30 May, 2017

ඇමති ගොඩ අඩු කරන්න හරීන් ගෙනා යෝජනාවට ජනපති එකඟ වෙලා

Harin Fernando Twitter Message

අමාත්‍යවරුන්ට වාහන ගෙන්විම මෙම වසර තුළ සිදු නොකරන්නැයි ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා නයෝග කොට තිබෙනවා.

එම යෝජනවා කැබිනට් මණ්ඩලයේදී තමන් යෝජනා කළ බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

තම යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වූ බවද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා එම සටහනට එක්කොට තිබෙනවා.
අදාළ ට්විටර් සටහන පහතින්.

ජෝන් දේශපාලනයෙන් සමුගැනීමට යයි

John Amaratunga-04

තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදෙමින් ඉදිරියේ දී දේශපාලනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.

අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ නාත්තන්ඩිය ආසනයේ ඉදිවෙමින් පවතින අශෝකපුර නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කියා සිටියේය.

"අද පාර්ලිමේන්තුවේ දක්‌ෂ තරුණ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඉන්නවා. මම කල්පනා කළා මම සේවය කළා ඇති කියලා. අපි තරුණයන්ට අවස්‌ථාව ලබාදෙන්න අවශ්‍යයි. මම කවදාවත් පැරදුණේ නෑ. අඛණ්‌ඩව දිනුවා... ඒ ජනතාවට හොඳින් සේවය කළ නිසා.

අද තියෙන්නෙ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතුවෙලා හදපු ආණ්‌ඩුවක්‌. සමහර කණ්‌ඩායම් බල තණ්‌හාවෙන් ආණ්‌ඩුවේ ගමනට බාධා කරනවා. මොන විදිහේ කුමන්ත්‍රණ කළත් අපිව වට්‌ටන්න බෑ. එවැනි කණ්‌ඩායම් එළවන්නෙ මදුරුවන්ට දුම් ගහලා පාලනය කරනවා වගේ.'' (srilankamirror)

පුතාගේ ඉගෙනීමේ වැඩ ඉවර වුණ ගමන් මම රංගනයෙන් විශ්‍රාම ගන්නවා

Dilhani - Dilmin - Priyankara

"පුතා සංගීතයට දක්ෂයෙක්.."

"හුදෙකලා ජිවිතයක් මට තියෙන්නේ.."

දිල්හානි ඒකනායක කියන නමට චරිතයට බොහෝ අය ඇලුම් කරනවා. ඇගේ රංගන පරාසය සිනමාව පුංචි තිරය තුළ නිරන්තරයෙන්ම දකින නිසා ජනතාව ඇගේ රංගනයට ආදරෙයි. රංගනයත් එක්ක වසර තිහක් ගත කළ දිල්හානි ගැන හිරු ගොසිප් එක්ක කතා කරන්න හිතුවේ ඒ නිසයි. මේ දිල්හානි ගැන තොරතුරුයි.

ඒ කාලේ සිනමාව එක්ක නිරන්තරයෙන් ගණුදෙණු කළ රංගන ශිල්පින් ශිල්පිණියන් බොහෝ දෙනෙක් දැන් දකින්න නොලැබුණත් ඔබව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. දැන් කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
ප්‍රතිචාර වල නම් අඩුවක් නැහැ. මම නිතරම නිර්මාණ එක්ක හෝ රූපවාහිනී වැඩසටහන් එක්ක හරි ඉන්න නිසා මාව දකින්න ලැබෙනවා. හොඳ නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. ඓතිහාසික නිර්මාණ බොහෝමයකට මම සම්බන්ධ වුණා. මේ දවස්වල හිරු රූපවාහිණියේ විකාශය වෙන ගැමුණු මහ රජ ටෙලිනාට්‍යටත් සම්බන්ධ වුණා. ඒ දේවල් එක්ක මට ආදරේ කරන අය එකතු වෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා.

එක දිගට නිර්මාණ එක්ක රැදිලා ඉන්න රහස මොකක්ද..?
ඒක නම් මමත් ඇත්තටම දන්නේ නැහැ. රංගනයට ඇවිත් මම අවුරුදු තිහක් වෙනවා. මේ කාලය පුරාවටම මම නිර්මාණ එක්ක හිටියා. අඩු තරමින් මාස දෙක තුනකවත් මම නිහඩව හිටියේ නැහැ.

දීර්ඝ කාලයක් නිර්මාණත් එක්ක හිටපු දිල්හානිට දැන් මහන්සියි කියලා හිතෙන්නේ නැද්ද..?
මහන්සියි කියලා හිතිලා නම් ගොඩක් කල්. ඒත් දැන්මම විශ්‍රාම යන්න විදිහක් නැහැ. මගේ පුතාගේ වයස අවුරුදු 21යි. එයා දැන් විදේශ රටක අධ්‍යාපනය ලබනවා. එයාගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙන්න තව අවුරුදු එකහාමාරක් විතර යයි. ඊට පස්සේ මට පුළුවන් විවේක ගන්න. එයා එතකොට අපිව බලාගයිනේ. එතකල් තමයි මම මහන්සි වෙන්නේ.

පවුලට එකතු වුණු එකම පුතණුවන්ගෙන් වෙන් වෙලා ඉන්න දුකක් නැද්ද..?
හැම අම්මා කෙනෙකුම හැම තාත්තා කෙනෙකුම දරුවන්ට ආදරෙයි. ඒ අයට දරුවෝ නැතුව ඉන්න අමාරුයි. මටත් පුතා නැතුව පාළුයි. ඒත් ටික දවසක් එයා නැතුව ඉන්න සිදු වෙනවා.

ඔබේ හොදම විචාරකයාත් ඔහුලු..?
ඔව්. පුතාට මේ දවස්වල නම් මගේ නිර්මාණ දකින්න විදිහක් නැහැ. බලන්න පුළුවන් හැම වෙලාවකම බලලා කෙලින්ම කියනවා හොද නැත්තම්. වැරදි කියනවා. මගේ හිත රිදෙයි කියලා හැම එකම හොදයි කියන්නේ නැහැ. වැරැද්ද වැරැද්ද විදිහටත් හොද දේ හොදයි කියලත් කියනවා.

පුතා අම්මා වගේ රංගනයට දක්ෂද පියා වගේ සංගීතයටද දක්ෂ..?
පුතා රඟපාන්න නම් කැමති නැහැ. ඒත් සංගීතයට දක්ෂයි. තාත්තා වගේ. දරුවෝ ජනප්‍රිය කරවන්න කියලා හිතාගෙන නම් අපි දරුවන්ව නිර්මාණවලට යොමු කරන්නේ නැහැ. දරුවාගේ දක්ෂතා මම වගේම ප්‍රියංකර දකිනවා. එයා කැමති දෙයක් කරන්න ඉඩ දෙනවා. උදව් කරනවා. නමුත් උදව් කරන්නේ නම් එයා දක්ෂ නිසයි. වෙන රැකියාවක් කරන ගමන් ඒ දේවල් කරන්න ඉඩ තියෙනවා.

දැන් දිල්හානි භාවනා කටයුතු කරන්නේ නැද්ද..?
මම කාලයක් ඒ දේවල් කළා. අදටත් භාවනා කරන්න නම් ආසයි. ඒත් වැඩ එක්ක බැරි වුණා. විවේකයක් ලැබුණොත් ආයෙමත් භාවනාවට යොමු වෙනවා.

ලස්සනට ඉන්න මොනවාද කරන්නේ..?
මොන දේ කරත් මම හැමදාමත් කෑම බීම වෙලාවට අරගෙන වෙලාවට නිදා ගන්නවා. මම හරිම සරළව ජිවත් වෙන කෙනෙක්. හුදෙකලා ජිවිතයක් ගත කරන්න කැමති කෙනෙක්.

ඔබේ සැමියා ඔබේ වැඩකටයුතු වලට උදව් කරනවාද. ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
මගේ වැඩ වලට කරදර නොකර ඉන්න එක තමයි ලොකුම උදව්ව. කිසි දෙකට බාධා කරන්නේ නැහැ. ඒ නිසා ජිවත් වෙන්න ලෙහෙසියි. හැමෝටම පුද්ගලික ජිවිතයක් තියෙන්න ඕන. ඒ සහයෝගයනිසා අපි හොදින් ජිවත් වෙනවා.

Dilhani - Dilmin Perera - 02

Dilhani - Dilmin Perera

Priyankara - Dilmin Perera

Image may contain: 1 person, sitting, sunglasses, hat and outdoor

Image may contain: 2 people, hat and suit

Image may contain: 1 person, guitar and indoor

Image may contain: 1 person

No automatic alt text available.

No automatic alt text available.

ඕෂධීට ඇත්තටම ලැබුණේ කුමන කිරුළක්ද? (Video)

Oshadhi - Mss Top Of The World

ඊයේ සිය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පැතිර ගියේ ඕෂදී හේවාමද්දුම ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගත් බවයි.

කෙසේ වෙතත් ඇය එහිදී දිනා ගනු ලැබුයේ එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුමක් මත සංවිධානය කොට තිබූ එක් තරග අදියරක් (ටයිටල් එකක්) බවයි වාර්තා වන්නේ.

එම තරඟාවලියේ රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කරනු ලැබුයේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකාය.

මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්න රූ රැජිණ තරඟාවලියකි.

රෝසි සේනානයකගෙන් පසු ජාත්‍යාන්තර රූ රැජිණ තරඟයක ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ මෙම වසරේදී බවත්, විවාහක රූ රැජිණ ඕෂධී බවත් ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණ ද එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි මේ වන විට වාර්තා වන්නේ.



ජීවිතයේ නොසෑහෙන්න අමිහිරි තැන් තියෙනවා



‘ආයෙත් වරක්’ ගීතය මේ වනවිට බොහෝ ජනප්‍රියත්වට පත් ගීතයක් වී හමාරය. එම ගීතය ඔස්සේ බොහෝ රසික පිරිසකයන් අතර ජනප්‍රිය වූ සඳුන් පෙරේරා පිළිබඳව පසුගිය කාලයේ බොහෝ පුවත් මැවිණි.

සඳුන් පෙරේරා කියන්නේ අද ලංකාවේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක්ද?

ඔව්, ලංකාවෙ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් බවට පත්වෙලා කියලා මම හිතනවා. ඒක මගේ සිතුවිල්ලක් විතරයි. ඒ නිසා තමයි පසුගිය මාසවල ඉඳන් පෝය දවස හැරෙන්න අනිකුත් දිනවල ප්‍රසංග වේදිකාවලට මම සහභාගි වුණේ.

ජනප්‍රියත්වට පත් වෙන්න ඉස්සෙල්ලා ජීවිතයේ අමිහිරි කාලයක් ගත කරපු කෙනෙක්නේද?

අනිවාර්යෙන්ම ඔව්, ජීවිතයේ නොසෑහෙන්න අමිහිරි තැන් තියෙනවා. ඉස්සර සිංදුවක් කියන්න තියෙන ආසාවට නොකා නොබී කිලෝ මීටර් ගණන් රෑ දවල් බලන්නෙත් නැතුව පාරේ වැස්සේ තෙමි තෙමී අනුන්ගේ රේන්කෝට් ඇඳගෙන, අනුන්ගේ කුඩ ඉහළගෙන, ස්ටූඩියෝ ගානේ සිංදු කියන්න චාන්ස් එකක් ඉල්ලගෙන මම බොහෝ තැන්වල ඇවිද්දා. අද ඒ පාරේ මගේම වාහනයකින් යනකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා වගේම අමිහිරි තැන් මතක් වෙනවා. ගොඩක් දුක් වින්දා මේ තැනට එන්න. මම ගොඩක් සල්ලිකාර පවුලක කෙනෙක් නෙමෙයි.

‘‘ආයෙත් වරක්’ ගීතය ඔබට ජනප්‍රියත්වයක් ලබා දුන්නේ කොහොමද?

අදටත් මේ ක්ෂේත්‍රයට එන බොහෝ අය මගෙන් අහපු දෙයක් තමයි &‘අයියෙ, මේකට ගොඩක් සල්ලි ඕන නේද?* කියන එක. ඇත්තටම මේ ගීතය වෙනුවෙන් සහ මේ විධියේ ජනප්‍රියත්වයක් ලබාගැනීම වෙනුවෙන් සතපහක්වත් මම වියදම් කළේ නැහැ. ඒකට අංක එකේ හැකියාව කියන දේ ඕනෙමයි. ඒ වගේම වාසනාව කියන දේ බලපානවා. ඒ සඳහා වෙලාවත් බලපානවා. මම බලන් හිටියා ගොඩාක් කල් මගෙ ඒ වෙලාව එනකම්, මගෙ වාසනාව පෑදෙනකම්. මට වාසනාව ගෙනාව ගීතය ‘‘ආයෙත් වරක්’. ඒ ගීතය මට ආරාධනාවකින් ලැබුණ දෙයක්. ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක් මගේ ජීවිතය වෙනස් කරගන්න. ළහිරු මුදලිගේ, සජිත් වී චතුරංග, ගිහාන් මඩප්පුලි, චන්දන වල්පොල මේ අය එකතුවෙලා මට කරලා දුන්න වැඩක් තමයි ‘ආයෙත්වරක්’ කියන්නේ.

‘ආයෙත් වරක්’ ගීතය හිට් කරන්න මුදල් ගෙව්වා කිව්වොත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම පුළුවන්. මොකද මම එහෙම සල්ලි ගෙව්වේ නැහැ.

ඔබ වටේ එකතු වූ නවකයන් හා විශාල රසික පිරිසක් සිටිනවා. මේ ගැන මොකද හිතෙන්නේ?

මම පුංචි කාලේ ඉඳන්ම ගොඩක් ප්‍රසංග බලන්න යනවා. ආර්ටිස්ට්ලා ගැවසෙන තැන්වලට නිතරම යන්න උත්සාහ කරනවා. එතකොට එයාලට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මම දැක්කා. ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ගායක ගායිකාවන්ට රසිකයින්ගෙන් ලැබෙන ඉහළම ප්‍රතිචාර මම දැක්කා. මට ඕන කළා කවදා හරි දවසක ඒ දේ ලබාගන්න. ඒක එක්තරා විදියක මගේ ආසාවක් කිව්වොත් මම හරි. මොකද අපිට ආසාවල් බලාපොරොත්තු තියෙනකොට තමයි අපි එතනට යන්න වැඩ කරන්නේ. ඒක හිතේ තියාගෙන මම වැඩ කළා. මට ඕන වුණෙත් ඒ දේ ලබාගන්න. අද වෙනකොට එදා මම බලපු ප්‍රසංගවල ගීත ගායනා කරනවා. මම එදා හිටපු තැන අද කට්ටිය ඇවිත් මට ගොඩක් ඉහළ ප්‍රතිචාර ලබාදෙනවා. ඒ වගේම ගොඩක් ආදරය කරනවා.

ඔබේ අතීතය පිළිබඳව නැවත නැවත කියද්දී ඔබේ ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැද්ද?

මම හිතන්නේ මේ හදාගත්ත ප්‍රතිරූපය තව තවත් වර්ධනය වෙන්නයි, ප්‍රතිරූපයට හානිවෙන්නයි බලපාන්නේ අපි කියන කරන දේවල්. නමුත් ඇත්ත කතාව මම මෙතනට ආවේ දුක් විඳලා නම්, මම මෙතනට ආවේ ගොඩක් වෙහෙසක් දරලා නම්, ලැජ්ජාවට පත්වෙලා නම් ඒ අමිහිරි අත්දැකීම් මගේ ජීවිතේ තියෙනවා නම් මම ඒ දේවල් වෙන කෙනෙක් එක්ක බෙදාගත්තාට වරදක් නැහැ. හේතුව මට ලංකාවෙ කතා කරන පිරිසත් එක්ක බොහෝ දෙනෙක් තව බලන් ඉන්නවා මේ ක්ෂේත්‍රයට එන්න සහ ජනප්‍රියත්වයක් ලබාගන්න හෝ ලංකාවෙ හොඳ ගායකයෙක් වෙන්න. ඒ හැමදේටම ගොඩක් ආස කරන පිරිසක් ඉන්නවා. මම හිතනවා මම මේ කියන දේවල් ඒ අයට උත්තේජනයක් වේවි කියලා. මම මේ කියන හැමදෙයක්ම අකුරක් නෑර ඔප්පු කරන්න පුළුවන් හැම සාධකයක්ම මගේ ළඟ තියෙනවා. මාත් එක්ක ඉස්සර හිටිය පිරිස අදටත් මම මේදේවල්වලට උත්තර ඇහුවොත් විවෘතව උත්තර ලබාදෙනවා. සරලවම කියනවා නම් අපි තැනකට ආවේ දුක්විඳලානම් ඒ දේ කවුරුත් ඉස්සරහා කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ. අපි විඳපු දුක බය නැතිව කියන්න කොන්දක් තියෙන්න ඕන. නමුත් තව දෙයක් කියන්න ඕන, කවදාවත් මම මෙහෙම දුක්වින්දා, මෙහෙම කළා කියලා ඒ දෙයින් තැනක් හදාගන්න මට කිසිම උවමනාවක් නැහැ. මේ දේ එළියට ආවේ රූපවාහිනි නාළිකාවක විකාශය වුණු එක්තරා වැඩසටහනකින්. ඒ වැඩසටහනේදී මනේ අහපු ප්‍රශ්නයකට අදාළව, අම්මාත් එපා කියද්දි දෙයක් කියවුණා. ඒ දේ මම විඳපු දුක්වලින් පුංචිම කාරණාවක් විතරයි. මුලින්ම ලංකාවෙ හොඳ තැනකට යනවා කියලා අධිෂ්ඨානයක් ආව තැන තමයි මම කිව්වේ. ඒ ඇරෙන්න මම විඳපු දුක් කිසිම කෙනෙක්ට තාම කියලා නෑ. ඒ නිසා ඒ දේ කියලා අනුකම්පාවක් ලබාගන්න මට උවමනාවකුත් නැහැ. නමුත් යම්කිසි කෙනෙක්ට ඒක උපකාරී වෙයි කියලා හිතෙන නිසා මම කැමතියි මගෙන් කෙනෙක් ඇහුවොත් ඒ ගැන කියන්න.

සඳුන් පෙරේරා කියන කෙනා ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙයි කියලා අම්මා කවදාවත් හිතුවේ නැතිව ඇති. ඉතින් ඒ පිළිබඳව අම්මාගෙන් ලැබන ප්‍රතිචාරය මොනවගේද?

මට වඩා, පාරෙ තොටේ යනකොට මට වඩා ප්‍රතිචාර ලැබෙන්නේ අම්මාට. අම්මාට කතා කරන්නේ ‘අහවල් ගායකයාගේ ‘අම්මා’ කියලා. එහෙම කතා කරනකොට අම්මාට ඊට වඩා ලොකු සතුටක් නැතිව ඇති. ඇත්තටම අම්මා හිතුවෙ නෑ මම ගායකයෙක් වෙයි කියලා. මොකද අම්මා දන්නවා මෙතනට එන්න ගොඩක් අමාරුයි කියලා. මගේ ජීවිතයේ එක තැනකදී උසස් පෙළ අවසන් වෙලා කැම්පස් යන්න ඔන්න මෙන්න ඉන්නකොට මම ලොකු තීරණයක් අරගෙන ජීවිතය වෙනස් කරගන්නවා. එතනදී තමයි මම ගායන ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ. මුලින්ම පද රචකයෙක් විදියට. ඔක්කොම අධ්‍යාපන කටයුතු නවත්වලා අම්මාට අභියෝගයක් විදියට තමයි ක්ෂේත්‍රයට එන්නේ. අම්මාට පිටුපාලා දෙයක් කළා නම් ඒ දේ තමයි අධ්‍යාපනය අතෑරලා ගායනයට පිවිසීම. නමුත් මම හිතනවා එහෙම කරපු දේත් හරිගියා, මට දැඩි විශ්වාසයක් තිබුණා මේක කරනවාමයි කියලා. මම දන්නවා මම ෆේල් වෙන්නේ නැහැයි කියලා. ඒ විශ්වාසය නිසා මට ඒ දේ හරි ගියා. අපි දන්න විදියට අම්මාගේ ආශිර්වාදය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. නමුත් මට දෙන්න ඕන හැම උදව්වක්ම දුන්නා. මම එදා වගේම අදත් කියනවා අම්මා නිසා මම දිනුවා කියලා.

සඳුන් පෙරේරා කියන්නේ පෙම්වතෙක්ද?

ඔව් පෙම්වතෙක්.

ජනප්‍රියත්වයත් එක්ක තරුණ ගැහැනු ළමයින්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. මේ දේවල් සමග ඔබේ පෙම්වතියගේ ප්‍රතිචාර මොනවගේද?

මම මේ ක්ෂේත්‍රයට එන්නේ ලොකු රසික පිරිසක් හදාගන්න. ලංකාවෙ පිළිගත්ත, හැමෝම ආදරය කරන ගායකයෙක් වෙන්න. මම මේ ක්ෂේත්‍රයට එන්නේ ඒ දේවල් කරගන්න මිසක්, වෙන දෙයක් හොයාගන්න නෙවෙයි. මගෙ ජීවිතේ අමිහිරි දේවල් කියන්න පුළුවන් නම් මට මේ දේවල් කියන්න බැරිකමක් නැහැ. අපේ ජීවිතේ අපිට ඉලක්කයක් දීලා යම්කිසි කෙනෙක් අපි දුක්විඳින කාලේ ඉඳන්ම අපි ළඟ ඉන්නවානම් මම හිතන්නේ අපි දෙයක් ලැබුනාට පස්සේ ඔවුන්ව අතෑරලා යන එක සුදුසු නැහැ. ඒක ගොඩක් කුහක ක්‍රියාවක් විධියටයි මම දකින්නේ. ඉතිං ඒ නිසා මම හිතනවා තමන්ට ඕන කරන ආදරය, සෙනෙහස ඒ විදියට ලැබෙනවා නම් පිට පාරේ යන්න කිසිම වුවමනාවක් නැහැ. සරලව කීවොත් මම පෙම්වතෙක්. මම මේදේවල් විවෘතව කියන නිසා දෙයියන්ගේ පිහිටෙන් මට රසිකාවියන්ගෙන් තියෙන ආදරය, ආකර්ෂණය අඩුවෙලා නැහැ. මොකද එයාලා විවෘත්තව කතා කරන දේ අගය කරනවා. එයාලා ආදරය කරන්නේ මගේ ගීතවලට, මගේ කටහඬට හා මගේ චරිතයට වෙන්න ඇති.

සඳුන් පෙම්වතෙක් වෙන්නේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඉස්සෙල්ලාද?

ගොඩාක් කලින්. දුක් විඳින කාලේ ඉඳන්.

ඔබේ ඉඳිරි කටයුතු එකම රාමුවක් යටතේ නිර්මාණය වෙන දේවල්ද?

මම කැමති නැහැ, ‘ඉස්සරහට ලොකු වෙනසක් කරනවා. ‘ඇත්තටම ඉදිරියේදී ලොකු වෙනසක් දකින්න ලැබෙනවා වගේ දේවල් කියන්න මම කැමති නැහැ. මම කලිනුත් කියන්නේ, අදත් කියන්නේ හෙටත් කියන්නේ මිනිස්සු ඉල්ලන දේයි මම කරන්නේ. එහෙම නැතිව මේකේ රඳා පැවැත්මක් නැහැ. ඒ නිසා මම කරපු කිසිම ගීතයකට ලැබෙන ප්‍රතිචාර අඩුවෙලා නැහැ. ඉස්සරහටත් ඒ දේ බලාපොරොත්තු වෙන්නම් මම එයාලා ඉල්ලන දේ දෙන්න ඕන. එයාලාගේ ඉල්ලීම මොකක්ද ඒ කාලයට ගැළපෙන ගීතයක් මම ලබාදෙනවා. ප්‍රසංග වේදිකාවේදී ටිකක් විරල වචන දාලා අලුත් වැඩක් කරන්න ආසාවක් තියෙනවා. ඒ වගේම විරහ ගීත නොකර ආදර ගීතයක් කරන්න ආසාවක් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම කනපිට හරවලා වෙනස්ම දෙයක් කරනවා කියලා කියන්න මම කැමති නැහැ. ඒක වෙන්න ඕන කාලෙට, මිනිස්සුන්ගේ ඉල්ලීම අනුව වෙයි.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු නේද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුද්දක් වගේ පුංචි කාලයක් ඇතුළත මම දුක්විඳලා බලාපොරොත්තු වුණ හීනවලින් ගොඩාක් ඉෂ්ට කරගත්තා. මට ඒ වගේ දේවල් බොහොම පොඩ්ඩයි තියෙන්නේ ඉෂ්ට කරගන්න. ඒ හැමදේකටම මට උපකාර වුණේ මම හම්බකරගත්ත මගේ රසික රසිකාවියන්. එයාලගෙ ඉල්ලුම තියෙන තාක්කල් ඕනෙම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ වැජඹෙන්න පුළුවන්. එයාල ඉල්ලන එයාලගෙ රසවින්දනය දෙනතාක්කල් අපිට ඒ දේවල් ලැබේවි. අපි තේරුම් ගන්න ඕන එයාලා අකමැතිදේවල් කරන කොට අපිට ඒ දේවල් නැතිවෙලා යනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ වෙද්දි ගොඩක් දේවල් ඉෂ්ට කරගෙන ඉවරයි. බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එකක් තමයි මට මගේ අම්මා තාත්තා, අක්කා, නංගී ඇතුළු පවුලේ ඉතිරි හතර දෙනාව මියෙනතාක්කල් සතුටින් තියන්න ඕන. ඒ වෙනුවෙන් කරන්න ඕන හැමදේම මම කරනවා. මගේ ජීවිතයේ ආදරණීය කතාවත් ලස්සනට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර (saaravita)

“ගතින් නැතත් සිතින් අප ඔබ සමඟයි….” - ඇන්ජලෝ මැතිව්ස්

Angelo Mathews

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමේ අරමුණින් එංගලන්තයට පිටව ගොස් දැන් සතියක පමණ කාලයක් ගතවී තිබේ.ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමේ අරමුණින් මව්බිමෙන් ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ද මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ මුහුණ දෙන ගංවතුර උවදුර පිලිබදව තම කණගාටුව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තම මව් බිමට සිදුවූ විපත පිළිබඳව ප්‍රකාශ කර තිබුණි.

“මව් බිමට පැමිණි උවදුර ගැන අපේ බලවත් කණගාටුව වගේම දුක විපතට පත් අපේ සහෝදර සහෝදරියන් එක්ක බෙදා ගන්න ලංකාවේ අපිට ඉන්න බැරි වුන එක ගැන දුකයි.අපේ හැම ක්‍රීඩකම ගොඩක් කම්පනයකින් ඉන්නේ මේ සිදුවීම ගැන.අපිට ඔයාලගේ ලග ඉන්න බැරි උනත් අපේ හදවත් හැමදාම ඔබ සමඟයි.” (cricketlanka)

බ්‍රිතාන්‍යයේ - ගුවන් ගමන්වලට තවදුරටත් බාධා

heathrow airport

බ්‍රිතාන්‍යයේ හීතෘෘ ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් ඊට හේතුවයි. බ්‍රිටීස් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් රැසක් ඊයේ දෙවැනි දිනයටත් අවලංගු කෙරුණා. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත්වුණා.

ගුවන් තොටුපොළට පැමිණීමට පෙර ගුවන් ගමන්වල තත්වය පරීක්ෂා කරන ලෙසයි මගීන්ට ගුවන් ගමන් බලධාරීන් දැනුම්දී ඇත්තේ. පරිගණක පද්ධතියේ සිදුවූ දෝෂය පිළිබඳව ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

ගුවන් ගමන් අවලංගු කිරීම හා ප්‍රමාද කිරීම හේතුවෙන් අපහසුතාවට පත්වන මගීන්ට පවුම් 200ක් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා. ඊට අමතරව පවුම් 50ක ප්‍රවාහන දීමනාවක් හා පවුල් 25ක ආහාර දීමනාවක් ද ලබාදීමට බලධාරීන් කටයුතු කළා. (rupavahininews)

සැලකිලිමත් වන්න මේ පලතුරුත් ඇඟට ගුණයි

healthy fruits

පලතුරු යනු සිරුරට විටමින් සහ ඛණිජ ලවණ සැපයීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආහාර කාණ්ඩයක්. සමහරු ආහාර වේලක අනිවාර්ය අංගයක් විදියට පලතුරක් එක්කර ගත්තත්, තවත් සමහරු ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බොහෝ දෙනා පිටරටින් ගෙන්වන, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ පලතුරු කෙරෙහි ලොල් බවක් දක්වනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට, අපේ රට තුළදීම සපයා ගන්න පුළුවන්, ඉහළ පෝෂණ ගුණයක් සහිත පලතුරු වර්ග බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉන් කිහිපයක්.

* කෙසෙල්

කෙසෙල් කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම වශයෙන් වගා කෙරෙන, ඒ වගේම ඉතා ම බහුල වශයෙන් පරිභෝජනයට ලක් වන ජනප්‍රිය පලතුරු වර්ගයක්. කෙසෙල් ආහාරයට ගැනීම මඟින් ශරීරයට යම් කැලරි ප්‍රමාණයක් වගේම, විටමින් B6 සහ විටමින් C ලබාගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල්වල අඩංගු තන්තු මඟින් මළබද්ධය වැනි තත්ත්ව මඟ හරවනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් ආහාර පිළිබඳ යම් සංතෘප්තතාවක් ලබා දෙන නිසා, ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම්, ඒ ඉලක්කය වෙත ළඟා වෙන්නත් කෙසෙල් උපකාරී වෙනවා. බොහෝ කෙසෙල් ප්‍රභේධවල පොත්ත ඉදුණු අවස්ථාවලදී කහ පැහැයක් ගන්නවා. ඒත්, රත් කෙසෙල් නමින් හැඳින්වෙන කෙසෙල් ප්‍රභේධයේ පොත්ත රතු දුඹුරු පැහැයට හුරුයි.

* තැඹිලි


තැඹිලි කියන්නේ පානයක් වශයෙන් සපයා ගත හැකි, ශ්‍රී ලාංකේයයන් අතර ජනප්‍රිය පලතුරක්. උණුසුම් දිනවලදී විජලනය වීම වළකා, ශරීරයට සිසිලසක් ලබා ගැනීම සඳහා බොහෝ විට මෙය පානයක් ලෙස භාවිත කෙරෙනවා. ඒ වගේම, තැඹිලි වතුරවල ඛණිජ ලවණ බොහෝ ප්‍රමාණයක්, එන්සයිම වර්ග සහ ප්‍රති ඔක්සිකාරක සංඝටක අන්තර්ගතයි. තැඹිලි වතුරේ අන්තර්ගත ඛණිජ ලවණ මඟින්, රුධිර පීඩනය අඩු කරන බවත්, වකුගඩුවල යහ පැවැත්මට දායක වන බවත් පැවසෙනවා. ඒ වගේ ම, දියර වශයෙන් පහසුවෙන් අවශෝෂණය කළ හැකි ආකාරයෙන් පවතින නිසා, ජීර්ණය අපහසු පුද්ගලයන්ට අතිරේක පෝෂණ පානයක් ලෙසත් මෙය ලබා දිය හැකියි.

* නෙල්ලි

නෙල්ලි ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ තිත්ත රස නිසයි. ඒත්, ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිත කරන නෙල්ලි, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා.ඒ, ශරීරයට හිතකර අධි ඝණත්ව ලිපිඩ ප්‍රමාණයේ අගය වෙනස් නොකර, ශරීරයට අහිතකර, අඩු ඝණත්ව ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම මඟිනුයි. ඒ වගේම, දියවැඩියාව, පිළිකා, අජීර්ණ, හන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත්, ආයූර්වේදයේ නෙල්ලි යොදා ගන්නවා.ඒ වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන් ම, කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා.

* දෙළුම්

දෙළුම්, ඉතාමත් ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් පලතුරක්. විටමින් C සහ විටමින් K යන විටමින් වර්ගත්, පොටෑසියම් යන මූලද්‍රව්‍යයත්, ස්වභාවික තන්තුත් ප්‍රධාන වශයෙන්ම දෙළුම්වල අඩංගු වෙනවා.නිරක්ති තත්ත්ව මඟ හැරීමට, නොමේරු දරු උපත් ඇති වීමේ අවදානම අඩු කිරීමට, පිළිකා වැළඳීමේ අවදානම අඩු කිරීමට මෙන් ම, සම නීරෝගී සහ දිදුලන බවට පත් කිරීමට මේ පලතුර සමත්කම් දක්වනවා.

* වරකා

පලතුරක් ලෙස වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැහැ. මෙහි ඇති ආවේණික පැණි රසය නිසා ඇතැමුන් මෙය පලතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා. මෙහි ඇති වාසිදායකම කාරණය, ඉතාමත් අඩු වියදමකින් සහ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. පෝෂ්‍ය පදාර්ථ විදිහට කාබෝහයිඩ්‍රේට, විටමින් සහ ඛණිජ ලවණ මෙන් ම, තන්තු බොහෝ ප්‍රමාණයකුත් මෙහි අන්තර්ගතයි. වරකාවල අඩංගු තන්තු මඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර, මළබද්ධය ඇති වීම වළක්වනවා. ඒ වගේ ම, ආන්ත්‍රික පිළිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. සමේ නිරෝගී භාවය දිගටම පවත්වාගෙන යාමටත්, වයස්ගත පෙනුම අඩු කර වීමටත් මෙය සමත්. එසේ ම, වරකා මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමත් සිදු වෙනවා.

මිල අධික ආනයනික පලතුරුවලට වඩා, අපට පහසුවෙන් සොයා ගන්න පුළුවන් මේ වගේ සරල පලතුරු වර්ග අතුරුපස විදියට ආහාර වේලට එකතු කර ගැනීමෙන්, ආහාරයේ වටිනාකම වැඩි වනවා වගේම, සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමටත් එය හේතුවක්.

යශෝදා ඉන්දීවරී (dinamina)

ජැකී චෑන් සහ ස්ටැලෝන් එකම වැඩක

Sylvester Stallone - Jackie Chan

සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රවීණ නළු ජැකී චෑන් එකම චිත්‍රපටයක රඟපෑමට සුදනම් වන බව වාර්තා වනවා.

ස්ටැලෝන් මේ පිළිබඳ පවසා ඇත්තේ ජැකී චෑන් සමඟ චිත්‍රපටයක රඟපාන්ට ඇරයුම් ලබද්දී තමා යම් තරමක තිගැස්මකට ලක්වු බවයි.

පුළුල් තිරයේ දැවන්තයෝ දෙදෙනා මෙලෙස එක්ව චරිත නිරූපණය කරන්නේ Ex-Baghdad නම් වූ ක්‍රියාදාම චිත්‍රපටයෙයි.

' ජැකී චෑන් කියන බලවත් එඩිතර සටන් නළුවා සමඟ රඟපාන්න දර්ශන තලයට යද්දී මට දැනුනේ ලොකු සතුටක් ඒ දිනය මට අමතක වෙන්නේ නැහැ 'ස්ටැලෝන් ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබෙනවා.

මීටපෙර ද ස්ටැලෝන් ජැකී චෑන් සමඟ බියුරා හොලිවුඩ් බියුරා නම් වූ චිත්‍රපටයේද ඔහු රංගනයේ නියැළි තිබෙනවා. 


(mirrorarts)

29 May, 2017

ලිංගිකත්වය හා කුණු රසය

Sex couple

සුපිරි ක්‍රීඩකයකුගේ රහසිගත වීඩියෝවක් සයිබර් අවකාශයට පැමිණීමත් සමඟ 'සෙලිබ්‍රිටි' චරිත හා ඒ චරිතප්‍රේමීන් තුළ දෙදරුම්කෑමක් පටන් ගෙන තිබෙන බව සයිබර් අවකාශයේ සමාජ ජාලයන්හි දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්. විශේෂයෙන් මේ දෙදරුම්කෑමට බලපාන හේතුව වන්නේ අපේ සමාජය 'ලිංගිකත්වය' නැත්නම් 'Sex' පිළිබඳ දක්වන පසුගාමී ආකල්පයයි.

ලිංගික ජීවිතයට මෙන්ම ලිංගිකත්වය කෙරෙහිත් අප දක්වන්නේ ආචීර්ණ කල්පික මතයකි. විශේෂයෙන් එය ජීවිතයේ තවත් එක් රාජකාරියක් ලෙස සිතනවා විනා, ඒ හරහා ජීවිතයට ලැබෙන ප්‍රහර්ෂය ගැන කිසිදු අවබෝධයක් අපට නැහැ. ලිංගික ජීවිතය යනු ලාලසාවක් (Passion) බවට පෙරළා ගත යුතු දෙයක් බව අප සිතන්නේ නැහැ. විශේෂයෙන් එය ඝනාන්ධකාරයේ සිදු විය යුතු දෙයක් ලෙසයි අප පිළිගන්නේ. එය විඳින්න අප දන්නේ නැහැ.

එහෙත් මානව ඉතිහාසයේම ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය (Sex and Violence) සම්බන්ධ කාරණා. එයට හේතුව මානවයා ස්වභාවයෙන්ම මේ කාරණා දෙකට ලොල් වීමයි. බොහෝ දෙනකු තුළ දක්නට ලැබෙන ලිංගික කුහකත්වය හෝ ලිංගික මාත්සර්යයට හේතු වන්නේ ඔවුන්ට එය විඳීම මඟහැරවීම පිළිබඳ ප්‍රකාශනයක්. මේ මඟහැරීම එන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළමයි. 

ප්‍රාචීන අධ්‍යාපන ක්‍රමයක් තුළ සගවාතැබූ මෙවැනි කාරණා වර්තමාන ලිබරල් අධ්‍යාපන ක්‍රමයක් තුළද ඒ ආකාරයෙන්ම සඟවා තිබීම ඛේදජනක කාරණයක්. පුද්ගලයා තුළ එකතු වන විඳීම පිළිබඳ අඩුව මෙවැනි සමාජ කාරණා ඔස්සේ ඉතාම අපූරුවට ප්‍රකාශයට පත් වෙනවා. මෑත කාලීන උදාහරණ වන වික්ටර් රත්නායකගේ නව විවාහය හා ප්‍රංස නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ විවාහය හා බැඳුණු ප්‍රකාශ ගන්න පුළුවන්.

අසන්නතම සිදුවීම වූ සුපිරි ක්‍රීඩකයා සම්බන්ධ කාරණය මේ මොහොතේ සමාජයේ මහා පොදු සාධකයක් බවට පත්ව ඇති විට මේ කාරණය මුල් කරගෙන පොදු සමාජය තුළ අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් මතු වෙනවා.

එකක් තමයි ජංගම දුරකතනයක තැන්පත් කරගෙන ඇති අතිශය පෞද්ගලික තොරතුරු සමාජගත වීමට ඇති ඉඩකඩ වැඩි බව. ඒ නිසා මේ මොහොතේ මෙය වළක්වාගත හැක්කේ කෙසේද යන කරුණ අවබෝධ කරගැනීම වැදගත්. ඔබ කිසිවිටක තමන්ගේ පෞද්ගලික දුරකතනයේ පෞද්ගලික දත්ත, වීඩියෝ හා ඡායාරූප ගබඩා කර තබා නොගත යුතුයි. මන්ද: ජංගම දුරකතනයක් වැනි මෙවලමක් නැති වීමට හෝ අන් සතු වීමට ඇති සම්භාවිතාව වැඩි හෙයිනි. 

හැම විටම ජංගම දුරකතනයේ ඇති දත්ත තමන්ගේ පෞද්ගලික පරිගණකයට හෝ අමතර දෘඪ තැටියකට හෝ DVD තැටියකට මාරු කරන්න. නැත් නම් ස්මාර්ට් ජංගම දුරකතනයකින් පුළුවන් තමන්ගේ Yahoo හෝ Google අන්තර්ජාල ගිණුමේ මේවා තැන්පත් කරන්නත්, අවශ්‍ය විටෙක ඒවා යාවත්කාලීන කරන්නත්. මේක ආරක්ෂිත පියවරක්. මොකද: මේ ආකාරයට ආරක්ෂා කරන්නේ මොනවාද යන කරුණ තීරණය කරන්න ඕනෑ තමන්මයි. මතක තබාගත යුතු දෙයක් වන්නේ සයිබර් අවකාශය තුළ රහස්‍යභාවය කියන කරුණේ වලංගුභාවය අවම බවයි.

දෙවන කාරණය නම්: 'ගොසිප්' වෙබ් අඩවි වසංගතයයි. 'ගොසිප් සයිට්' හැමවෙලේම කතා කරන්නේ මිනිස්සු තුළ තියෙන කුතූහලයට, සැකයට, යතුරු කවුළුවෙන් නැරඹීමට ඇති ජාගර වුවමනාවට. ලෝකයේ අලෙවිකරණය ගොඩනැ‍ඟෙන්නේ මේ හැඟීම මත. අපි හැමෝගෙම සිත්වල තිබෙනවා ජාගර 'ලේයර්' එකක්. අන්න ඒ 'ලේයර්' එකේ සැරිසරන්නේ අපි බලෙන් යටපත් කරගෙන ඉන්න යක්ෂයා. මිනිස්සු සංස්කෘතික වෙනවා කියන්නේ මේ යක්ෂයා 'කොන්ට්‍රෝල්' කිරීමනේ. 

අන්න ඒ බලෙන් යටපත් කළ යක්ෂයාට තමයි මේ 'සයිට්ස්' ආමන්ත්‍රණය කරන්නේ. මෙවැනි ඕපාදූප 'සයිට්ස්' ප්‍රබල වෙන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි විධිමත් ප්‍රවෘත්ති නාලිකා පිළිබඳ පොදු සමාජයේ විශ්වසනීයත්වය බිඳවැටීම. ඒක දැන් ලංකාවේ සිද්ධ වෙලා තිබෙන්නේ; තවදුරටත් සිද්ධ වෙමින් යනවා. මිනිස්සු 'ගොසිප්' විශ්වාස කරනවා නිල ප්‍රවෘත්ති ප්‍රකාශනයන්ට වඩා. ඒත් ඒක සමාජයේ නිරෝගී සෞඛ්‍යයට ඒ තරම් හොඳ දෙයක් නොවේ.

මේ නිසා තමයි කාලයක සිට සමාජයේ විවිධ කණ්ඩායම් අතරේ මාධ්‍ය නියාමනය කළ හැකි ආයතනයක අවශ්‍යතාව නිතර කියවෙන්න ගන්නේ. මෙවැනි නියාමන ආයතන ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා. ඒවායින් කෙරෙන්නේ විශේෂයෙන් මාධ්‍යවල ක්‍රියාකාරකම් සමාජ අහිතකර නොවෙන ආකාරයට විධිමත් කිරීම. එවැන්නක් දැන් ලංකාවට අත්‍යවශ්‍යයි. 

ඒ පිළිබඳව යම් වැඩකොටසක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම සිදු වෙමින් පවතිනවා. ඒත් ඒ සදහා සිවිල් සමාජයේ මැදිහත් වීම සිදු වන්නේ මන්දගාමි විදියට. අඩුම තරමින් මාධ්‍යකරුවන්වත් තමන්ගේ වෘත්තියට වෘත්තීය භාවයක් ඇති කරගත හැකි එවැනි කාරණාවක් ගැන සාධනීය මට්ටමේ උනන්දුවක් නෑ.

තමන් 'පයිතගරස්ලා' කියලා හිතා ඉන්න මාධ්‍යකරුවන් මේ නියාමන ආයතනය ගොඩනැඟීමේ ක්‍රියාවලිය තුළත් 'කිඹුල්ලු' දැකදැක ඉන්නවා. අවසානයේ සිදු වන්නේ තමන්ගේ වෘත්තීයභාවය බල්ලාට ගොස්, සමාජය දරුණු ඛාදනයකට ලක් වීමයි.

කපිල එම්. ගමගේ

සංගාට බය නැතැයි කී එසෙක්ස් වේගපන්දු යවන්නාට සංගාගෙන් පිළිතුරු

Kumar Sangakkara - Jamie Porter

මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ වඩාත් සාර්ථකම සහ විශ්වාසදායීම පිතිකරු බවට පත්ව සිටින කුමාර සංගක්කාර තමන් අවසන් වරට සහභාගී වූ තරඟ 5 තුලදීම ශතක ලබාගැනීමට සමත්වී සිටීම සුවිශේෂ සිද්දියකි.

සංගා අවසන් වරට සහභාගී වූ එසෙක්ස් ප්‍රාන්තය සමඟ තරඟයේදී ඔහු ද්විත ශතකයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරඟයට පෙර සංගා ගැන ප්‍රකාශයක් කල එසෙක්ස් ප්‍රදානම වේගපන්දු යවන්නා වන ජෙමි පොටර් ප්‍රකාශ කර තිබුනේ සංගා දවා ගැනීම තමාට එතරම් අපහසු නොවනු ඇති බවයි.

“සංගක්කාර කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් තමයි,හැබැයි එහෙම කියල නමට බයවෙලා පන්දු යවන්න බෑ,එහෙම වුනොත් ලෙසිවෙන්නේ නෑ.සංගක්කාර කියන්නෙත් තවත් එක ක්‍රීඩකයෙක්,අපි එක ක්‍රීඩකයෙක් ගැන වැඩිය හිතුවොත් අපිට ඉතුරු ක්‍රීඩකයෝ 10 දෙනාම අත හැරෙනවා.”

“මම දන්නවා එයා දවාගන්න පන්දු යවන්න ඕන තැන.එකම ඉලක්කයකට දිගටම පන්දුව පතිත කලොත් සංගක්කාරට ලේසි වෙන්නේ නෑ.මම මේ තරඟාවලියේ හොඳට කරලා තියනවා ඒ නිසා මට ඔහුව දවා ගන්න පුළුවන් වෙයි.”

මෙම වේගපන්දු යවන්නාගේ ප්‍රකාශයට සංගා වචනයෙන් කිසිවක් ප්‍රකාශ කලේ නැත.ඔහු එයට පිළිතුරු දුන්නේ ශතකයක් නොව ද්විත්ව ශතකයක් එසෙක්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගනිමිනි. (cricketlanka)

දවසේ කාටූන් – 2017.05.29


දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.