31 May, 2016

ලිමෝසින් එකක් ඇතුලේ මධුසමය ගත කරපු යුවළකට රියදුරා කළ වැඩේ

අලුත විවාහ වුනු යුවළක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සංචාරයක නිරත වෙලා තියෙනවා.

මෙයාලා ඒ සදහා යොදාගත්තේ සුඛෝපභෝගී ලිමෝසීන් මෝටර් රථයක්.

මේ යුවළ ඉන්දියානු තරුණ යුවළක්.

ඉතිං ඩුබායි නගරයේ ලස්සන බලන ගමන් මෙයාලා වාහනය ඇතුලෙම මධුසමය ගතකරලා.

මේ සිද්ධියෙන් පස්සේ දවසක් ලිමෝසින් මෝටර් රථයේ රියදුරා එම තරුණයාට Whattsapp හරහා ඔවුන් මධුසමය ගත කළ වීඩියෝව යවලා තියෙනවා.

වීඩියෝව පෙන්වමින් තර්ජනය කරපු ලිමෝසින් මෝටර් රථයේ රියදුරා ඒ තරුණයාට කියලා තියෙන්නේ ඩිරාම 2000ක මුදලක් ලබාදෙන ලෙසත්, නැතහොත් එම වීඩියෝව අන්තර්ජාලය හරහා ප්‍රචලිත කරනවා කියලයි.

දැඩි ලෙස කෝපයට පත්වුනු ඉන්දියානු තරුණය ඩුබායි පොලීසියට මේ ගැන දැනුම් දීලා තියෙනවා.

වහාම ක්‍රියාත්මක වුනු පොලීසිය අත්අඩංගුවට ගත් රියදුරාගෙන් මේ ගැන ප්‍රශ්න කරලා.

එතකොට රියදුරා කියලා තියෙන්නේ අදාළ ලිමෝසින් මෝටර් රථයේ සවිකරලා තිබුනු රහස් කැමරාවක් මගින් ඉන්දියානු තරුණ යුවළගේ මධුසමය වීඩියෝ කළා කියලා.

කොහොම වුනත් අවසානයේදි ඒ රියදුරාට වුනේ අධිකරණය හමුවේ එම තරුණ විවාහක යුවළට ඩිරාම් 2000ක මුදලක් ගෙවීමටයි.



The couple spent their honeymoon inside a limousine

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිමෝසින් එකක් ඇතුලේ මධුසමය ගත කරපු යුවළකට රියදුරා කළ වැඩේ"

    Post a Comment