31 May, 2016

මල්ලි CSN එකට උදව් කළේ පෙම්වතිය හිටපු නිසා, ඔය චැනල් එක අපේ නෙවෙයි

ඊයේ (30) හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගී වුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතනදි දේශපාලන සිදුවීම් ගැන වගේම රාජපක්ෂවරුන්ට එල්ලවෙන චෝදනා සහ තවත් සිද්ධි ගොඩක් ගැන කතා කළා.

ඒ වගේම පසුගිය කාලේ පුරාම කරලියට ආපු කතාවක් වුණු ක‍ීභ නාලිකාවට රාජපක්ෂවරුන්ට ඇති අයිතිය ගැනත් අදහස් පලකළා.

එතනදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වේ තමන්ගේ දෙවැනි සහෝදරයගේ පෙම්වතිය ක‍ීභ එකේ වැඩ කරපු නිසා මේ චැනල් එක රාජපක්ෂවරුන්ට අයිතියි කියලා සමාජයේ කතබහක් ඇතිවුණා කියලයි.

ඒ වගේම නිතරම තමන්ගේ මල්ලි එතනට ගිය නිසාත් සන්නාම තානාපතිවරයෙක් විදිහටත් රගර් කණ්ඩායමේ නායකයා විදිහටත් හිටිය නිසා මේ හැම දෙයක්ම පැතිරුනා වගේම යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය එතන හිටපු නිසා මේ චැනල් එකට උදව් කළා කියලයි එතුමානම් කිව්වේ.

ඒ විදියට සලකුණ වැඩසටහනේදී අහපු ප්‍රශ්න වලට ඔහු උත්තර දුන්නේ මේ විදියට....

ඔබගේ පෙම්වතියට උදව්වට ගියාද නැතිනම් පෙම්වතියට උදව්වට නාලිකාවක් දුන්නද?

මං හිතන්නෙ නෑ අපේ මල්ලි එච්චර මෝඩ නෑ පෙම්වතියට උදව්වට නාලිකාවක් දෙන්න තරම්.

පෙම්වතිය ඒතැන වැඩ කරන කොට විතරක් නෙමේ පෙම්වතිය තවතැන්වලට වැඩකරනකොට ඒවටත් උදව් කරා.

ඔය වයසට අපි වුණත් යම් කිසි උදව්වක් ඉල්ලූවොත් කරනවනේ.

ඒ ස්ටාෆ් එකත් එක්ක ෆොටෝ ගහපු එකත් උදව්වක්ද?

මෙහෙමනේ මං දැන් මෙතට ආවට පස්සේ එළියෙ ඉන්න කී දෙනෙක් පිංතුර ගහගත්තද. එහෙම කළා කියා මේ නාලිකාව මගේ නෙමෙයිනෙ.

ඔතන යෝෂිත එක්ක ගහපු පිංතූර විතරක් නෙමෙයි මාත් එක්ක ගහපුවාත් තියනවා. ක්‍රිකට් ක්‍රිඩකයින් දේශපාලකයින් එක්ක ගහපු පිංතූරත් තියනවා...

හරි ඔබත් එක්ක ගහපු ඡායාරූත් තියෙනවා.. එතකොට ඒක නාමල්ගේ චැනල් එක කියන්නේ නෑ.. දේශපාලඥයන් එක්කත් ගහපුවා තියෙනවා.. ඇයි ඉතිං කෙලින්ම යෝෂිතගේ චැනල් එක කියන්නේ..?

ඉතිං අපේ කාගෙවත් ගර්ල් නෙනෙක් එතන වැඩ කළේ නෑනේ...

මේ දේවල් වගේම මහින්ද මහත්තයගේ අතේ තියෙන වශී බෝලේ, ජනාධිපතිවරණයට ගියේ පක්ෂයේ හැමෝගෙම අදහස් විමසලා, තම පවුලට එල්ල වෙලා තියෙන චෝදනා ආදී කරුණු ගැන සලකුණ වැඩසටහනෙදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පැහැදලි කළා.

එලෙස සී.එස්.එන්. නාලිකාව පිළිබඳව ප්‍රශ්නකළ මොහොතේ වීඩියෝව පහතින්.....





සම්පූර්ණ වැඩ සටහන


Namal talk about CSN Channel

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මල්ලි CSN එකට උදව් කළේ පෙම්වතිය හිටපු නිසා, ඔය චැනල් එක අපේ නෙවෙයි"

    Post a Comment