30 May, 2016

සැමියාට නිදි පෙතිදී අනියම් සුවවිඳි කාන්තාව

සැමියාට නිදි පෙතිදී අනියම් පෙම් සුවවිඳි කාන්තාවට නොසිතූ දෙයක් වෙලා.

අනියම් ඇසුරක් මුල් කරගනිමින් තියුණූ ආයුධයකින් පහරදී අරණායක, පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයා සිය බිරිදට හොර රහසේ රාත්‍රීයේ වෙනත් නිවසකට ඇතුලු වී ඇතැයි වාර්තා වේ.

අදාළ නිවසේ කාන්තාව ඇයගේ සැමියාට නිදි පෙති ලබාදී මිය ගොස් ඇති පුද්ගලයා සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇත.

අදාළ කාන්තාවගේ සැමියා නින්දෙන් අවදි වී බලන විට සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමග අඹුසැමි සබදතා පවත්වන ආකාරය දැක ඇති අතර එම අවස්ථාවේදී ඔහු කල පහරදීමකින් අදාළ පුද්ගලයා මිය ගොස් ඇත.

එම මියගිය පුද්ගලයා වසර 9ක් පුරාවට මෙම අයථා සබදතාව පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

සැමියා විසින් තියුණූ ආයුධයකින් කල පහරදීමකින් තුවාල ලබා අදාළ කාන්තාවද රෝහල් ගත කර ඇති අතර ඇය රජයේ රෝහලක සාත්තු සේවිකාවක් බව අනාවරණ වී ඇත.




Husband Catches His Cheating Wife With Another Man

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියාට නිදි පෙතිදී අනියම් සුවවිඳි කාන්තාව"

    Post a Comment