30 May, 2016

නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක්

මේ රටට සාමය ගේන්න කලකට කළින් ලොකුම වැඩ කොටසක් කළ එක්තරා යුරෝපීය තානාපති කන්තෝරැවක තමන්ගෙ නිදහස් දිනේට පොඩි උත්සවයක් තිබුණලු.

මේකට සම්බන්ධ වෙන්න මැති ඇමැති පිරිසකට වගේම ඒ රටේ කටයුතු වලට උදව් දුන්න ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා දෙනමකටත් ආරාධනා කළා.

ඉතින් මේ උත්සවය ඉවරවෙලා පුංචි තේ පැන් සාදයක් පවත්වන අවස්ථාවේ ආණ්ඩුවේ ආර්ථික පැත්තෙ ප්‍රබල ඇමැති කමක් කරන කොළඹ දිසාවෙ ඇමැති සයිස් මහත්තයෙක් මේ ස්වාමීන්වහන්සේලා දෙනම ළඟට සැපත් වුණා.

මේ සැපත් වීමෙන් පස්සෙ එතන හිටපු ප්‍රධාන පෙළේ ප්‍රකට නායක හාමුදුරැවෝ... අර ඇමැතිතුමාට එක පාරටම දෙහි කපන්න ගත්තලු...

zතමුන් දැනගන්න ඕන අපිත් මේ ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළා. දැන් ඔය කාටත් ඒව මතක නැහැ. මම ඒව මතක්කරල දෙන්නයි හිටියෙ.ඔයාලා එන්න එපා අපිව රවට්ටන්න...Z

කියල ඉතාම සැර භාෂාවෙන් මේ යෝධ ඇමැතිතුමාට විවෘත සභාවෙ තදබල ප්‍රහාරයක් එල්ල කළාලු.

ඒක ඉවරවෙයි කිය කියා බලන් හිටපු ඇමැතිගෙ මිත්‍ර නුගේගොඩ පැත්තෙ හාමුදුරැවන්ටත් එතෙන්දි කර කියාගන්න දෙයක් නැතිවුණේ ඉහළම නායක හාමුදුරැවන්ගෙ කට වහන්න අමාරැ බව නුගේගොඩ හාමුදුරැවොත් දන්න නිසාලු.

අන්තිමේදි සභාව ඉදිරියේ මේ සංග්‍රහය ලබාපු ඇමැතිතැන ආයෙනම් රැක්මලේ පන්සල පැත්තෙ යන්නෙ නැහැ කියල හිතාගෙන මාරැවුණා කියලයි බලන් හිටපු අයට පෙනුණෙ...



Monk blame to minister

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක්"

    Post a Comment