුණා නම් වෙන් වෙන්න අවශ්‍යතාවක් නැහැනේ. දැනට මට එහෙම කෙනෙක් ගැන හිතිලා නැහැ. ඒකට හේතුව මම සතුටින් ඉන්න නිසා වෙන්න ඇති.

එහෙම වුණොත් ඒ ගැන එදාට හිතලා බලනවා. ඊළඟ තත්පරේ මොනවා වෙයිද අපි දන්නේ නෑනේ.

සහකරුවෙක් ගැන අදහසක් තවම නැතත්, මවක් වෙන එක හැම කාන්තාවකටම තිඛෙන හීනයක්. ඔබට ඒ හීනයත් නැද්ද?

මම චූටි බබාලට කැමතියි. ඒත් මම ඒ ගැන හිතලා නෑ. විවාහය ගැන මම හීන මවන්නේ නෑ.

තරුණ කාලේ මුල්ම අවධියේ නම් විවාහ වෙන්න ඕනේ, බබාලා හදන්න ඕනේ කියලා අදහස් හිතට ආවා. ඒත් කාලයත් එක්ක අපි කාර්යබහුල වෙලා.

දැන් වයසත් එක්ක අත්දැකීම් සමඟ ජීවිතේ ගැන ලේසියට හිතන්න බෑ. අපට දැන් තේරෙනවා ජීවිතේ කොයි තරම් අභියෝග තියෙනවාද කියලා.

විවාහයකින් පස්සේ මම ඒ ගැන හිතාවි.

හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමාව කියන මේ දෙකෙන් කැමැති කෝකටද?

හොලිවුඩ්, බොලිවුඩ් කියන්නේ වෙනස් සිනමා කර්මාන්ත දෙකක්. දෙකටම කැමතියි.

බොලිවුඩ් සිනමාවේ කැමැතිම නිළිය කවුද?

මම ආසම දීපිකා පදුකෝන්ට.

නිළියක් විදිහට විවිධ විලාසිතා අනුගමනය කරන්න වෙනවා. වැඩි කැමැත්තක් දක්වන්නේ මොන වගේ විලාසිතාවලටද?

විලාසිතා කරද්දී නම් මම යන උත්සවය හෝ අවස්ථාව සලකලා විලාසිතාව තෝරා ගන්නවා.

විශේෂයෙන් බොලිවුඩ් නළු නිළියන්ගේ විලාසිතාවලට කැමතියි. මං වැඩියෙන්ම කැමැති ඉන්දියානු විලාසිතාවලටයි .

පවුලේ අයගෙන්, විශේෂයෙන්ම සහෝදරියන් දෙදෙනාගෙන් ඔබට ලැඛෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

අම්මා තමයි හැම දේම හොඳයි කියලා ධෛර්යමත් කරන්නේ. නංගිලා දෙන්නා හොඳ වගේම මගේ රඟපෑමේ හෝ ඕනෑම දේක අඩුපාඩුත් පෙන්නා දෙනවා. තාත්තත් එහෙමයි. පවුලේ හැමෝම මට විශාල ධෛර්යයක්.

ඔබේ සහෝදරියන් මේ දිනවල මොනවද කරන්නේ?

ඒ දෙන්නා හොඳින් ඉන්නවා. ශේෂාද්‍රි මේ දවස්වල එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එයාගේ චිත්‍රපට හයක් පමණ තිරගත වීමට නියමිතයි.

ශනුද්‍රි නම් මේ දිනවල උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ඇයත් ඉන් පසුව කලා කටයුතුවලට යොමු වේවි.

ඔබ කෙටි කාලයකදි ජනප්‍රිය චරිතයක් වුණා. ප්‍රසිද්ධ වෙන්න බලපෑ හේතු මොනවද?

මම ප්‍රසිද්ධියට පත් වෙන්න එක හේතුවක් වෙන්න ඇති මගේ නල දත. මගේ නම නොදන්න අය බොහෝ වෙලාවට මා හඳුන්වලා තියෙන්නේ මගේ නල දත ගැන කියලයි.

මගේ තාත්තා වගේම මගේ කලා හැකියාව නිසා මං ප්‍රසිද්ධියට පත් වෙන්න ඇති.

සාකච්ඡා කළේ - චින්තා රණසිංහ
ඡායාරූප - දිලිප් තරංග





I don't dreaming for marriage - Dinakshi

නදීෂා අලුත් පෙම්වතා එක්ක කරපු වැඩ මෙන්න

තවමත් විවාහ නොවී සිටින නදීෂා ව්‍යාපාරික පෙම්වතෙකු සමග ඇයි හොඳයියක් පවත්වන බවට දැන් ක්ෂේත‍්‍රයේ ආරංචි පැතිරෙනවා.

ඔහු ගැන ඇය ඇගේ ෆෙස් බුක් පිටුවෙන්ද වසන් කර නැති අතර දෙදෙනාගේම ඡායාරූප පවා ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කර තිඛෙනවා.

මේ අතර පසුගිය දිනෙක කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උපන්දින සාදයකදීද ඇය පෙම්වතා කැටුවවිත් එයට සහභාගීවී තිඛෙන අතර කලා ශීල්පීන්ට හඳුන්වාදී ඇත්තේද මේ මගේ අලූත් බෝයි ෆ්‍රෙන්ඩි ලෙසිනි.










Nadeesha with her new guy


රටේ නම උඩු ගුවනට ගෙන ගිය ලාංකික තරුණිය

SKYDIVE ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩාවක් වගේම ත්‍රාස්ජනක ක්‍රියාවක්.

මෙම ක්‍රීඩාව විදෙස් රටවල හුගක් ජනප්‍රියයි.

අපි මේ කියන්න යන්නේ SKYDIVE ක්‍රීඩාව කරපු ලාංකික තරුණියක් ගැන.

ඇය නමින් ලෝචනී කාවීන්දියි.

මේ වැඩේ ඇය කරලා තියෙන්නේ ඩුබායි සංචාරයක් අතරතුරදියි.

මෙම ක්‍රීඩාව සඳහා ඇය ඩිරාම් 2000ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 80000ක් වගේ වියදම් කර තිඛෙනවා.










SKYDIVE at Dubai

දුව පැනලා ගිය නිසා මව පොලිසී යද්දි පියත් රෙස්ම ගිහින්

අවුරුදු 15 දැරියක් තරුණයෙකු සමග පැනගොස් ඇති බවට දැරියගේ මව පොලිසියේ පැමිණිල්ලක් දමන අතරතුර පියා ගෙලවැලාගෙන මියයෑමේ පුවතක් වැලිගම පැත්තෙන් අහන්න ලැබුණා.

වැලිගම කප්පරතොට පැත්තේ පදිංචි 42 හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ මොහු තම දැරිය අහිමිවීමේ වේදනාවෙන් එසේ ගෙලවැලලාගෙන තිඛෙනවා.

මෙම දැරිය අවුරුදු 22 හැවිරිදි වියේ පසුවන ධීවරයෙකු සමග පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා නිවසින් පැනයෑම ගැන ආරංචි වීමෙන් පසුව නිවසින් පිටතට පැමිණ කප්පරතොට ප්‍රදේශයේදී ඛෙලිගසක අත්තක දැරියගේ පියා ගෙලවැලලාගෙන ඇති බවයි දැනගන්නට ලැඛෙන්නේ.



Father hang due to daughter work

ලෝකල් කඩේෂන්ගේ අලුත්ම පෙරළිකාර වීඩියෝව

නටාෂා රත්නායක කියන්නේ නව පරපුරේ ඉංග්‍රීසි ගීත ගායනා ශිල්පිණියක් ලෙස බොහෝදෙනා හඳුනාගෙන සිටින ඇය ලාංකේය කිම් කාර්ඩිෂන් යන අනුවර්ත නාමයෙන් හැඳින්වීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.

එයට හේතුව වන්නේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක්ම මීට පෙරත් අන්තර්ජාලයට මුදාහැරීමයි.

කෙසේ වෙතත් මෙවරත් ඇය එවැනිම වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ නටාෂා එහි අලුත්ම කතාබහ බවට පත් වුණ බවක් දකින්න ලැඛෙනවා.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.

















Natasha Rathnayaka new Video

සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ ෆෝන් එකේ 'බ්ලූ'

සිය ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ගබඩා කරගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බලකායේ නියාමකවරියක බලංගොඩ කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

එම මූලස්ථානයේ ඊයේ (29) පැවති උත්සවයකට ඇය සහභාගි වී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

සිවිල් ආරක්ෂක බලකාය මගින් බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ‍්‍රයේ පවත්වාගෙන යන පෙරපාසලක ගුරුවරියක් ලෙසද ඇය කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ හැසිරීම් සහ කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් කඳවුරේ සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙකු එහි අණදෙන නිලධාරීවරයාට පැමිණිලිද ඉදිරිපත් කර තිඛෙනවා.

කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කර්නල් පුංචි බණ්ඩාර මහතා විසින් අදාළ ජංගම දුරකතනය සිය භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අසභ්‍ය ඡායාරූප විස්සකට වැඩි ප්‍රමාණයක්  එහි තිබී හඳුනාගෙන තිඛෙනවා.

විවාහක තැනැත්තියක වන 41 හැවිරිදි මෙම නියාමකවරිය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ කිට්ටුවන්ත ආධාරකාරියක බවත් සඳහන්.

මෙම නියාමකවරියගේ ජංගම දුරකතනයේ තිබී හමු වූ සියලු අසභ්‍ය ඡායාරූප සී.ඩී තැටියක ගබඩා කර ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් එම උසස් නිලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.



Lady officer of civil defence force arrested

සැමියාට නිදි පෙතිදී අනියම් සුවවිඳි කාන්තාව

සැමියාට නිදි පෙතිදී අනියම් පෙම් සුවවිඳි කාන්තාවට නොසිතූ දෙයක් වෙලා.

අනියම් ඇසුරක් මුල් කරගනිමින් තියුණූ ආයුධයකින් පහරදී අරණායක, පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයා සිය බිරිදට හොර රහසේ රාත්‍රීයේ වෙනත් නිවසකට ඇතුලු වී ඇතැයි වාර්තා වේ.

අදාළ නිවසේ කාන්තාව ඇයගේ සැමියාට නිදි පෙති ලබාදී මිය ගොස් ඇති පුද්ගලයා සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇත.

අදාළ කාන්තාවගේ සැමියා නින්දෙන් අවදි වී බලන විට සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමග අඹුසැමි සබදතා පවත්වන ආකාරය දැක ඇති අතර එම අවස්ථාවේදී ඔහු කල පහරදීමකින් අදාළ පුද්ගලයා මිය ගොස් ඇත.

එම මියගිය පුද්ගලයා වසර 9ක් පුරාවට මෙම අයථා සබදතාව පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

සැමියා විසින් තියුණූ ආයුධයකින් කල පහරදීමකින් තුවාල ලබා අදාළ කාන්තාවද රෝහල් ගත කර ඇති අතර ඇය රජයේ රෝහලක සාත්තු සේවිකාවක් බව අනාවරණ වී ඇත.




Husband Catches His Cheating Wife With Another Man

අයිස්ලන්තයේ ස්වාභාවික උණු දිය පිහිනුම් තටාකය

අයිස්ලන්තය කියන නම ඇහෙන කොටම අපෙ හිතට එන්නේ හිම වලින් වැහුණු සිතල වටපිටාවක් සහිත රූපයක්.

අයිස්ලන්තය පිහිටලා තියෙන්නේ එක්සත් රාජධානිය සහ ග්‍රීන්ලන්තය අතර මුහුදු කලාපයේ.

මේ රට ඉතාමත් අලංකාර ඒ වගේම අපුරු ස්වාභාවික නිර්මාණ වලින් පිරුණු රටක් කිව්වොත් නිවැරදියි.

නමුත් ඒ රටේ පිහිටලා තියන ඊකමැ ඛ්ටදදබ කලපුව ගැන නම් වැඩි දෙනෙක් දන්නේ නෑ.

මෙය ස්වාභාවික පිහිනුම් තටාකයක් වගේ කිව්වොත් ඔබ එකඟ වෙනවා ද?

ඒ වගේම මෙය ප්‍රසිද්ධ සම්බාහන නවාතැනක්.

ලෝකයේ 25 වන පුදුමය විදියටත් පිළිගැනෙනවා ලු.

1976 වසරේ මේ ප්‍රදේශයේ භූ තාප බලාගාරයක් ඉදිකරලා තියනවා.

ඒ ඇයි දන්නවා ද? මේ ප්‍රදේශයේ මීටර 200ක් පමණ පළල කිලෝමීටර 2ක් පමණ දිග විශාල උණුවතුර විලක් මතුවෙලා තියන නිසා.













Iceland natural hot pool