30 May, 2016

ප්‍රසිද්ධියේ නිරුවත් වූ තරුණිය ගැන ඉන්දියාව ලැජ්ජා වෙයි

ඉන්දීය ජාතික තරුණියක් වන Meenal Jain ප්‍රසිද්ධියේ නිරුවතින් බයිසිකල් පැදීමේ සිද්ධියක් නිසා මේ වන විට ඉන්දියාව තුළ දැඩි උණුසුම්කාරී කතාබහක් ඇති වී තිඛෙනවා.

ලන්ඩන් හිදී පසුගියදා පැවැත් වූ World Naked Bike Ride Event නැමැති පරිසරය රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ වැඩසටහනේදී මෙම ඉන්දීය ජාතික තරුණිය නිරුවතින් ඊට එක් වී තිඛෙනවා.

නිරුවතින් විරෝධතාවයේ නිරත වෙන ලොව විශාලතම වැඩසටහන ලෙසද මෙය සැළකෙනවා.

එමෙන්ම එවන් වැඩසටහනකදී ඉන්දීය ජාතික තරුණියක් නිරුවත් වූ පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම සිද්ධිය නිසා ඉන්දීය සංස්කෘතියට ප්‍රබල පහරක් එල්ල වූ බවත් ඉන්දියාවට ලැජ්ජා සහගත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවූ බවත් ඉන්දීය ඇතැම් මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.

ඉන්දීය ජනතාව ඇයව පිළිකුල් සහගත ලෙස හෙළා දකිමින් විවිධ අපහාස සිදු කරන බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඇය පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධියේ නිරුවත් වූ ඉන්දීය ජාතික පළමු තරුණිය තමා නොවන බවත් මීට පෙර අවස්ථාවන්වලදී විවිධ සඟරා සඳහා ඉන්දීය නිරූපිකාවන් නිරුවත් වී ඇති බවයි.

තමා නිරුවතින් මෙම වැඩසටහනට එක් වූයේ යහපත් අරමුණකින් බවත් ඇය සඳහන් කර තිඛෙනවා.

ඇය වැඩි දුරටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ පරිසරය රැක ගැනීමට හැමෝම ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

එම වීඩියෝව පහතින්.





India is ashamed of the girl naked in public (VIDEO)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රසිද්ධියේ නිරුවත් වූ තරුණිය ගැන ඉන්දියාව ලැජ්ජා වෙයි"

    Post a Comment