30 May, 2016

සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ ෆෝන් එකේ 'බ්ලූ'

සිය ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ගබඩා කරගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බලකායේ නියාමකවරියක බලංගොඩ කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

එම මූලස්ථානයේ ඊයේ (29) පැවති උත්සවයකට ඇය සහභාගි වී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

සිවිල් ආරක්ෂක බලකාය මගින් බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ‍්‍රයේ පවත්වාගෙන යන පෙරපාසලක ගුරුවරියක් ලෙසද ඇය කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ හැසිරීම් සහ කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් කඳවුරේ සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙකු එහි අණදෙන නිලධාරීවරයාට පැමිණිලිද ඉදිරිපත් කර තිඛෙනවා.

කූරගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කර්නල් පුංචි බණ්ඩාර මහතා විසින් අදාළ ජංගම දුරකතනය සිය භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අසභ්‍ය ඡායාරූප විස්සකට වැඩි ප්‍රමාණයක්  එහි තිබී හඳුනාගෙන තිඛෙනවා.

විවාහක තැනැත්තියක වන 41 හැවිරිදි මෙම නියාමකවරිය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ කිට්ටුවන්ත ආධාරකාරියක බවත් සඳහන්.

මෙම නියාමකවරියගේ ජංගම දුරකතනයේ තිබී හමු වූ සියලු අසභ්‍ය ඡායාරූප සී.ඩී තැටියක ගබඩා කර ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් එම උසස් නිලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.



Lady officer of civil defence force arrested

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිවිල් ආරක්ෂක බලකා නියාමකවරියගේ ෆෝන් එකේ 'බ්ලූ'"

    Post a Comment