31 May, 2016

විවාහ වීමට සහකරුවෙකු සොයව කෝටිපති ගණිකාව

පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඔස්ටේ්‍රලියානු ජාතික සුපිරි ගණිකාවක් වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තා වේ.

ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක්ද එළිදක්වා ඇති ඇය මේ වන විට 36 වන වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික කාන්තාවක්.

වයස අවුරුදු 18 දී තමන් සමුහ දුෂණයකට ලක්වු බවත් අවුරුදු 19 දී සාමාජ ශාලා නර්තන ශිලිපිනියක් ලෙස ජීවිතය ඇරඹු බවත් පවසන ඇය මුල් දිනයේම තමාට ඩොලර් 1000 ක් ලැබුණු බව පවසනවා.

එතැන් සිට තමාට මෙම වෘත්තියට හිත ගිය බවත් මේ නිසා වැඩි වැඩියෙන් මුදල් හම්බ කිරීමට සිතාගත් බවත් සිය වෘත්තිය ජීවිතයේ හොඳම කාලය ලෙස අවුරුදු 21 බවත් එම කාලයේදී පැයකට ඩොලර් 1000ක් තමන් හා යහන්ගත වූවෙකුගෙන් අය කළ බවත් ඇය පවසයි.

යහන්ගතවීමට පැමිණි අයගෙන් සියයට 90 ක්ම විවාහකයින් බවත් ඔවුන්ගේ පවුල් ජීවිත කඩාකප්පල් නොකර පිරිමින්ට ආශ්වාදයක් ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඇය සඳහන් කරයි.

මෑතක සිදුවූ රිය අනතුරකින් පසු වසර 12ක පමණ ගණිකා වෘත්තියට සමුදුන් බව පවසන මොන්ටෙන්ග්‍රෝ එම සෑම පුද්ගලයෙකු සමග ලැබූ අත්දැකීම් සටහන් කර ඇති බවත් කියයි.

ලිංගිකත්වය, මුදල් සහ මත්ද්‍රව්‍ය සමීපව ඇසුරු කළ තමන් මේවන විට වකගුඩු ආබාධයකින් පෙළෙන බවත් එසේ වුවද ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවන බවත් සිය ආබාධය ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බාධාවක් වී ඇති බවත් ඇය පවසනවා.













Reliable partner to marry a millionaire prostitute

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විවාහ වීමට සහකරුවෙකු සොයව කෝටිපති ගණිකාව"

    Post a Comment